#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected
Showing posts with label සාහිත්‍ය. Show all posts
Showing posts with label සාහිත්‍ය. Show all posts

ලෝකුරු කවි

16 comments



කොත්මලේ ලෝකුරු නයිදේ සුප්‍රසිද්ධ කවියෙක් විය කොත්මලේ කඩදොර ගමේ වාසය කළ මොහු උපන්නේ "නවම් ගම" නමින් ප්‍රසිද්ධ ගමේය ලෝකුරු නයිදේ ජීවත්වූ සමය කීර්ති ශ්‍රී රාජ රාජසිංහ,රාජාධි රාජසිංහ යන රජවරුන්ගේ කාලය සේ සිතා ගත හැකිය සිංහල කවිකාර මඩුව හෙබවූ කවියන් අතර කොත්මලේ ලෝකුරු නයිදේ සුප්‍රසිද්ධ කවියෙකි රාජසභාවේදී බෙහෙවින් කවි සටනට වැදුනේ මුංකොටුවේ රාල නමින් ප්‍රසිද්ධව සිටි අබේසිංහ කවියා සමගය මුංකොටුවේ රාළ "සඟරාජවත", "මොරතොටවත" ආදී කවි පොත් ලියු ප්‍රසිද්ධ කවියෙකි 

නර්මාලාපයෙහි ගජ සමතක වූ ලෝකුරු නයිදේ කවි තරඟයේදී මුංකොටුවේ රාළ පවා පැරදවීය ලෝකුරු නයිදේ සම්බන්ධයෙන් පවත්නා ජන සම්මත පුවතක් සඳහන් වේ මේ කවියා පිළිමතලව්වේ මහ නිලමේගේ වලව්වට නිතර යන එන සිරිතක් පැවතිනි දිනක් මහනිලමේ නැති විටෙක ඔහු වලව්වට පැමිණියේය ඔහු නිතර දැක පුරුදු වලව්වේ සේවකයෙක් මොහු ආ බව කුමාරිහාමිට කී විට ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූ කුමාරිහාමි 'පලයන් යන්ටයි' සේවකයාට සැර විය සේවකයා ඒ බව ලෝකුරු නයිදේ ට පැවසූ විට කෝපවූ  ඔහු පහත සඳහන් කවිය කියා යන්නටගියේලු 

පානකන්ද බිම තිබුනට
     පාන නැතිව එළිය                   ඇද්ද
බාන කන්ද උඩ තිබුනට
   වස්සෝ කර ලා                         ගනිද්ද
දැනමුත්තෝ ගෙදර 
   නැතිව මං ආ විට ඇයි              කියද්ද
ගෑනු බාවේ උපන්නාම
    ලෝකුරු කවි උන්                   දනිද්ද

රාජාධිරාජසිංහ රජතුමා දිනක් කවිකාර මඩුවට පැමිණ ඔඩොක්කුවෙ තබාගත් ගිරවකු සුරතල් කරමින් සිටියේය ලෝකුරු නයිදේ ඒ බව දැක එය අගය කිරීම සඳහා මේ මිහිරි කවිපෙළ එවලේම කිව්වේලු

පසුර සේම තටු දෙක ඉඳ         දෑලේ
යතුර සේම කට නෑරම            කෝලේ
කතුර සේම මුව අතකට           නෑලේ
මිතුර බලන් රණ ගිරවගේ        මාලේ

බින්න බැලුම් බලමින් ඇස       නෙරවා
දුන්න බොජුන් නුබුදී බඩ         පුරවා
සන්න සහිත පද කියවයි         කරවා
අන්න බලන් සකියනි රණ      ගිරවා

නිලා පෙන්ද වන වනා             මුසිප්පු
සලා දෙතටු පත් කරයි          කුල්ලපු
මුළා නොවන බස් කියයි        තිරප්පු
බලා  පන්න රණ  ගිරා          පෙතප්පු

පටු අත් පෙඳි ටික නිතර       නුරුස්සා
තටු පත් නිල්වන් බෙල්ල      දිගැස්සා
බොටු වේ මාලය තුඩ ද         අකුස්සා
දුටුවද සකි රණ ගිරා             පොඩිස්සා

මොළොක් සියුම් ගත නිල්වන්    පැහැයෙනි
තුඩත් රතුයි නිය ගෙල වට         මාලෙනි
කටත් සුසිර නද දෙසවන්            මිහිරෙනි
ටිකක් අසා කිය රණ                 ගිරවාණෙනි

උණ පඳුරේ උඩ කූඩු                  තනන්නේ
දැන ගොයියන ඇල් කෙතට     වදින්නේ
මැන දෙයි කිවු වන අමුණු         බැගින්නේ
රණ ගිරවා නම් නුඹද              බොලන්නේ

ඉස නැටවිල්ලා,තුඩ සැටවක           උල්ලා
බස දෙඩවිල්ලා නද කුරවි               කෙවිල්ලා
කුස පිළියන් ලා නිල පාට               සියල්ලා
යස නුඹ පල්ලා රණ ගිරා               කුරුල්ලා

ඇතැම් අවස්ථා වලදී කවියෝ එකිනෙකාට පරුෂ වචනයෙන් බැනිමටද නොපසුබට වුහ දිනක් රාජ සබයට ආ ලෝකුරු නයිදේට නින්දා කිරීම සඳහා මුංකොටුවේ රාළ

ලෝකුරු නයිදෙගේ නැන්දා ද
  ගමේ මනන්නට දුන් දෑ  ද

කියා කවි පදයක් කීවේය,එවිටම ඊට පිළිතුරු කවියක් ලෝකුරු නයිදේ කීවේය

ඒකත් බොල මට නින්දා   ද
  සාක්කියට තොගෙ උන් දෑ ද

මෙලෙස කී විට ලැජ්ජාවට පත්වූ මුංකොටුවේ රාළ කුළ වාදය ඉරිරිපත් කර මෙසේ කිවේය

රස්සාවට තඹ ලෝකඩ            කිරුවා
උස්සහ කර පෙර පා ළඟ        මැරුවා
බුදුන්ට විසදන් දී      උන්          නැසුවා
එන්ට එපා සබයට  ලෝ          කුරුවා

සිවුරු හල කෙනෙකු වූ මුංකොටුවේ රාළට නින්දා කිරීම සඳහා ලෝකුරු නයිදේ එවැනිම කවියකින් පිළිතුරු දුන්නේය

මහණ වෙලා ගෙන් ගෙට පිඬු       සිඟුවා
එහෙම කරලා අඹු දරුවන්            තැනුවා
බොහොම නිඟා කර දෙලොවම    රැවටුවා
කොහොම කීද  මුං කොටුවේ         හීරලුවා

එකිනෙකාට නින්දා කරගැනීම එතනින් නැවතුනේලු
Read more »

සප්ත ස්වරයේ උපත

5 comments

සප්ත ස්වර හතේ උපත සිදුවී ඇත්තේ සතුන්ගේ හඬවල් ආශ්‍රයෙන් බව සංස්කෘත සාහිත්‍යයේ එන මේ ශ්ලෝකයෙන් ප්‍රකාශ වෙ

ෂඩ්ජ සෘෂභ ගාන්ධාර මධ්‍යම පංචමස්තථා
ධෛවතගේච නිශාදස්ච ස්වරාඃ සප්ත ප්‍රකීර්තිතාඃ

මෙම ශ්ලෝකයේ සප්ත ස්වර ලෙස හඳුන්වා ඇත්තේ මෙම වචන හතය.

01 ෂඩ්ජ
02 සෘෂභ
03 ගාන්ධාර
04 මධ්‍යම
05 පංචම
06 ධෛවත
07 නිෂාද

ශබ්ද කිරීමට අපහසු නිසා මේ වචන හතේ මුල් අකුරු පමණක් ගෙන ස්වර හත නිර්මාණය කර ඇත

01 ස =මොනරාගේ හඬ
02 රි = කෑ දැත්තගේ හඬ
03 ග = එළුවාගේ හඬ
04 ම = කොස්වා ලිහිණියාගේ හඬ
05 ප = කොහාගේ හඬ
06 ධ = අශ්වයාගේ හඬ
07 නි =   ඇතාගේ හඬ
Read more »

පැල් කවි

3 comments

ගමෙන් ඈත මම හේනක්                            කොටාලා
ඒ හේනේ වැට බැන්දේ                                වෙළාලා
පැල ඇතුලේ ගිනි ගොඩකුත්                       දමාලා
ගිනි ගොඩ ළඟ ගෝනියේ මම                     වෙලීලා

මස්සිනේ මට විට කන්නට බුලත්                 නැත
ආවොත් හේනේ ගන්නට නම් දෙයක්          නැත
බඩ බැලුවොත් බත් ඇටයක් බඩේ               නැත
කැඳ පොඩ්ඩක් බොන්නටවත් හකුරු           නැත

මගේ හේන වටටම වැට                              තිබෙන්නේ
ඒ මදිවට පැල්පතකුත්                                 තිබෙන්නේ 
මදුරුවෝ කක මම එහි පැල්                        ලගින්නේ
සතර වරම් දෙව් මේ දුක්                              බලන්නේ

බළලා ගස් නගින්නේ ඉගෙන ගෙන            නොවේ
බල්ලා උඩු බුරන්නේ ගස් යන්න                 නොවේ
ගහක පිපෙන මල් සේරම ගෙඩිද                 නොවේ
ආරේ හැටියටයි කෝකත් වෙන්නේ            ලොවේ

බැද්දත් බොහෝ මෙලෙකක් නැත ගල්ගෙඩි      සේ
කොට්ට උනත් තෙල් අඩු නැත පොල්ගෙඩි        යේ
මල් බැන්දත් සුවඳක් නැත හැක ගෙඩි                යේ
කල් බැන්දත් විස්සා නැත නපුරු                        ලියේ

පැණිරස මොටද තණකොළ කන ගවයන්           ට
හී වැල මොටද බිම හාරන ඌරන්                       ට
පන්දම් මොටද දිය යට යන කිඹුලන්                   ට
හොඳකම් මොටද දැන් කාලේ මිනිසුන්               ට

බස්සා නිදිමරයි කිසි සොරකමක්                   බැරී
බල්ලා හෙමින් ගිය මුත් කිසි වැඩක්               බැරී
ඌර හෑරු මුත් කිසි වැපිරුමක්                       බැරී
සිවලා සිංහ වෙස් ගත්තත් නාද                      බැරී

මල් මල් කීවාට සැම මල් සුවඳ                       නැත
මිතුරන් කීවාට සැම දෙන එකඟ                     නැත
සමන් පිච්ච මල් මුදුනේ රේණු                       නැත
පිටතට පෙනෙන හිතවත්කම සුවඳ                 නැත 
Read more »

තෑග්ග

4 comments

මුලදී දැඩි ලෙස විදේශිකයන් පිළිකුල් කල දෙවන රාජසිංහ රජතුමා පසුව ඔවුන්ගේ ඇසුර දැඩි ලෙස ප්‍රිය කළේය. ඒ නිසා ඔහු උඩරට රාජධානියේ සැරිසැරීම සඳහා විදේශිකයන්ට අවසරය ලබා දුන්නේය.එපමණක් පමණක් නොවේ.තමාගේ අන්තඃපුරය විවිධ ජාතීන්ගෙන් සම්මිශ්‍රණය වූ එකක් බවට පත් කළාය.මේ අතර ඉංග්‍රීසි ජාතිකයෙකු වූ රොබට් නොක්ස් රජුගේ සිරකරුවෙක් බවට පත්විය අවුරුදු 20ක් පුරාවට මෙරට වාසය කල ඔහු ඒ අතර කාලයේදී තමාව මුදාහරින ලෙසට රජුගෙන් වරින් වර ඉල්ලා සිටියේය.එසේ කළහොත් එංගලන්තයෙන් තෑග්ගක් ලබාදෙන බව කිව්වේය.රොබට් නොක්ස් ඒ බව සඳහන් කර යවන ලද පණිවිඩයේ සඳහන් කවිය මෙය වේ.

රොබට් නොක්ස්

උතුම් මනුකුලෙන් පැවතෙන මනුහු           ලෙද
පසන් තෙද විකුම් රජසිහ නිරිඳු                  සඳ
නිතින් දෙවඟනසෙ දිලි අප රදුව                  ලද
ගොසින් ගෙන ඇවිත් දෙමි මා මිදුව            සඳ





රජතුමා එම තෑග්ග ප්‍රතික්‍ෂේප කරමින් ලියා යැවු කවිය මෙයයි

පල්ලරු පඩක්කරු මුක්කරුද               පරවරු
ඊවඩු දුරාපදු කෙවුලන්  සහ                 හකුරු
මෙරවා රදා බිලි කින්නරද                    පුරවරු
මුන් මිස තොපේ ලිය අරගන්නේ         කවුරු





ගොරකයා 

කොලොන්නාව කෝරලයට අයත් වලකඩ නම් ගම්මානයක් විය.ඒ ගමේ ආරෝහ පරිනාතයෙන් යුත් කාගේත් ආදරයට ලක්වූ තරුණයෙක් විය.ඔහු නමින් ගොරකයා ලෙසින් හැඳින්වුයේය. ගම්මු ඔහු ආදරයට ඇමතුවේ ඒ නමිනි. දිනක් ගොරකයා මහ කැලයේ වැඩක යෙදී සිටියදී කුළු මීමකුගේ අං පහරින් ජිවිතක්‍ෂයට පත්විය.ඔහුගේ මරණය පිලිබඳ පුවත ඇසු ගම්මු මහත් සෙ කම්පා විය.මේ අතර ඒ ගමේ එක් මිනිසෙක් තමන්ගේ ශෝකය පලකරේ මෙසේය

ගොරකයා අනේ වලකඩ ගම                   හිටිය
යමකයා වගේ ඇඟ මහත                          වීරිය
කණකයා රූප මෙන් සියොගත                එලිය
පණ ගියා ඉතින් වලකඩ නැත                    එලිය






කෝලිකුට්ටු 

එක් මුහන්දිරම් වරයෙකු දිනක් ගමනක් යන අතරේදී තේ බීමට කඩයක් ළඟ නතර විය. ඔහු කෝලිකුට්ටු සමග සීනි පිට්ටු අනුභව කර මුදලාලිගෙන් එහි ගණන ඇසුවේය. මුන්දිරම් සල්ලිකාරයෙකු බවට දැන සටකපට මුදලාලි ඊට ගණන කිව්වේ සාමාන්‍යයෙන් අය කරන මුදලට වඩා වැඩි ගණනකි. කිසිවක් නොකී මුහන්දිරම් ගාන ගෙවා මගට බැස්සේය.මගට බැස මුදලාලිට ඇසෙන සෙ මේ කවිය කිව්වාය

ලෝක රට්ටු පතිරණ අප්පු               හඳුනන
පාර කිට්ටු කදිමය කඩපෙල              ඔතන
සීනි පිට්ටු නරකයි විකුණන             ගනන
කෝලිකුට්ටු දීපන් තුට්ටුවේ              තුන



රෙදි නැන්දේ

ඉපැරණි සමාජ ක්‍රමය තුල කුල භේදය තදින්ම පැවතුනි.තමාගේ කුලයෙන් පිටකෙනෙකු හා විවාහ වීම සපුරා තහනම් කාර්යයක් විය. එය දඬුවම් ලැබිය හැකි වරදකි.වලව්වක ඉපදුනු රංචාගොඩ මහත්තයාට තම ගම් පියසේ වසන රෙදි නැන්දා දකින විට සියලු වස්තු නිල පසෙකලා ඇය සමග පැන යාමට සිතේ.එහෙත් තම වංශය ගැන කල්පනා කරන විට ඔහුට කිසිවක් කරකියාගත  නොහී සිටියි. මේ අතර රෙදි නැන්දා විවාහ වීමට යන බව ආරංචි වූ රංචාගොඩ වලව්වේ මහත්තයාට ඉවසුමක් නැති විය. ඔහු රෙදි නැන්දාට මෙසේ කවියක් ලියා යැව්වේලු.

කහට පොතු කපා ගිනි මොලවා              දෙන්ඥන්
පොල්පිති පුළුස්සා අළු අරගෙන               දෙන්ඥන්
අල්ලපු තොටේ තනිවට   මම                   ඉන්ඥන්
දීග නොයන් රෙදි නැන්දේ                       වදින්ඥන්




කිරි මුහුද

වැව් බැදීමේ ශාස්ත්‍රයේ පාර ප්‍රාප්තව විසු පැරණි සිංහල රජ පරපුරේ අවසාන වැව් කර්මාන්තය වුයේ උඩරට රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවූ නුවර වැවයි දළඳා මැදුර ඉදිරිපිට එහි සෙවණ  ලබමින් වැජඹෙන මෙය සෙංකඩගල රාජධානියට ආභරණයක් වැනිය. එසේ වුවද මේ වැව බැඳීමට සිතු රජතුමා ඊට පෙර එතැන පිහිටා තිබුණු කුඹුරු සහ නිවාස රාශියක්ම ඉවත් කරමින් මහත් විනාශයක් කළ බව ප්‍රකට කරුණකි. මේ කාර්යයට පිළිමතලාවේ මහාධිකාරම මෙන්ම ඇහැලෙපොලද දැඩි ලෙස විරුද්ද විය. එහෙත් රජුගේ අරමුණ වෙනස් කල නොහැකි වියරජු මේ සඳහා සේවයේ යොදවන ලද්දේ රජුට පක්‍ෂපාත නොවූ ප්‍රදේශ ලෙස සැලකු සබරගමුව,ඌව වෙල්ලස්ස වැනි ප්‍රදේශවල ජනතාවයි.ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඔවුන්ට තලාපෙලා නුවර වැව බැඳවූ සැටි ජනකවියෙකු මෙසේ විස්තර කර තිබුණා.

වැවක් බඳිමැයි කියා මිගොලේ සියක් බඹයක් විතර                 උසටම
වැඩක් නැතිකර ගෙවතු ගහකොල කොටා වනසා ගෙවල්         සහසැම
නොයෙක් රටවල දිසාවල මහ සෙනඟ රැස් කරවා                  ගමින්ගම
යමෙක් ලෙස රැක බඳින බැම්මට පස් අද්දවන ලෙසම            කරපෙම



Read more »

තලමල වරුණ

0 comments


තල මලක් පිපෙන්නේ ඉතාමත් කලාතුරකිනි. තල මලක් පිපීමෙන් එම ගසේ අවසානය උදා කරවයි.පුරාණ ගම්වල සිටි අය සිතුවේ තල මල් හතක් පිපුණු කලට අහල ගම් හතක්ම පාළුවන බවටයි. ඒ නිසා ඔවුහු තල මල දෙස බැලුවේ ගෞරව සම්ප්‍රයුක්ත බියකිනි. ඒ නිසාම තල මල පිළිබඳව පබැඳු කවි අපමණය. තල මල් කවි නොයෙක් ආකාරයට ගායනා කල හැක.මිනිස් ජිවිතයේ ඇති අනියත බව මේ කවි වලින් සිහිපත් කරවීම වැදගත් ලක්ෂණයකි


01. උතුම් මෙ අපෙ මුනි බෝ මුල වැඩලා
                            සිහිකර ගත් පෙරුමන්                        බලයෙන්

      දිනන්නෙ ගොරතර මර සෙන් බිඳ හැර
                             තුන් ලෝ එළි කර දුන් මෙ                බුදුන්

      සතුන් සසර දුක් මුදන දහම් පල
                              දෙසමින් ඇති කළේ සඟ                  තෙරුවන්

      මෙතුන් සරණ මගෙ සිරස දරාගෙන
                                මඳක් මෙ තල මල වරුණ              කියන්



02. ලස්සන මයුරාපෙණ පිට වැඩ හිඳ
                                කඳ කුමරිඳු වරදක්                           නොපෙනේ

    දොස්හැර මිහිකත සිවුරඟ මඬල ද
                                  එ සමන් බොක් සැල දෙවි                සඳිනේ

    දොස් දුරලා මගෙ දිවි රැක දෙනු සොඳ
                                   විස්තර කන්දස්                              සාමියනේ

     විස්තර තල මල වරුණ කියම් මම 
                                      අනුරාපුර                                  සිද්ධස්ථානේ



03.දෙරණ පලා පැළපත නැගලා මුල
                               සොමි කරලා ගල උඩ                        නැගලා

     වරුණ මුලා යති දුන් ලොබලා ගොඩ
                                මුහු කරලා අතු පතර                         වෙලා
      
      සරණ බලා ගොබ කප්පවලා පොත්
                                පත් සදලා ධර්මය                              ලියලා

      පුදන කලා මුනි සඳට ලොලා ගියෙ
                                 රුව බබළන මල පුබුදු                       වෙලා


04.ආවා තලගස නාග ලොවේ සිට
                                 මතු පන්දාහක                                 නවතින්නේ

    ආවා බමරිඳු මෙහි රොන් ගන්නට 
                                 පුදින තුරුවට                                   ගැවසෙන්නේ

     ජාවා එන කඳුලෙන් නාවා ඇස
                                හංස පෙළක් මෙන් ලෙළ                   දෙන්නේ
     
     හේවා පලහේ වත්තේ තලමල
                                 මගට පෙනේ දාගැබ                         ලෙසිනේ



05.නිල්මිණි දෝ නිලුපුල් පෙති දෝ බැඳි 
                        දද පෙළදෝ ලෙස මිණි                                 ඔබිනා
  
     මල් පෙති දෝ මිණි රැස් කඳ දෝ මිණි  
                          මුතු විල දෝ සිව් අත                                   බෙදුනා

     ලොල් කත දෝ එන ළඳ බිලිඳෝ මල
                         දැකපු ලදෝ කවි කර                                  යනෙනා

      කල්පය දෝ කලියුගයට දෝ පුර 
                         තලමල දෝ මේ රුව                                   දිලෙනා




06.සරා සඳුන් සොඳ කපුරු මෙ පිනිදිය 
                      සුවඳින් ගුවනේ ලෙළ                                     දෙන්නේ

       විරාජිත වූ සවඩි දඟේ මෙන්
                      මල්පෙති සිව් අත  බේද                                  උනේ
      
      වරා රූප මහ බඹා කරපු 
                     නොවේ ද විසිතුරු සක්                                     රජුනේ

      නුරා ඔබත් මේ රූමත් තල මල 
                            මිණි බැඳි රන් මල ලෙස                           වන්නේ




07.සොඳින් බලා දන එරන් තුලා නද 
                       රුවන් සතක් සේ මහ බඹු                               එවනා

     ගුවන් තලා මැද විමන් බලා යන 
                       විස්කම් දෙව් කළ රුවක්                                  මෙනා

      අඳුන් වලා ගැබ මැදින් පලා ගෙන 
                        ගමන් කරන පුන් සඳක්                                  මෙනා

       මුදුන් වෙලා ගැබ කුසුම් සලා වට 
                        සඳුන් රුකක් සේ මල                                     මුදුනා




08.ශ්‍රී භගවත් අප ගෝතම බෝසත්
                     බුදු වෙන්නට සදනා                                         වේලේ

      බෝ බලවත් වසවත් මර දෙවිඳුන් 
                      යුද කළ ශ්‍රී ජය බෝදි                                        මුලේ

      ඒ බලවත් මරු පරදා බුදු වී 
                     තිලොවග මුනිඳුගේ දහම්                                   බලේ

      රුව ගුණ යුත් කවි පද බැඳ කීවට
                       වස් නැත තල මල රුව                                   බැබලේ





09.අහල ගම්වල වැවේ තලගස් 
              නෑ අපේ ගම                                                         වැඩෙන්නේ

      පතළ කවි ඇත එහෙව් ගම්වල 
                      අපට නැත්තේ කිසි                                          දිනේ

     ගම්මු රැස් වී කතා බස් කර 
                       මෙලෙස තීරණ                                             යොදන්නේ

     වවමු තලගස් නෑර හැමතැන
                     එකා මෙන් අප ගම්                                          තුලානේ




10. කතිකා කරලා තල ඇට සොයලා
                හැමදෙන තම තමන්ගේ                                         වත්තේ      
   
     සිටෙව්ව තල ඇට ගොබ මතුකර පැළ
                   වුනෙ නෑ කිසිවකු   ගේ                                        වත්තේ

     දෙවියන් දුන්නේ පැළවුණු පැළයක්
                  අදිකාරම් මැතිඳුගේ                                              වත්තේ

     කීවට වස් නැත සතර වරම් දෙවි
                   පැළයට රැකවල්  දී                                              ඇත්තේ





11.මෝරා තලගස නුබ ගැබ විලසට 
                  සතර අතට අතු                                             විහිදෙන්නේ
     
     පතුරා සිවු දෙස යනෙන දනෝ ඉඳ
                   මඳ සිසිලක් ඉන්                                           විඳගන්නේ

      දාර ගැබක් මෝරා එන විලසට
                   මල් කැකුළක් ඉන්                                        මතුවෙන්නේ

       සතර වරම් දෙවි බාරට අරගෙන
                    වාගෙයි ඒ මලවට                                         එන්නේ





12.යන්නට හොඳයි ශ්‍රී මහ බෝ අනුර                   පුරේ
     ගොන් බැඳි රියවලින් යා හැක අනුර                පුරේ
     හොඳට හොඳයිතල මල ඇත බරට                  බරේ
     අලි ඇතු පිටින් වඩවමු එ මල පෙර                 හැරේ






13.සල් උයනක් සැදිලා වැට                      ආනන්දේ
     පොල් උයනක් සැදිලා ඇත                   කිරින්දේ
     මල් තොරණක් ගෙතුවා වැනි               කුමන්දේ
     තල මල් හතක් එක පෙළට ම               කිරින්දේ
Read more »

ජනකවි,ජනකතා

1 comments

මහනුවර යුගයේ සමහර රජවරු සල්ලාල ජීවිත ගත කළහ.රූමත් කතුන් දුටු පමණින් අන්තඃපුරයට කැඳවා ගැනීම එකල ඔවුන්ගේ සිරිත විය.වලව්වල රූමත් කතුන් ඇතිබව දැනගත්විට රජ අණපරිදි ඇතැම්විට අන්තඃපුරයට ඇතුළු කරගන්නා ලදී.මෙසේ ඇතුළු කරගන්නා කාන්තාවන් යකඩ දෝලි නමින් හඳුන්වන ලදී.මහනුවර රජුන්ට යකඩ දෝලි ගණනාවක්ම විය. මහා නිලමේවරුන්ගේ මහනුවර නගර ආසන්නයේම  වූහයි කියති.රජු යන එන ගමන් වලදී වලව් දෙසද නොබලාම නොගිය බැව් කියන ප්‍රවාද නැත්තේ නොවේ.දිනක් පෑ තැටි පසුකර යමින් සිටි මහරජතුමාට ඒ අසල වලව්වක සිටි 'යහපති' නම් රූමත් දැරියක් දකින්නට ලැබුණි.ඈ කෙරෙහි පිළිබඳව සිතක් ඇතිකරගන ඇය ගැන තොරතුරු සපයන ලෙසට රජු මහ නිලමේට අණ කරන ලදි.තම වලව්වේ වැඩකාරකමට සිටි එතෙක් වැඩිවිය නොපැමිණ සිටි කෙල්ල වෙත රජුගේ සිත ඇදී ගියබව දැනගත් නිලමේ මෙසේ රජතුමාට ලියා සැල කළේලු.

පුරා තන තිසරු දෙහි ලෙලි විතර        ඇති
නුරා කරන වයසත් පැමිණුනේ          නැති
පුරා වයස දහතුනකට විතර                ඇතී
කොරහ වහල්කඩ බැඳී කොඩිය          යහපති

ලැජ්ජාවට පත්වූ රජතුමා ඊට පසුව දැරිය ගැන ඇසුවේ නැතිලු.

උපදේශ කවි

කරදර සිතට වැදුනම පැමිණෙන            වෙහෙස 
ජරමර දෙකම පැමිණෙයි පුරුවේ           දෝස
වැරසැර රැගෙන දඩසැරියක්                   සිතුවිලස
වැරදුන තැනට කවුරුත් නැත තමන්       මිස   

දුක දන්නෝ ලොව කාටත්                    පිහිටවෙතී
බණ දන්නෝ ලොව සතහට බණ          කියතී
අණ දෙන්නෝ රජසේවේ වැඩ               කරතී
විලි දන්නෝ නොසිරිත් කම් නොම        කෙරෙතී

නැත මිතුරෙක් දැනගත් සිල්ප                 මිස වෙන
නැත හතුරෙක් මත්පැන්  හා                     සදිසිවන
නැත අදරෙක් දරුවට දෙගුරු මිස              වෙන
නැත බලයක් තිසරණබල සදිසි                 වෙන

දහම් ගැටයක්

කලකට කට මවු දෙතනේ     කිරිබීම
කලකට කට රස පලවැල       වැළඳීම
කලකට කට කෙතකට බැඳී   වැටසේම
කලකට කට පටමල්පේකට    සේමා

අදහස:-
මේ දහම් ගැටයෙන් ජිවිතයේ නිස්සාර බව මැනවින් පිළිඹිබු කරයි.කලකදී කට මවු දෙතනේ කිරි බොයි.ඒ බිලිඳු සමයෙන් පසු පළවැල රස අනුභව කරන කට වයසට යත්ම වේලකට බැඳී වැටක් සේ වෙයි.දිවියේ ජරාපත්වන ස්වභාවය කියන්නට ගත් මගනම් ඉතා අගනේය 

තේරවිලි

පිටතින් සම ඔපයි පහටිය කුඩා            ඇස
ඇතුලින් මස් රැඳුන කොහු ඇටය පිට    ඇත
නිතියෙන් අඹුලමුත් විළිකුන් කල           රසැත
රසයෙන් රසැති ගෙඩිය තෝරා දෙනුම  වෙත

නිරතුරු වෙහෙස දෙන හතුරෙකු මෙන්  මෙමට
පළතුරු ගැන අසයි එකිනෙක ගෙන       කපට
මෙවියුරු හැඩය ඇති පලනම් සිතෙන      විට
ගනිසුරු ලොබය කළ අඹ ගෙඩිය දෙනු    සෙට

නිබඳ මෙරුක කිරි වැගිරෙන පසඟ   තුල
නොමඳ කිරි මිරෝ වනසන බුදින    කල
සුවඳ සබන් සැදුමට කිරි ගනි           මෙකල
සබඳ මිතුර තෝරා දෙනු මට            මෙපල

පෙම් වඩවන දෙයකි සුමිතුරු            හැමවිට
දුම්බොන අයට ගුණදෙන කෑමකි      ලයට
පෙම් විලසින් විහඟුන් කණ                ඉදුනුවිට
මින් දැනගන්න ගස්ලබු බව මිතුර      සෙට 
Read more »

අපේ ගම් වල හැටි

0 comments
ගසට හෝ වැලක                        ට
පෝර දිය දුන් පමණ                    ට 
උසට සහ මහත                           ට 
වැඩෙයි මල් පල දෙමින් මතුපි     ට

කියනු කිම ? බොහො               දුර
කළ එළි සුවඳ මල්                   බර
පුර නම් සඳුන්                         තුර
දරණ මුල නම් ගමය පිටි          සර

ගම ගැන නොපිලි                    පැද
පුර දියුණුවම පිලි                      බඳ
වැඩ කරණු කෙබ                      ඳුද
පෝර දිය දෙනු වැන්න කඳ       මැද

ලකෙහි තතු ඇති                     සැටී
දකිනු රිසි නම් නොරැ                වැටී
නුවණින් බලනු                         වටී
අපේ පිටිසර ගමේ අද                හැටි

රස අහර නොල                        බන
පිරිසිදු ඇඳුම් නො අ                   ඳින 
සවියෙන් පිට ප                         නින 
තරම් ඉල ඇට නෙරීගෙන           එන

කිසි නුවණකුත්                        නැති
වෙන යම් සිල්පෙකුත්               නැති
පිටු වහලකුත්                           නැති
කරන්නට රස්සාවකුත්               නැති

ගෙවතු පිටි                              කුඹුරු
ඕවටි හේන්                             වගුරු 
දියට යන                                අයුරූ
බලා වගුරත කඳුළු                   පොකුරු

හෙණ වැදුනු වැහි                     කල
ගස් මෙන් හිතැඟි සුන්               කළ
ගම් වැසියෝ මෙ                      කළ 
දහස් ගණනින් සිටිති ගම්           වල

කිරි නොලැබෙන                     බැවින
අකල් මරණින් වැන                 සෙන 
බිළිඳුන්ගේ                              ගණන 
සොහොන පමණයි දන්නේ       නිසැකින 

ගැමියන් විඳින                           වද
මෙලෙසැයි දැකත් පිරි                සඳ
දෑහිතැතියන්                              හද
නො උණු වන්නේ කුමන            කරුමෙද

පොදු ජන වැඩ                           කරන
දෑ හිතැතියන් හැම                      දෙන 
තබා විත් මැති                            තැන
සතිය යුතු වෙයි දිළිඳු ගම්             ගැන

ගම් ගැන නොසළ                       කන 
ගැමි ජීවිතය නොද                      කින
යම් යම් අය                                කරන
කරන වැඩ ගරුනොවේ කිසි          දින 


මහින්ද හිමියන් අතින් ලියවුන අවසාන රචනාවයයි සිතිය හැකි මේ කවි පෙළ උපුටා ගැනීම 1951 ඔක්තෝම්බර් මස පලවූ දේදුන්න සඟරාවෙනි දේදුන්න කවි සඟරාවේ සංස්කාරකවරයා වුයේ පී .බී අල්විස් පෙරේරා කවියයි
Read more »

ටීකා සීපද

1 comments




කවර කලද දිය පිට දුම්                 නගින්නේ
කවර කලද ගල පිට මල්               පිපෙන්නේ 
කවර කලද මෙර සුළඟට              වැනෙන්නේ
කවර කලද තොපි අපි සරණය      වන්නේ 

කවර කලද තං තාගර තෙයි            තාං
කවර කලද දොං තාගර තෙයි          තාං
කවර කලද තව ඩිංගක් තෙයි          තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම්     හුම්

කවර කලද දිය පිට දුම්                   නගින්නේ 

කවර කලද තං තාගර තෙයි           තාං 
කවර කලද දොං තාගර තෙයි         තාං
කවර කලද තව ඩිංගක් තෙයි         තාං 
කවර කලද ඩිංගිරි මැණිකේ හාම්    හුම් 

කවර කලද ගල පිට මල්                පිපෙන්නේ 

කවර කලද තං තාගර තෙයි            තාං
කවර කලද දොං තාගර තෙයි         තාං
කවර කලද තව ඩිංගක් තෙයි          තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම්    හුම් 

කවර කලද මෙර සුළඟට               වැනෙන්නේ 

කවර කලද තං තාගර තෙයි           තාං
කවර කලද දොං තාගර තෙයි         තාං
කවර කලද තව ඩිංගක් තෙයි         තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම්    හුම් 


කවර කලද තොපි අපි සරණය         වන්නේ
Read more »

ජනකවිය

1 comments

ජන සාහිත්‍යකරුවා තම විරෝධය දුක්පීඩා සහ විවේචනය හාස්‍ය උපහාසය නිපදවාගනිමින් සමාජය වෙත එල්ල කිරීමේදී භාවිතා කල එක් ක්‍රමයක් වුයේ ජනකවිය වේ පහත දැක්වෙන්නේ එවැනි ආකාරයේ ජනකවිය 

රොටී හබයක්

සෑමවෙලාවකටම රොටී කෑම නොකැමති වූ පුරුෂයෙක් තම බිරියට මෙසේ බැනවැදුනි

පුරුෂයා 

රොටී රොටී සැම වේලෙම රොටී         යේ
තුටී සේම ලිප වට කර සෑදී                 යේ
වැටී සේම අප්පිරියා ගතී                    යේ
රොටී නිසා තී දවසක නසී                  යේ 

භාර්යාව

සිතේ තමුසෙගේ කවදත් බතේ           යා
බතේ කන්ට හාලක් ගෙයි නැතේ        යා
නැතේ හාල් ගැනුමට මිළ අතේ         යා
අතේ තබමි එනිසා රොටි පතේ          යා

විවාහය හාස්‍යයට ලක්කර කියවුන කවියකි මේ 

අඟුලේ රඟ දැනෙන්නේ පැද්ද කල්හි ගඟේ      යා
නඟුලේ රඟ දැනෙන්නේ බැස්ස කල්හී මඩේ      යා
උගුලේ රඟ දැනෙන්නේ ඊට පත්වූ සැනේ          යා
මගුලේ රස දැනෙන්නේ දු පුතුන් ලත් තැනේ     යා

එක්තරා හිමිනමකට "කුකුලල" නැමැති අල වර්ගය වැළඳීමේ දැඩි ආශාවක් උපන්නේය කුකුලල බහුල් වශයෙන් වැවෙන ප්‍රදේශයක වෙසෙන සිය මිත්‍ර හිමි නමකට මේ බැව් පහත පරිදි කවියකින් දැන්වුහ

පතුල මුලා බිජු ලාලයි ලොකු වෙන්       නේ
නැත සැවුලා කවදාවත් අඬලන්            නේ 
හොට වකලා කටු ආ දයි ගස් යන්         නේ
එ බිජු කන්න මම ආසාවෙන් ඉන්         නේ

මිත්‍ර හිමිනම කවිය මැනවින් තේරුම්ගෙන පහත සඳහන් පිළිතුරු කවිය යැවීය

ලකුණු මම කියමි යන්තම් දැන ගන්     න 
දකුලු තව මාස ගණනක් පසු වෙන්       න 
මිල දීලවත් නැත මෙහි අරගන්            න 
මුල සිව්කුරු හැර ලඟ සිව්කුර ගන්       න

විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා කොළඹට ගොඩබට වේලෙහි නොකල්හි වැස්සක් වැස්සේය එවක "කවට කතිකයා" නමින් ප්‍රසිද්ධව සිටි පෑලිස් අප්පුහාමි විසින් මෙම සිද්ධිය ස්වකීය කවට පත්‍රයේ මෙසේ සඳහන් කරන ලදී

පින්වත් මනමාල අප්පු කොළඹට ගොඩ බැස්          සා
සම්පත් වැඩිවන ලකුණෙකි එවෙලෙම වැසි වැස්     සා 
ඉන් දුක් දෙන දුවිලි පටලෙත් පහලට බැස්               සා 
වැන්දත් අනෙ වරදක් නැත ඔහුට දෑත උස්               සා

මේජර් ඩේව් සමග කන්ද උඩරට ගිය ජා සෙබළුන්ට අන්තොච්චිකාමු නම් විකට පහත කවිය කියා පරිහාස කල බව හෙළදිව පුවතෙහි සඳහන්වේ

අක්කරේට අසුකර මෙරටට ආ             වා
ගොන්කුරේට ගෙන දියවර බොන ජා    වා 
සන් කරේට නොවටින ගෙරි මස් කෑ     වා
සිංහලේට ආවට තෙපි කැති ගෑ            වා

කුංකුනාවේ හාමුදුරුවෝ පන්සල් වත්තේ කුරුම්බා මීයකු විසින් කා දැමීම නිසා උරණව වස්කවියක් කීවේලු

කකා කුරුම්බා ලෙලි බිම දමන එ         කා
මොකාදෝ එකා මට නොදැනෙනා එ    කා
විකා ඇට නහර මස් ලේ උරා ක          කා
යකා මහසොන් උගෙ දිවි හරින් ම       කා 

සුද්දන්ගේ වත්තේ වැඩටගිය ගැමි කාන්තාවක් සුදු දරුවකු ප්‍රසුත කළාය එයින් කම්පාවට පත් ගැමියකු මේ කවිය කිවේය

දේස දහඅටම එක දේසෙට වෙච්     චි 
බාස දහඅටම එක බාසෙට වෙච්       චි
වනන් දහඅටම එක වනමට වෙච්    චි
සිංහලේට සුදු දරුවන් බෝ වෙච්     චි

ඉංග්‍රීසින් විසින් මෙහි ව්‍යාප්ත කරන ලද පරගැති අධ්‍යාපන ක්‍රමය විසින් රට ගම නොදත්"ජාත්‍යන්තර ප්‍රජාව" ගැන උගැන්මෙන් අපගේ චින්තනය විනාශ කරනු ලැබූ හැටි තලාවේ කේ ඇම් ගුරුතුමා විසින් 1957 දී කවි කොළයකින් විස්තර කරනුයේ මෙසේය

රට ඉඳි දෙන්නෝ -ඇපල් වවන්නෝ -ජෑම් එවැන්නෝ 
                                                                        ඇති රටවල්
වුල් හදන්නෝ -නුල් එවන්නෝ -සුට්‌ මහන්නෝ 
                                                                         ඇති රටවල්
බෑට් ගහන්නෝ -පයිට් කරන්නෝ -සර්කස් දන්නෝ
                                                                            ඇති රටවල්
බෝ දෙන දන්නෝ -එමුත් නොදන්නෝ වැව් බැඳී රජුනගේ
                                                                             වගතුගවල්

සුවස් දන්නෝ-පැනමා දන්නෝ-යෝධ ඇලක් ගැන
                                                                   නොම දන්නෝ
සහරා දන්නෝ-ගෝබී ‍දන්නෝ-රජරට බින්තැනි
                                                                  නොම දන්නෝ 
ඒරල් දන්නෝ-මිචිගන් දන්නෝ-පදවිය-කතදර 
                                                                   නොම දන්නෝ 
මැවිලන් දන්නෝ-මාක්ස් ද දන්නෝ-ගැමුණු ද-පැරකුම්
                                                                   නොම දන්නෝ ‌

තල්දෙන අධිකාරම් දුටු නළඟන

ඌවේ තල්දෙන අධිකාරම් තුමා රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලද කවියෙකි හිටිවන කවියට මහත් දස්කම් පෑ මෙතුමා රාජ සභාවෙහි රජතුමා සමග නාට්‍යාංගනාවන්ගේ නැටුම් බලමින් සිටින විට කියූ හිටිවන කවියකි මෙය නාට්‍යංගනාවන් කෙටි කල සළු හැඳ කඹයක් මත නැඟි නැටුම් දැක්වූ අවස්ථාවකි

නුඹේ පත සදිසි වත සඳ ලෙස             උදුලා
රඹේ කඳ අයුරු දිසි කලවා                 යුවලා
කඹේ නටන අඟනුන්ගේ යොහොඹු      කුලා
නැඹේ මුල පෙනෙන්නා උඩ පනින      කලා
Read more »

නිදහසේ මන්ත්‍රය

0 comments
















බලවු පොළොන්නරු අනුරාපුර     පෙදෙස 
සිතවු පැවැති නිදහස මෙහි පෙර     දවස 
නගවු තව තවත් තරසර තරුණ      ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව්     දෙ ඇස 

ඉපදුණු රටට අදහන ආගමට                       සෙට 
මොන මොන අන්දමින් මුත් මෙහෙයක්      නොකොට
පැටවුණු බරක් මෙන් ලංකා පොළොව         පිට
පසුවන එක හොඳ ද සිංහල පුතකු                 හට 

විපතින් බියව ජාතික එඩි ගති                සින් දා
හිවලුන් ලෙසින් මෙරමා දෙපතුළ          වන්දා 
දෙවියන් සමඟ සැනැහෙන දිය දද          බන්දා 
මළවුන් නමට නොකරව් සිහලුනි          නින්දා 

සලකවු ගැමුණු පැරකුම් සිහලුන්ගේ           සෙට
මලකුණුවලින් පොරවූ ලක් පොලව           පිට 
පැළවුණු සඳුන් පැළයක් මෙන් වැඩෙන්     නට
මැලි වී ඉඳිය යුතු නැහැ සිංහල                   උඹට

අපේ රට අපේ ජාතිය අපේ                ගම 
අපේ අසල්වැසියා යන සියල්            ලම
අපේ අතට අවනත කරගෙන             වහම
අපේ කමට සලකමු දෙවි දෙමු           මෙහෙම 

අපේ රටට පිළිමල් වන සතුරු                මුල
අපේ අය ම නම් බිඳනෙමු උන්ගෙ          බල
අපේ මුතුන් මිත්තන් මළ සොහොන්      වල
පිපේ එවිට ජාතික අභිමාන                    මල

රටක් ජාතියක් සමයක් කරණ           කොට
තුවක්කුවට කඩුවට ගල්මුල්             වලට
ඉලක්කයක් වන්නට ඇත්නම්          අපට 
සැපක් තමයි නොනිවෙන නිවනින්  මෙපිට 

                          
                                    ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

Read more »

කොත්මලේ ජනකවි

4 comments


මොණරාගල කන්ද පාමුල සැදී       ඇති
නිල් දිය කඳුල හෝ හෝ ගා ගලා    යති
ගාමිණී කුමරු හොර රහසේ ලැගුම්  ගති
මේ ගම් පියස කොටගේපිටිය නම්  වෙති

උදහස් වූ බැවින් පිය රජු හට බියෙ              නි
පැනගොස් මොණරගල හෙළ අසබඩ පැමි  ණි
එහි හිස් ඉඩම්වල සරු කෙත් කරවමි           නි
විසු වෙස් වළා ගාමිණී කුමරිඳු තුටි              නි

නුඹ මල්ලි මට සිව්පද නොකියන්                න
රැවටිල්ලේ වග මාතින් අහපන්                   න
ගන වැල්ලේ ගොස් අව්වේ නොසිටන්         න
ලිඳ පල්ලේ මහ රජ වැටුණයි ඔන්               න

මාස්වෙලට පය තැබූ රජතලා වෙ                ළ
ඒකට වතුර බඳිනා ගල් කැටියේ ඇ             ළ
දුටුගැමුණුයි නම් අස්වැද්දුවේ ඇ                  ළ
අහෝ ඉතින් කැඩුණා ගල්කැටියේ ඇ          ළ

දුල ගාමිණී කරනට කර කාර සු                  බ
කළුමැණිකෝ පින් නොකළේ මන්ද නු       ඹ
හෙළදිව කිරුළ මපියාගෙන් මෙදින ලැ       බ
රජ කරනට රන්මැණිකෝ නඟිනු නු            ඹ

දන් පින් කරන අයමය සොඳ රජ වෙන්        ට
අනේ බැරිවෙච්චි කළු මැණිකෙට යන්          ට
ආලයෙන් හිටපු නුඹ සරි සැමදා                    ට
රන්මැණිකෝ වරෙන් දැන්මාගම් යන්          ට
 
ඌරු පැළැල්ලේ ගම මහගේ ගෙද           ර
මාරු වී එ නම වී ඇසුරූ ගෙද                   ර
සීරුවට අලුත් පල කරන නිසියු                ර
වීරසුරිය ගෙදරයි දැනට බැවහැ                ර

කොත්මලේ කොටගේපිටියේ තිබේවා ඌරු පැළල්ලේ ගම ගෙද       රා
සත්තට කුමරුන් සැඟවී සිටියේ පැලැල්ල දෙණියේ මහගෙද              රා
ගොවිතැන් වැඩ සරුසාරව කරමින් කොත්මල ගම හොත්තේමෙව     රා
ඔටුනුදරා රජ කරනා විලසට මාගම් පුරයට ගිය එව                            රා

ආදා සිට අවුරුදු දොලසක් රජ ගොයිතැන් ගැන නිපුණ වු             ණා
බාදා නැතුවම සතර පේරුවේ සිතු දේ කුමරුට පහල වු                ණා
එමදා කුඹුරක බොල් වපුරාලා හොඳ වී කුමරුට මුතු පැහු             ණා
හැමදා රජකම ලැබෙතොත් මාහට මේ වී ගෙදරට යයි සැණි          නා

ඌරු පැළල්ලේ ගම මහගේ ගෙයි වී වැඩ වී සිත සතුටු වු                ණා
පාර දිගේ එන වී රැළ දැකලා ගම මහගේ සිත සතුටු වු                     ණා
කාර බඳින්නට රන්මැණිකා දුව ගම මහගේ සිත සතුටු වු                 ණා
මේ වර වී නොගොසින් නැවතුනු තැන වී සැතපෙනහෙළ නම රැඳු    නා

කොත්මලේ කොටගේපිටියේ පැවතුණු ඌරු පැළල්ලේ මහගෙද       රා
සත්තට කුමරුන් සැඟවී සිටියේ පැලැල්ල දෙණියේ මහගෙද              රා
රහසට කුමරුන් ඔටුනු පැලෑන්දු ලක තුල රජකම අත නොහැ            රා
අත්හැර යන දා ගැමුණු කුමරු සොඳ කොත්මල් රට ගැන කිවූ පව      රා

ගැමුණු කුමරු වැඩ සිටියේ දොළොස් අවුරුදු කොටගේ  පිටි       යේ
දැමු අලි ඇතුන් නමස්කාර කර වැඩ ඉන්ට බෑ දැක සිටි               යේ
ඔටුණු දැරූ රජ පහළ වෙච්චි සැටි කඩු ගනිමින් ඇතු පිටට ගි       යේ
අනුරපුරේ මහ සෑ මළුවේ දී නිවන් රතෙන් සුරපුරට ගි                යේ

ඔද තෙද වඩා රකිනුව හෙළ දැයෙහි බ       ලේ
ගැමුණු කුමරු සැඟවී සිටි මොණර ග         ලේ
ඇල් කෙත්වල ගොයම් රැළි තවම සැ         ලෙ
මුමුනයි පුරය තොරතුරු රකිමු රජ ක         ලේ

උදුරා බල රැකි වන සමයි    සි                    තා
කුමරා කල ගැමුණු නිරිඳුන් එඩින් යු          තා
බැහැර ලා අවුත් විසු කොත්මලේ වෙ         තා
මොණරගල කන්ද දිස්වේය වම් අ              තා

රාවණාගේ බේත් ගුළිය හැමටම සත්ත        යි
ගිරිගල් පාසියෙන් ඇඹරු බව නම් ඇත්ත    යි
සිතා දේවිය කැන්දා ආ බව ඇත්ත              යි
සීතා ගුහාවේ සැඟවී සිටි බව සත්ත              යි

බාලොලියෝ බාලොලියෝ  බාලොලියෝ
මගේ මිනිහා ගෙයි ඇඳ උඩ   බාලොලියෝ
ගෙනා දෙයක් බාපත උඩ තිය  ලොලියෝ
අද බැරි නම් හෙට වර වර      බාලොලියෝ


උන්ගේ අඩවියට සමනොළද කොට    ගලේ
පළමුව මහවත්ත ගඟ ඉහළ    ගොං      ගලේ
පිපුණි තලමලක් එම   තිස්පනා            ගලේ
මුනිඳු බුදුවෙන්ට වැඩියේ මොණර       ගලේ

බලන් කන්ද කොටගල ඉස්මත්තේ     යා
බඹර බඳිති දෙවිඳුගේ මල් වත්තේ       යා
එක බඹරෙන් පැණි කලයක් ගත්තේ   යා
බඹර කැලේ දී නෑකම් නැත්තේ          යා

කැළණි ගංගා ඉසානේ දෙස පිහිටි කළුගල් පරුව                 තේ
දෙවෙනි තෙද පෑ කෙහෙල්ගමු යන පියස සැදි දෙව් මැඳුර    තේ
එවෙනි තෙද පෑ අලුත් දෙයියෝ කන්ද උස්වැලි මුදුන          තේ
මෙවැනි ශ්‍රී ලක පෑයූ තෙදබල පතිනි දෙව්දුගේ මෙපුව          තේ

පහත රටට ගුගුරන රත්මල් ඇල්      ලා
දෙනුවර දෙකට දුනුමඬලා පිහිල්       ලා
ඌව තුංකිඳට නයි කඳ පිහිල්            ලා
කොත්මලේට පරසිඳු ගැරඬිය ඇල්   ලා

ගොසින් ගොසින් ගොඩිගමුවේ හෙලේ   යා
පසු කරන්ට බැරි විල්කඩ කැලේ            යා
ඇවිත් සැතපෙන්ට රම්බොඩ ඔයේ         යා
බලා ඉන්ට රිසි වුණි කොත්මලේ            යා

කවියක් කියන්ට ද නුඹ මට කියන්   නේ
අකුරු සතර ගළපාලයි         කියන්   නේ
බතල කන්ට ලුණු මිරිසකි ඔබින්      නේ
ගස්ලබු ගහට ඇයි රුවක්  නුදුන්        නේ

මිණි මිණි පොදේ ගන අඳුරේ කන මදු       රු
කෙල්ලක් ඉඳන් දොර නාරිති ඇගේ නපු   රු
බල්ලෙක් ඉඳන් උඩු බුරුලති උගේ නපු    රු
මල්ලක් කඳුරු කන්නෙමි විගස දොර ඇ   රු

අප්පගේ පෙරැත්තේ  බැරුවා නිසාව   ට
බින්න මඟුලකට බහ දී මෙමා       හ   ට
අප්පා ලෙසට උන් අඹුවත් එදා     සි    ට
උපන් ගමට යාමට දැන් සිතෙයි    ම   ට

ඉර සඳ දෙදෙන බිම බැස වැලි කෙලී          නං
වැල්ලෙන් තෙල් හිඳලා දෙවිඳුට පුදයි        නං
ගොනුන්ගෙන් කිරි දෝලා රස පඩි ලබයි   නං
මමත් දොර හරිමි මේ තුන සැබැයි             නං

බුලත් කඩා දෙමි කට රතු කර ගන්             ට
සපුමල් ගෙනැත් දෙමි කොන්ඩේ සරසන්   ට
පට සළු ගෙනැත් දෙමි බඳ වට සරසන්       ට
එතොත් ඉන්ට දෙමි දිව සැප විදින්න         ට

බුලත් මොට ද කස්තුරි කපුරු කන ම            ට
සපුමල් මොට ද නාමල් පළඳනා ම              ට
පට සළු මොට ද දිව සළු පළදනා  ම             ට
අන් හිමි මොට ද මගෙ රන් කඳ ගෙදර කො  ට

පලා කපාලා කුල්ලේ  තිබෙන්                 නා
බතක් ඉදීලා ළිප උඩ  තිබෙන්                 නා
රන මොණරෙක් මිදුලේ පෙම් කෙළින්    නා
පණ නැති මළකඳක් ඇඳ උඩ තිබෙන්      නා

අරමුණෙ වෙලා වෙල් එළියට එන්         ට
පෙරමුණේ බලා කොත්මලේ ගඟ දෙස   ට
රණමුනේ  වතුර නෑවොත් හොඳ ලෙස   ට
මුර වුණේ වුනත් නැති වී යයි යන්          ට

නෙළුම් නෙළන අඟනෝ කොත්මලා  වේ
හොඳ හොඳ සින්දු පවසති දුක් නොලා  වේ
ඒවා ඇහි යන විට හුදකලා                   වේ
මයියොක්කා දෙසති දොළහට වෙලා    වේ

නෙළුමේ සිරිත අඟනෝ ටික එක්වී    මා
කයියේ සිරිත එක් වීලා කවි කී           මා
ඔහෙලගෙ සිරිත ඒ හරියක් නොදැනී  මා
කොත්මලේ සිරිත දොළහට බත් කෑ  මා

උග්ගල බැලුම් ගල දොරගල කොන්ඩ  ගල
යක්ගල යකිනිගල පානේ මොණර       ගල
ආගර ගරන කිරවන හිමි මැණික්          ගල
මාලෙන මාල බිඳුනයි තිස්පනා             ගල

නෑ කල සිසිල හා සීතල සැප දෙව      න
සීතල අනෝතත් විල ලෙස දිය ගල   න
ඒ කල ගැමුණු නර නිරිඳුට පහළ වූ    ණ
මාවෙල හොඳ පිහිල්ලක් මිතුර රනමු ණ

කළුව කළු වෙලා කළු නිල් වලාව           යි
නෙළුව සැම පැළවෙලා හිම මැද තලාව   යි
සළුව මාරු වෙලා නිසි බස් මුලාව            යි
ඔළුව දැමු ලිඳ බෝපත්තලාව                  යි

නරනිදු වික්‍රම සිහ වාසල  දුක්ගන්නා නිලයත්    ලැබු             ණා
පිරිසිදු බඩු පිරි ගබඩාවේ කංකානම් නිලයත්       ලැබු             ණා
අයබදු කොත්මලේ අඟුරු බද්ද සහ මාවෙල ගබඩාගම ලැබු   ණා
පරසිදු දිඹුලමුරේ යන නිල පස කඳුවත්තේ නිලමෙට ලැබු      ණා
                                 
උඩ ගබඩාවේ අය වියදම් දෙක පෙරවරු බාගේ ඉවර වෙ             ලා
දඩ බල මහවාසල රජු ඉදිරියේ රාජකාරියක් නිම කර                   ලා
කඩ නොව පල්ලේ වාසල බිසොවරු සුවදුක් රජු වෙත සැළ කර  ලා
වැඩ නිම වූ පසු අවසර ඇත්තේ දෙදස පැයයි සැට පැය ඇතු        ලා

සක්වසිනා එක්දහසකි හයසිය අසුතුනට ලත් පොසොන්     ම         සේ
රට වඩිනා දස අටවෙනි රවී දින දාවල් විසිපස් පැයට      ලෙ           සේ
අට වකිනා රේවතියේ නැකත ද සදුගේ හෝරා සුහුනු        රැ            සේ
නෙක යසිනා මහ කඳුන් වත්තේ නිලමෙගෙ මරණය සිදුවිය මෙලෙ සේ 

පියතුමා සමග අමනාපය කින්                    න
ගියේ කොත්මලා දෙස රහසින් කුමරු පැ    න
සිය කග සැඟවූ කල කඩදොර අයි              න
දෙහදු කඩුල්ලයි නම් පැවතුණ සොඳි         න 

නදා වී කැඳවුයෙන් මෙහි දන බියෙන් මඟුලට කළු නි  යා
නිදාගන්ට වරද නැත බිම දුන්නු ඇඳ පසෙකින් ති        යා
එදා නොම උන් අපට අද හඳුනාගත් දැයි රජ නි           යා
සොඳා ලෙස ඔච්චම් කරමිනුය සැලකුවෙමු පාද          යා

මවුපියන් සමග දෙමළ රජු හා යුදට යන්ට සැබැවි                    නා
මෙමට අවසර ලැබෙනු මැනවැයි ගැමුණු කුමරුන් පවස          නා
නැතියෙ අවසර දුන්නෙ තෙවරා ඉල්ලු මුත් යම් විලසි              නා
රොසය වීමෙන් කුමරු කොත්මල දෙසට ගොස් විසුයෙ රහසි    නා

ඉහළ දුවයි යමානා
පහළ  දුවයි  යමානා
හං ගොල්ලයි යමානා
යකඩ තලයි  යමානා

බලන් කන්ද කොටගල ඉස්මත්තේ      යා
බඹර බඳිති දෙවිඳුගේ මල් වත්තේ       යා
එක බඹරින් පැණි කලයක් ගත්තේ      යා
බඹර කැලේ දී නෑකම් නැත්තෙ           යා

ඇතුන් සිටිති කඩදොරපිටි කැළේ         යා
අතින් අතට මදු අරගෙන ගියෝ          යා
ගොසින් ලගින්නට රම්බොඩ ඔයේ     යා
අලින් ඇතුන් ගියෝ විල්කඩ කැලේ    යා

කොත්තුනුගොඩ පෙර කා      ලේ
නොයති දනෝ බිය ලෝ       ලේ
කුළු මීමුන් ඇත එක              ලේ
මානාවයි හිඟුරු කැ               ලේ

ගිමන් යන කලට කඳු හෙල් නැඟි වෙහෙ   ස
ගමන් සැනසෙන්ට කළ මඩමක්  විල        ස
නිවන් දකින්නට කර ගන් මෙපින් රැ         ස
මෙවන් අම්බලම් කොත්තුනුගොඩ ය        ස

නදා සිතින් හාමින් කුඹුරු බැස  දි   ය
මුදා මුහුන් නිවසට පැමිණි සිය  පි   ය
එදා ඔවුන් කිවූ අපි මල් හෑවෙමු      ය
එදා පටන් මේ ගම මල්හෑව  වි       ය 

කළුගල් පතන රොඩී කවි

විසිරංග වල්ලිය    නටනා     කාලි         යේ
ජෝතිගේ මැණිකක් දෙන්නට සිතු ලි    යේ
දෑත ගසන බෙර පදයට නටන ලි            යේ
මෑත අවුත් නාටකොයි රත්න වල්ලි       යේ

කොතැන සිටන් එන්නේ ඇල්ලී වල්ලි    යේ
රුහුණු සිටන් එන්නේ ඇල්ලී වල්ලි        යේ
දෙපස දැමු ගිගිරිත් සෙල්ලි වල්ලි            යේ
පැරකුම් රජුගේ දු නවරත්න වල්ලි          යේ



නුවරඑළිය සිමාවේ මැණික් බණ්ඩාර දෙවියන්ගේ දේවාලයක් හග්ගල ආසන්නයේ තිබු බවත් ඒ සම්බන්දයෙන් නිර්මාණයවූ කවියක්

ඇතුල් හග්ගලයි දෙවියන්  ඉන්        නේ
නිමල් සිතින් ගැතියන් පේ වෙන්     නේ
මෙකල් විදුරුපොළ දෙවොලට එන්  නේ
අකල් මරණ ලෙඩ දුරු වී  යන්         නේ 

ඔතෙද වඩා රකිනු පහළ බ                    ලේ
ගමිණී කුමරු සැඟවී සිටිය කොත්ම       ලේ  
ඇල් කෙත්වල ගොයම් රැළි තවම සැ     ලෙ
මුමුණයි සුළඟ තොරතුරු රුහුණු රජ කු  ලේ

කඩදොරපිටිය මහ ගබඩාව කොත්ම              ල 
මියුගුණ වෙහෙර රන්කොත සමගින් විපු        ල
පහළොස් වෙහෙර රන්කොත් සමඟින් ලක    ළ
මොහොට්ටි ආරච්චි පවරා ඇත එක               ල

තලා වෙලේ මහපාරේ යනකොට මලක් දුටිමි තිස්පනා වෙ         ලේ
රන්කොත් මුදුනට බෝපත් වැඩලා කරපු වැඩක්දෝ  නිපුණ ක  ලේ
චිත්‍රාං චිත්‍රාං බමරුන් ඇවිදින් යන විටදෝ මේ නාද ක                ලේ
අපි මොනවටදෝ සිංදු කියන්නේ පරවීලා බිම වැටෙන ම           ලේ

ලොකුරුනයිදේ හා මුංකොටුවේ රාල අතර ඇතිවූ හබයක්

රස්සාවට තඹ ලෝකඩ කිරු                      වා
උත්සහ කර පෙර පාලඟ මැරූ                   වා
විපාක නැති දෙ තව බොහො දෙ කෙරු      වා
එපා එන්ට සබයට ලෝකුරු                      වා
      
මහණවෙලා ගෙන් ගෙට පිඬු සිගු                වා
එහෙමත් කර අඹු දරුවන් හැදු                    වා
බොහොම නිගා කර දෙලොව රැවටු            වා
කොහොම කීය මුංකොටුවේ හීරළු              වා

ලෝකුරුනයිදේ විසින් කියන ලදැයි සලකන බොරු හතේ කවිය

කිලි කුණු නැති වඳිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක් 
මිරිගු දියෙන් නානය කර පැළඳ දිඹුල් මල් වඩම      ක්
තුරඟ අඟින් රථය තනා අඹරා ඉබි ලොමින් යොත    ක්
කුහුඹු අඟින් කෙවිට තනා දැක්කිය සුරපුරට උද        ක්                           
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine