පොලොන්නරුව පුජනිය පෙදෙසේ ආලාහන පිරිවෙන් සංකීර්ණය පසුකර උතුරුදෙසට ගමන් කරනා විට ගල් විහාරය නමින් හදුන්වන ශයිලම ප්‍රතිමා පන්තියක් හමුවේ හැඩයෙන් දික්වූ නිරිත දිග සිට ඊසාන දෙසට යොමුවූ ගල් පව්වක මෙම ප්‍රතිමා ඉදිකර ඇත එහි විවිධ ඉරියව් වලින් යුත් බුදුපිළිම 4ක් දක්නට ඇත චුල වංශයේ මෙම ගල් විහාරය හදුන්වාදී ඇත්තේ උත්තරාරාමය ලෙසිනි මෙම විහාරය පොලොන්නරුව රාජධානිය කරගත් මහා පරක්ක්‍රමබාහු රජුගේ කාලසීමාවේ සිදුකළ නිර්මාණයක් ලෙස සැලකේ
ගල් විහාරය ඇති මෙම අර්ධ උන්නතව නෙලූ පිළිම හතරෙන් පළමු ව ධ්‍යාන රුපි බුද්ධ ප්‍රතිමාවත් ඊලගට ගල හාරා විහාරයක් තුල (විද්‍යාධර ගුහාව )සමාධි ප්‍රතිමාවද අනතුරුව හිටි පිළිමයක්ද සැතපෙන පිළිමයක්ද නෙලා ඇත මේ පිළිම අතරින් ලක් දිව දැනට ඇති හිටි පිළිම අතරින් වෙනස් වුත් ශ්‍රේෂ්ඨ වුත් නිමානයක් වේ චුලවංශයේ උත්තරාරාමය ගැන කෙටි සදහනක් වේ එහි සදහන් වාස්තු විද්‍යාත්මක තොරතුරු අනුව එක් ගුහාවක් හා ලෙන් දෙකක් ගැන සදහන් වී ඇත ගුහාව යනු මේ මධ්‍යයේ පිහිටා ඇති විද්‍යාධර ගුහාවයි ලෙන් දෙක නිපන්න පටිමා හා නිසින්න පටිමා යනුවෙන් හදුන්වා දී තිබේ මේ අනුව පළමුව දක්නට ලැබෙන වැඩහිදිනා පිලිමය නිසින්න පටිමා ලෙන ලෙසත් සැතපෙන පිළිමය ඇති ලෙන නිපන්න පටිම ලෙන ලෙසත් හදුනාගෙන ඇත මේ ලෙන් දෙකටම ආරුක්කු සහිත වහලවල් තිබී ඇත ඒ බව ගල්කුලේ ඇති කුහර වලින් පෙනී යයි
නමුත් එහි ඇති හිටි පිළිමය පිළිබඳව කිසිදු සදහනක් චුලවංශයේ නොදැක් වෙන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි මේ පිලිබදව අදහස් දක්වන මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මහතා එය අනිකුත් පිළිම තුනටම වඩා පැරණි බව දක්වා තිබේ එනම් 12 වන සියවසට පෙර එය නිමවා තිබු බවකි කෙසේ වෙතත් මෙකි හිටි පිලිමයටත් ආරුක්කු සහිත වහලයක් තිබී ඇතයි සැලකේ මෙම හිටි පිළිමයේ උස අඩි 22යි අඟල් 9කි උරහිස් අතර අඩි 7යි අඟල් 3කි මුහුණ අඩි 2යි අඟල් 8කි සිරුර අඩි 7 යි අඟල් 2යි පාදය අඩි 10 යි අඟල් 3කි පුර්ව බාහුව අඩි 8 අඟල් 9 කි එහි දකුණු උරහිස නිරාවරණය ඒකාංශ රුපයෙන් යුක්තය චීවරයේ රැලි සමාන්තර රේඛා 2කින් දක්වයි හිසකෙස් අක් බඹරු විලාශයක් ගනී හිස හා කඳ මදක් නැමී ඇති බවක් පෙනී යයි වම් අත මත දකුණු අත තබාගෙන දෙඅත් ළමැදට තබා හිරකරගෙන ය දෑත් බැඳ සිටින විලාශයෙන් අන් ප්‍රතිමා අබිභවා විශේෂත්වයක් හිමිකර ගැන්මට සමත්ව ඇත දණහිස මදක් ඉදිරියට නැමී ඇත එසේම වම් ශ්‍රී පතුල ඉදිරියෙන් මදක් වම්පසට හරවාගෙන ය මුහුණේ රූප ස්වභාවය අති විශිෂ්ඨය සිරුරේ හැඩයද පැහැදිලිව දිස්වන ආකාරයට නිරුපනය කර තිබේ
මෙකි බුදු පිළිමය ඉදිරිපත් කරන මුද්‍රාව පිලිබඳව ද වීවීධ මත ඉදිරිපත්ව ඇත මෙවන් බුදුපිළිම නිර්මාණය වී තිබීම බොහෝසෙයින් දුර්ලභ වීම ඊට හේතුවයි එහෙත් මෙයට සමාන පිළිම දෙකක් තිස්සමහාරාමයේ යටාල වෙහෙරින්ද රිටිගල කන්දෙන්ද හමුවී තිබේ චිත්‍ර සමුහයක් මැදවල විහාරය ගංගාරාමය වැනි ස්ථාන වලින් දක්නට ඇත පරණවිතාන මහතා විසින් මෙම පිළිමයෙන් නිරුපනය වන්නේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව ලෙස දක්වා ඇත එනම් අනුන්ගේ දුකේදී දුක්වන බවයි මෙය ආනන්ද හිමියන්ගේ යයිද දැක්වීමට යොදාගෙන ඇත්තේ එම මුද්‍රා ලක්ෂණයයි ගෙනහැර දැක්විය හැකි තවත් අදහසක් නම් මෙය ෛත්‍රයිලොක්‍ය විජය මුද්‍රාව නිරුපනය කරන බවයි එය බුදුන් වහන්සේගේ සත් සතිය ගත කරද්දී දෙවැනි සතිය අනිමිස ලෝචන පුජාව නිරුපනය කරන බවයි දෑත බැඳ සිටින ඉරියව්ව එම අවස්ථාව නිරුපනය කරන බව පෙන්වා දී ඇත
මේ පිලිබඳව තවත් අදහසක් වේ මෙම හිටි පිළිමයෙන් නිරුපනය වන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට සුදානමින් මල්ල රජවරුන්ට අයත් කුසිනාරා උපවර්තන සල් උයනේ ඊට සුදුසු පිරිණිවන් මංචකය පනවන තෙක් හිදිම කියාය මේ අවස්තවෙ බුදුන් වහන්සේ චුන්දසුකරගේ දානය වැළඳීමෙන් අනතුරුව උදරාබාධයෙන් පෙලි තරමක් වේදනාවකින් සිටියේය එම වේදනාව මේ පිළිමයේ ද මුහුනින් ප්‍රකාශිත වේ පොලොන්නරුව සමය වන විට අතිවිශාල ලෙස බුද්ධ ප්‍රතිමා නෙලීම වැඩි දියුණු වූ ආකාරයක් පෙනේ මෙම පිළිමය ලංකාවේ සුවිසල් බුද්ධ ප්‍රතිමා අතරින් දෙවෙනුව පැරණි හිටි පිළිමය ලෙස සැලකේ
0 comments:
Post a Comment