#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

සිංහලෙ ඉපැරණි කුලක්‍රමය

5 comments




අපගේ අතීත වැඩවසම් සමාජය  ගොඩනැගී තිබුණේ භූමිය හා බැඳුණු කෘෂිකාර්මික ආර්ථික රටාවක් පදනම් කරගෙනය. මෙවැනි ස්ථිර බැඳීමක් ඇතිකර ගොඩනැගුණු එම සමාජ ක්‍රමය අනුව ආර්ථික දේශපාලන හා   සමාජීය සංස්කෘතික සෑම රටාවක්ම සකස් වී තිබිණි. 

එය එකල පැවැති සමාජ ක්‍රමය ස්තිරසාරව පවත්වා පවත්වාගෙන යාමට මහඟු පිටුවහලක් විය වැඩවසම් සමාජ ක්‍රමය තුළ කෘෂිකාර්මික කටයුතුවලට අමතරව වෙනත් කර්මාන්ත වල යෙදුණු (කම්මල් වැඩ,පේෂකර්ම,ආභරණ සෑදීම, වලං සෑදීම) පුද්ගලයන් වෙන වෙනම ජීවත් වීම දැකිය හැකි විශේෂ ලක්ෂණයක් විය ඔවුන් තම එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කරගනු ලැබුවේ මෙකී නිපදවන්නන් අතර භාණ්ඩ හුවමාරු කර ගැනීමෙනි. අද මුදල් ඉටු කරනු කාර්යය එදා කළේ භාණ්ඩය. මෙසේ ආර්ථික කොටස් තුළ මෙන්ම දේශපාලන සංවිධානය තුළ ද පැහැදිලි කොටස් දෙකක් දක්නට ලැබිණ ඒ පාලකයන් හා පාලිතයන්ය. 

පාලකයින්ගෙන් ඉපදෙන දරුවන් අනිවාර්යෙන්ම  පාලකයන් විය.  උපතින්ම මේ අයුරින් සමාජයෙ තමන්ට හිමිතැන නියම වී තිබීම වැඩවසම් සමාජයට විශේෂ වූවකි. එසේ වූ තත්වය ඒ අයුරින්ම ගෙන යාමට කුළ ක්‍රමයද අනිවාර්ය සහ සාධකයක් විය. කුළ ක්‍රමයේ ඉතිහාසය ගැන හාරා අවුස්සා බලද්දී එය ලංකාව ඉතිහාසයෙන් පිටමං වූ ඉන්දියානු ඉතිහාසයේ ආරම්භය දක්වා ඈතට දිවයයි.එනම්  ආර්යයන්   ඉන්දු ගඟබඩ සිටි ආර්යයන් (මොහෙන්දජාරෝ හරප්පා වාසීන්) පරදවා ස්ථිරව වාසස්ථාන පිහිටුවා ගැනීම සම්බන්ධයෙනි.ඒ  අනුව මුල්ම කුල ක්‍රමය ඇති වුණේ වර්ණය අනුවයි වේද ග්‍රන්ථ අනුව බ්‍රාහ්මණ,ශස්ත්‍රීය,වෛශ්‍ය යනුවෙන් හැඳින්වූ ප්‍රධාන කුල තුනට ආර්‍යයන් ඇතුළත් විය ෂුද්‍ර (ද්‍රශ්යු) නමින් හැඳින්වූ පහළ පන්තිය වුයේ අනාර්යන් ය. 

මෙසේ වෙන් වූ ඒ ඒ කුලයන්ට වෙන්වූ නියමිත කාර්යයන් ද විය බ්‍රාහ්මණයාට ලැබුණේ ආගමික කටයුතුයි.  රණ ශූරයින් ලෙස කටයුතු කළ ක්‍ෂත්‍රියයන් ඔවුන් පාලනය කරමින් ආරක්ෂා කළහ. වෛශ්‍යයන්ට නියම වූයේ කෘෂි කටයුතු කිරීමයි ඔවුන්ට සහායවීම ක්‍ෂුද්‍රයන්ට නියම විය මේ වෛදික සමාජ රටාව ගෙනයාමට කුළ ක්‍රමය යොදා ගත් අන්දමයි නමුත් මේ කුල ක්‍රමය සමාජයත් සමඟ වෙනත් වෙනත් වෘත්තීන් බිහිවිය තම තමන් නිරත වූ කාර්යයන් අනුව මේ ඒකක (ගණ) හැඩ ගැසින.ඒ ඒ කර්මාන්ත අනුව හැඩගැසුණ මේ ඒකක පසුව කුල බවට පත්විය. පුරාතන ලංකාවේ ද තිබුණේ මේ කුල ක්‍රමයයි. 

ඒ අනුව වැඩවසම් සමාජය තුළ බහුතර ජනතාවගේ කාර්යය වූයේ කෘෂිකර්මයයි. කෘෂිකාර්මික කටයුතුවල යෙදුණු බහුතර ජනතාව කුලීනයන් වශයෙන් හැඳින්විය. බොහෝ රජවරුන් වප් මගුල් වැනි කටයුතු වලට සහ සහභාගි වුයේ මේ නිසාය කෘෂිකාර්මික කටයුතු නොකළ අන් වෘත්තීන් කළ අය කුල හීනයන් ලෙස සැලකුවේය. මේ අයුරින් එක් එක් කර්මාන්ත වල යෙදුණු ශිල්පීන් ඔවුන්ගේ වෘත්තීන් පරම්පරාවට වෙනස් නොකරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන ආහ එය වෙනස් නොකළහ. මෙම ආර්ථික රටාව නිසා එදා රැකියා වියුක්තිය පිළිබඳ ගැටලුවක් ඇති වූයේ නැත  යම් යම් කුළ වලට  ඔවුන්ගේ පරපුරෙන් හිමිවෙන රැකියාව මිස වෙනත් රැකියාවක් තෝරා ගැනීමේ නිදහසක්ද නොවීය. 

උපතින්ම නියමවූ රැකියාව හැර වෙනත් රැකියාවක් කිරීමට සමාජයෙන් ඉඩකඩ ඇහිරී තිබිණි. එය සම්මත චාරිත්‍රයක් කඩ කිරීමක් ලෙස පැරණි පාලන තන්ත්‍රය පිළිගෙන තිබිණ. මුල්කාලීන බ්‍රාහ්මණ දහම ශ්‍රි ලංකාව තුල ව්‍යාප්ත වුව ද බුදු දහම වැනි දහමක් මෙරට රාජ්‍ය ආගම වූ කල්හි මෙරට කුල ක්‍රමයේ කුල භේදයක් ඇති වූයේද යන්න පිළිබදව විවිධ මත පවතී. ඒ අනුව පවසන මතයක් නම් පැරණි ලංකාවේ පැවතියේ කුල ක්‍රමයක් මිස දැඩි කුල භේදයක් නො වන බවයි. නමුත් පැවති සමාජය ගෙනයාමට කුල අතර උසස් පහත් බවක් තිබූ බවයි. 

දුටුගැමුණු මහරජ රජතුමාගේ  පුතා වන සාලිය කුමාරයාට රාජ්‍යත්වය අහිමි වූයේ චණ්ඩාල ස්ත්‍රියක් සරණ පාවාගත් බව කියන නිසාය වසභ රජතුමා තමාගේ දියකෙළි උත්සවය වර්ජනය කළ ලම්භකර්ණ වංශිකයන්ට දඬුවම වශයෙන් ඔවුන් මහා මාර්ගවල වැඩට යොදවා අධීක්ෂකයන් වශයෙන් පහත්  පහත් කුලවල අය යෙදවූ බව මහාවංශයේ සඳහන් වෙයි පොළොන්නරු යුගයේදී පළමුවන විජයබාහු රජු ශ්‍රී‍පාද මළුවේ එක් පැත්තක් කුල හීනයන් සඳහා වෙන්කර ඇත. 

නිශ්ශංකමල්ල රජතුමා සිංහල රාජවංශය කිසිවිටකත් ගොවි කුල වංශිකයින්ට  පමණක් අයත් නො වන බව පවසා ඇත.  ඒ අනුව අතීතයේ  ලංකාවේ ඉන්දියාවේ මෙන්  දරදඬු කුළ ක්‍රමයක් පැවතුනේ නැත. බුදුදහමේ බලපෑම ඊට මහත් සේ බලපෑ බව පෙනේ. නමුත් මේ කුල ක්‍රමය වඩාත් ව්‍යාප්ත වූයේ කන්ද උඩරට රාජධානි සමයේ බව පිළිගැනේ. ඊට හේතුව දකුණු ඉන්දියානු බලපෑමයි උපතින්ම තීරණය වන කුල ක්‍රමයට වඩා ලංකාවේ කුල ක්‍රමය වෘත්තිය හා සේවය මත පදනම් වී ආර්ථිකමය වශයෙන් ඒ ඒ කුල සතුව පැවති බලවත් ඒකාධිකාරයක් බව රොබට් නොක්ස් එදා හෙළදිව පොතේ පෙන්වා දී තිබේ මේ නිසා අපේ පැරණි කුළ ක්‍රමය භාරතයේ පැවති කුල ක්‍රමයට වඩා සහනශීලි විය. එනමුදු එය දරදඬු ස්වභාවයක් ගත්තේ මහනුවර සමයේයි. විවිධ කුල කුලවලට අයත් කාර්මිකයෝ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නිසා ලංකාවේ ද ඊට සමානව කුළ ක්‍රමය දියුණු විය. 

වෘත්තීය අනුව කුල භේදය හැඩගැසී එය ස්ථාවරත්වයට පත්කිරීමේ සහයට  (කුලය) ඔවුන්ට අයත් දෙයක් ලබා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත ඔවුන් හැමදෙනාම තම කුලය ගැන සැලකිලිමත් වෙමින් එය ආරක්ෂා කිරීමට උත්සාහ කළහ. එය ආරක්ෂා කිරීම රජවරුන්ගේද යුතුකමක් විය නමුත් මෙසේ පැවති කුලවාදය අහිතකර එකක් නොවීය ඊට හේතුව එක් එක් කුල වලට අයත්ව තිබුණු විශේෂ වරප්‍රසාදයයි සිංහලයේ පැවති පැරණි කුළ ක්‍රමය පිළිබඳව විවිධ ගැටලු හා මතභේද ඇතත් රොබට් නොක්ස් වැනි විදේශීයකුගේ වාර්තා අනුව පැවති කුළත් ඊට පැවරුන කාර්‍යයන් ද මෙසේ දත හැකිය නොක්ස් ඉදිරිපත් කළ කුල ලේඛනය මෙසේයි


  1.  හාන්දුරුවෝ (මොවුන් කුලවතුන් ය)
  2. රන්කරුවෝ ,ආචාරියයෝ,වඩුවෝ, සිත්තරු (මොවුන් එකම වර්ගයකට අයත් ය)
  3. කරණවෑමියෝ  
  4. බඩහැලයෝ
  5. රදවූ 
  6. හකුරු සාදන්නෝ (සඟරට්ටු)
  7. පදුවෝ
  8. වියන්නෝ,දෛවඥයෝ
  9. කිඩියෝ හෙවත් කූඩ වියන්නෝ
  10. කින්නරයෝ
  11. රොඩියෝ


ඉහත කී මූලයන් පිළිබඳ ව විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ පැරණියේ පැවතී සිංහල කුල ක්‍රමය ආර්යයන්ගේ කුළ ක්‍රමය නොව දකුණු ඉන්දියානු කුල ක්‍රමය බවයි ජනවංශය නම් කුල පටිපාටිය අනුව සිංහලේ පැවති පැරණි කුළ ක්‍රමය මෙසේය


  1. ගොවියො
  2. පේෂ කාරයෝ (හලාගම සාලි )
  3. කුඹුරෝ (නවදන්නෝ,ගල්ලද්දෝ)
  4. වඩුවෝ
  5. සන්නාලි (මහන්නෝ)
  6. රදවූ
  7. ඇම්බැට්ටයෝ (කරණවෑමියෝ)
  8. සොම්මාරයෝ (හම්වැඩ)
  9. දුරාවෝ (රා මදින්නෝ)
  10. කුම්බකාරයෝ (බඩහැලයෝ)
  11. කරාවෝ (මාළු අල්ලන්නෝ)
  12. වැද්දෝ (දඩයම් කරන්නෝ)
  13. බෙරවායෝ (තූර්ය වාදකයෝ)
  14. හකුරෝ (හකුරු සාදන්නෝ)
  15. හුන්නෝ (හුණු පුළුස්සන්නෝ)
  16. පන්නයෝ (තණකොළ කපන්නෝ)
  17. යමන්නෝ (යකඩ උණු කරන්නෝ)
  18. වැල් වඩුවෝ (වේවැල් වැඩ කරන්නෝ)
  19. ගහලයෝ (පහත් වැඩ කරන අය)
  20. පදුවෝ (වෙනත් උසස් කුළ වලට සේවය කරන අය )
  21. මාලාකාරයෝ (උයන් පල්ලන් නැත්නම් මල් සපයන්නෝ)
  22. කින්නරයෝ (පැදුරු වියන්නෝ )
  23. රොඩී (කඹ සාදන්නෝ)
  24. ඔලියෝ (නටන්නෝ )
  25. ඉන්ද්‍රජාලිකයෝ (ඇස්බැන්දුම් කරුවන්)
  26. චණ්ඩාල (කශල ශෝධකයන්)


සිංහලයේ පැවති කුල ක්‍රමය ගැන හොඳින්ම හඳුනා ගත හැකි ලක්ෂණය නම් එකී කුල වලට අයත් නාමයන්ය  උඩරට සන්නස් හා   තුඩපත්වල සඳහන් ආකාරයට සුවිශේෂී වූ  ඉහල කුල වල (රදළ) නාමයන් ඉතා දිග මෙන්ම ඔවුන්ගේ ග්‍රාම මුල්කරගෙන හඳුන්වා දී තිබේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස විසූ මහ අදිකාරම් වන්නේ සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත් මුදියන්සේ පිලිමතලව්වගේ නාමය වුයේ  පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත රාලහාමි ය ඇහැලේපොළ මහ අදිකාරම් ගේ නාමය වූයේ ඇහැලේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් පණ්ඩිත මුදියන්සේ රාලහාමිය මේ ආකාරයට ඔවුන්ගේ නම් ප්‍රභූත්වය හා කුලය ප්‍රකට වන ආකාරයෙන් සකස් වී තිබුණි ඒවා පරපුරෙන් පරපුරට ආරක්ෂා කළ යුතු වූ අතර වෙනත් කුලවල අයට භාවිතා කිරීම තහනම් විය සාමාන්‍ය කුළ නැතහොත් පහත් කුලවල අයගේ නාම ඔවුන්ගේ ජන්මය හා පෙළපත ඔප්පු වන අයුරින් භාවිතා විය පෙත්තා,පනික්කියා, බඩාල් භද්‍ර නයිදා, කුරුකුත්තල නයිදා, සෝලා,ඕවලි කන්දේ කරනදේවයා,වලිමුනින්දේවලා,තුනයා,සුදු හකුරා,මෙකි නම් වහුම්පුර බඩහල් යන කුලයන් සඳහා භාවිතා විය එහි විශේෂ ලක්ෂණය නම් ඒවා කෙටි වීමයි. මානව සමාජය කලින් කලට යුගයෙන් යුගයට වෙනස් වි යන්නකි වැඩවසම් සමාජ ක්‍රමයත් ගෙන යාමට ඉවහල් වූ කුල ක්‍රමය ධනවාදී සමාජ ක්‍රමයත් සමඟ විපර්යාසයකට භාජනය විය ඒ අනුව වැඩවසම් ක්‍රමය පවත්වාගෙන යාමට ඉවහල් වූ කුල ක්‍රමය ඇතැම් විශ්වාස චාරිත්‍ර වාරිත්‍ර නව සමාජ ක්‍රමය අනුව හැඩගැසින කුල ක්‍රමය අද සමාජයේ ඉදිරි ගමනට බාධාකාරී වූවකි නමුත් අද සමාජයෙන් ඉවත් විය යුතු වුවද සමාජ පිළිලයක් වුවද සම්පූර්ණයෙන්ම ඉවත් වී නැති බව පෙනේ වර්තමානයේ වුවද පළවන පුවත්පත් වෙත නෙත් යොමු කිරීමෙන් පැරණි කුල ක්‍රමයේ නෂ්ටාවශේෂයන් හඳුනාගත් හැකි ඒවා මෙසේය 


  1. අහිකුණ්ඨක
  2. ඇම්බැට්ට
  3. ඔලි
  4. කරා
  5. කාපිරි
  6. ගහල
  7. ගාඩි
  8. ගැත්තර
  9. ගොවිගම
  10. ජා
  11. දුරයි
  12. දුරාව
  13. නවන්දන්න
  14. නැකති
  15. පදු
  16. පන්න
  17. පනික්කි
  18. පට්ටි
  19. පරවර
  20. පොරෝකාර
  21. බත්ගම
  22. බඩහැල
  23. බරවාර
  24. බෙරවා
  25. බැද්දේ
  26. භාරත
  27. මරක්කල
  28. මිකෝ
  29. මුක්කරු
  30. යුරේසියානු
  31. රදා
  32. රොඩී
  33. ලංසි
  34. ලෝකුරු
  35. වග්ගි
  36. වන්නි
  37. වහුම්පුර
  38. සලාගම
  39. හකුරු
  40. හලාගම
  41. හින්නා
  42. හුන්නා
  43. හුලවාලි


ඉහත කී කුළ පැරණි සිංහලේ ක්‍රියාත්මක වූ කුලම නොවේ පහත රට පැවති කුලද එකට මිශ්‍රවිමකි නාගරිකරණයත් සමග මුදල් හා සමාජ තත්වයත් අනුව කුළ ක්‍රමය නගරයෙන් බිඳී ගොස් ඇතද මෙය තවමත් ග්‍රාමීය පෙදෙස්වල දැඩිව මුල් බැසගෙන තිබේ.
Read more »

තොරණ

3 comments

සමාජයේ විවිධ අවස්ථාවන් පිළිඹිබු කිරීම සඳහා ඈත අතීතයේ සිටම සිංහල සංස්කෘතියේ පවතින වැදගත් අංගයක් ලෙසට තොරණ සැලකිය හැකිය.මංගල,අවමංගල්‍ය වැනි සමාජයේ වැදගත් අවස්ථාවන් වලදී මේවා ඉදිකරනු ලබයි අප රටේ මෙවැනි තොරන් වර්ග රාශියක් තිබු බව දකින්නට ලැබේ ඒවා පහත පරිදි දැක්විය හැක


  1. මකර තොරණ
  2. අයිල් තොරණ
  3. මල් තොරණ 
  4. රන් තොරණ
  5. රුවන් තොරණ
  6. රිදී තොරණ
  7. පිළි තොරණ
  8. රඹ තොරණ
  9. ගොප් තොරණ
  10. ලිය තොරණ
  11. සිංහ තොරණ
  12. කීල තොරණ
  13. පහන් තොරණ
  14. ගෙඩි තොරණ
  15. පෙරහර තොරණ
  16. වෙසක් තොරණ
Read more »

තෑග්ග

4 comments

මුලදී දැඩි ලෙස විදේශිකයන් පිළිකුල් කල දෙවන රාජසිංහ රජතුමා පසුව ඔවුන්ගේ ඇසුර දැඩි ලෙස ප්‍රිය කළේය. ඒ නිසා ඔහු උඩරට රාජධානියේ සැරිසැරීම සඳහා විදේශිකයන්ට අවසරය ලබා දුන්නේය.එපමණක් පමණක් නොවේ.තමාගේ අන්තඃපුරය විවිධ ජාතීන්ගෙන් සම්මිශ්‍රණය වූ එකක් බවට පත් කළාය.මේ අතර ඉංග්‍රීසි ජාතිකයෙකු වූ රොබට් නොක්ස් රජුගේ සිරකරුවෙක් බවට පත්විය අවුරුදු 20ක් පුරාවට මෙරට වාසය කල ඔහු ඒ අතර කාලයේදී තමාව මුදාහරින ලෙසට රජුගෙන් වරින් වර ඉල්ලා සිටියේය.එසේ කළහොත් එංගලන්තයෙන් තෑග්ගක් ලබාදෙන බව කිව්වේය.රොබට් නොක්ස් ඒ බව සඳහන් කර යවන ලද පණිවිඩයේ සඳහන් කවිය මෙය වේ.

රොබට් නොක්ස්

උතුම් මනුකුලෙන් පැවතෙන මනුහු           ලෙද
පසන් තෙද විකුම් රජසිහ නිරිඳු                  සඳ
නිතින් දෙවඟනසෙ දිලි අප රදුව                  ලද
ගොසින් ගෙන ඇවිත් දෙමි මා මිදුව            සඳ





රජතුමා එම තෑග්ග ප්‍රතික්‍ෂේප කරමින් ලියා යැවු කවිය මෙයයි

පල්ලරු පඩක්කරු මුක්කරුද               පරවරු
ඊවඩු දුරාපදු කෙවුලන්  සහ                 හකුරු
මෙරවා රදා බිලි කින්නරද                    පුරවරු
මුන් මිස තොපේ ලිය අරගන්නේ         කවුරු





ගොරකයා 

කොලොන්නාව කෝරලයට අයත් වලකඩ නම් ගම්මානයක් විය.ඒ ගමේ ආරෝහ පරිනාතයෙන් යුත් කාගේත් ආදරයට ලක්වූ තරුණයෙක් විය.ඔහු නමින් ගොරකයා ලෙසින් හැඳින්වුයේය. ගම්මු ඔහු ආදරයට ඇමතුවේ ඒ නමිනි. දිනක් ගොරකයා මහ කැලයේ වැඩක යෙදී සිටියදී කුළු මීමකුගේ අං පහරින් ජිවිතක්‍ෂයට පත්විය.ඔහුගේ මරණය පිලිබඳ පුවත ඇසු ගම්මු මහත් සෙ කම්පා විය.මේ අතර ඒ ගමේ එක් මිනිසෙක් තමන්ගේ ශෝකය පලකරේ මෙසේය

ගොරකයා අනේ වලකඩ ගම                   හිටිය
යමකයා වගේ ඇඟ මහත                          වීරිය
කණකයා රූප මෙන් සියොගත                එලිය
පණ ගියා ඉතින් වලකඩ නැත                    එලිය






කෝලිකුට්ටු 

එක් මුහන්දිරම් වරයෙකු දිනක් ගමනක් යන අතරේදී තේ බීමට කඩයක් ළඟ නතර විය. ඔහු කෝලිකුට්ටු සමග සීනි පිට්ටු අනුභව කර මුදලාලිගෙන් එහි ගණන ඇසුවේය. මුන්දිරම් සල්ලිකාරයෙකු බවට දැන සටකපට මුදලාලි ඊට ගණන කිව්වේ සාමාන්‍යයෙන් අය කරන මුදලට වඩා වැඩි ගණනකි. කිසිවක් නොකී මුහන්දිරම් ගාන ගෙවා මගට බැස්සේය.මගට බැස මුදලාලිට ඇසෙන සෙ මේ කවිය කිව්වාය

ලෝක රට්ටු පතිරණ අප්පු               හඳුනන
පාර කිට්ටු කදිමය කඩපෙල              ඔතන
සීනි පිට්ටු නරකයි විකුණන             ගනන
කෝලිකුට්ටු දීපන් තුට්ටුවේ              තුන



රෙදි නැන්දේ

ඉපැරණි සමාජ ක්‍රමය තුල කුල භේදය තදින්ම පැවතුනි.තමාගේ කුලයෙන් පිටකෙනෙකු හා විවාහ වීම සපුරා තහනම් කාර්යයක් විය. එය දඬුවම් ලැබිය හැකි වරදකි.වලව්වක ඉපදුනු රංචාගොඩ මහත්තයාට තම ගම් පියසේ වසන රෙදි නැන්දා දකින විට සියලු වස්තු නිල පසෙකලා ඇය සමග පැන යාමට සිතේ.එහෙත් තම වංශය ගැන කල්පනා කරන විට ඔහුට කිසිවක් කරකියාගත  නොහී සිටියි. මේ අතර රෙදි නැන්දා විවාහ වීමට යන බව ආරංචි වූ රංචාගොඩ වලව්වේ මහත්තයාට ඉවසුමක් නැති විය. ඔහු රෙදි නැන්දාට මෙසේ කවියක් ලියා යැව්වේලු.

කහට පොතු කපා ගිනි මොලවා              දෙන්ඥන්
පොල්පිති පුළුස්සා අළු අරගෙන               දෙන්ඥන්
අල්ලපු තොටේ තනිවට   මම                   ඉන්ඥන්
දීග නොයන් රෙදි නැන්දේ                       වදින්ඥන්




කිරි මුහුද

වැව් බැදීමේ ශාස්ත්‍රයේ පාර ප්‍රාප්තව විසු පැරණි සිංහල රජ පරපුරේ අවසාන වැව් කර්මාන්තය වුයේ උඩරට රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවූ නුවර වැවයි දළඳා මැදුර ඉදිරිපිට එහි සෙවණ  ලබමින් වැජඹෙන මෙය සෙංකඩගල රාජධානියට ආභරණයක් වැනිය. එසේ වුවද මේ වැව බැඳීමට සිතු රජතුමා ඊට පෙර එතැන පිහිටා තිබුණු කුඹුරු සහ නිවාස රාශියක්ම ඉවත් කරමින් මහත් විනාශයක් කළ බව ප්‍රකට කරුණකි. මේ කාර්යයට පිළිමතලාවේ මහාධිකාරම මෙන්ම ඇහැලෙපොලද දැඩි ලෙස විරුද්ද විය. එහෙත් රජුගේ අරමුණ වෙනස් කල නොහැකි වියරජු මේ සඳහා සේවයේ යොදවන ලද්දේ රජුට පක්‍ෂපාත නොවූ ප්‍රදේශ ලෙස සැලකු සබරගමුව,ඌව වෙල්ලස්ස වැනි ප්‍රදේශවල ජනතාවයි.ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඔවුන්ට තලාපෙලා නුවර වැව බැඳවූ සැටි ජනකවියෙකු මෙසේ විස්තර කර තිබුණා.

වැවක් බඳිමැයි කියා මිගොලේ සියක් බඹයක් විතර                 උසටම
වැඩක් නැතිකර ගෙවතු ගහකොල කොටා වනසා ගෙවල්         සහසැම
නොයෙක් රටවල දිසාවල මහ සෙනඟ රැස් කරවා                  ගමින්ගම
යමෙක් ලෙස රැක බඳින බැම්මට පස් අද්දවන ලෙසම            කරපෙම



Read more »

තලමල වරුණ

0 comments


තල මලක් පිපෙන්නේ ඉතාමත් කලාතුරකිනි. තල මලක් පිපීමෙන් එම ගසේ අවසානය උදා කරවයි.පුරාණ ගම්වල සිටි අය සිතුවේ තල මල් හතක් පිපුණු කලට අහල ගම් හතක්ම පාළුවන බවටයි. ඒ නිසා ඔවුහු තල මල දෙස බැලුවේ ගෞරව සම්ප්‍රයුක්ත බියකිනි. ඒ නිසාම තල මල පිළිබඳව පබැඳු කවි අපමණය. තල මල් කවි නොයෙක් ආකාරයට ගායනා කල හැක.මිනිස් ජිවිතයේ ඇති අනියත බව මේ කවි වලින් සිහිපත් කරවීම වැදගත් ලක්ෂණයකි


01. උතුම් මෙ අපෙ මුනි බෝ මුල වැඩලා
                            සිහිකර ගත් පෙරුමන්                        බලයෙන්

      දිනන්නෙ ගොරතර මර සෙන් බිඳ හැර
                             තුන් ලෝ එළි කර දුන් මෙ                බුදුන්

      සතුන් සසර දුක් මුදන දහම් පල
                              දෙසමින් ඇති කළේ සඟ                  තෙරුවන්

      මෙතුන් සරණ මගෙ සිරස දරාගෙන
                                මඳක් මෙ තල මල වරුණ              කියන්



02. ලස්සන මයුරාපෙණ පිට වැඩ හිඳ
                                කඳ කුමරිඳු වරදක්                           නොපෙනේ

    දොස්හැර මිහිකත සිවුරඟ මඬල ද
                                  එ සමන් බොක් සැල දෙවි                සඳිනේ

    දොස් දුරලා මගෙ දිවි රැක දෙනු සොඳ
                                   විස්තර කන්දස්                              සාමියනේ

     විස්තර තල මල වරුණ කියම් මම 
                                      අනුරාපුර                                  සිද්ධස්ථානේ



03.දෙරණ පලා පැළපත නැගලා මුල
                               සොමි කරලා ගල උඩ                        නැගලා

     වරුණ මුලා යති දුන් ලොබලා ගොඩ
                                මුහු කරලා අතු පතර                         වෙලා
      
      සරණ බලා ගොබ කප්පවලා පොත්
                                පත් සදලා ධර්මය                              ලියලා

      පුදන කලා මුනි සඳට ලොලා ගියෙ
                                 රුව බබළන මල පුබුදු                       වෙලා


04.ආවා තලගස නාග ලොවේ සිට
                                 මතු පන්දාහක                                 නවතින්නේ

    ආවා බමරිඳු මෙහි රොන් ගන්නට 
                                 පුදින තුරුවට                                   ගැවසෙන්නේ

     ජාවා එන කඳුලෙන් නාවා ඇස
                                හංස පෙළක් මෙන් ලෙළ                   දෙන්නේ
     
     හේවා පලහේ වත්තේ තලමල
                                 මගට පෙනේ දාගැබ                         ලෙසිනේ



05.නිල්මිණි දෝ නිලුපුල් පෙති දෝ බැඳි 
                        දද පෙළදෝ ලෙස මිණි                                 ඔබිනා
  
     මල් පෙති දෝ මිණි රැස් කඳ දෝ මිණි  
                          මුතු විල දෝ සිව් අත                                   බෙදුනා

     ලොල් කත දෝ එන ළඳ බිලිඳෝ මල
                         දැකපු ලදෝ කවි කර                                  යනෙනා

      කල්පය දෝ කලියුගයට දෝ පුර 
                         තලමල දෝ මේ රුව                                   දිලෙනා




06.සරා සඳුන් සොඳ කපුරු මෙ පිනිදිය 
                      සුවඳින් ගුවනේ ලෙළ                                     දෙන්නේ

       විරාජිත වූ සවඩි දඟේ මෙන්
                      මල්පෙති සිව් අත  බේද                                  උනේ
      
      වරා රූප මහ බඹා කරපු 
                     නොවේ ද විසිතුරු සක්                                     රජුනේ

      නුරා ඔබත් මේ රූමත් තල මල 
                            මිණි බැඳි රන් මල ලෙස                           වන්නේ




07.සොඳින් බලා දන එරන් තුලා නද 
                       රුවන් සතක් සේ මහ බඹු                               එවනා

     ගුවන් තලා මැද විමන් බලා යන 
                       විස්කම් දෙව් කළ රුවක්                                  මෙනා

      අඳුන් වලා ගැබ මැදින් පලා ගෙන 
                        ගමන් කරන පුන් සඳක්                                  මෙනා

       මුදුන් වෙලා ගැබ කුසුම් සලා වට 
                        සඳුන් රුකක් සේ මල                                     මුදුනා




08.ශ්‍රී භගවත් අප ගෝතම බෝසත්
                     බුදු වෙන්නට සදනා                                         වේලේ

      බෝ බලවත් වසවත් මර දෙවිඳුන් 
                      යුද කළ ශ්‍රී ජය බෝදි                                        මුලේ

      ඒ බලවත් මරු පරදා බුදු වී 
                     තිලොවග මුනිඳුගේ දහම්                                   බලේ

      රුව ගුණ යුත් කවි පද බැඳ කීවට
                       වස් නැත තල මල රුව                                   බැබලේ





09.අහල ගම්වල වැවේ තලගස් 
              නෑ අපේ ගම                                                         වැඩෙන්නේ

      පතළ කවි ඇත එහෙව් ගම්වල 
                      අපට නැත්තේ කිසි                                          දිනේ

     ගම්මු රැස් වී කතා බස් කර 
                       මෙලෙස තීරණ                                             යොදන්නේ

     වවමු තලගස් නෑර හැමතැන
                     එකා මෙන් අප ගම්                                          තුලානේ




10. කතිකා කරලා තල ඇට සොයලා
                හැමදෙන තම තමන්ගේ                                         වත්තේ      
   
     සිටෙව්ව තල ඇට ගොබ මතුකර පැළ
                   වුනෙ නෑ කිසිවකු   ගේ                                        වත්තේ

     දෙවියන් දුන්නේ පැළවුණු පැළයක්
                  අදිකාරම් මැතිඳුගේ                                              වත්තේ

     කීවට වස් නැත සතර වරම් දෙවි
                   පැළයට රැකවල්  දී                                              ඇත්තේ





11.මෝරා තලගස නුබ ගැබ විලසට 
                  සතර අතට අතු                                             විහිදෙන්නේ
     
     පතුරා සිවු දෙස යනෙන දනෝ ඉඳ
                   මඳ සිසිලක් ඉන්                                           විඳගන්නේ

      දාර ගැබක් මෝරා එන විලසට
                   මල් කැකුළක් ඉන්                                        මතුවෙන්නේ

       සතර වරම් දෙවි බාරට අරගෙන
                    වාගෙයි ඒ මලවට                                         එන්නේ





12.යන්නට හොඳයි ශ්‍රී මහ බෝ අනුර                   පුරේ
     ගොන් බැඳි රියවලින් යා හැක අනුර                පුරේ
     හොඳට හොඳයිතල මල ඇත බරට                  බරේ
     අලි ඇතු පිටින් වඩවමු එ මල පෙර                 හැරේ






13.සල් උයනක් සැදිලා වැට                      ආනන්දේ
     පොල් උයනක් සැදිලා ඇත                   කිරින්දේ
     මල් තොරණක් ගෙතුවා වැනි               කුමන්දේ
     තල මල් හතක් එක පෙළට ම               කිරින්දේ
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine