හතේ විත්ති

2 comments
අපගේ එදිනෙදා ජිවිතයේදී 7 අංකය ඉතා වැදගත් වෙයි බොහෝ අවස්ථාවලදී 7අංකය වාසනාවද අවාසනාවද ගෙන ඒමට සමත්වේ එය එසේ වුවද හතෙන් කියවෙන බොහෝ දෑ අපට හමු වේ  සත් රුවන්  රන්  රිදී  මුතු  මැණික්  වෛරෝඩි දියමන්ති  පබළු  සත්සමුදුර  පියවි සයුර  ධුරමාලි  අග්නි මාලි අසි මාලි  දධි මාලි කුස මාලි  නළ මාලි සත් පියුම්  සුදු නෙළුම් නිල් නෙළුම් රතු නෙළුම් සුදු මහනෙල්  නිල් මහනෙල්  රතු මහනෙල්  ඕලු සප්ත රසය  මුල්  පොතු කොළ  කඳ මල් ඵල කීලීල සත්කුළු...
Read more »

සු සැට ආභරණ

3 comments
පුරාන කාලේදී කාන්තාවන් විතරක් නොවේ පිරිමින් පවා ආභරණ පැළඳගෙන සිට ඇති අතර මෙම ආභරණ සු සැට ආභරණ ලෙසින් හඳුන්වයි මෙම ආභරණ 64 පිළිබඳව වෛජයන්ත තන්ත්‍රය නම් පුරාණ පොතේ මෙසේ සඳහන්ව ඇත 1. පාදජාල= කකුල් වලට පැළඳි ආභරණයක් 2. පා මුදු= කකුලේ එක ඇඟිල්ලට මුදු තුන බැගින් ඇඟිලි දහයට මුදු 30කි 3.නුපුර=කකුල් වලට පළඳින ආභරණයකි 4.පාද සංඛලා=කකුල් වලට පළඳින ආභරණයකි 5.පාද කිංකිණි=කකුල් වලට පළඳින ආභරණයකි 6.කංසුතාලන්=කකුලේ ඇස්වටය ළඟ පළඳින් මාලයකි 7.පාඩගම්=ඇස් වටය ළඟ පළඳින වළල්ලක් 8.පටිමෝඩිං=පටි ආකාරයේ කකුලේ පළඳින් වළලු 9.පාදනු=කකුලේ...
Read more »

පුතුන් දහසක් බිහි කල කුමරිය

1 comments
 එක මව් කුසින් බිහිවූ පුතුන් දහසක් පිළිබඳව කථා පුවතක් චීන දේශාටක භික්ෂුවක් වූ හියුංසාන් ගේ දේශාටන වාර්තාවේ සඳහන් වේ. බොහෝ අතීතයේදී  එක්තරා තාපසයෙක් ඔයක දිය නාමින් සිටියදී මුවදෙනකට ලැබුණු ඉතා රූමත් කුමරියක දැක ඇය තම අසපුවට ගෙනවිත් පෝෂණය කළේය.ටික කලකට පසුව දිනක් එම තවුසා ගින්දර ටිකක් ගෙනෙන ලෙස පවසා කුමරිය වෙනත් තාපසයෙකු වෙත යැව්වේය.එම තවුසා දැරිය පා තබන තැන්වල පියුම් සළකුණ දැක පුදුමයට පත් විය.ඉක්බිතිව දැරිය ඇමතු තවුසා ඇය තම අසපුව වටා ඇවිද ආවොත් ගින්දර දෙන බව පැවසුවේය.තවුසාගේ කීම අනුව එසේ කළ කුමරිය ගින්දර...
Read more »

අපේ ගම් වල හැටි

0 comments
ගසට හෝ වැලක                        ට පෝර දිය දුන් පමණ                    ට  උසට සහ මහත                           ට  වැඩෙයි මල් පල දෙමින් මතුපි     ට කියනු කිම ? බොහො               දුර කළ එළි සුවඳ මල්                   බර පුර නම් සඳුන්  ...
Read more »

උඩරට ඇහැලේපොළ ඛේදවාචකය

0 comments
පිටියේ නිරිඳු මා දකිමින් උයනේ         සිට  හැරියේ පණිවිඩය යන මෙන්        වාසලට සරියේ නැති බැවින් ගෙදරින්        යාමපිට බැරියේ කී නිසයි මේ දුක වුනේ           මට දුටුවන් වශී කරන මනරම් රූ සපුවකින් හෙබි ඇහැළේපොළ කුමාරිහාමි සමඟ නොමනා සම්බන්දතාවයක් ශ්‍රී වික්‍රමසිංහ රජු පැතුවේ ඒ අයුරින්ය.එහෙත් වංශවත් මොණරවිල පරම්පරාවට අයත් එඩිතර නිර්භීත ජාති  හිතෛෂියෙකු වූ  කැප්පෙටිපොළ මහාධිකාරම්ගේ  නැගණිය වූ කුමාරිහාමිට එම ගතිගුණ...
Read more »

පුරාණ ගණිත ක්‍රමය

4 comments
ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි කොණ්ඩඤ්ඤ බුදු හිමියන්ගේ සිට සිදුහත් බෝසතාණන් වහන්සේ බුදුබව ලබන තෙක් ගතවී ඇත්තේ අසංඛ්‍ය කල්ප ලක්ෂයකි  එම කාලය තුල බුදුවරු 23 දෙනමක් ලොව පහළවී ඇත අසංඛ්‍ය කල්පයක් යනු පහත සඳහන් සංඛ්‍යා ලේඛනය අනුව ගණනය කර තිබේ දහය xදහය =සියය සීයxදහය =දහස දහසxසියය = ලක්ෂය ලක්ෂයxසියය = කෝටියයි කෝටියxකෝටිය =ප්‍රකෝටියයි ප්‍රකෝටියxකෝටිය =කෝටිප්‍රකොටියයි කෝටිප්‍රකොටියයිxප්‍රකෝටි = නහුත එකයි නහුත එකxකෝටිය =නින් නහුත එකයි නින් නහුත එකxකෝටිය =අක්කොබොහිනි එකයි අක්කොබොහිනි එකxකෝටිය =බින්දු එකයි බින්දු එකxකෝටිය...
Read more »

බෝසතාණන් වහන්සේ විවරණ ලැබූ අවස්ථා

0 comments
එක් එක් බුදුවරයන් වහන්සේගේ කාලයේ අප මහා බෝසතාණෝ නියත විවරණ ලබා ගැනීමට උපත ලබාසිටි ආත්ම භාවයන් පිළිබඳව බුද්ධවංශ අෂ්ඨකතාවෙහි මෙසේ දක්වා ඇත බුදුරජාණන් වහන්සේ                         විවරණ ලැබූ ආත්ම භාවයන් දීපංකර                                              සුමේධ තාපසව  කොණ්ඩඤ්ඤ                ...
Read more »

ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය

0 comments
මට බැන්නේය,ගැසුවේය ,මා පැරදවිය ,මාගේ දේ පැහැරගත්තේය. කියා ක්‍රෝධය සිත බැඳ ගැනීමෙන් වෛරය නො සන්සිඳේ . ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය සබරගමුවේ ඇති අතිශය වැදගත් බෞද්ධ සිද්ධස්ථානයකි කෝට්ටේ යුගය වන විටත මෙම විහාරස්ථානය ඉතා දියුණු තත්වයක පැවති හෙයින් මෙහි ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එහාටද දිවයතත් විහාරය පිළිබඳව ලිඛිත සාධක දක්නට ලැබෙන්නේ සීතාවක යුගයේ සිටය එම යුගයේදී දළඳා වහන්සේ ආරක්ෂාව සඳහා මෙම විහාරස්ථානයේ සඟවා තබා ඇත එම යුගයේ ලියවුනයි සලකනු ලබන රාජාවලියේත් සුළු රාජාවලියේත් දෙල්ගමු විහාරය සපරගමු විහාරය යන නමින් හඳුන්වා...
Read more »

ටීකා සීපද

1 comments
කවර කලද දිය පිට දුම්                 නගින්නේ කවර කලද ගල පිට මල්               පිපෙන්නේ  කවර කලද මෙර සුළඟට              වැනෙන්නේ කවර කලද තොපි අපි සරණය      වන්නේ  කවර කලද තං තාගර තෙයි            තාං කවර කලද දොං තාගර තෙයි          තාං කවර කලද තව ඩිංගක් තෙයි          තාං කවර කලද ඩිංගිරි මැණිකේ හාම්...
Read more »

කෙතෙන් සමුගත් වී වර්ග

0 comments
ශුවඥසයම්ජාත වරියන් හැල් රුවන් හැල් ගගුල හැල් ශංතුබ හැල් මුතුකිරි හැල් බරු හැල් පින්න හැල් කිරිබරු හැල් පොසොන් හැල් මුදු කිරිහැල් සංකුඩට දෙමහැල් මොරකුන් හැල් කැලි හැල් ඇබල හැල් දෝතම් හැල් වේකොල හැල් දැදිගම් හැල් නුගපත් හැල් උලකොඩ හැල් ඉදිපත් හැල් අවධි හැල් මී පත් හැල් ජාති හැල් මුතු හැල්...
Read more »

පිළිමතලව්වේ මහාධිකාරම් හා පරණතල අනුනාහිමියෝ

4 comments
වයෝවෘද්ධ වූ රාජාධිරාජසිංහ රජතුමා රජතුමා එස්වර්ගස්ථවීමට ඉතාමත් ආසන්න බවත් බේත්ගේ මුහන්දිරම් විසින් (රාජකීය වෛද්‍යවරයා) මහාධිකාරම (පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත රාළහාමි) වෙත දන්වා යවන ලදී පණිවිඩය ලත් මහාධිකාරම රජවාසලට එද්දී රජු ස්වර්ගස්ථ වී හමාරය එය රට පුරා පතල කිරීමට පෙර ඔහු වහාම රජුගේ ආදාහන කටයුතු පිළියෙළ කිරීමට කාන්ගර නිලධාරීන්ට (‍උඩරට රජවරුන්ගේ අවමගුල් කටයුතු භාර පිරිස) භාරකර අවමංගල්‍ය හා නව රජ කෙනෙකු පත්කිරීම සාකච්චා කිරීමට මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ඇතුළු කන්ද උඩරට පස් රටේ සියලුම...
Read more »

රජු සමග තරගයට කවි කී යුවතිය

2 comments
සෙංකඩගලපුර රජ කල තුන්වන නායක්කර් වංශික රජු වූ රාජාධි රාජසිංහ රජු දක්ෂ කවියකු මෙන්ම සිංහල භාෂාව හොදින් ප්‍රගුණ කල අයකු ලෙස ද සැලවේ රාජාධි රාජසිංහ රජුගේ ප්‍රසිද්ධ වුයේ මෙවැනි දේ වලට  පමණක් සිම නොවීය හෙතෙම කොතනකදී හෝ හැඩකාර තරුණියක් දුටු විට ඇය තම අන්තඃපුරයට ගෙන්වා ගැනීමට කිසිවිටකත් පසුබට නොවූ අයකු ලෙසද සලකයි වෙස්වලාගෙන තම රාජධානියේගම් දනව්හි සැරිසැරීම මේ රජුගේ සිරිතක් විය එසේ යන ගමනකදී දෙයියන්නේ වෙල ප්‍රදේශයේදී කුඹුරක පැල් රකින තරුණියක් රජුගේ ඇස් ගැටුණි ඇයට නොපෙනෙන සේ සිටි රජු මෙම කවිය කීය ලස්සන හිම වතේ පැලපිට...
Read more »

ජනකවිය

1 comments
ජන සාහිත්‍යකරුවා තම විරෝධය දුක්පීඩා සහ විවේචනය හාස්‍ය උපහාසය නිපදවාගනිමින් සමාජය වෙත එල්ල කිරීමේදී භාවිතා කල එක් ක්‍රමයක් වුයේ ජනකවිය වේ පහත දැක්වෙන්නේ එවැනි ආකාරයේ ජනකවිය  රොටී හබයක් සෑමවෙලාවකටම රොටී කෑම නොකැමති වූ පුරුෂයෙක් තම බිරියට මෙසේ බැනවැදුනි පුරුෂයා  රොටී රොටී සැම වේලෙම රොටී         යේ තුටී සේම ලිප වට කර සෑදී                 යේ වැටී සේම අප්පිරියා ගතී                    යේ රොටී නිසා...
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine