#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

෴෴වීරමුණ්ඩ දෙවියෝ෴෴


උඩරට ප්‍රදේශ කිහිපයක ඇදහීමට ලක්වන මේ වීරමුන්ඩ දෙවියන් වෙනුවෙන් පහත රට ප්‍රදේශයේ ඉදිකර ඇත්තේ දේවාල දෙකක් පමණි පැරණි ජනශ්‍රැති වලට අනුව මේ වීරමුන්ඩ දෙවියෝ ඉන්දියාවේ මලල රජුගේ පුත් කුමාරවරුන් තිදෙනාගෙන් එක් අයෙකි වැඩිමල් සොයුරා කළු කුමාරය බාල සොයුරා කුමාර බණ්ඩාරය මහත් කාය ශක්තියක් ඇති මේ කුමරුවන් තිදෙනාගෙ කියුම් මුල්කොට මහත් ජන උද්ඝෝෂණයක් පැන නගී ඉන් පිය රජු අසරණ වන අතර රජකමවත් බේරා ගැනීමට නොහැකි වූ විට ඔහු කරනුයේ මේ කුමරුවන් තිදෙනා අත්තික්කා ලීයෙන් තනන ලද යාත්‍රාවක නංවා රටින් පිටුවහල් කිරීමය අනේක විධ බාදක මැද ඒ යාත්‍රාව ලංකාවට පැමිණේ 

විරමුන්ඩ දෙවි උපත පිළිබඳව දේශීය ජනශ්‍රැතියක් ද ඇත මෙය කෝට්ටේ යුගයට අයත් වුවකි කෝට්ටේ යුගයේ උඩුගම්පළ රජ කල සකලකලාවල්ලභ රජුට තම යකඩ දෝලියේ බිසවගෙන් උපන් කුමරකු විය පිය රජුගේ ඇවෑමෙන් තමාට රාජ්‍ය උරුමය නොලැබෙන බව වටහාගත් කුමරු පියරජු මරා රජය පැහැරගැනීම සඳහා උපායක් යෙදිය දිනක් රජුගේ මඟුල් පොකුණේ දිය තුල යවුල් සිටවූ කුමරු පිය රජු දියට පනින විට ඒ උල්වල ඇණි මරණයට පත් වන ආකාරයට කටයුතු සැලැස්විය දිය නෑමට පොකුණට පැමිණි රජතුමා පොකුණු දිය දෙස බලද්දී දිය මත දෙබරකු වසා හිඳිනු දැක රාජ සේවකයන් කැඳවිය පොකුණ පරික්ෂා කල ඔවුන් විසින් සියල්ල හෙළි කරන ලදී සැලැස්ම ව්‍යර්ථවූ බව දැනගත් කුමරු වීරා නම් තම සමීපතම ආරක්ෂකයා සමග සමනළ අඩවියට ගොස් සැඟවුණි එහිදී සිත්තැවුලට පත්වූ කුමරු කුණුදිය පර්වතයෙන් පැන දිවිනසාගනී ඉන් පසුව කුමාරයාට අත්වූ ඉරණම නිසා සිත් තැවුලෙන් වීරා ද දිවි තොර කරගනී පසුව එම කුමරු කළු කුමාරයා ලෙසත් වීරා වීරමුන්ඩ දෙවියන් ලෙසත් දේවත්වයට පත්ව ඇත    

ඔහු විසින් මෙරටදී කරන ලද දස්කම් බොහෝය විල්බාව දේවාල මළුවට පැමිණි යකුන් බැඳ ගැනීම පිණිස ඔහු විසින් තල්ගස් දෙකක් එකට අඹරවා කඹයක් තනාගත් පුවත ඉතා රසවත්ය කෙසේ හෝ පසුව මහසඟරුවන විෂයෙහි දන් පුජා කිරීම් ආදියෙන් වඩාත් තෙදවත් වූ වීරමුණ්ඩ දෙවියෝ අප ජන සමාජයේ පවතින විවිධ උවදුරු නසා ජනතාවට සෙත සැලසීමට ඉදිරිපත් වූ බවට ජන විශ්වාසයක් පවතී

වීරමුණ්ඩ දෙවියන් පිළිබඳව මල්යහන් කවිවලින් සහ යාදිනිවලින් පැවසෙන අන්දමට ඔහු අතිශයින් කඩවසම් තරුණයෙකි එහෙත් උඩරට ප්‍රදේශයේ ජනවිශ්වාසයන්ට අනුව මෙම දෙවියන්ට පුද පුජා පැවැත්විය යුත්තේ ද සීරුමාරුවටය අඩුක්කු පිදීම උඩරට ගැමියන් මේ දෙවිඳුන් සඳහා කරන ප්‍රමුඛතම පිළිවෙතය එහෙත් මෙම අඩුක්කු පිදීම සඳහා කාන්තා පක්‍ෂය කවර ලෙසකින් හෝ සම්බන්ධ වීම සපුරා තහනම්ය පිරිමින් විසින් නියමිත වත්පිළිවෙත් අනුව පුදන ලද අඩුක්කුව පමණක් දෙවිඳුන් පිළිගනී එමෙන්ම වාර්ෂිකව පවත්වාගෙන යා යුතු මේ චාරිත්‍රය එක්වරක් හෝ අතපසු වීම වීරමුන්ඩ දෙවියන්ගේ උදහසට හේතුවක් බව ගැමියන්ගේ විශ්වාසය වේ

විරමුන්ඩ දෙවියන් සෙබල දේවතාවා ලෙසින්ද හඳුන්වනු ලබයි අසිපතක් අතකින් ගෙන රණකාමී විලාසයක් පෙන්නුම් කරමින් සිටී අතීතයේ කඳුරුගම වැව ඉදිකිරීමේදී මතුවූ නොයෙකුත් බාදක හමුවේ වීරමුන්ඩ දෙවියන්ගේ දෙවොල සමීපයේ නිතිපතා එක් පහනක් දැල්වීමෙන් ඒ සියලු බාදක දුරුවූ බව ජනප්‍රවාදයේ සඳහන්වේ එම පහන සංකේතවත් කරන පහන් කණුවක් අද වැව් කණ්ඩිය සමීපයේ ඇත එමෙන්ම වීරමුන්ඩ දෙවියන්ගේ තල්ගස් දෙකකින් කඹයක් ඇඹරීමේ හාස්කම සංකේතවත් කෙරෙන අපුරු වෘක්ෂලතා පිහිටීමක් ද මේ දෙවොල් බිමේ දක්නට ඇත

3 comments:

{ Gayani Wedage } at: 26 March 2013 at 13:15 said...

ඉතිහාසය පිළිබව ෙමවැනි කරුණු වලින් අපිව දැනුවත් කිරිම අගය කරමි.

{ සුදු මහත්තයා } at: 26 March 2013 at 15:25 said...

නියමයි 1st class

{ Hasitha } at: 29 March 2013 at 18:32 said...

සකල කලා වල්ලභයන්ගේ පුතා ගැන මේ ලිපියේත් කරුණු ඇති. සකල කලා වල්ලභයන්වත් දේවත්වයෙන් පුදනවා නොවැ

http://aagiyakatha.blogspot.com/2012/09/16.html

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine