#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ඇත්තලවත්ත විහාරය

මෙම විහාරය 1761 කිර්ති ශ්‍රී රාජසිංහ රජු කල ඉදිකරවන ලද්දකැයි සලකනු ලබයි එම රජතුමාගේ නමින් මෙම ස්ථානයේ ඇත්හලක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම ඇතුන් බැඳ ඇති මෙම ප්‍රදේශය එකල ඇත්හලවත්ත නමින් ව්‍යවහාරවන බව ජනප්‍රවාදයේ පවතී එම ඇතුන් නෑවීමට යයි සකස් කල අමුණක් ද දක්නට ඇත පසු කලෙක මෙම භුමිය පුද බිමක් බවට‍ පත් කර සංඝයාගේ ප්‍රයෝජනය සඳහා පුජා කර තිබේ මෙම ස්ථානයේ පැවතී පුරාණ විහාරය දැවවලින් කල නිර්මාණයක් වශයෙන් පැවති අතර එය දිරා යාම නිසා පසු කලක වෙනත් විහාරයක් කරවා ඇත එම දැවපිට විහාරය මාදම්පේ සුමංගල ස්ථවිරයන් වහන්සේගේ සමයේ කඩා වැටී ඇති අතර එහි පැවති බුදු පිළිමය නැවත සකස් කර ඇති විහාරයේ තබා ඇත ඒ අනුව දැනට පවත්නා විහාරය ද පැරණි ගෘහ නිර්මාණ කලාව අනුව සකස් කර ඇති අතර මෑතක් වනතුරු ම එහි වහලට පැතලි උළු සෙවිලි කර තිබීමය තවද මහනුවර යුගයට අයත් චිත්‍ර මුර්තිවලින් දැනට පවත්නා විහාර මන්දිරය ද සකස් කර ඇත එසේම එකල පැවති ගෘහ නිර්මාණ කලාව ද මෙම විහාර මන්දිරය තුලින් දැක ගත හැකිය එසේම එහි බිත්තියක් අඟල් 18 පමණ ඝන වන බව පෙනේ මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුත්තක් නම් මහනුවර යුගයේ දී වැලිවිට සිල්වත් සමාගමේ ගනින්නාන්සේලා මෙහි වැඩ සිටි බවට‍ ජනප්‍රවාදවලින් හෙළිවීමය මෙම විහාරස්ථානය සතු විශේෂ අයිතියක් නම් ශ්‍රී පාදස්ථානයේ නායක පදවියට පත් කිරීම සඳහා ජන්ද බලය ඇති සබරගමුවේ පුරාණ විහාරස්ථාන පහ අතරට ඇත්තලවත්ත රජමහ විහාරය ද ඇතුලත් වීමය  

3 comments:

{ Supun Godakumbura } at: 4 March 2013 at 11:16 said...

අහම්බෙන් දැක්කේ. අත්තලවත්ත කීර්ති ශ්‍රී රාජසිංහ රාජ මහා විහාරය. අප්පට සිරි. අපේ ගමේ පන්සල නොවැ. තොරතුරු කොහෙන්ද ගත්තේ. එළ එළ. දිගටම ලියන්න.

{ Manasindiviyata } at: 4 March 2013 at 12:18 said...

අදමයි ආවේ හරවත් බ්ලොග් එකක්.දිගටම එන්නම්.ජය ඔබට

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

{ Hasitha Gunasinghe } at: 5 March 2013 at 18:59 said...

ෆොටෝ නැද්ද ??

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine