#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ලක් ඉතිහාසය සහ අලි ඇතුන්

ධර්ම දානය සියලු දානයන්ට වඩා ශ්‍රේෂ්ඨයි




ලංකාවේ තොරතුරු අතරට එක් වන සතුන් අතර අලි අතුන්ට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි ගොඩබිම දැවැන්තයින් වන අලි ඇතුන් ආදී කාලයේ පටන් නොයෙක් කටයුතු වල යොදවනු ලැබිය යුද්ධ කටයුතු පෙරහැරවල් ඇතුළු ආගමික කටයුතු හා ප්‍රවාහන කටයුතු වලට මෙන්ම වැරදි කරුවන්ට දඩුවම් දීමේදී පාගවා මරා දැමීම සදහාද අලි ඇතුන් යොදවා ගනු ලැබි ලක් ඉතිහාසයේ මුල් යුගයේ දී දෙවෙනි පෑතිස්‌ රජු මහමෙව්නා උයන සඟ සතු කොට පිදීමේදී මගුල් ඇතා ලවා නගුලකින් මායිම් ලකුණු කල අන්දම මහා වංශයේ විස්තර වන අතර දඹුලු විහාරයේ බිතුසිතුවම්  වල සිතුවම් කර ඇත පොළොන්නරුවේ රජ කල මහා පැරකුම්බා රජු ද අලාහන පිරිවෙනට ගම්බිම් පවරා දීමේදී මෙලෙස කටයුතු කල බවට‍ චුල වංශයේ සදහන් වේ
මහා වංශයේ සදහන් වන පරිදි පුර්වාදර්ශ රජු ලෙස හදුන්වා දෙන්නේ දුටුගැමුණු රජු හට වේ වැඩිම පරිච්චේද සංක්‍යාවක් වෙන් වන්නේද මෙතුමා හට ය මෙම රජු හා එළාර රජු අතර ඇතිවූ සටනේදී කඩොල් ඇතු විසින් මෙම සටන අතරතුරේ සිදුකල මෙහෙය මහා වංශයේ සදහන්වේ සටනේදී බළකොටුවක දොරටුවක් බිදීම සදහා දිවගිය ඇතුගේ පිට මතට උණු ඊයම් වත් කරනු ලැබුවා  යයි සදහන්වේ මෙහිදී වෙදුන් ලවා ඇතුට ප්‍රතිකාර කොට මි හරක් සම් වලින් මුළු සිරුරම වෙලා යවන ලද දෙවන ප්‍රයත්නයේදී සාර්ථක වී ඇත තවද ගැමුණු රජුගේ කඩොල් ඇතා හා එළාරගේ පර්වත නම් ඇතු අතර සටනද තවත් සංග්‍රාමයකට මුල පිරුණි සේනා සංවිධානව පැමිණි එළාර රජුගේ බෑනණුවන් වූ භල්ලුක ලන්කාවට ගොඩ බැස සටන් කරන විට කඩොල් ඇතා ඇතුළු ඇත් සේනාව භල්ලුකගේ සේනාව හා සටනට වැදී ජයග්‍රහණය සදහා සහයෝගය දී ඇත උතුරු මැද පළාතේ ජනතාව විසින් මහත් බැතියෙන් අදහන පුල්ලෙයාර් නොහොත් අයියනායක දෙවිදුන් දුටුගැමුණු රජු හා කඩොල් ඇතා ගේ එකතු වීමෙන් සාදා ගත් දෙවියකු බව සදහන්වේ
ඉලනාග නම් රජු තිසා වැවේ ජල ස්නානය කරමින් සිටින අතර රාජ්‍ය බලය අල්ව ගත් සතුරන් රජුව සිරකරනු ලැබිය මෙහිදී රජුගේ බිසවගේ අනු දැනුම ඇතුව රාජකිය ඇතු මෙහෙයවා රජුව සිරකරතබාගෙන සිටි සිරගෙය කඩා රජුට පැනයාම සදහා කටයුතු සලස්වා ඇත මලය රටින් නැව් නැගී රජු තුන අවුරුද්දකට පසු සේනාව ගෙන රුහුණු රට අකුරුගොඩ නම් නැව් තොටෙන් ගොඩ බැස ඇත අකුරුගොඩ යන ස්ථානය අද සීනිගම දෙවොල ඇති ස්ථානය බවට‍ මතයක් ඇත පසුව සටන් කර රාජ්‍ය බලය ලබාගත් බව සදහන්වේ මගුල් ඇතුට කෘතගුණ සැලකීමක් ලෙස ඇතා සිටි පෙදෙස ජනපදයක් ඇති කොට එය හස්තු බෝග නමින් නම් කල බව පැවසේ 
1 වන කාශ්‍යප නොහොත් සිගිරි කාශ්‍යප රජු 18 අවුරුද්දක් ගෙවී ගිය තැනදී සොහොයුරා වන මුගලන් කුමරු සේනා ගෙන යුද්ධයට පැමිණ ඇත මේ අතර මගුල් ඇතු පිට නැගී යුද්ධය සදහා පැමිණි  කාශ්‍යප රජු සිය ගමන් මගේ ඉදිරියෙන් තිබු මඩ වගුරක් මගහැරීම සදහා එයට පිටු පා එය මගහැර යාම සදහා මගුල් ඇතු හැරවිය මෙහිදී රජු පරාජය දැක පසු බසින බව සිතු සේනාව හිස් ලු අත දිවිය සතුරා අතට පත් වීමට වඩා සිය දිවි තොර කරගැනීම යහපතක් ලෙස සිතු රජු මගුල් ඇතු පිට සිටියදීම කඩුවෙන් ගෙල සිදගත්තේය
සිරිලක එක්සේසත් කල පරාක්‍රමබාහු රජු රාමඤ්ඤ දේශය ආක්‍රමණය කිරීමට හේතුව යයි  සැලකෙන්නේ ලක් දිවින් යවන වෙළෙද නැව් වලට ගිවිසුම් ප්‍රකාර ඇතුන් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමය ඇතුන් නිසා ඇති වූ මහා යුද්ධයක් පිළිබදව 17 වන සියවසේ ලංකා ඉතිහාසයෙන් වාර්තා වේ උඩරට පාලනය කල දෙවන රාජසිංහ රජු සුවඳ විලවුන් හා අරුමෝසම් බඩු සදහා මහත් ඇල්මක් දැක්වූ රජකෙනෙකු බව සැලකේ රජුගේ අවසරය ඇතුව එකල උඩරට වෙළදාම සදහා පැමිණි පෘතුගීසි වෙළෙන්දකු රජු හට අනර්ඝ සුවඳ පැන් වර්ගයක් තෑගි කලේය මෙහිදී රජු විසින් වෙළෙන්දා හට ඇතකු තෑගි කළේය ඇතා කොළඹට ගෙන ගිය පසු පෘතුගීසි ආණ්ඩුකාරයා කලේ ඇතුව බලෙන් පැහැරගැනීමයි මේ බව රාජසිංහ රජුට දන්වා යැවු විට රජු වෙළෙන්දාට තවත් ඇතෙකු ලබාදී රජුට අයත් නැව් තොටක් වූ මාන්නාරම තොටෙන් ඇතු රැගෙන යමට වෙලෙන්දාට පහසුකම් සැලැස්විය මේකල පෘතුගීසි ආණ්ඩුකාර දියෝගුද මෙලෝ සෙනෙවියා සිංහල ජනතාව පමණක් නොව සිංහලේ රජුද ඉතා පහත් කර සැලකු අහංකාර අයෙකි කලක් ගත වූ පසු පෘතුගීසි ආණ්ඩුකාරයාට අයත් අශ්වයන් 4 දෙනෙකු පැහැරගෙන විත් රජුට බාර දෙන ලදී මෙය කරනු ලැබුවේ රජු විසින් මෙහෙයු අය විසිනි මේ පිලිබදව පෘතුගීසි ආණ්ඩුකාරවරයා රජුගෙන් විමසු විට ඔහුට පවසා ඇත්තේ තමාගෙන් පැහැර ගත් ඇතා  ලැබෙන්නට සලස්වන්නේ නම් අසුන් හතරදෙනා ද ලබාගත හැකි බවයි ඇතා බාරදීම සදහා ආණ්ඩුකාරවරයා පැමිණිය යුතු බවත් වැඩි දුරටත් දන්වන ලදී
මේ පිළිතුරෙන් දැඩි ලෙස කෝප වූ දියෝගුද මේලෝ වහාම උඩරට ආක්‍රමණය සදහා සේනා රැස්කරවිය මුළු සේනාව තිස්පන්දාහක් පමණ වූ අතර එයින් හත්දහසක් පෘතුගීසි ජාතිකයන්ද ඉතිරි විසිඅටදහස සිංහල දෙමල මරක්කල මලයාල කාපිරි යන අයගෙන් සැදුම ලත් පිරිසක් වුහ මෙලෙස උඩරටට සෙන්දු වූ ආණ්ඩුකාරවරයාගේ සේනාවත් දෙවෙනි රාජසිංහ රජුගේ සොයුරු ගොඩපල මහා වාසලේ විජයපාල‍ගේ සේනාවත් ගන්නොරුවේදී සටන ඇරැබුහ මෙම සටනට එන අතරතුරදී දොඩම්වල දෙවොල අසලදී දෝලාව කැඩී ගියෙන් යාතිකාවක් මගින් දෙවියන්ගේ හාස්කම පෙන්වා දේවාලයේ කපුරාල කල දේ නිසා පැහැදුණු රජු භාරයක් විය සටනේදී පෙරමුණ ගෙන සිටි දෙවන රාජසිංහ රජුගේ හිසට එල්ල කල වෙඩි පහරක් රජුගේ හිස පළදින තොප්පිය පසාරු කරගෙන ගියේය වහා ක්‍රියාකාරී වූ රජු තම තුවක්කුව ගෙන කාපිරි සෙබළාව මරා දැමිය කාපිරි සෙබලාගේ හිස කදින් වෙන් කර තුවක්කුව හා තොප්පිය සමග කෞතුක බාන්ඩයක් ලෙස රජමාලිගයේ තබා තිබු බව සැලකේ අවසානයේ රජුට ජය අත්  විය දියෝගුද මේලෝ යුද්ධ බිමේදීම මරුදැක්කේය තිස්පන්දහසක් වූ පරංගි සේනාවේ ඉතිරි වුයේ හත් දෙනෙකු පමණකි
ගම්පොල යුගයේදී මෙරටට පැමිණි දේශ සංචාරකයකුගේ වාර්තවකට අනුව රජුට අයත් සුදු ඇතකු දැකගැනීමට හැකිවූ බව සදහන් කර ඇත 1587 සිට 1588 දක්වා වසරේ කොළඹ කොටුව වටලා ගත් සීතාවක රාජසිංහ රජු කෙතරම් යුද්ධ උපායන්ගේ දක්ෂයකු වී ද යත් පරංගින් මෙතුමා හැදින්වුයේ ආසියාවේ හැනිබල් යන නමිනි කැළණි ගගින් සෙන එතර කරවීමට පාලම දෙකක් ගොඩ නංවා අද අලුත් කඩේ උසාවි සංකීර්ණයේ කදවුරු බැදගත්තේය එදා මෙම පෙදෙස බොරලුගොඩ නම්න් හදුන්වා ඇත මෙම සටනේදී රාජසිංහ රජු සිය සේනාව සදහා අලි ඇතුන් දෙදහසක් පමණ යොදාගත් බව සැලකේ මෙම සටන් නිසා පරංගින් කොළඹ කොටුවට සිමා  කල බව සදහන්වේ බෙරේ වැවේ ජලය කැළණි ගඟට බැස්සවීමේ අරමුණින් සීතාවක රාජසිංහ රජු විසින් මෙහෙයවා කැපු ඇල අද දක්වා ශාන්ත බස්තියන් ඇල ලෙස දිස්වේ කොළඹ කොටුවේ ආහාර හිඟය කොතරම් ද යත් කොළඹ කොටුවේ බළල් මස් පවා ගිනිගණන් ගිය බව කියවේ සමහර වාර්තා අනුව මිනිමස් පවා කෑමට ගත් බව කියවේ නමුත් පෘතුගීසින්ගේ විශේෂ ආදරයට ලක්වූ ඔර්නේලා නොහොත් සුරතලා නමින් හැදින්වූ ඇතෙකු හට කොටුව තුල සිටි පරංගින් කෙතරම් ආදරය දක්වුයේද යත් අනික් අලි ඇතුන මරාගෙන කැ මුත් එම ඇතා පමණක් දිවි රැකගත් බව එකල විසු පෘතුගීසි ලේකකයකු වූ ජුවාන් රුබේරු සදහන් කර ඇත එකල අලිඇතුන් අල්ලා මෝගල් අධිරජයට අවුරුදු පතා විකිණීම පෘතුගීසින්ගේ එක ආදායම් මාර්ගයක් වූ බව කියවේ මෙහිදී ඇතෙකුගේ මිල අවම වශයෙන් පර්දාවෝ අට දහසක් පමණ බවත් එම මිල දොළොස්දහසේ සිට පහළොස්දහස දක්වා වැඩිවන බවත් වදිදුරට සදහන් කර ඇත ලංකාවේ අලි ඇතුන් ලෝකයේ ඕනෑම තැනකදී අනෙක් සියලු අලි ඇතුන් ගරුකරන බවත් තවත් පෘතුගීසි ලේකකයකු වන ක්වෙයිරෝස් සදහන් කර ඇත
 දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේ මෙරට විසි වසරක් සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස්ගේ වාර්තා අනුව රාජසිංහ රජුට විශාල ඇත් සේනාවක් සිටි බව සදහන්වේ එකල දෙනු ලැබූ දඬුවම් දෙතිස් වද අතර වද අනුව අලිඇතුන් ලවා පාගවා මැරීම එක් දඬුවමකි රජුගේ ඇතුන් අතර ඇග පුරා තිත් ඇති ඇතෙකු සිටි බව කියවේ ඉතා අලංකාරවූ උසින් මහතින් සුන්දරවූ ඇතුන් බොහෝ ගණනක් රජුට ඇතත් මේ ඇතා සෙසු අතුන්ට වඩා අගය කරනු බව පෙනෙන්නට ඇත පර සතුරන් හා සටන් කිරීමත් ඇතුන් හා වල ඌරන් ඇල්ලීමත් වීර වික්‍රමයේ එක අඩයලමක් බව එකල වැස්සන් සැලකු බව මෙම පොතේ සදහන් කර ඇත
ලංකාවේ ඇතුන් ඉන්දියාවේ ඇතුන්ට වඩා කිර්තිමත්ය හස්තියා ඉතා විශාල වුද කල්පනා සම්පන්න සතෙකු වුවද ඌ හසුකරගැනීම ඉතාමත් පහසුය ඇතුන් අතර දල ඇති ඇතුන් දුර්ලභය ඇතුන් ඇල්විමට රජුගෙන් නියෝග ලත් තැනැත්තෝ වඩාත්ම කැමැත්ත දක්වන්නේ දල ඇති උන්ව අල්ලා ගැනීමටයි මුලින්ම හිලෑ ඇතින්නියක් ඇත් රැල මැදට දැක්කා හරිති ඇතින්නිය පසු පස යෑම ඇතුන්ගේ සිරිතයි හිලෑ ඇතින්නිය ඇත් ගොව්වන් ශබ්ධයෙන් හෝ  සංඥාවෙන් කරන සෑම දෙයක්ම කිරීමට පුරුදුවී සිටිති මෙම ඇතින්නියෝ වල් අලින් රවටා රට ගම මැදින් විදි මැදින් රජ වාසල ළගින් පවා ගෙන යන්නට සමත් වෙති
ගාල් කිරීමෙන්ද මළපුඩු තැනිමෙන්ද අල්ලා ගන්නා ලද ඇතුන් පළමු කි පරිදි ඇතින්නිය සමග රජු හමුවට ගෙන එන ලද වල් ඇතුන්ට රජ කැමති නොවුවහොත් ඌට නැවත වල් වදින්නට ඉඩදෙනු ලැබේ රජුගේ කැමැත්ත ලැබෙන වල් අලියකු ඇතින්නිය සමග දක්කා ගෙන ගොස් නුවරට නුදුරු තැන බැද තැබීමට අණ කරයි ඇතින්නියක නොමැති නම් වල් ඇතෙකු කිසිම විටක නතර කරවා ගත නොහැක්කේය වෙනත් තැනකට ගෙන යාමට මහරජුගෙන් අණක් ලැබෙන තුරු පළමු කොට නියම කරන ලද ස්ථානයේම ඇතින්න නතර කරවා තැබිය යුතු වෙයි ඇතුන්ගේ ආරක්ෂාව සදහා හේවායින් සහිත නිලධාරීන් පත් කරනු ලැබ සිටිති .
සෙන්කඩගල රාජ්‍ය කල කිර්ති ශ්‍රී රාජසිංහ රජු මහපිරිස් සමග ඇත් වාහනයෙන් මාතලේ අළු විහාරයේ දඹන ,රදාවල ,ඇලහැර ,පල්ලේගම ,විල්ගමුව ඔස්සේ මහියංගනයේ හන්දපාන්කෙතට වප් මගුලකට ගොස් ඇත ලග්ගල පල්ලෙගමදී රජුගේ ඇතා මද කිපී පැන ගියෙ ලු   ඇතා එලවණ කන්ද සමීපයෙන් මඩුගසින් වැසි තිබුණු මඩුවානා නමින් ව්‍යවහාරවන ප්‍රදේශයට පැන එතනින් කැලේට පැන්නේය ගල්පොත්තක් අසලදී ඇත් ගොව්වාත් මරා දමන ලදී ඇත්ගොව්වා මරාදැමුනු ස්ථානය ඇතා මැරූ ලෙස ගල හැදින්වේ රජු හදපාන්කෙතට  දෝලාවකින් වැඩි බව සැලකේ මේ සිද්ධිය ලග්ගල තොවිල් කවිවල පවසන්නේ මෙසේය

                           ඇතා ගන්නට යන්නම් මඩු  වානේ
                           ඇතාගේ වත ගෙන කි අනු   මානේ
                          ඇතා ගෙනෙන්නට යමු  හඳ   පානේ
                          ඇතා නොදෙයි කි සඳ දෙවි   රජිනේ
සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සතුව සිටි සෙල්ලා නමින් හැදින්වූ අලියා පසුව ඉංග්‍රීසි පාලනය යටතේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සේවයට පත් විය වසර සියයක් ජිවත් වූ මෙම අලියා 1889 අගෝස්තු මාසයේ මියගිය බව පර්ගියුසන් ඩිරෙක්ටරියේ සදහන් වේ  අලියකුගේ ආයු කාලය කොතෙක්ද යන්න ගැන විවිධ මත පවතී වයස 40වනතුරු වැඩෙන මෙම සතා වසර 70ක් පමණ ජිවත්වන බව පැවසේ ඉතාම සුදුසු පරිසරයකදී වසර 120ක් පමණ ජීවත්වූ අලින්ද සිට ඇත වසර 52 ක් දළදා කරඩුව වැඩමවාගෙන ගිය රාජා ලොව වැඩිම කලක් ජීවත්වූ ඇතා ලෙස ලෝක වාර්තා සපයන ගිනස් පොතට ඇතුලත්ව ඇත
                                                                  
ද්වේශ රහිත වූ යමෙක් බැණීම් ගැහීම් හා වධ බන්ධනත් ඉවසාද ,ඉවසීම බලය කොටත් බල ඇණිය කොටත් ගත් ඔහු උත්තමයෙකි

0 comments:

Post a comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine