#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected
Showing posts with label බුදුදහම. Show all posts
Showing posts with label බුදුදහම. Show all posts

පුතුන් දහසක් බිහි කල කුමරිය

1 comments

 එක මව් කුසින් බිහිවූ පුතුන් දහසක් පිළිබඳව කථා පුවතක් චීන දේශාටක භික්ෂුවක් වූ හියුංසාන් ගේ දේශාටන වාර්තාවේ සඳහන් වේ. බොහෝ අතීතයේදී  එක්තරා තාපසයෙක් ඔයක දිය නාමින් සිටියදී මුවදෙනකට ලැබුණු ඉතා රූමත් කුමරියක දැක ඇය තම අසපුවට ගෙනවිත් පෝෂණය කළේය.ටික කලකට පසුව දිනක් එම තවුසා ගින්දර ටිකක් ගෙනෙන ලෙස පවසා කුමරිය වෙනත් තාපසයෙකු වෙත යැව්වේය.එම තවුසා දැරිය පා තබන තැන්වල පියුම් සළකුණ දැක පුදුමයට පත් විය.ඉක්බිතිව දැරිය ඇමතු තවුසා ඇය තම අසපුව වටා ඇවිද ආවොත් ගින්දර දෙන බව පැවසුවේය.තවුසාගේ කීම අනුව එසේ කළ කුමරිය ගින්දර රැගෙන පිටව ගියාය.

බ්‍රහ්මදත්ත රජතුමා එම අරුම පුදුම පියුම් සටහන් දැක,මේ කුමාරි සොයා අවුත් ඇය සිය නුවරට රැගෙන ගියේය.පා තබන තැන පියුම් සටහන් ඇති බැවින් ඇයට "පද්මාවති" යන නාමය ලැබිණි.අනාවැකිකරුවෝ ඇගේ ශරීර ලක්ෂණ දෙස බලා මේ කුමරිය අනාගතයේදී දරුවන් දහසක් ප්‍රසුත්‍ර කරන බව පැවසුහ.  කලකට පසුව ඕ පෙති දහසක් තියෙන පියුමක් ප්‍රසුත්‍ර කළාය.එම පියුමේ පෙති දහසේ එක් පෙත්තක පුංචි කුමරා බැගින් කුමරුවෝ දහසක් වාඩිවී සිටියහ.වෙනත් ස්ත්‍රීන් විසින් එය අශුභ ලක්ෂණයක් යයි පවසා එම පියුම පෙට්ටියක දමා ගංගා නදියට දමන ලදී.

පසුව මේ පියුම සහිත පෙට්ටිය උදේනි රජුට හමුවී  කුමරුන් දහස දැක,ඔවුන් පෝෂණය කොට හදා වඩා ගැනීමට මාළිගාවට ගෙනයන ලදී.කලකට පසුව අරෝහ පරිණාහ දේහයන්ගෙන් යුක්ත වූ මේ කුමරුවෝ දහසක් දෙනා උදේනි රජුගේ හමුදාවට බැඳී රට රටවල් යටත් කරගත්හ.අවසානයේදී මේ යෝධ කුමරුවන් දහස බ්‍රහ්මදත්ත රජුගේ විශාලා මහනුවර සටන් කොට අල්ලා ගැනීමට නගරය වටා රැස්ව සිටියහ.එවිට පද්මාවති දේවිය එම යෝධයන් දහස තම පුතුන් බව දැන,නුවර වටා බැඳී පවුර උඩට නැග ,යෝධයන් අමතා ,සටන් නොකරන ලෙසත් ,තමා ඔවුන්ගේ මව බවත් ප්‍රකාශ කර සිටියාය.කුමරුන් දහස එය පිළිගැනීම ප්‍රතික්‍ෂේප කළහ.එවිට පද්මාවති දේවිය සිය පියයුරු වලින් කුමරුන් දහසගේ මුඛයන්හි කිරි බිඳු වැටෙන්නට සැලස්වුවාය.ඒ අනුව මේ පද්මාවති දේවිය තමා සියලු දෙනාගේ මව බව පිළිගත් කුමරුවෝ දහසක් දෙනා සිය දුණු,ඊතල ආදී ආයුධ විසිකොට ඇය වෙත පැමිණියහ.ඉන්පසුව දෙරට වැසියෝ සමගි වුහ.
    
ඊට බොහෝ  පසු කාලයේ එම ස්ථානයට වැඩම කල බුදුරජාණන්වහන්සේ ඉහත දැක්වූ පුවත හෙළිකොට එම දහසක් කුමරුන් අනාගතයෙදී බුදුවන බෝසත්වරු බවද,උන්වහන්සේ එයින් එක් කුමරෙක් බවද ප්‍රකාශ කළහ.ඉන්පසුව එම දහසක් පුතුන් සිය උණු හී ආදී ආයුධ  ඉවත දැමු ස්ථානයේ ස්ථුපයක් ගොඩනැංවූ බවද,ඒ අසල තැනක බුදුරජාණන්වහන්සේ සක්මන් කල බවද සලකුණු තිබුණු බවද හියුංසාන් හිමිගේ දේශාටන වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
Read more »

පුරාණ ගණිත ක්‍රමය

4 comments
ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි කොණ්ඩඤ්ඤ බුදු හිමියන්ගේ සිට සිදුහත් බෝසතාණන් වහන්සේ බුදුබව ලබන තෙක් ගතවී ඇත්තේ අසංඛ්‍ය කල්ප ලක්ෂයකි  එම කාලය තුල බුදුවරු 23 දෙනමක් ලොව පහළවී ඇත අසංඛ්‍ය කල්පයක් යනු පහත සඳහන් සංඛ්‍යා ලේඛනය අනුව ගණනය කර තිබේ


  1. දහය xදහය =සියය
  2. සීයxදහය =දහස
  3. දහසxසියය = ලක්ෂය
  4. ලක්ෂයxසියය = කෝටියයි
  5. කෝටියxකෝටිය =ප්‍රකෝටියයි
  6. ප්‍රකෝටියxකෝටිය =කෝටිප්‍රකොටියයි
  7. කෝටිප්‍රකොටියයිxප්‍රකෝටි = නහුත එකයි
  8. නහුත එකxකෝටිය =නින් නහුත එකයි
  9. නින් නහුත එකxකෝටිය =අක්කොබොහිනි එකයි
  10. අක්කොබොහිනි එකxකෝටිය =බින්දු එකයි
  11. බින්දු එකxකෝටිය =අබ්බුද්ධ එකයි
  12. අබ්බුද්ධ එකxකෝටිය =නිරබ්බුද එකයි
  13. නිරබ්බුද එකxකෝටිය =අහහ එකයි
  14. අහහ එකxකෝටිය =අබිඩ එකයි
  15. අබිඩ එකxකෝටිය =අටට එකයි
  16. අටට එකxකෝටිය =පොගන්දී එකයි
  17. පොගන්දී එකxකෝටිය =උප්පල එකයි
  18. උප්පල එකxකෝටිය =කුමද එකයි
  19. කුමද එකxකෝටිය =කුන්ඩරික එකයි
  20. කුන්ඩරික එකxකෝටිය =පදුම එකයි
  21. පදුම එකxකෝටිය =කථාන එකයි
  22. කථාන එකxකෝටිය =මහා කථාන එකයි
  23. මහා කථාන එකxකෝටිය =අසංඛ්‍ය එකයි
Read more »

බෝසතාණන් වහන්සේ විවරණ ලැබූ අවස්ථා

0 comments

එක් එක් බුදුවරයන් වහන්සේගේ කාලයේ අප මහා බෝසතාණෝ නියත විවරණ ලබා ගැනීමට උපත ලබාසිටි ආත්ම භාවයන් පිළිබඳව බුද්ධවංශ අෂ්ඨකතාවෙහි මෙසේ දක්වා ඇත

බුදුරජාණන් වහන්සේ                         විවරණ ලැබූ ආත්ම භාවයන්


  1. දීපංකර                                              සුමේධ තාපසව 
  2. කොණ්ඩඤ්ඤ                                    විජිනාවි
  3. මංගල                                                සුරුවි නම් බ්‍රාහ්මණ
  4. සුමන                                                අතුල නම් නා රජ
  5. රේවත                                               අතිදේව නම් බ්‍රාහ්මණ
  6. සෝභිත                                              සුජාත නම් බ්‍රාහ්මණ
  7. අනෝමදස්සී                                        සුජාත නම් තාපසව
  8. පදුම                                                   සිංහ රාජව
  9. නාරද                                                 ජටිල නම් තාපසව
  10. පදුමුත්තර                                          උත්තර නම් මානවකව
  11. සුමේධ                                              සක්විති රජව
  12. සුජාත                                               කස්සප නම් මානවකව
  13. පියදස්සි                                          ජටිලයෙකුව
  14. අත්ථදස්සි                                        ශක්‍ර දෙවෙන්ද්‍රව
  15. ධම්මදස්සි                                      මංගල නම් තාපස      
  16. සිද්ධත්ථ                                        සුජාත නම් රජු
  17. තිස්ස                                              විජිනාවී නමින්
  18. ඵුස්ස                                            අතුල නම් නාරජු
  19. විපස්සි                                         අරින්දම නම් රජව
  20. සිඛී                                               සුදස්සන නම් රජව
  21. වෙස්සභු                                       ඛේම නම් රජව 
  22. කකුසඳ                                         පබ්බත නම් රජව
  23. කෝණාගමන                              ජෝතිපාල නම් මානවක
  24. කස්සප
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine