පිටියේ නිරිඳු මා දකිමින් උයනේ සිට
හැරියේ පණිවිඩය යන මෙන් වාසලට
සරියේ නැති බැවින් ගෙදරින් යාමපිට
බැරියේ කී නිසයි මේ දුක වුනේ මට
දුටුවන් වශී කරන මනරම් රූ සපුවකින් හෙබි ඇහැළේපොළ කුමාරිහාමි සමඟ නොමනා සම්බන්දතාවයක් ශ්‍රී වික්‍රමසිංහ රජු පැතුවේ ඒ අයුරින්ය.එහෙත් වංශවත් මොණරවිල පරම්පරාවට අයත් එඩිතර නිර්භීත ජාති හිතෛෂියෙකු වූ කැප්පෙටිපොළ මහාධිකාරම්ගේ නැගණිය වූ කුමාරිහාමිට එම ගතිගුණ පිහිටියා පමණක් නොව පතිධර්මය ආරක්ෂා කළ ඇය වෙනත් පුරුෂයෙකු (රජ වුවද )සමග රහස් ප්‍රේම සම්බන්දයක් ඇති කර ගැනීම තුච්ච කොට සැලකුවාය.ඇගේ සැමියා මේ වන විට සපරගමුවේ රාජකාරී කටයුතු කළේය.රජ මාලිගාවේ සිට බලනවිට මහාධිකාරම් විසු (වර්තමාන ක්වීන්ස් හෝටලය)කුමාරිහාමි රජුගේ නෙතට ලක් වීමෙන් රජු තුල මේ අදහස් පන නගින්නට ඇත.එහෙත් ඇයගේ ගෞරවය ඉදිරියේ රජු පසුබා සිටියේ තරමක කේන්තියකිනි.තම පරමාර්ථය ඉෂ්ථ කර ගැනිමට නොහැකිවුවහොත් කවදාහෝ ඇගෙන් පාලි ගැනීමේ චේතනාවෙන් රජු බලාසිටියේය.ඇගේ කුලමානයටත් අහන්කාරකමටත් නිසි පාඩමක් උගන්වමියයි බල බලා සිටි රජුට මේ අවස්ථාව උදාවුයේ දෛවෝපගත ආකාරයකටය.
ශ්‍රී වික්‍රමසිංහ රජ නමින් සිංහාසනාරූඩ වූ මේ වඩුග කුමාරයා උඩරට සිංහාසනය උරුමකම් පැවතියෙක් නොවේ.ඔහු රජවුයේ රාජාධිරාජසිංහගෙන් පසුවයි.එතුමාගෙන් පසු සිහසුනට නම් කර තිබුනේ මුත්තුසාමි නැමැත්තෙකි.රජු ඇවෑමෙන් ඇතිවූ අරාජක සමයේ සිංහලයේ බලවතා වුයේ මහාධිකාරම් පිළිමතලව්වේය.පිළිමතලව්වේ මුත්තුසාමි කුමාරයාට සිහසුන බාර නොදී කන්නසාමිනම් කුමරුට(ශ්‍රී වික්‍රමරාජසිංහ රජු)සිහසුන බාර දුන්නේ තම සිතේ තිබු අදහස මුදුන්පත් කරගන්නා අටියෙනි.ඒ තමා පත්කළ රජු රූකඩයක් කර පාලනය කිරීමයි.එසේම ටික කලකින් රජු මරා හෝ නෙරපා හැර උඩරට යලිත් සිංහල රාජ පරම්පරාවක් ඇති කිරීමටය.වයස අවු;16 ක් පමණ කළ සිහසුනට පත් වූ කන්නසාමි කුමාරයා වයසින් වැඩෙත්ම වුයේ මහාධිකාරම් බලාපොරොත්තු නොවූ දෙයකි.එනම්,අධිකාරම්ගේ කටයුතු රජු වටහා ගැනීමයි.මෙහි අවසාන ප්‍රථිපලය වුයේ අසාර්ථක රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් ඇති කළ මහධිකාරම් පිළිමතලව්වේ රජුගේ අනින් හිස් ගැසුම් කෑ මරණයට පත්වීමයි.ඉන්පසු මහධිකාරම් වුයේ ඇහැළේපොළයි.ඇහැළේපොළ වනාහිද පිළිමතලව්වේගේ බෑනා කෙනෙකි.රජුට මේ පත්වීම අවලංගු කළ නොහැකිවූයේ උඩරට රදළ පරම්පරා අතර පිළිමතලව්වේ පක්ෂපාතින් රාශියක් සිටීමයි.ඒ නිසා නොකර බැරි විය.මෙවිට රජ කලේ ඔහු සතුරු මොල්ලිගොඩ නිළමේ දෙවෙනි අධිකාරම වශයෙන් පත් කිරීමයි.කෙසේ වෙතත් ඇහැළේපොළ මහාධිකාරම හා රජු අතර තිබු සැකය දිනෙන් දින වැඩෙන්නට විය.එය තහවුරු වුයේ රජුගේ දෙවැනි අභිෂේක මංගල්ලය නිසාවෙනි.
මහාධිකාරම වශයෙන් රජුට එවිය යුතු "දැකුම"වෙනත් අධිකාරම්වරුන්ට වඩා සුළු එකක්වූ අතර එය රජු ආපසු යැවීමෙන් මෙය සිත් අමනාපයකට තුඩු දීමක් විය.මොල්ලිගොඩ අධිකාරම ලිපිය කියවන්න නිතරම මහාධිකාරම රජු සමග මහනුවරම පදිංචි වුවත් මේ සිද්ධියෙන් පසු රජුට හොඳ ත්‍යාගයක් දෙමියි සිතූ ඇහැළේපොළ සබරගමු දිසාවට ගොස් එහි ආචාරියෙකුට රන් කඩුවක් හා ඔටුන්නක් සාදන ලෙස දන්වා ඇත.මෙය ඔහුට සතුරු රදලයින්ට කදිම අවස්ථාවක් විය.ඔවුහු ඇහැළේපොළ රජවන අදහසින් මෙවැන්නක් කරන බව රජුට දැන්වුහ.මෙහි සත්‍ය තත්වය කුමක්ද යන්න බැලිමට රජු ඇහැළේපොළ වහාම මහනුවරට පැමිණෙන ලෙස පැවසුවද වුයේ නොසිතු දෙයකි.
රජුට තිළිණ කිරිමට සිටි ත්‍යාගය (රන් කඩුව හා ඔටුන්න )තවමත් ආචාරියා සාදා අවසන් හමාර නොවූ නිසා තමාට ඒමට දින කිහිපයක් ගතවන බව ඇහැළේපොළ විසින් දන්වා එවන ලදී.නමුත් එසේ ගෙන පණිවිඩය මොල්ලිගොඩ අධිකාරම්ගේ සහචරයන්ට හසුවීමෙන් රජු අතට පත්වුයේ රජු කුපිත කරන ලිපියකි.රජු යලිත් මහාධිකාරමට මහනුවරට එමට කීවත් පහු ඊටද කීකරු නොවිය.මේ නිසා වුයේ ඇහැළේපොළ කුමාරිහාමි හා දරු පිරිස ඇපකාරයන් බවට පත්වීමයි.රාජ නියෝගයෙන් ඔවුන් මහනුවරින් පිටත් කර පල්ලදෙනියේ වලව්වේ ආරක්ෂා සහිතව නිවාස අඩස්සියක තබන ලදී.
මේ අතර මහාධිකාරම ඉංග්‍රීසීන්ට එකතු විමට තීරණය කරන ලදී.මේ සඳහා ජෝන් ඩොයිල් හා සාකච්ඡාවක් පැවැත්වීමට ඇහැළේපොළ මහාකාරම එක්නැලිගොඩ නිළමේ කොළඹට පිටත් කර හරින ලදී.මේ සාකච්ඡාවේ ප්‍රථිපල ඇහැළේපොළ කෙරෙහි සතුටුදායක ලෙස බලපෑ බව පෙනේ.ඒ අනුව උඩරටට විරුද්ධව ඇති කරනු ලබන කැරැල්ලක් තුළින් රජු පහ කිරිමට ආධාර දිමට ඉංග්‍රීසින් කැමැත්තක් පල කළහ.1814දි ඇහැළේපොළ සබරගමුවේ බටුගෙදරින් කැරැල්ලක් ඇති කලත් ඊට උඩරට රදළවරුන්ගේද ,ඉංග්‍රීසින්ගේද බලාපොරොත්තු සහයක් නොවිය.කැරැල්ල අසාර්ථක විය.ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් ඇහැළේපොළ සියලු නිලතලවලින් පහ කරන ලදී.රජුට පක්ෂව සිටි මොල්ලිගොඩ මහාධිකාරම් ධුරයට පත් කෙරින.මොල්ලිගොඩ විසින් සබරගමුව ආක්‍රමණය කර කැරැල්ල මර්දනය කරන ලදී.ඇහැළේපොළ සිය පාක්ෂිකයින්ද සමග ඉංග්‍රීසින්ගේ ආරක්ෂාව පතා කොළඹට පන යන ලදී.මෙම රාජද්‍රෝහී කුමන්ත්‍රණයට වන්දි වශයෙන් ඔහුගේ දු දරුවන් හා ඥාතීන් සිරභාරයට පත් විය.
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු මේ වන විට ඉතා දරුණු පුද්ගලයෙකු ව සිටියේය.රජුගේ ඇසුරේ සිටි ඇමතිවරු ඔවුනොවුන් එකිනෙකාට විරුද්ධව ගතු කේලම් කී නිසාද පිළිමතලව්වේ වැනි මහාධිකාරම්වරු රජු මැරවීම සඳහා කළ කුමන්ත්‍රණය නිසාද රජුගේ ඇමතිවරු අතර අමනාපකම් දිනෙන් දින වැඩි වී ගිය නිසාත් අවසාන මොහොතේ රජු පිස්සෙකු මෙන් ක්‍රියා කළේය.තමාට විරුද්ධව යයි සිතු හැමදෙනාම දෙතිස් වද දිදී මරා දමන ලදී.සමකාලින ඉංග්‍රීසි වාර්තාවල සඳහන් පරිදි රජු කල දරුණු අපරාධ රාශියක් ගෙන සඳහන් වේ.
කුඩා බිලිඳා ගේ සිඳලූ ගෙල වංගෙඩියට දමා රජු එය කොටන්නට මවට අණ කරත්ම ඇය සිහි විසන්ඥව බිම ඇද වැටුනාය.එසේ නොකළහොත් ඇයව ගහලයෙකුට පාවා දෙන බව රජු කිවේ පරණ කෝන්තරය සිහිපත් කරමිනි.ඒ දුටු ජනයා හැඩු හැටි තැඹීළිපොළ කවියා පෙරලි හටනේ දක්වා ඇත්තේ මෙසේය.
කිරි මතුවුණි උගුරින් කිරි පැනලා
ලේ මතුවුණි බෙල්ලෙන් ඇඟ තෙමිලා
ලේ සමගම කිරි මුව කැළඹිලා
ලේ විල උනි බිම මළුවත් ගලලා
දුටු දුටු අය සිහිපත් නැතිවෙලා
කොටවව් ඔලුගෙඩි වනට දමාලා
මට පව් නැත දැන් රැකවලු කියාලා
කැපු ඔලුගෙඩි ගෙන වනට දමාලා
යෙදුන පණත මෝලෙන් කොටවන්නේ
වැදුණු සැරේ මව් සිහි නැති වන්නේ
විඳින වෙහෙස මව් කුස තුල දන්නේ
හද ගිණි සැර රජ උදහස වන්නේ
කඩා කවව් අඩුවෙන් මස් උන්නේ
අඬා විලාපෙන් ඔලු කොටවන්නේ
කඩා ඉසුනි ලේ මුණට උන්නේ
අඬා බිසව් දෙරණත පෙරලන්නේ
මුණ පෙනෙයි රතු වදමල් පෙත්තේ
ගෑනු හඬති දුටු අය එක රොත්තේ
හානි වෙච්චි ඔක්කොම මේ වැන්නේ
පාන නිවුනි නරලොව මේ වැන්නේ
සියලු දෙනා මැරීමෙන් පසු අනතුරුව පැවතියේ භීෂණ යුගයකි.අවිචාර සමයකි.පැරණි සිද්ධි මත නඩු විභාග කරමින් වරදකරුවන් දරුණු ලෙස මැරවීම මේ යුගයේ නිරන්තරව සිදු කෙරිණි.පිළිමතලව්වේ විසින් මර්දනය කළ රජුට මර්දනය කිරිමට නොහැකිවූ කැරැල්ලට පවා සම්බන්ධවුවන් නැවත නැවත සොයමින් විභාග කරන ලදී.ඇහැළේපොළ හා සම්බන්ධකම් පැවැත්වූ නුවර කලාවියේ දිසාව ගාත්‍රා කපා හිස ගසා දැමිනි.ඇහැළේපොළට පක්ෂයයි සැක කළ සපරගමුවේ නිළමේවරු 47දෙනෙකු මරා දැමිනි.
ඇහැලේපොළ කුමාරිහාමිගේ දේහය මතුවූ ස්ථානය යයි සලකයි |
කුමාරිහාමිට පක්ෂව සිටි තවත් කුමාරිහාමිවරු 3දෙනෙකු බෝගම්බර වැවේ ගිල්වා මරා දැමිය.ඉංග්‍රීසි වාර්තාවන් (ඩේව් දුටු ලංකාව )සඳහන් කරන අන්දමට මේ සිද්ධිය දුටුවන් කම්පා කරවන
සිද්ධියකි.ඇහැළේපොළ ඛේදවාචකය පිළිබදව පසුකාලීනව ඒ යුගයට අයත් පොත් රාශියක සඳහන් වේ.ඒ අතර ඇහැළේපොළ හටන ,පෙරලි හටන ,රාජාවලිය,ඒ පොත් අතර වැදගත් වේ.ඇගේ ශෝකාලපයත්,ශාපයත්,ගැබ් කරමින් රචනා කර ඇති පහත සඳහන් කවි කීපය හිත පිත් නොවූ හදවතකට පවා ඉවසිය නොහැකි තරම් බව ඒවා කියන්නට වැටහේ.
අහස පොළව මේ තිරහන් කාලේට මතු බුදුවෙන හාමුදුරුවනේ
මමවත් මගේ දරු කල වරදක් නැත අසන්ඩවත් හාමුදුරුවනේ
වරද කලේ අප මහ නිළමේ වද අසන්ඩවත් හාමුදුරුවනේ
දළදා නාමෙට පිනට අරිනවද මතු බුදුවෙන හාමුදුරුවනේ
මහ ගබඩාවේ සතර දෙනෙක් ඉඳ කිරි පෙව් මැණිකෙයි ඉල්ලන්නේ
දෙතන දෙකේ කිරි පොවලා හරියට පව් ඇරලවාලයි ගෙන දෙන්නේ
කුසේ දැන ගිනි ඇවිලෙනවාවද ඇයි දෙව් අවනඩු නොලබන්නේ
නෙතින් වෑහෙන කඳුලැලි වැගිරෙනවා සත් පත්තනි දේවි නොලබන්නේ
කඩුව ලැබිලා වාසල එනවා අරහේ බලාපන් බුදු අම්මේ
මැණිකේ කපාලා වනට දමාලා මාත් කොටන්දෝ බුදු අම්මේ
මහවාසලයට සැල කරවාලා අප ගලවා ගන් අපේ අම්මේ
මෝඩ රජුන් හට කොච්චර කීවත් අප ගලවනු නැතිවද අම්මේ
මහ නිළමේ මට කල් බැඳලා සිට වැදු ඒ දරුවන් නොලෑබෙච්චි
දෙවනුව වැදු මගේ ඩිංගිරි මැණිකේට කිරි ටික බොන්නට බැරි වෙච්චි
අකාල කරුමෙට වදාපු දරුවන් වනේ කොටන්නට සිදු වෙච්චි
දෙමළ රජුන් හට හෙණයක් දෙන්නට සත් පත්තිනි දෙවි නැති වෙච්චි
රාජද්‍රෝහී කුමන්ත්‍රණවලට දෙන දඩුවම් ඕනෑම සමාජයක වුවද දරුණුය.එහෙත් ඇහැළේපොළ ඛේදවාචකයට තුඩු දුන් සපරගමු කැරැල්ල වූ කලි දරුණු එකක් නොවේ.ඊට සහභාගී වුයේ ද ස්වල්ප දෙනෙකි.නමුත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා උඩරට දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් අනුමත නීතිරීති පවා ඉක්මවා ගිය බව පෙනේ.ඒ බව ඊට පෙර පැවති රාජද්‍රෝහී කුමන්ත්‍රණ හා සසදා බැලීමෙන් පෙනේ.1760 කුමන්ත්‍රණය එතරම් දරුණු නොවේ.ඒ කුමන්ත්‍රණ2ද අසාර්ථක විය.
එහිදී දඩුවම් ලැබුවේ චුදිතයන්ය.නමුත් 1814 ඇහැළේපොළ කුමන්ත්‍රණයේදී අතිවිශාල සංඛයාවක් මරණයට කැපවුහ.සැකයට පවා භික්ෂුන්,ස්ත්‍රීන්,කුඩා දරුවන් පවා ඝාතනය කරන ලදී.කුල ගෞරවයත් අභිමානයත් නිසා ඇහැළේපොළ පරපුර කෙරේ රජුගේ ඉර්ශියාවත්
කුමාරිහාමි රජුට දෙමළ වදඩුගය යි අපහස කිරීමත් රජුගේ කෙරේ බලාපොරොත්තු වූ ඩේ ඉටු නොවීම නිසාද පෑහෙමින් තිබු බද්ධ වෛරය මෙය පෞද්ගලික පාලි ගැනීමක් ලෙස ඉස්මතු වූ බව ඉතිහාසඥයන් පෙන්වා දෙන මතයකි.
0 comments:
Post a Comment