කොත්මලේ ලෝකුරු නයිදේ සුප්‍රසිද්ධ කවියෙක් විය කොත්මලේ කඩදොර ගමේ වාසය කළ මොහු උපන්නේ "නවම් ගම" නමින් ප්‍රසිද්ධ ගමේය ලෝකුරු නයිදේ ජීවත්වූ සමය කීර්ති ශ්‍රී රාජ රාජසිංහ,රාජාධි රාජසිංහ යන රජවරුන්ගේ කාලය සේ සිතා ගත හැකිය සිංහල කවිකාර මඩුව හෙබවූ කවියන් අතර කොත්මලේ ලෝකුරු නයිදේ සුප්‍රසිද්ධ කවියෙකි රාජසභාවේදී බෙහෙවින් කවි සටනට වැදුනේ මුංකොටුවේ රාල නමින් ප්‍රසිද්ධව සිටි අබේසිංහ කවියා සමගය මුංකොටුවේ රාළ "සඟරාජවත", "මොරතොටවත" ආදී කවි පොත් ලියු ප්‍රසිද්ධ කවියෙකි
නර්මාලාපයෙහි ගජ සමතක වූ ලෝකුරු නයිදේ කවි තරඟයේදී මුංකොටුවේ රාළ පවා පැරදවීය ලෝකුරු නයිදේ සම්බන්ධයෙන් පවත්නා ජන සම්මත පුවතක් සඳහන් වේ මේ කවියා පිළිමතලව්වේ මහ නිලමේගේ වලව්වට නිතර යන එන සිරිතක් පැවතිනි දිනක් මහනිලමේ නැති විටෙක ඔහු වලව්වට පැමිණියේය ඔහු නිතර දැක පුරුදු වලව්වේ සේවකයෙක් මොහු ආ බව කුමාරිහාමිට කී විට ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූ කුමාරිහාමි 'පලයන් යන්ටයි' සේවකයාට සැර විය සේවකයා ඒ බව ලෝකුරු නයිදේ ට පැවසූ විට කෝපවූ ඔහු පහත සඳහන් කවිය කියා යන්නටගියේලු
පානකන්ද බිම තිබුනට
පාන නැතිව එළිය ඇද්ද
බාන කන්ද උඩ තිබුනට
වස්සෝ කර ලා ගනිද්ද
දැනමුත්තෝ ගෙදර
නැතිව මං ආ විට ඇයි කියද්ද
ගෑනු බාවේ උපන්නාම
ලෝකුරු කවි උන් දනිද්ද
රාජාධිරාජසිංහ රජතුමා දිනක් කවිකාර මඩුවට පැමිණ ඔඩොක්කුවෙ තබාගත් ගිරවකු සුරතල් කරමින් සිටියේය ලෝකුරු නයිදේ ඒ බව දැක එය අගය කිරීම සඳහා මේ මිහිරි කවිපෙළ එවලේම කිව්වේලු
පසුර සේම තටු දෙක ඉඳ දෑලේ
යතුර සේම කට නෑරම කෝලේ
කතුර සේම මුව අතකට නෑලේ
මිතුර බලන් රණ ගිරවගේ මාලේ
බින්න බැලුම් බලමින් ඇස නෙරවා
දුන්න බොජුන් නුබුදී බඩ පුරවා
සන්න සහිත පද කියවයි කරවා
අන්න බලන් සකියනි රණ ගිරවා
නිලා පෙන්ද වන වනා මුසිප්පු
සලා දෙතටු පත් කරයි කුල්ලපු
මුළා නොවන බස් කියයි තිරප්පු
බලා පන්න රණ ගිරා පෙතප්පු
පටු අත් පෙඳි ටික නිතර නුරුස්සා
තටු පත් නිල්වන් බෙල්ල දිගැස්සා
බොටු වේ මාලය තුඩ ද අකුස්සා
දුටුවද සකි රණ ගිරා පොඩිස්සා
මොළොක් සියුම් ගත නිල්වන් පැහැයෙනි
තුඩත් රතුයි නිය ගෙල වට මාලෙනි
කටත් සුසිර නද දෙසවන් මිහිරෙනි
ටිකක් අසා කිය රණ ගිරවාණෙනි
උණ පඳුරේ උඩ කූඩු තනන්නේ
දැන ගොයියන ඇල් කෙතට වදින්නේ
මැන දෙයි කිවු වන අමුණු බැගින්නේ
රණ ගිරවා නම් නුඹද බොලන්නේ
ඉස නැටවිල්ලා,තුඩ සැටවක උල්ලා
බස දෙඩවිල්ලා නද කුරවි කෙවිල්ලා
කුස පිළියන් ලා නිල පාට සියල්ලා
යස නුඹ පල්ලා රණ ගිරා කුරුල්ලා
ඇතැම් අවස්ථා වලදී කවියෝ එකිනෙකාට පරුෂ වචනයෙන් බැනිමටද නොපසුබට වුහ දිනක් රාජ සබයට ආ ලෝකුරු නයිදේට නින්දා කිරීම සඳහා මුංකොටුවේ රාළ
ලෝකුරු නයිදෙගේ නැන්දා ද
ගමේ මනන්නට දුන් දෑ ද
කියා කවි පදයක් කීවේය,එවිටම ඊට පිළිතුරු කවියක් ලෝකුරු නයිදේ කීවේය
ඒකත් බොල මට නින්දා ද
සාක්කියට තොගෙ උන් දෑ ද
මෙලෙස කී විට ලැජ්ජාවට පත්වූ මුංකොටුවේ රාළ කුළ වාදය ඉරිරිපත් කර මෙසේ කිවේය
රස්සාවට තඹ ලෝකඩ කිරුවා
උස්සහ කර පෙර පා ළඟ මැරුවා
බුදුන්ට විසදන් දී උන් නැසුවා
එන්ට එපා සබයට ලෝ කුරුවා
සිවුරු හල කෙනෙකු වූ මුංකොටුවේ රාළට නින්දා කිරීම සඳහා ලෝකුරු නයිදේ එවැනිම කවියකින් පිළිතුරු දුන්නේය
මහණ වෙලා ගෙන් ගෙට පිඬු සිඟුවා
එහෙම කරලා අඹු දරුවන් තැනුවා
බොහොම නිඟා කර දෙලොවම රැවටුවා
කොහොම කීද මුං කොටුවේ හීරලුවා
එකිනෙකාට නින්දා කරගැනීම එතනින් නැවතුනේලු