වීරසුන්දර බණ්ඩාරයන්ගේ පුත් කොනප්පු බණ්ඩාර හෙවත් "අවුස්ත්‍රීයාවේ දොන් ජෝන්" 1592 වර්ෂයේදී විමලධර්මසුරිය නමින් මහනුවර රජවිය .කාලයක් එතුමා පෘතුගීසින් සමග ගෝවේ පවා වාසය කල නිසා එතුමා පෘතුගීසි භාෂාව,සිරිත් විරිත් පමණක් නොව යුධ උපක්ක්‍රම ද දැන සිටියේය .පෘතුගීසි කපිතාන් ජෙනරාල් ලෝපෙස් ද සුසා ඇතුළු සමස්ථ පෘතුගීසි සේනාවම සහමුලින්ම ඝාතනය කරමින් එතුමාට "දන්තුරේ " සටන ජයගත හැකි වුයේ ද ඒ නිසාමය සටනින් දෝන කතිරිනා බිසවද හිමිකරගත් විමලධර්මසුරිය රජු කලක් සඟවා තිබු දළඳා වහන්සේද සෙන්කඩගලට වැඩමවා ඒ සඳහා නව දළඳා මැදුරක්ද තැනවිය සටනට අතිදක්ෂ වූ මෙතුමා අතින් සීතාවක රාජසිංහ රජුද පැරදී පලාගියේය එතුමා සටන් සදහා කායබලය ආයුද පමණක් නොව උපායන් ද යොදාගත්තේය .ප්‍රථම වතාවට සෙන්කඩගල රාජධානියේ සුරක්‍ෂිත භාවය සඳහා ගරිල්ලා සටන් ක්‍රම හඳුන්වා දෙනු ලැබුවේ ද මෙතුමා විසින් බව සලකනු ලබයි බුරුමයෙන් සංඝයා වහන්සේලා වැඩමවා පිරිහී ගිය බුදු සසුන නගා සිටුවූ එතුමා රට පුරා කෙත්වතු කම්හල් හා මැණික් ආකර පිහිටුවා වී ,ආයුධ ,ධනය රැස් කළේය මල්වානෙන් කම්මල්කරුවන් ගෙන්වා දේශීය තුවක්කු නිෂ්පාදනය කරවීය .
1 විමලධර්මසූරිය රජුගේ පාලන සමයේ මෙරට විසු කෘරතරම පෘතුගීසි සෙනෙවියා ලෙස සලකන දොන් ජෙරනිමෝද අසවේදු 1602 දී පෘතුගීසි හා අතිවිශාල ලස්කිරිඤ්ඤ හමුදාවක් රැගෙන උඩරට ආක්‍රමණය කළේය මේවනවිට බලන බලකොටුව විමලධර්මසූරිය රජු යටතේ පැවතී අතර කඩුගන්නාව දුර්ගය පසු කල අසවෙදුගේ හමුදාව බලන බලකොටුව පෙනෙන නොපෙනෙන තරම් දුරකින් කඳවුරු ලෑවේය දෙපිරිසම ආසන්නයේ ආසන්නයේ සිටියත් කිසිවකු පළමුව පහරදීම සඳහා ඉක්මන් නොවුහ අසවෙදුගේ ලස්කිරිඤ්ඤ සේනාවේ ප්‍රධානියා වුයේ සිමන් පිංඤෝ නමින් හැඳින්වුණු පෘතුගීසි සෙනෙවියකි ඔහු විවාහ වී සිටියේ සීතාවක රජ පවුලට ඥාතිත්වයක් දැරූ රජ කුමරියකි එමෙන්ම දරුණු යුධ සෙනෙවියකු වූ මොහු අතින් පසුකලෙක වීර කාංගරආරච්චි වැනි සිංහල රණ විරුවන් රැසක් මරුමුවට පත්වී ඇත මොහු එසේ විරුවකු යටත් කරන ආකාරය දැක්වෙන සටහනක් සමන් දේවාලයේ අදටත් දැක ගත හැකිය කලින් සටනකදී එක් ඇසක් අන්ධවී සිටි මොහු විරූපී වූ ඇත්තෙක් බව පත පොතේ සඳහන් වේ පසු කලෙක නිර්භීත සිංහල සොහොයුරන් දෙදෙනකු විසින් සිමන් ඝාතනය කල බවද ඒ නිසා සෙනරත් රජතුමා ඔවුන්ට සිමන් මැරූ පතිරණ නම් නම්බු නාමයක් දුන් බවට ජනප්‍රවාදගතව ඇත අදටත් රත්නපුර හා වැලිගම හල්ලල ප්‍රදේශවල සිමන් මැරූ පතිරණ වාසගම ඇති අය ජිවත් වෙති
1 විමලධර්මසුරිය රජතුමා බලන සටන ජයගැනීම සඳහා උපායක් කල්පනා කළේය රජතුමා ලස්කිරිඤ්ඤ හමුදාවේ නායක සිමන් පිංඥෝ වෙත රහස් පණිවිඩකරුවකු යවා මෙම බලන සටනේදී තමන්ට උදවු කළහොත් තමන් සිමන්ට සීතාවක රජකම පිරිනමන බව පොරොන්දුවිය එයට සිමන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබිණි මෙසේ පණිවිඩ කීපයක් හුවමාරුවූ පසු සිය නියෝජිතයන් 5දෙනෙක රජු සමග රහස් සාකච්චාවකට එවිමට සිමන් එකගවිය විමලධර්මසුරිය රජු දොන් ජෝන් නමින් පෘතුගීසින් හා විසු සමයේ හඳුනාගත් හිතවත් පෘතුගීසි ජාතිකයකු වූ මැනුවෙල් ඩයස් නැමැත්තෙක් රජුගේ මහ අධිකාරම් ධුරයක් දරමින් රජ සභාවේ සේවය කළේය රජු කෙසේ වෙතත් මැනුවෙල් ඩයස්ට සිමන් පිංඥෝ පිළිබඳ සැකයක් ඇතිවී තිබුනේය කෙසේ වෙතත් හිටිගමන් කඳවුරු මාරු කල මැනුවෙල් ඩයස් පෘතුගීසින් හා එක්වීය මෙතෙක් එක්වීමට සිතාගන සිටියත් ඊට අවස්තාවක් නොලද බවද පැවසූ මැනුවෙල් ඩයස් දොන් ජෝන් (විමලධර්මසූරිය රජු) අකෘතඥයෙකු බවත් ඔහුට උදවු කල පෘතුගීසීන්ට ඔහු ද්‍රෝහිවූ බවත් පැවසිය ඒ අතර පෘතුගීසි කපිතන් ජෙනරල්ට මැනුවෙල් විසින් රහසක් ද හෙළි කළේය එනම් ලස්කිරිඤ්ඤ හමුදාවේ නායක සිමන් පිංඥෝ රජතුමා සමග රහස් පණිවිඩ හුවමාරුකරන බවයි එයට අසවේදු විසින් එම සියල්ල තමාගේ අනුදැනුම ඇතිව සිදුවූ බවද ළඟදීම මරාගෙන මැරෙන භටයන් 5 දෙනෙකු රජු හමුවට යවන බවද ඔහු ඝාතනය කල පසු මුළු දිවයිනම පෘතුගීසින් සතු වන බවද පැවසිය විමලධර්මසූරිය රජු සමග සාකච්චා කරන අතරතුර කලවා අතර සඟවා තබාගත් කිනිසි ඇද රජු ඝාතනය කරන ආකාරය ද ඔහු හෙළි කළේය කතාකරගත් පරිදි නියමිත දින සිමන් පිංඥෝගේ විශේෂ යුධ පුහුණුව ලත් භටයන් 5 දෙනා රහස් මගින් බලන කොටුවට ගියේය එදින රාත්‍රිය ගෙවී ගියද අසවේදු හට කිසිඳු තොරතුරක් නොලැබුන හෙයින් ඔහුගේ ඔත්තුකරුවන් යැවිය මෙහිදී ඔත්තුකරුවන්ට දැකගැනීමට හැකිවී ඇත්තේ පෙරදින සාකච්චාව සඳහා ගිය භටයන් 5 දෙන මරා දමා ඔවුන්ගේ සිරුරු බලන කොටුවේ තාප්පයෙන් පහලට පෙනෙන ලෙස එල්ලා දමා තිබෙන ආකාරයයි
මේ වනවිට පෘතුගීසින්ට එක්වී සිටි මැනුවෙල් ඩයස් ද පෘතුගීසි කඳවුරේ දක්නට නොවිය ඒ සමගම සිංහල ලස්කිරිඤ්ඤ හමුදාවේ ප්‍රධාන සෙනෙවියකු වූ කාංගරආරච්චි සිය සේනාංකයත් සමග අසවේදු බලාසිටියදීම කඳවුරෙන් පිටත්ව විමලධර්මසූරිය රජු සමග එක් විය මෙයට පෙර කපිතාන් ජෙනරාල් ලොපෙස්ද සුසා හට අත්වු ඉරණම අසා තිබු කපිතාන් ජෙනරාල් අසවේදු සිය සේනාවට කඳවුරු අතහැර කොළඹට පසු බැසීමට අණ දුන්නේය මේ සමගම විමලධර්මසුරිය රජුගේ සේනාව ප්‍රහාර එල්ල කරන්නට විය ඊතල හා වෙඩි වර්ෂා මැද ආපසු කොළඹට පැමිණියේ අසවේදුත් ඇතුළු 150 ක පමණ පිරිසක් බව සඳහන් වේ එම පිරිසට ද එසේ පැනගත හැකි වුයේ මාතර පෘතුගීසි පාලන ප්‍රදේශයේ දිසාපතිධුරය දරු සමරකෝන් රාල නැමැත්තා ආහාර සහ මග පෙන්වන්නන් ඇතුළුව පෘතුගීසීන්ට ආධාර සදහා පැමිණි නිසාවෙනි විමලධර්මසුරිය රජු මැරීම සඳහා වූ කුමන්ත්‍රණය ව්‍යර්ථ වුයේ රජුගේ අධිකාරම වූ මැනුවෙල් ඩයස් නිසාවෙනි ඔහු විසින් අසවෙදුගෙන් එම රහස දැනගත් වහාම රජුවෙත රහස් පණිවිඩයක් මගින් දන්වා යැවිය සිමන් පිංඥෝගේ භටයන් 5 දෙනා බලන කොටුවට යන විට විමලධර්මසූරිය රජු සිටියේ බලන කොටුව තුල නොවන බවත් ඊට සැතපුම් ගණනාවක් ඇත වූ සෙන්කඩගල පුරයේ බවත් සඳහන් වේ
0 comments:
Post a Comment