#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

කොත්මලේ ජනකවි



මොණරාගල කන්ද පාමුල සැදී       ඇති
නිල් දිය කඳුල හෝ හෝ ගා ගලා    යති
ගාමිණී කුමරු හොර රහසේ ලැගුම්  ගති
මේ ගම් පියස කොටගේපිටිය නම්  වෙති

උදහස් වූ බැවින් පිය රජු හට බියෙ              නි
පැනගොස් මොණරගල හෙළ අසබඩ පැමි  ණි
එහි හිස් ඉඩම්වල සරු කෙත් කරවමි           නි
විසු වෙස් වළා ගාමිණී කුමරිඳු තුටි              නි

නුඹ මල්ලි මට සිව්පද නොකියන්                න
රැවටිල්ලේ වග මාතින් අහපන්                   න
ගන වැල්ලේ ගොස් අව්වේ නොසිටන්         න
ලිඳ පල්ලේ මහ රජ වැටුණයි ඔන්               න

මාස්වෙලට පය තැබූ රජතලා වෙ                ළ
ඒකට වතුර බඳිනා ගල් කැටියේ ඇ             ළ
දුටුගැමුණුයි නම් අස්වැද්දුවේ ඇ                  ළ
අහෝ ඉතින් කැඩුණා ගල්කැටියේ ඇ          ළ

දුල ගාමිණී කරනට කර කාර සු                  බ
කළුමැණිකෝ පින් නොකළේ මන්ද නු       ඹ
හෙළදිව කිරුළ මපියාගෙන් මෙදින ලැ       බ
රජ කරනට රන්මැණිකෝ නඟිනු නු            ඹ

දන් පින් කරන අයමය සොඳ රජ වෙන්        ට
අනේ බැරිවෙච්චි කළු මැණිකෙට යන්          ට
ආලයෙන් හිටපු නුඹ සරි සැමදා                    ට
රන්මැණිකෝ වරෙන් දැන්මාගම් යන්          ට
 
ඌරු පැළැල්ලේ ගම මහගේ ගෙද           ර
මාරු වී එ නම වී ඇසුරූ ගෙද                   ර
සීරුවට අලුත් පල කරන නිසියු                ර
වීරසුරිය ගෙදරයි දැනට බැවහැ                ර

කොත්මලේ කොටගේපිටියේ තිබේවා ඌරු පැළල්ලේ ගම ගෙද       රා
සත්තට කුමරුන් සැඟවී සිටියේ පැලැල්ල දෙණියේ මහගෙද              රා
ගොවිතැන් වැඩ සරුසාරව කරමින් කොත්මල ගම හොත්තේමෙව     රා
ඔටුනුදරා රජ කරනා විලසට මාගම් පුරයට ගිය එව                            රා

ආදා සිට අවුරුදු දොලසක් රජ ගොයිතැන් ගැන නිපුණ වු             ණා
බාදා නැතුවම සතර පේරුවේ සිතු දේ කුමරුට පහල වු                ණා
එමදා කුඹුරක බොල් වපුරාලා හොඳ වී කුමරුට මුතු පැහු             ණා
හැමදා රජකම ලැබෙතොත් මාහට මේ වී ගෙදරට යයි සැණි          නා

ඌරු පැළල්ලේ ගම මහගේ ගෙයි වී වැඩ වී සිත සතුටු වු                ණා
පාර දිගේ එන වී රැළ දැකලා ගම මහගේ සිත සතුටු වු                     ණා
කාර බඳින්නට රන්මැණිකා දුව ගම මහගේ සිත සතුටු වු                 ණා
මේ වර වී නොගොසින් නැවතුනු තැන වී සැතපෙනහෙළ නම රැඳු    නා

කොත්මලේ කොටගේපිටියේ පැවතුණු ඌරු පැළල්ලේ මහගෙද       රා
සත්තට කුමරුන් සැඟවී සිටියේ පැලැල්ල දෙණියේ මහගෙද              රා
රහසට කුමරුන් ඔටුනු පැලෑන්දු ලක තුල රජකම අත නොහැ            රා
අත්හැර යන දා ගැමුණු කුමරු සොඳ කොත්මල් රට ගැන කිවූ පව      රා

ගැමුණු කුමරු වැඩ සිටියේ දොළොස් අවුරුදු කොටගේ  පිටි       යේ
දැමු අලි ඇතුන් නමස්කාර කර වැඩ ඉන්ට බෑ දැක සිටි               යේ
ඔටුණු දැරූ රජ පහළ වෙච්චි සැටි කඩු ගනිමින් ඇතු පිටට ගි       යේ
අනුරපුරේ මහ සෑ මළුවේ දී නිවන් රතෙන් සුරපුරට ගි                යේ

ඔද තෙද වඩා රකිනුව හෙළ දැයෙහි බ       ලේ
ගැමුණු කුමරු සැඟවී සිටි මොණර ග         ලේ
ඇල් කෙත්වල ගොයම් රැළි තවම සැ         ලෙ
මුමුනයි පුරය තොරතුරු රකිමු රජ ක         ලේ

උදුරා බල රැකි වන සමයි    සි                    තා
කුමරා කල ගැමුණු නිරිඳුන් එඩින් යු          තා
බැහැර ලා අවුත් විසු කොත්මලේ වෙ         තා
මොණරගල කන්ද දිස්වේය වම් අ              තා

රාවණාගේ බේත් ගුළිය හැමටම සත්ත        යි
ගිරිගල් පාසියෙන් ඇඹරු බව නම් ඇත්ත    යි
සිතා දේවිය කැන්දා ආ බව ඇත්ත              යි
සීතා ගුහාවේ සැඟවී සිටි බව සත්ත              යි

බාලොලියෝ බාලොලියෝ  බාලොලියෝ
මගේ මිනිහා ගෙයි ඇඳ උඩ   බාලොලියෝ
ගෙනා දෙයක් බාපත උඩ තිය  ලොලියෝ
අද බැරි නම් හෙට වර වර      බාලොලියෝ


උන්ගේ අඩවියට සමනොළද කොට    ගලේ
පළමුව මහවත්ත ගඟ ඉහළ    ගොං      ගලේ
පිපුණි තලමලක් එම   තිස්පනා            ගලේ
මුනිඳු බුදුවෙන්ට වැඩියේ මොණර       ගලේ

බලන් කන්ද කොටගල ඉස්මත්තේ     යා
බඹර බඳිති දෙවිඳුගේ මල් වත්තේ       යා
එක බඹරෙන් පැණි කලයක් ගත්තේ   යා
බඹර කැලේ දී නෑකම් නැත්තේ          යා

කැළණි ගංගා ඉසානේ දෙස පිහිටි කළුගල් පරුව                 තේ
දෙවෙනි තෙද පෑ කෙහෙල්ගමු යන පියස සැදි දෙව් මැඳුර    තේ
එවෙනි තෙද පෑ අලුත් දෙයියෝ කන්ද උස්වැලි මුදුන          තේ
මෙවැනි ශ්‍රී ලක පෑයූ තෙදබල පතිනි දෙව්දුගේ මෙපුව          තේ

පහත රටට ගුගුරන රත්මල් ඇල්      ලා
දෙනුවර දෙකට දුනුමඬලා පිහිල්       ලා
ඌව තුංකිඳට නයි කඳ පිහිල්            ලා
කොත්මලේට පරසිඳු ගැරඬිය ඇල්   ලා

ගොසින් ගොසින් ගොඩිගමුවේ හෙලේ   යා
පසු කරන්ට බැරි විල්කඩ කැලේ            යා
ඇවිත් සැතපෙන්ට රම්බොඩ ඔයේ         යා
බලා ඉන්ට රිසි වුණි කොත්මලේ            යා

කවියක් කියන්ට ද නුඹ මට කියන්   නේ
අකුරු සතර ගළපාලයි         කියන්   නේ
බතල කන්ට ලුණු මිරිසකි ඔබින්      නේ
ගස්ලබු ගහට ඇයි රුවක්  නුදුන්        නේ

මිණි මිණි පොදේ ගන අඳුරේ කන මදු       රු
කෙල්ලක් ඉඳන් දොර නාරිති ඇගේ නපු   රු
බල්ලෙක් ඉඳන් උඩු බුරුලති උගේ නපු    රු
මල්ලක් කඳුරු කන්නෙමි විගස දොර ඇ   රු

අප්පගේ පෙරැත්තේ  බැරුවා නිසාව   ට
බින්න මඟුලකට බහ දී මෙමා       හ   ට
අප්පා ලෙසට උන් අඹුවත් එදා     සි    ට
උපන් ගමට යාමට දැන් සිතෙයි    ම   ට

ඉර සඳ දෙදෙන බිම බැස වැලි කෙලී          නං
වැල්ලෙන් තෙල් හිඳලා දෙවිඳුට පුදයි        නං
ගොනුන්ගෙන් කිරි දෝලා රස පඩි ලබයි   නං
මමත් දොර හරිමි මේ තුන සැබැයි             නං

බුලත් කඩා දෙමි කට රතු කර ගන්             ට
සපුමල් ගෙනැත් දෙමි කොන්ඩේ සරසන්   ට
පට සළු ගෙනැත් දෙමි බඳ වට සරසන්       ට
එතොත් ඉන්ට දෙමි දිව සැප විදින්න         ට

බුලත් මොට ද කස්තුරි කපුරු කන ම            ට
සපුමල් මොට ද නාමල් පළඳනා ම              ට
පට සළු මොට ද දිව සළු පළදනා  ම             ට
අන් හිමි මොට ද මගෙ රන් කඳ ගෙදර කො  ට

පලා කපාලා කුල්ලේ  තිබෙන්                 නා
බතක් ඉදීලා ළිප උඩ  තිබෙන්                 නා
රන මොණරෙක් මිදුලේ පෙම් කෙළින්    නා
පණ නැති මළකඳක් ඇඳ උඩ තිබෙන්      නා

අරමුණෙ වෙලා වෙල් එළියට එන්         ට
පෙරමුණේ බලා කොත්මලේ ගඟ දෙස   ට
රණමුනේ  වතුර නෑවොත් හොඳ ලෙස   ට
මුර වුණේ වුනත් නැති වී යයි යන්          ට

නෙළුම් නෙළන අඟනෝ කොත්මලා  වේ
හොඳ හොඳ සින්දු පවසති දුක් නොලා  වේ
ඒවා ඇහි යන විට හුදකලා                   වේ
මයියොක්කා දෙසති දොළහට වෙලා    වේ

නෙළුමේ සිරිත අඟනෝ ටික එක්වී    මා
කයියේ සිරිත එක් වීලා කවි කී           මා
ඔහෙලගෙ සිරිත ඒ හරියක් නොදැනී  මා
කොත්මලේ සිරිත දොළහට බත් කෑ  මා

උග්ගල බැලුම් ගල දොරගල කොන්ඩ  ගල
යක්ගල යකිනිගල පානේ මොණර       ගල
ආගර ගරන කිරවන හිමි මැණික්          ගල
මාලෙන මාල බිඳුනයි තිස්පනා             ගල

නෑ කල සිසිල හා සීතල සැප දෙව      න
සීතල අනෝතත් විල ලෙස දිය ගල   න
ඒ කල ගැමුණු නර නිරිඳුට පහළ වූ    ණ
මාවෙල හොඳ පිහිල්ලක් මිතුර රනමු ණ

කළුව කළු වෙලා කළු නිල් වලාව           යි
නෙළුව සැම පැළවෙලා හිම මැද තලාව   යි
සළුව මාරු වෙලා නිසි බස් මුලාව            යි
ඔළුව දැමු ලිඳ බෝපත්තලාව                  යි

නරනිදු වික්‍රම සිහ වාසල  දුක්ගන්නා නිලයත්    ලැබු             ණා
පිරිසිදු බඩු පිරි ගබඩාවේ කංකානම් නිලයත්       ලැබු             ණා
අයබදු කොත්මලේ අඟුරු බද්ද සහ මාවෙල ගබඩාගම ලැබු   ණා
පරසිදු දිඹුලමුරේ යන නිල පස කඳුවත්තේ නිලමෙට ලැබු      ණා
                                 
උඩ ගබඩාවේ අය වියදම් දෙක පෙරවරු බාගේ ඉවර වෙ             ලා
දඩ බල මහවාසල රජු ඉදිරියේ රාජකාරියක් නිම කර                   ලා
කඩ නොව පල්ලේ වාසල බිසොවරු සුවදුක් රජු වෙත සැළ කර  ලා
වැඩ නිම වූ පසු අවසර ඇත්තේ දෙදස පැයයි සැට පැය ඇතු        ලා

සක්වසිනා එක්දහසකි හයසිය අසුතුනට ලත් පොසොන්     ම         සේ
රට වඩිනා දස අටවෙනි රවී දින දාවල් විසිපස් පැයට      ලෙ           සේ
අට වකිනා රේවතියේ නැකත ද සදුගේ හෝරා සුහුනු        රැ            සේ
නෙක යසිනා මහ කඳුන් වත්තේ නිලමෙගෙ මරණය සිදුවිය මෙලෙ සේ 

පියතුමා සමග අමනාපය කින්                    න
ගියේ කොත්මලා දෙස රහසින් කුමරු පැ    න
සිය කග සැඟවූ කල කඩදොර අයි              න
දෙහදු කඩුල්ලයි නම් පැවතුණ සොඳි         න 

නදා වී කැඳවුයෙන් මෙහි දන බියෙන් මඟුලට කළු නි  යා
නිදාගන්ට වරද නැත බිම දුන්නු ඇඳ පසෙකින් ති        යා
එදා නොම උන් අපට අද හඳුනාගත් දැයි රජ නි           යා
සොඳා ලෙස ඔච්චම් කරමිනුය සැලකුවෙමු පාද          යා

මවුපියන් සමග දෙමළ රජු හා යුදට යන්ට සැබැවි                    නා
මෙමට අවසර ලැබෙනු මැනවැයි ගැමුණු කුමරුන් පවස          නා
නැතියෙ අවසර දුන්නෙ තෙවරා ඉල්ලු මුත් යම් විලසි              නා
රොසය වීමෙන් කුමරු කොත්මල දෙසට ගොස් විසුයෙ රහසි    නා

ඉහළ දුවයි යමානා
පහළ  දුවයි  යමානා
හං ගොල්ලයි යමානා
යකඩ තලයි  යමානා

බලන් කන්ද කොටගල ඉස්මත්තේ      යා
බඹර බඳිති දෙවිඳුගේ මල් වත්තේ       යා
එක බඹරින් පැණි කලයක් ගත්තේ      යා
බඹර කැලේ දී නෑකම් නැත්තෙ           යා

ඇතුන් සිටිති කඩදොරපිටි කැළේ         යා
අතින් අතට මදු අරගෙන ගියෝ          යා
ගොසින් ලගින්නට රම්බොඩ ඔයේ     යා
අලින් ඇතුන් ගියෝ විල්කඩ කැලේ    යා

කොත්තුනුගොඩ පෙර කා      ලේ
නොයති දනෝ බිය ලෝ       ලේ
කුළු මීමුන් ඇත එක              ලේ
මානාවයි හිඟුරු කැ               ලේ

ගිමන් යන කලට කඳු හෙල් නැඟි වෙහෙ   ස
ගමන් සැනසෙන්ට කළ මඩමක්  විල        ස
නිවන් දකින්නට කර ගන් මෙපින් රැ         ස
මෙවන් අම්බලම් කොත්තුනුගොඩ ය        ස

නදා සිතින් හාමින් කුඹුරු බැස  දි   ය
මුදා මුහුන් නිවසට පැමිණි සිය  පි   ය
එදා ඔවුන් කිවූ අපි මල් හෑවෙමු      ය
එදා පටන් මේ ගම මල්හෑව  වි       ය 

කළුගල් පතන රොඩී කවි

විසිරංග වල්ලිය    නටනා     කාලි         යේ
ජෝතිගේ මැණිකක් දෙන්නට සිතු ලි    යේ
දෑත ගසන බෙර පදයට නටන ලි            යේ
මෑත අවුත් නාටකොයි රත්න වල්ලි       යේ

කොතැන සිටන් එන්නේ ඇල්ලී වල්ලි    යේ
රුහුණු සිටන් එන්නේ ඇල්ලී වල්ලි        යේ
දෙපස දැමු ගිගිරිත් සෙල්ලි වල්ලි            යේ
පැරකුම් රජුගේ දු නවරත්න වල්ලි          යේ



නුවරඑළිය සිමාවේ මැණික් බණ්ඩාර දෙවියන්ගේ දේවාලයක් හග්ගල ආසන්නයේ තිබු බවත් ඒ සම්බන්දයෙන් නිර්මාණයවූ කවියක්

ඇතුල් හග්ගලයි දෙවියන්  ඉන්        නේ
නිමල් සිතින් ගැතියන් පේ වෙන්     නේ
මෙකල් විදුරුපොළ දෙවොලට එන්  නේ
අකල් මරණ ලෙඩ දුරු වී  යන්         නේ 

ඔතෙද වඩා රකිනු පහළ බ                    ලේ
ගමිණී කුමරු සැඟවී සිටිය කොත්ම       ලේ  
ඇල් කෙත්වල ගොයම් රැළි තවම සැ     ලෙ
මුමුණයි සුළඟ තොරතුරු රුහුණු රජ කු  ලේ

කඩදොරපිටිය මහ ගබඩාව කොත්ම              ල 
මියුගුණ වෙහෙර රන්කොත සමගින් විපු        ල
පහළොස් වෙහෙර රන්කොත් සමඟින් ලක    ළ
මොහොට්ටි ආරච්චි පවරා ඇත එක               ල

තලා වෙලේ මහපාරේ යනකොට මලක් දුටිමි තිස්පනා වෙ         ලේ
රන්කොත් මුදුනට බෝපත් වැඩලා කරපු වැඩක්දෝ  නිපුණ ක  ලේ
චිත්‍රාං චිත්‍රාං බමරුන් ඇවිදින් යන විටදෝ මේ නාද ක                ලේ
අපි මොනවටදෝ සිංදු කියන්නේ පරවීලා බිම වැටෙන ම           ලේ

ලොකුරුනයිදේ හා මුංකොටුවේ රාල අතර ඇතිවූ හබයක්

රස්සාවට තඹ ලෝකඩ කිරු                      වා
උත්සහ කර පෙර පාලඟ මැරූ                   වා
විපාක නැති දෙ තව බොහො දෙ කෙරු      වා
එපා එන්ට සබයට ලෝකුරු                      වා
      
මහණවෙලා ගෙන් ගෙට පිඬු සිගු                වා
එහෙමත් කර අඹු දරුවන් හැදු                    වා
බොහොම නිගා කර දෙලොව රැවටු            වා
කොහොම කීය මුංකොටුවේ හීරළු              වා

ලෝකුරුනයිදේ විසින් කියන ලදැයි සලකන බොරු හතේ කවිය

කිලි කුණු නැති වඳිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක් 
මිරිගු දියෙන් නානය කර පැළඳ දිඹුල් මල් වඩම      ක්
තුරඟ අඟින් රථය තනා අඹරා ඉබි ලොමින් යොත    ක්
කුහුඹු අඟින් කෙවිට තනා දැක්කිය සුරපුරට උද        ක්                           

4 comments:

{ de silva } at: 3 February 2013 at 08:18 said...

අපූරු ගවේශනයක්!!!!!! ලෝකුරු නයිදෙ, මුංකො‍ටුවෙ රාල ගැන පුංචි විස්තරයක් කරා නම් තවත් වටිනවා.

{ Nuwan Karunarathna } at: 16 February 2013 at 23:06 said...

මුංකොටුව හේවාහැට ප්‍රදේශයේ ගමකි. අබේසිංහ කවියා පිළිබඳ සඳහන් වන තොරතුරුවලට අනුව ඔහු මුල් කාලයේ පැවිදිව සිටි අයෙකි. මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියනගේ ගෝලයකු ලෙස සැලකේ. ඔහු විසින් ලියන ලද මොරතොට වත නමැති කෘතියෙහි එන විස්‌තරවලට අනුව හේ ධම්මක්‌ඛන්ධ හිමියනගේ ගෝලයකුට වඩා සමීපතම හිතවතකු ලෙස ඇසුරු කරන ලද බව පෙනේ.මුංකොටුවේ අබේසිsංහ කවියා බොහෝ තන්හි හඳුන්වා ඇත්තේ "මුංකොටුවේ අබේසිංහ රාළ" වශයෙනි. "රාළ" යන්න එවක භාවිතයේ පැවැති රජයේ ගම්මුලාදෑනි ධුරයට සමාන වූ රාජකාරියකි. ඔහු සිංහල කවියට අලුත් ආලෝකයක්‌ ලබාදුන් මහනුවර යුගයේ සිටි සුවිශේෂී පුද්ගලයකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වූවෙකි. විවිධ විරිත් ඔස්‌සේ කවි ලිවීමේ හා කීමේ සූරත්වයක්‌ තිබූ මුංකොටුවේ කවියා සිංහල කවියට "විරිදුව" හඳුන්වා දුන් තැනැත්තා ලෙස ද සැලකුම් ලබන්නෙකි. රජවාසල කවීන් අතර ක්‍ෂණික කවි කීමෙහි රුසියකු වූ හේ ඉමිහිරිව කවි විරිදු ගායනයෙහි ද සමතකු විය.මුංකොටුවේ රාළ කවියා විසින් කියන ලද හිටිවන කවි විශේෂයක්‌ මහනුවර යුගයේ හඳුන්වා දෙන ලද්දේ "පරහූ" කීම් වශයෙනි. දෙදෙනකු අතර තරගයට කියා ගන්නා කවි මේ ගණයට අයත් වේ. සභාවන්හි හෝ රාජ සබයේ මෙවන් කවි තරග පවතින්නට ඇති බව මින් පෙනේ. මුංකොටුවේ හා සමානවම පරහූ කීමේ සමතකු ලෙස මෙකල සිටි තවත් කවියකු වන්නේ කොත්මලේ ලෝකුරු නයිදේය.මුංකොටුවේ අබේසිංහ කවියා මහණව සිට පසුව සිවුරුහැර, විවාහ වී අඹුදරුවන් පෝෂණය කරමින් තනතුරු ද ලබා සිටි බව මින් පෙනේ. ඔහු විසින් රචනා කරන ලද බවට සැලකෙන කෘතීන් තුනක්‌ වෙයි. එනම් සඟරජ වත, මොරතොට වත සහ සර්වඥ ගුණාලංකාරයයි.

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ සේවාව හා චරිතය අළලා චරිතාපදාන කාව්‍යයක්‌ ලෙස සඟරජ වත ලියා තිබේ. මෙය රචනා කළ කාලය ස්‌ථිර ලෙස දක්‌වා නැතත් ක්‍රි. ව. 1778 - 79 කාලය තුළ ලියන ලද බවට සිතිය හැකිවේ. සඟරජ වතෙහි ආරම්භයේ එන 9 සහ 11 පද්‍ය විමසන විට මොරතොට ධම්මක්‌ඛන්ධ නම් දෙවන නායක හිමියන් විසින් කරන ලද ආරාධනයකට අනුව මෙය ලියා තිබේ. මෙහි කතුවරයා පිළිබඳ සඳහනක්‌ නැත. මුංකොටුවේ අබේසිංහ රාළ කවියාගේ මොරතොට වත නමැති කෘතිය හා සමග සස¹ බලන කලද, එවක පැවැති ජන වහරේ කතාවලට අනුවද සඟරජ වතද ඔහුගේම බව පෙනේ. මෙම කෘතීන් දෙකෙහි පද්‍යවල ඇති සමානතාවන් ද ඊට කදිම ලෙස නිදසුන් සපයයි.

18 වැනි සියවසේ මෙරට පැවැති සමාජ ආර්ථික දේශපාලන පරිහානිය හා ඉන් රට මුදාගැනීමට සඟ රජ මාහිමිපාණන් ගත් අප්‍රතිහත උත්සාහයත් පෙන්නුම් කෙරෙන ඓතිහාසික විස්‌තරවලින් යුතු කෘතියක්‌ ලෙස මෙය අගය කළ හැකිවේ. මෙම කෘතිය ලියවී ඇත්තේ සඟරජ මාහිමිගේ අභාවයෙන් පසුව බව පෙනේ. එහිමියනගේ අභාවය සිදුවූයේ ක්‍රි.ව. 1778 වර්ෂයේ බැවින් සඟරජ වත ඊට පසුව ආසන්න කාලයක ලියන ලද බව සිතිය හැකිය.

මුංකොටුවේ කවියාගේ දෙවැනි කෘතිය ලෙස සැලකෙන්නේ මොරතොට වතයි. එය කවියාගේ ගුරු හිමියන් සේම ලෙන්ගතුව ඇසුරු කළ මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන් පිළිබඳ ලියවුණකි. ධම්මක්‌ඛන්ධ හිමි රාජාධිරාජසිංහ රජුගේ ද ගුරුවරයකු ලෙස කටයුතු කිරීම මගින් පෙනෙන්නේ මුංකොටුවේ ද රජු ළඟින් ඇසුරු කළ හිතවතකු ලෙස සිටින්නට ඇති බවයි. සඟ රජ වතෙහිදී කවියා කීර්ති ශ්‍රී රාජසිංහ රජු වර්ණනාවට ලක්‌කොට තිබේ. මේ දෙපොතින්ම පෙනෙන්නේ ඔහු මෙවක රජවාසල හා රජුන් කෙරේ දැඩි විශ්වාසවන්තයකු ලෙස කටයුතු කර ඇති බවයි.මොරතොට වත කවි 166 කින් යුතු රචනයකි. එය 1797 දී ලියන ලද්දක්‌ සේ සැලකේ. එA බැව් එහිම සඳහන්ව ඇති අතර කවියා එවක චිර ප්‍රසිද්ධියට පත්

Anonymous at: 16 March 2014 at 07:12 said...

සමන්ත ජයසුන්දර ගැමුණු කුමරු හා කොත්මලේ ජනකථා පොතේ කොපියක්නේ. කතෘ ගැන කිවවා නම් නේද හොද?

{ Admin } at: 21 March 2014 at 21:45 said...

හොයලා දාන්න ඕන දැන් පොත නෑ මේවා දැම්මේ අන්තර්ජාලයේ මෙවැනි දෑ හුගක් අඩු නිසයි අනික මම මේ අඩවිය පටන් ගත්තෙත් ඉගෙන ගන්න අයට එහෙම මෙවැනි දෑ විශාල වශයෙන් උදව් වෙයි කියලා හිතලා

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine