#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

Molligoda Mahanilame|මොල්ලිගොඩ මහනිලමේ




Molligoda Mahanilame is a unique figure in the history of Ceylon.Molligoda Rajakaruna Seneviratne Herath Wahalamudiyanse His full name is
This Nilame was appointed to the royal service by accident. There was a war between the then Kandyan King Sri Wickrama Rajasinghe and the British.Frederick North, Governor of England, during the first English invasion of the Kandyan region.Due to the tactics of Pilimatalawa Mahadikaram, his army was destroyed by the Sinhala forces.
Only one English soldier, Barnes, is thought to have survived the war.There the soldier came to the English fort in Matale at the mercy of a Sinhalese and revealed to his officers the devastation inflicted on his army.Upon hearing this news, the British at Fort McDowell left the camp and returned to Colombo Fort.
In this way, the English were able to flee the upcountry less than 10 days after the war.
King Rajasinghe was of the opinion that the British could attack all the English forts along the coast and expel them from the country.

Therefore he declared martial law all over Ceylon and sent Sinhala troops to capture all the English forts and the king and his army came to attack Colombo.Before arriving in Colombo, they had to attack the English camp at Hanwella.

There was a small English army in the fort, but Captain Pollock, the English leader there, was skilled in war tactics.He attacked the Sinhalese army that came to attack the fort from the front and back.
Here the king was riding a horse Frightened by the shot that was fired at them.The king set aside the battle and ordered the army to retreat and left for Kandy with his party.

On the way, Edaduwawa of Satara Korale stopped at Korala's house.It is believed that he joined the king of Molligoda Nilame when he came to this house

He was the son of Edaduwawa Korala.Then Molligoda, a royalist.In a very short time, he was the most trusted person of the Kandyan king.Also became the first Adikaram.Meanwhile, due to the failed anti-government conspiracy led by the Mahadikaram of Pilimatalawa who wanted to get the Kandyan state.The king beheaded him.

Although he died, the power of his generation never waned.That is why the king reluctantly removed his son-in-law Ehelepola Mahadikaram.Although King Ehelepola removed Adikaram, he was still in doubt.Molligoda Adikarama was the enemy of Ehelepola Nilame.Despite this, the opposition between the king and Ehelepola is believed to have surfaced during the king's second marriage.

Gifts sent by Ehelepola were rejected by the king and sent back.It is said that Ehelepola was upset when the king returned his gifts. (according to Kandyan folklore)
He then left Kandy and went to Sabaragamuwa, where he entrusted a blacksmith named Weeramanthri to make a gold sword, a crown and a silver bed, thinking that he should give a valuable gift to the king.
Upon hearing this, Molligoda told the king that he was using this opportunity to make a crown and a sword for Ehelepola to reign.The rift between the king and Ehelepola widened.Frightened by this, the king sent a letter to Ehelepola asking him to come to Kandy
Ehelepola looked at the letter and told the truth that the golden sword and the crown had not yet been made.He also informed the King that it would be too late as the revenue of Sabaragamuwa could not be collected yet.
This messenger was caught by Molligoda's spies at Gagasiripura (Gampola).Molligoda Ehelepola changed the letter sent to the king and sent an angry letter to the king.The king was angry and sent a letter back to Ehelepola.
"No matter how powerful you are, your spouses and belongings are with me so I told you to come to town immediately".
Ehelepola sent a letter to the king apologizing for the letter.But as before, this messenger was caught by Molligoda's spies.Molligoda also took this letter and he changed the words of the ahalepola letter.
"If my wives and children were subject to your power, it would not matter if they were killed".
Bribe handed over to Ehelepola's messenger.What is the information of the Tami man ​​in Kandy? Told the spy to say that he had heard
When the king saw this letter and saw those words, he became very angry and removed Ehelepola Mahadikaram.
Molligoda became the chief authority.The king entrusted Molligoda with the task of capturing the Ehelepola Nilame.Although he went to Sabaragamuwa to catch Ehelepola.He could not be apprehended.
At that time he went to the English and sought refuge.Meanwhile, Molligoda took the suspected loyalists to Ehelepola to Kandy and took them to Getambetota on the orders of the king and killed them.
Meanwhile, the Ehelepola family was brutally murdered.The king is thought to have issued the decree while intoxicated.This terrible tragedy was so great that the inhabitants of Sath Korale revolted.
It is believed to have been led by the Karathota Unnanse and Pussellawa districts.It was also handed over to Molligoda to suppress it, and he came to Sath Korala and killed all the rebels.It is stated that the number is more than 70.
Molligoda Mahanilame is mentioned in the story Ehelepola Charithaya written by the rich poet Kehelpannala.That is, revenge on Molligoda Adikarama immediately after assuming the post of Mahadikaram.Many years ago his father Edaduwa was stabbed to death by a villager who did not give deer meat to Korala.This reveals his evil character, his desire for revenge.
King Rajasinghe once mocked him in his royal court for committing such heinous crimes.
Although it is easy to control a bull with one mole,How to control someone with a lot of moles as He asked
King impressed by the loyalty of Molligoda Maha Nilame, a popular Sinhala leader The reason for having so many Sannas mentioned about what was given to him as gratitude He was the chief aristocrat who remained with King Rajasinghe till the last moment

When the English Sinhala army led by Robert Brownrigg Ehelepola approached Kandy, the Molligoda Nilame was ready to face it.By this time the relations between the aristocracy and the common people were largely distant from the king.
It was here that the Molligoda Nilame also left King Rajasinghe and joined the British after the arrival of the British troops at Ganethenna.After capturing the upcountry in connection with Ehelepola, the English committed a fraud.

Ehelepola's hope was to become the king of the upcountry.But he could not get that hope.He was given the title of Mahadikaram by the English.When Ehelepola rejected this, he refused and handed over the post to Molligoda.
The opposition between Molligoda and Ehelepola was to the advantage of the English.Three years after the surrender of the Kandyan British, an anti-English struggle broke out.Molligoda did not take part in this struggle 
but was stopped by the British who were about to leave the upcountry.Because the Molligoda Nilame was in charge of the Satara Korale.Sending food and beverages from Colombo to the upcountry without harassment.
The Liberation War of 1818 organized under several leaders and not under a single leader.The British were able to suppress it with the help of Molligoda.
After the suppression of the 1818 struggle, the status of the Molligoda Nilame rose.His service was highly regarded by Britain, and he was awarded a number of special privileges and prizes.Ricks decided to pay a monthly $200 pension.
There were many other villages as well.Molligoda's life, however, was isolated.Many Sinhala leaders dismissed him as a traitor.So he had to live with the English high officials in his last days.Because of their association, he became heavily addicted to alcohol.According to a note by an English officer named Major Skinner.Alcohol has become a daily ritual.Due to this he became ill during the last period, and the Nilame who became ill died in 1823.
---------------------------------------------------------------------------------------------
මොල්ලිගොඩ මහනිලමේ යනු ලංකා ඉතිහාසයේ බිහිවන සුවිශේෂ චරිතයකි මොල්ලිගොඩ රාජකරුණා සෙනෙවිරත්න හේරත් වාහලමුදියන්සේ මොහුගේ සම්පුර්ණ නම වේ මෙම නිලමේ තුමා රාජ සේවය සදහා පත් වෙන්නේ අහම්බයෙනි  
එකල උඩරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා  ඉංග්‍රීසින් අතර යුදමය වාතාවරණය පැවතී තිබී ඇත  ‍ෆ්‍රෙඩ්රික් නොර්ත් නම්  ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ප්‍රථම ඉංග්‍රීසි උඩරට ආක්‍රමණය සිදුකල කාලවකවානුවයි
පිළිමතලාව මහාදිකාරම්ගේ උපාය මාර්ග හේතුවෙන්මෙහිදී ඔහුගේ සේනාව සිංහල හමුදා අතින් විනාශයට පත්වී ඇත මෙම යුද්ධයෙන් ඉතුරු වී ඇත්තේ බාර්න්ස් නම් ඉංග්‍රීසි සොල්දාදුවකු පමණක් බව සැලකේ එහිදී පසුව මෙම සොල්දාදුවා සිංහලයකුගේ අනුකම්පාව නිසා මාතලේ ඉංග්‍රීසි බලකොටුවට පැමිණ තමන්ගේ සේනාවට සිදුවූ විනාශය නිලදාරින්ට හෙළිකළේය මෙම පුවත ඇසු මැක්ඩොවල් බලකොටුවේ සිටි  ඉංග්‍රීසින් එම කදවුර අතහැර කොළඹ කොටුව බලා පැමිණ ඇත මේ ආකාරයට යුද්ධය ඇතිවී දින 10 ක් යාමටත් පෙරම උඩරටින් ඉංග්‍රීසින් පැන්නීමට හැකිවී ඇත 

මේ අනුව රාජසිංහ රජුගේ අදහස වුයේ  මුහුදුබඩ තිබු සියලුම ඉංග්‍රීසි බලකොටු වලට පහරදී ඉංග්‍රීසින් මෙරටින් පැන්නීමට හැකි බවයි එම නිසා ඔහු විසින් ලංකාව පුරා යුද නිතිය ප්‍රකාශ කර අතර සියලුම ඉංග්‍රීසි බලකොටු අල්වාගැනීම සදහා සිංහල සේනා පිටත් කර රජු හා සේනාවක් කොළඹට පහරදීම සදහා පැමිණ ඇත කොළඹ පැමිණීමට පෙර හංවැල්ලේ ඉංග්‍රීසි කදවුරට පහරදිය යුතුවිය මේ බලකොටුව තුල සිටියේ කුඩා ඉංග්‍රීසි හමුදාවක් වුවත් එහි සිටි ඉංග්‍රීසි නායකයා වූ කපිතාන් පොලොක් යුද උපායන් වල දක්ෂයකු විය ඔහු විසින් බලකොටුවට පහරදීමට පැමිණි සිංහල සේනාවට ඉදිරියෙන් හා පසුපසින් පහර දෙන ලදී මෙහිදී අශ්වයකු පිට නැගී සිටි රජු තමන් අසලින් ඇදී ගිය වෙඩිල්ල නිසා බය වී  සටන පසෙක තබා සේනාවට පසු බැසීමට අණ කළ රජු තමාගේ කණ්ඩායමක් සමග මහනුවරට පිටත් විය මෙසේ යන අතරතරේදි සතර කෝරලයේ ඒදඩුවාව කොරාලගේ නිවසේ නතරවිය මොල්ලිගොඩ නිලමේ රජු හා එකතුවෙන්නේ මෙම නිවසට පැමිණි අවස්ථාවේදී යයි සැලකේ
මොහු ඒදඩුවාව කොරාලගේ පුත්‍රයාය ඉන්පසු රාජ පාක්ෂිකයෙකු  වූ මොල්ලිගොඩ ඉතාම කෙටි කාලයකදී උඩරට රජුගේ විශ්වාසවන්තම පුද්ගලයා විය පළමුවන අදිකාරම් බවට ද පත්විය මේ අතර උඩරට රාජ්‍ය ලබාගැනීමේ ලබාගැනීමේ ආශාවෙන් සිටි පිළිමතලාවේ මහදිකාරම් තුමා මෙහෙයවූ අසාර්ථක රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණය නිසා ඔහුට රජ අණ අනුව හිස්‌ ගැසුම් කෑමට සිදුවිය ඔහු මියගියත් ඔහුගේ පරපුරේ බලය කිසිවිට‍ අඩුවිමක් වුයේ නැත රජු අකමැත්තෙන් වුවද ඔහුගේ බෑනා වූ ඇහැලේපොල මහදිකාරම් දුරයට පත් කලේ ඒ නිසාවෙනි රජු ඇහැලේපොල අදිකාරම් දුරයට පත් කලද ඔහු පිලිබදව සැකයෙන් පසුවිය ඇහැලේපොල නිලමේතුමාගේ  සතුරා වුයේ මොල්ලිගොඩ අදිකාරමය මෙසේ තිබියදී රජුගේත් ඇහැලේපොලගේත් විරුද්දත්වය එළිපිට මතුවුනයි සැලකෙන්නේ රජුගේ දෙවන විවාහයේදිය
ඇහැලේපොල විසින් එවූ තෑගි රජු ප්‍රතික්ෂේප කර ඒවා නැවත යවන ලදී පසුව උදාවූ තත්වය පිළිබද (උඩරට ජනප්‍රවාද අනුව) රජු තමාගේ තෑගි ආපසු එවන ලද නිසා ඇහැලේපොල මහත් කණගාටුවට පත්වූ බව කියවේ පසුව ඔහු මහනුවර අතහැර සබරගමුවට ගිය ඔහු රජුට වටිනා ත්‍යාගයක් දියයුතු යයි සිතා රන්කඩුවක් ,ඔටුන්නක් හා රිදී ඇදක් සාදන ලෙසට‍ වීරමන්ත්‍රි නම් ආචාරියකුට පවරනලදී මේ බව ආරංචි වූ මොල්ලිගොඩ මේ අවස්ථාව උපයෝගී කරගෙන ඇහැලේපොල මතු රජවීම සදහා ඔටුන්නක් හා කඩුවක් සාදමින් සිටින බව රජුට පැවසිය රජු හා ඇහැලේපොල අතර විරසකය තවත් වැඩි කළේය   මෙයින් බිය වූ රජු ඇහැලේපොලට මහනුවරට එන ලෙස කියා හසුනක් යැවිය 

ඇහැලේපොල විසින් හසුන බලා ඇත්ත පවසමින් රන්කඩුව හා ඔටුන්න තවම සාදා නොමැතිබවත් එසේම සබරගමුවේ ආදායම් තවමත් එක්රැස් කරගත නොහැකිවූ නිසා තවදුරටත් ප්‍රමාදවී පැමිනෙන බව පවසා රජුට දන්වා යැවිය මේ පණිවිඩකරු ගගසිරිපුරදී (ගම්පොල) මොල්ලිගොඩගේ චරපුරුෂයන්ට අසු විය මොල්ලිගොඩ ඇහැලේපොල විසින් රජුට එවන ලද ලිපිය වෙනස් කර රජු කෝප වන ආකාරයේ හසුනක් රජුට යැවිය රජු මෙය බලා කෝපයට පත්වී යලි හසුනක් ඇහැලේපොලට යවමින් ඔබ කොපමණ බලවත් වුවත් ඔබේ  අඹුදරුවන් හා වස්තුව මා ලගය එහෙයින් වහාම නුවරට පැමිණෙන ලෙස දන්වා යැවිය ඒ හසුනට ඇහැලේපොල විසින් රජුගෙන් සමාව ඉල්ලා ලිපියක් එවිමට සැලැස්විය නමුත් පෙර පරිදිම මෙම පනිවිඩකරුද මොල්ලිගොඩ ගේ චර පුරුෂයන්ට හසුවිය මොල්ලිගොඩ මෙම ලියමනද ගෙන මගේ අඹුදරුවන් ඔබේ බලයට යටත් වූවා නම් ඔවුන් මරා කෑවත් කමක් නැතිය කියා වෙනස් කර පණිවිඩකරු අතට දී ඇහැලේපොලගේ පණිවිඩකරු හට අල්ලස් ලබාදී මහනුවර දෙමලාගේ වගතුග කොහොමදැයි ප්‍රශ්නකලේ යයි කියන ලෙස ගිවිස්වා ගත්තේය
මෙම හසුන බලා එම වදන් අසු රජු මහත් සේ කෝපවී ඇහැලේපොල මහදිකාරම් තුමාව නිළයෙන් ඉවත් කර මොල්ලිගොඩ ප්‍රධාන අදිකාරම දුරයට පත් කළේය එයින් නොනැවතුන රජු ඇහැලේපොල නිලමේ අල්ලාගෙන ඒමේ කාර්ය මොල්ලිගොඩට පවරන ලදී ඇහැලේපොල ඇල්විමට සබරගමුවට ගියත ඔහුව අල්වාගැනිමට නොහැකිවිය ඒ වනවිට ඔහු ඉංග්‍රීසින් වෙත ගොස් රැකවරණ ලබාගැනීම නිසාය මේ අතර මොල්ලිගොඩ විසින් ඇහැලේපොලට පක්‍ෂපාත යයි සැක කල පිරිස මහනුවරට ගෙනගොස් රජ අණ අනුව ගැටඹේතොටට ගෙනගොස් මරාදමන ලද

 මේ අතර ඇහැලේපොල පවුලේ අය කෘර ලෙස මරාදමන ලදී රජුවිසින් එම අණ නිකුත් කලයි සැලකෙන්නේ බීමතින් සිහිවිකල්ව සිටි අවස්තාවකදීය   මෙම දරුණු කේදවාචකය කොතරම්ද යත් සත් කෝරලයේ වැසියන් විසින් කැරැල්ලක් ඇති කරන ලදී මෙහි නායකත්වය කරතොට උන්නාන්සේ හා පුස්සැල්ලේ දිසාව විසින් මෙහෙයු බව සැලකේ  එයද මර්ධනය කිරීම බාරවුයේ මොල්ලිගොඩටය ඔහු විසින් සත් කොරලයට පැමිණ සියලු කැරලිකරුවන ඝාතනය කරන ලදී එම සංක්‍යාව 70 කට අදික බව සදහන්ව ඇත පොහොසත් කෙහෙල්පන්නල නම් කවියා විසින් රචිත ඇහැලේපොල චරිතය නම් කතාවේ මොල්ලිගොඩ මහනිලමේ ගැන මෙවැනි සදහනක් එයි එනම් මොල්ලිගොඩ අදිකාරම මහදිකාරම් ධුරයට පත්වූ වහාම කල පලිගැනීමක් පිලිබදවයි අවුරුදු ගනනාවකට පෙර තම පියාවූ ඒදඩුවාව කෝරාල හට මුවමස් නොදුන් ගැමියකු උල සිටුවා මරණයට පත් කල බවයි මෙයින් ඔහුගේ දුෂ්ට චරිතය එනම් පලිගැනීම පිලිබදව ඔහු තුල තිබු ආශාව හෙළි වේ මෙවැනි දරදඩු වරදවල යෙදුනු මොහු පිලිබදව වරක රාජසිංහ රජු විසින් සිය රාජසබාවේදී ඔහුට උපහාසයක් වශයෙන් එක මොල්ලියක් ඇති ගොනකු මේච්චල් කිරීම පහසු වුවත මොල්ලිගොඩක් ඇත්තෙකු කොයි ආකාරයෙන් මේච්චල් කරමුදැයි අසා ඇති බවයි ත්‍රි සිංහලේ ජනප්‍රධනියකු වූ මොල්ලිගොඩ මහ නිලමේගේ රාජපාක්ෂික බාවය ගැන පැහැදුණු රජු ඔහුට කෘතගුණ සැලකීමක් වශයෙන් දුන් දෑ පිලිබදව සදහන් සන්නස රාශියක් හිමිවීමට හේතුව ඔහු අවසාන මොහොත දක්වා රාජසිංහ රජු ලග රැදුන ප්‍රධාන රදළයා වීමයි
                      
රොබර්ට් බ්‍රවුන්රිග් ඇහැලේපොල ප්‍රමුඛ ඉංග්‍රීසි සිංහල හමුදාව මහනුවරට ලගවෙද්දී ඊට මුහුණ දීම සදහා සුදානම්ව සිටියේ මොල්ලිගොඩ නිලමේවරයාය මේ වන විට රජු කෙරෙන් රදලයන් හා සාමාන්‍ය ජනතාව අතර පවතී සබදතා  බොහෝදුරට ඈත්ව තිබිණි මෙහිදී වුයේ ඉංග්‍රීසි හමුදාව ගනේතැන්නට පැමිණි පසු මොල්ලිගොඩ නිලමේවරයාද රාජසිංහ රජු අත්හැර ඉංග්‍රීසින්ට එකතුවීමයි ඇහැලේපොල හා සම්බන්ධවී උඩරට අල්ලගැනීමෙන පසු ඉංග්‍රීසින් කලේ වංචාවකි ඇහැලේපොලගේ බලාපොරොත්තුව වුයේ උඩරට රජු වීමයි නමුත් එම බලාපොරොත්තුව ඔහුට ලබාගැනීමට නොහැකිවිය ඔහුට ඉංග්‍රීසින් ලබාදුන්නේ මහදිකාරම් ධුරයයි ඇහැලේපොල මෙය ප්‍රතික්ෂේප කරනලදී ඔහු ප්‍රතික්ෂේප කල එම තනතුර බාරවුයේ මොල්ලිගොඩටය මොල්ලිගොඩ හා ඇහැලේපොල අතර තිබු විරුද්දතව ඉංග්‍රීසින්ට වාසියට විය උඩරට ඉංග්‍රීසීන්ට යටත් වී වසර තුනක් ගිය තැන ඉංග්‍රීසි විරෝදී අරගලයක් ඇති විය මේ අරගලය සදහා මොල්ලිගොඩ සහබාගි නොවිය වරක් උඩරට හැරදමා පිටත් වීමට සිටි ඉංග්‍රීසින් නවතගනු ලැබුවේ  මොල්ලිගොඩ විසිනි මොල්ලිගොඩ නිලමේ සතර කෝරලය බාරව කටයුතු කල නිසා කොළඹ සිට උඩරටට‍ ආහාර පාන හා උපකාර සේනා හිරිහැරයක් නැතිව යැවීම හා එකම නායකයකු යටතේ නොවී නායකයන් කිපයකගේ යටතේ සංවිධානය වූ  1818 විමුක්ති සටන ඉංග්‍රීසීන්ට මර්ධනය කල හැකි වුයේ මොල්ලිගොඩගේ සහයෙනි    
                                                             
1818 අරගලය මර්ධනය කිරීමෙන් පසු මොල්ලිගොඩ නිලමේගේ තත්වය උසස් විය ඔහු කල සේවය උසස් ලෙස සැලකු බ්‍රිතාන්‍ය ඔහුට විශේෂ වරප්‍රසාද හා ත්‍යාග රැසක පිරිනැමිය මාසිකව රික්ස් ඩොලර් 200ක විශ්‍රාම වැටුපක් ගෙවීමට තීරණය කළේය තවත් ගම් බිම රාශියක්ද අයත් විය කෙසේවෙතත් මොල්ලිගොඩගේ දිවිය හුදකලා එකක් විය බොහෝ සිංහල නායකයෝ ඔහු දේශද්‍රෝහියකු ලෙස සැලකිය කොන් කරන ලදී ඒ නිසා ඔහුට අවසාන කාලයේදී දිවි ගෙවීමට සිදු වුයේ ඉංග්‍රීසින් උසස් නිලදාරීන් සමගය මොවුන්ගේ ඇසුර නිසා ඔහු සුරාවට තදින්ම ඇබ්බැහිවීය  මේජර් ස්කිනර් නමැති ඉංග්‍රීසි නිලදාරියාගේ සටහනක් අනුව ඔහු සුරාපානය දිනපතා කල චාරිත්‍රයක් බවට පත් වී ඇත මේ නිසා අවසාන සමයේ ඔහු රෝගියකු විය එසේ රෝගියකු බවට‍ පත්වූ නිලමේවරයා 1823 වර්ෂයේදී මියගියේය 

12 comments:

{ Hasitha Gunasinghe } at: 25 July 2012 at 01:26 said...

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාවත් මත්පැන්වලට ඇබ්බැහි කරවන්නේ මොල්ලිගොඩ නිළමේ. අනික් කාරණය තමා මොල්ලිගොඩගේ පුත්‍රයාත් තාත්තා වගේ මත්පැන් ලෝලියෙක් වෙලා තරුණ වයසෙන්ම මැරුණු නිසා මොල්ලිගොඩ පෙළපත්ත එතනින්ම ඉවර වුනා.

ඒ වගේමයි රජතුමාව පාවාදුන් අයට ශාපයක් වැදුණාදැයි කියන ප්‍රශ්නය තියෙනවා.. මේ සටහන බලන්න.

http://aagiyakatha.blogspot.com/2012/06/07.html

ඒ වගේමයි ඔබ කරන කාර්යය විශිෂ්ඨයි. මේ වගේ ඉතිහාස කරුණු හොයාගන්න හරි උගහටයි

Anonymous at: 16 September 2013 at 16:57 said...

ඔයා දන්නේ නැති වුණාට මොල්ලිගොඩ පරපුරේ අය තවම සතර කෝරළයේ ඉන්නවා

{ Hasitha Gunasinghe } at: 21 September 2013 at 22:00 said...

@ anonymous

කරුණු කාරණාත් එක්ක ඔබේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන්න පුලුවන් නම් ඒක අගය කරනවා :)

{ Admin } at: 21 September 2013 at 22:11 said...

එසේද විය හැක එසේ නොවියද හැක :D

Anonymous at: 29 September 2013 at 22:20 said...

කෑගල්ල ප්‍රධාන ක්‍රීඩාංගනය ආසන්නයේ නිවසක.මොල්ලිගොඩ වලව්වේ අංකල් කෙනෙක් ජීවත් වුණා.ඔහු මා කුඩා කල සිටම හඳුනණවා.ඉතාමත් නිහතමානී චරිතයක්.ඒත් දැන් වසර ගණනාවකට පෙර ඔහු මියගියා.ඔහුගේ බිරිඳ කාලයකින් දැක්කේ නැහැ.ඒ ගෙදර දැන් වහලා.මීට අමතරව කෑගල්ල පොලීසිය සිට බාලිකා මහා විදුහලට යන මාර්ගය අසල මොල්ලිගොඩ පරපුරට අයත් ඉඩම් තිබෙනවා. තවද අලුත්නුවර දේවාලය ප්‍රදේශයේ පිහිටි මොල්ලිගොඩ මහ අධිකාරමට අයත් වලව්වට අයත් පැරණි උරුමයන් ඉතිරිව තිබෙනවා.

{ Hasitha Gunasinghe } at: 29 September 2013 at 23:55 said...

@ Anonymous

ස්තුතියි ඔබේ තොරතුරුවලට. කෙසේ වෙතත් ඔබ කියූ නිසාම තවත් මේ ගැන හොයලා බැලුවා.

මොල්ලිගොඩ මහාදිකාරම්ට ඉදලා තියෙන්නේ පුතෙක් සහ දුවෙක්. පුතා කුරුවේ ලේකම් නමිනුත් දුව ටිකිරි කුමාරිහාමි නමිනුත් හඳුන්වලා තියෙනවා. මම කලිනුත් සඳහන් කරපු විදිහට මොල්ලිගොඩ මහ නිළමේ වගේම පුතාත් මත්පැන් නිසා අකාලයේ මියයනවා.

අද දක්වාම මොල්ලිගොඩ පරපුර පැවතෙනවා නම් [මම කියන්නේ මොල්ලිගොඩ මහ නිළමේගේ පරපුර] ඒ එයාගේ පුතා වුණු කුරුවේ ලේකම්ගේ දරුවන්ගෙන් වෙන්න එපැයි. [දුවගේ දරුවන්ට මොල්ලිගොඩ පෙළපත එන්න විදිහක් නැහැනේ]

කොහොම වෙතත් කුරුවේ ලේකම්ගෙන් පස්සේ ඒ පරම්පරාව ඉදිරියට හියාද කියලා සැක මතුවෙන කරුණු 2ක් මට හමුවුණා.

එකක් තමා ආර්.ඩබ්. ලිවර්ස්ගේ 1884 වාර්තාවකට අනුව මොල්ලිගොඩ මහාදිකාරම්ට දුන්නු රාජකීය සන්නස ඒ වෙද්දී උනම්බුවේ රටේ මහත්තයා ගාව තියෙන්නේ.

අනික් කාරණේ තමා එන්.එච්.ප්‍රයිස්ගේ 1888 වාර්තාවකට අනුව මොල්ලිගොඩ වලව්වේ දේපළවලින් කොටසක් සත් කෝරළයේ ඉලන්කෝන් රටේ මහත්තයාගේ වැන්දඹුව වුණු කොටවැල්ලේ කුමාරිහාමි මිළට ගත්තු බව කියන සටහන.

ඒක නිසා ඔබට හැකි නම් මොල්ලිගොඩ වලව්වේ හිටියේ මොල්ලිගොඩ මහනිළමේගේම පරපුරේ කෙනෙක්ද කියලා හොයලා බලන්න.

උදාහරණයක් විදිහට වර්තමානයේ එක්නැලිගොඩ වලව්වේ වාසය කරන්නේ කීර්තිමත් පුරාවිද්‍යාඥයෙක් වෙන සිරාන් දැරණියගල මහත්තයා. එතුමා එක්නැලිගොඩ පරම්පරාවේ නොවුණත් යම් යම් සබඳතා මත තමා වලව්ව හිමිවෙලා තියෙන්නේ.

Anonymous at: 25 November 2013 at 20:08 said...

සතර කෝරළයට අයත් ඉපැරණි රදල වලව් 30ට නෑකම් කියන මා ඉහත කරුණ ඔබට ඉදිරිපත් කලේ කිසිදු අවිශ්වාසයකින් තොරවමය.බොහෝ අය ඉතිහාසය ලිවීමට ගොස් සතර කෝරලයේ ඉතිහාසය විනාශ කර දමා ඇත.ඉතිහාස ග්‍රන්ථ වල ඇති කරුණු සමහරක් සත්‍ය වන අතර සමහර කරුණු පට්ටපල් බොරු බව අපට පෙනේ.සතර කෝරල වාසීන් වශයෙන් අප එය අවධාරණය කරමු.සතර කෝරලය පිලිබඳ වඩාත් නිවැරදි තොරතුරු අවශ්‍ය නම් "සතර කෝරළේ මහා ලේකම් මිටිය" ,එහි "කඩයිම් විත්ති" ආදී ග්‍රන්ථ පරිශීලනය කල යුතුමය.තවද මාළිගාවට අයත් සමහර පුස්තක වලද මේ පිලිබඳ තොරතුරු ඇතුලත්ය.මීට අමතරව සතර කෝරලයේ එක් එක් පැරණි ගම් වලට ගොස් ඒවායේ ඉතිහාසය සොයා බැලිය යුතුය.එසේ නොකර සතර කෝරළය පිළිබඳ කරුණු විග්‍රහ කිරීම අසම්පූර්ණ ක්‍රියාවකි

{ Hasitha Gunasinghe } at: 12 February 2014 at 18:25 said...

අපි දැන් කතා කළේ මොල්ලිගොඩ මහ නිළමේගේ පරම්පරාවේ වර්තමානය ගැනනේ. ඒකට ඔබ දක්වා තිබෙන ග්‍රන්ථ පරිශීලනය කළ යුතු නැහැනේ :)

{ Mihipal Dewaraje } at: 22 January 2017 at 19:55 said...

Gampaha indan kohomada lamayo molligoda gama gena liyanne.maha molligodata hitiye duwak pamanai(tikiri kumaarihamy).kanishta molligodata hitiyei puthek pamanai.eyage lamainta amatharawa maha molligoda ge piyaa ge sahodarainge lamainda sitiya.owungen pewatha ena aya gena oba danne ne.karunu hariyata nodena wisthara liweema obage durwalakamak.

Anonymous at: 22 July 2017 at 16:12 said...

මොල්ලිගොඩ හා මොලගොඩ පරම්පරාවලට ඥාති වන නිසා මට සැක හැර කියන්න පුළුවන් මොල්ලිගොඩ පරම්පරාව අදටත් ජීවත් වන බව. මන් හොයන කරුණක් තමයි මීගස්කුඹුරේ පරම්පරාව තවමත් ජීවත් වනවාද යන බව. කවුරුහරි ඒගැන දන්නවද?

{ gayan } at: 17 June 2018 at 20:49 said...

මොල්ලිගොඩ කෙසේවෙතත් එක්නැලිගොඩ පරම්පරාව නම් සුපුරුදු පාවාදීම් සිදුකරමින් තවමත් ඉන්නවා......

{ Unknown } at: 28 June 2020 at 14:50 said...

මොල්ලිගොඩ අධිකාරම් මිය ගියේ1923 ද

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine