#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

පුරාණ නිලතල හා තනතුරු

5 comments
වෛර සහිතව ජිවත් වන මිනිසුන් අතුරෙහි වෛර රහිතව ඒකාන්තයෙන්ම සුවසේ ජිවත්වන්න. වෛරී මිනිසුන් මැද අවෛරීව ජිවත්වන්න


මෙයට සියවස්‌ ගණනකට පෙර අප රටේ යක්ෂ ,නාග ,දේව ගෝත්‍ර වලට අයත් පිරිසගෙන් ජනාවාසවී පැවතුනා මේ පිරිස් අතරට ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආර්යන් ගම් තනාගෙන ජිවත් වුණා මෙසේ ජිවත්වුවන් අතර නොයෙකුත් නිලතල තනතුරු ඇතිඋනා මෙසේ ක්‍රමයෙන් වර්ධනය වූ තනතුරු මාලාව පොලොන්නරු අවධිය වන විට ඉතාමත් පුළුල් විය  පොළොන්නරුවේ රජකම් කල නිශ්ශංක මල්ල රජු දවසේ තනතුරු රාශියක් හෙබවුවන් රාජ සභාවේ අසුන්ගත් බව සඳහන් ඇත .මෙසේ ක්‍රමයෙන් ව්‍යාප්ත වූ වර්ධනය වූ තනතුරු මාලාව යුරෝපීයයන්ගේ ආගමනය වන විට පැහැදිලිව පරිපාලන හා ආගමික කටයුතුවලට සම්බන්ධව පැවතුනා ඔවුහුද මේ තනතුරු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගිය අතර ඒ අතරට අලුත් තනතුරු කිහිපයක්ද එක් කිරීමට‍ කටයුතු කරන ලදී මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ පරිණාමයට පත්වූ තනතුරු අද නාමමාත්‍රයකට සීමාවී පවතිනවා මෙයින් සමහරක් ගෞරවය දැක්වීම සදහා රජවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් පිරිනමන ලද ඒවායි අදත් දළදා මාලිගාව හා දළදා පෙරහැර සම්බන්ධ කටයුතු වලදී පාරම්පරිකව පැවත එන නිලතල හා තනතුරු සම්බන්ධ සුවිශේෂ පුද්ගලයන් එම කටයුතු වල යෙදෙන හැටි දකින්නට ලැබෙනවා මේ අතර පැරණි සිංහල රජවරුන් සදහා නොයෙකුත් සේවාවන් ඉටුකිරීමෙහි යෙදුනු තැනැත්තන් එම තනතුරුවලින් දිගින් දිගටම හැඳින් වුවා අද ඒවා පෙළපත් නාමයන් බවට‍ පත්ව ඇත මේ අතර පැවිදි සමාජයේද නොයෙකුත් තනතුරු ඇති උනා ක්‍රියාත්මක උනා මහාසාමි සංඝරාජ එවැනි තනතුරුයි 

ඈපා සහ මාපා 

රාජ්‍ය පාලනය ගැන සඳහන් කිරීමේදී ඈපා සහ මාපා යන තනතුරු යුගලය ඉතා වැදගත් වේ අනුරාධපුර යුගයේදී රජකම් කල රජුගේ රාජ්‍ය උරුමකරුවන් වුයේ මාපාය මොහුගේ පාලන ප්‍රදේශය වුයේ මායා රටය ඊලග උරුමකරුවා වුයේ ඈපා ය ඔහුගේ පාලන ප්‍රදේශය වුයේ රෝහණ රාජ්‍යය (රුහුණු රට )රෝහණ රාජ්‍යයේ පාලකයාවූ ඈපා පාලනයේ මනා පරිචයක් ලැබූ පසු මාපා තනතුරට පත්කර මායා රටේ පාලන පාලක තනතුරට පත් කෙරුණු බව අනුරාධපුර යුගයේ ‍‍එතිහාසික මුලාශ්‍ර වල සදහන් වේ මෙම තනතුරු යුගලය සමහර තැනෙක ආදිපාද (ඈපා )මහදිපාද (මාපා) යන නම් වලින් ද දක්න‍ට ලැබේ සිලාකාල රජු විසින් සිය වැඩිමල් පුත් මොග්ගල්ලාන කුමරු ආදිපාද තනතුරෙහිද දෙවැනි පුත් කුමරු මලය රාජ තනතුරෙහිද පිහිටෙව් බව චුල වංශයේ සඳහන් වේ පරාක්‍රමබාහු රජ මහපා (මහාදිපාද)සහ යුවරජ යන තනතුරු වලින් සිය සොහොයුරු පිදු බව පුජාවලියේ සඳහන්ව ඇත "රජතුමා සිය හස් මුදුව පාවිච්චි කළා සේම රාජකීය ලිපි පරිත්‍යාග ආදිය සහතික කිරීමට මහපාවරුන්ටද මුද්‍රාවක් පාවිච්චි කිරීමේ බලය තිබුන බව නිගමනය කල හැක .රාජ්‍ය පාලන කාර්යයේහිදී වැදගත් තැනක මොවුන්ට හිමි වූ බව මෙය ශාක්ෂි දරයි මේ තනතුරු ප්‍රධානය කිරීමේදී තමා කැමති තනතුරක් පුත්කුමරකු හට ප්‍රධානය කිරීම රජුගේ අයිතිවාසිකම අනුව සිදු කිරීම වී ඇත සාමාන්‍යයෙන් ඔටුන්න හිමි වැඩිමල් කුමරු හට යුවරාජ හෝ මහදිපාද තනතුර ප්‍රධානය කළබවත් අනික පුත් කුමරුන් හට උපරාජ නැතහොත් ආදිපාද තනතුර හිමිවී ඇත  

ඇමති සහ මහඇමති 

මේ රටේ ආර්යයන් ගම් ඉදිකොටගෙන වියලි කලාපයේ ජිවත් වූ බව මහාවංශය චුල වංශය හා සෙල්ලිපි වලද සදහන්ව ඇත මෙසේ ජිවත්වුවන්ගෙන් අයෙක්‌ රජපදවියට පත්වූ බවත් හෙතෙම තවත් කිහිප දෙනෙකුගේ සහයෙන් එකී ප්‍රදේශ පාලනය කල බවත් සදහන්ව ඇත මෙසේ රජුට සහය වූ පිරිස ඇමතිවරුන් ලෙසින් හදුන්වා ඇත තමා ඥානවන්ත,වීර්ය සහගත පක්ෂපාත ඇමති මණ්ඩලයක් පත්කරගත් වග ලීලාවතී රැජින සිය සෙල්ලිපියකින් හෙළිකර ඇත සයවැනි පරාක්‍රමබාහු රජු අමාත්‍යයන් පිරිවරා සිංහාසනාරූඨව ඉඳ ව්‍යවස්ථා වදාරා ලු බව ඔරුවල සන්නසේ දැක්වේ පාලනයේ ප්‍රධානියා රජුය ඊලඟට මුදල් යුද්ධ කටයුතුඕආදී ඒ ඒ දෙපාර්තමේන්තු භාරව සිටි ඇමතිවරු වුහ ඇමති මණ්ඩලයේ ප්‍රධානියා මහඇමති වේ වංශකතාවල 'අමච්ච' නමිනුත් ශිලා ලිපිවල 'අමෙති ' 'අමත'වැනි විවිධ සිංහල ප්‍රාකෘත රුපවලිනුත් හඳුන්වා ඇත්තේ ඇමතිවරුන්ය එමෙන්ම දුටුගැමුණු ගැමුණු රජුගේ බොහෝ යුද්ධ නායකයන් හඳුන්වා ඇත්තේ අමච්ච නමිනි 

මුදලි හා මුදලිඳු 

මෙය මුදියන්සේ වශයෙන්ද භාව්ත යේ පවතී තවද මුදියන්සේ යන්නද වර්තමානයේ පෙළපත් නාමයක් ලෙස භාවිතා කරති මුදලි යන නාමය පුරාණයේ හැඳින්වුයේ කෝරල හා පත්තු ආදියේ ප්‍රධාන මුලාදෑනියාය මොවුන් අතරින් ප්‍රධානියා මුදලිඳු නැතහොත් මහමුදියන්සේ යන නාමයෙන් හැඳින්වුණි පැරණි ක්‍රමය තුල අවශ්‍ය හමුදා සංවිධානය කෙරුනේ මුදලි නම් බලදරයා විසිනි ග්‍රාමීය මට්ටමින් හමුදා සංවිධානය කලේ ආරච්චිවරුය ඔවුහු ග්‍රාමීය බල එකක ගෙන යුද්ධයට ගිය අතර ගම් මට්ටමින් සංවිධනය කල ඒකක කිපයකට මුහන්දිරම් නායකත්වය දුන්හ මේ සියලු කණ්ඩායම් වලට නායකත්වය දුන්නේ මුදලිය 

අධිකාරී   

රජුට පමණක් දෙවැනි වූ ඈපා මාපා යන තනතුරුවලට වඩා බලවත්වූ තනතුරකි සමහර යුගවලදී යුද්ධ හමුදාවේ නායකයකු වශයෙන්ද තවත් අවස්ථාවල පාලන අංශවල ප්‍රධානියකු ලෙසද ඇතැම්විට මේ දෙයාකාරයෙන්ම සේවය කර ඇත මෙම තනතුර කුමන කලක ආරම්භ වුවාදැයි ස්ථිරවම කිව නොහැකිය සිගිරි පදයක් ලියු නක්කාමාඩම්බියා නමැති දාස අධිකරියකු ගැන සිගිරි පද්‍යයක සඳහන් වේ (සිංහල විශ්ව කෝෂය )පොළොන්නරු යුගයේ සිට අධිකාරී තනතුරු කීපයක්ම පවතී බවට‍ සාක්ෂ්‍යය ඇත කෝට්ටේ යුගයෙන් පසු අධිකාරී තනතුර අදිකාරම් අධිකාරම් හෙවත් අදිකාරම් වශයෙන් වෙනස්වී ඇතමහනුවර යුගයේදී පාලන බලතල අතින් අධිකාරම් දෙවැනි වුයේ රජුට පමණි    18වන සියවස වන විට මහනුවර රාජධානිය දිසාවන් නැතහොත් දිස්ත්‍රික්ක 10 කින් සැදුම් ලද බවත් මෙහි පාලනය ගෙන යාමේදී අධිකාරීන් දෙදෙනකු සහයවූ බවත් ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කරයි මෙම තනතුර හෙබවුවන් කිහිප දෙනෙකු මෙසේය 

1පිළිමතලව්වේ මහාධිකාරම 
2කැප්පෙටිපොල මහාධිකාරම 
3දස්කොන් මහාධිකාරම් 
4ඇරැව්වාවල මහධිකාරම් 

නිලමේවරු 

නිලමේ යනු උසස් ගරුකටයුතු තනතුරක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනේ දළදා පෙරහැර හා සම්බන්ධ වන නිලධාරින් රාශියක්ම නිලමේ යන නාමයෙන් හැඳින්වුණු බව පැහැදිලිව ඇත 

ගජනායක නිලමේ 
කොඩිතුවක්කු නිලමේ 
දියවඩන නිලමේ 
සළුවඩන නිලමේ 

විදානේවරු 

මෑත කාලයේ ගම්මුලාදෑනියා වෙනුවට විදානේ යන පදය භාවිතා කලත් විදානේ යන්න කලකට පෙර වැදගත් තනතුරක් විය දිසාවක් භාර පාලකයා දිසාව හෙවත් දිසාපති යන නමින් හැඳින්වූ අතර කෝරලයක් භාර වුයේ කෝරලේ විදානේටය මේ හැර බද්දක නායකයාද විදානේ නමින් හැඳින්වුණි 
මහා බද්දේ විදානේ (කුරුඳු තැලීම පිලිබඳ බද්ද )
කුරුවේ විදානේ (ඇතුන් ඇල්ලීම පිළිබඳව  බද්ද)     
මරාල විදානේ (මරාල බද්ද )

කෝරාළ 

රට පාලනයේදී පළාතක් බෙදුණු උප කොටසක් වුයේ කෝරලයයි කෝරලයක් භාරව සිටි තැනැත්තා කෝරල නමින් හැඳින්වුණි මොහුගේ දෙවනියා අතුකෝරල නම විය අතුකෝරාල යන නම වර්තමානයේදී පෙළපත් නාමයක් වශයෙන් භාවිතා කරයි 

රටේ මහත්මයා

රටේ මහත්මයා හෙවත් රටේ මහත්තයා පැරණි සිංහල රජ දවස සුවිශේස තනතුරක් හොබවන්නෙක් විය පහතරට‍ ප්‍රදේශවල මුදලි තනතුරට සමාන තනතුරක් වශයෙන් සැලකෙන මෙම තනතුර උඩරට ප්‍රදේශවල පාලන කටයුතු වලදී නිතරම පාහේ සඳහන් විය ජනපදයක් හෝ කෝරලයක හෝ පාලනය කල උඩරට නිලධාරියා මේ නමින් හැඳින්වූ බව සුමංගල ශබ්ධ කෝෂයේහිද සඳහන් වේ ඉංග්‍රීසින් ගේ පාලන සමයේ කොලොන්න කෝරලය පාලනය කල මඩුවන්වෙල රටේ මහත්මයා ගැන අදත් නිතරම වාගේ අසන්නට ලැබේ ආර් එල් ස්පිට්ල් විසින් රචනා කරන ලද ‍Far off Things නම් ග්‍රන්ථයේ මඩුවන්වෙල රටේ මහතා ගැන මෙසේ සඳහන් වේ මඩුවන්වෙල තද උණෙන් පෙළුණේය ඉදිමුණු දෙපා මත වේදනාකාරී වණ හටගෙන තිබිණි එඩිතර නිර්භය නායකයකුව සිටියදි ඔහු තුල වූ ආකර්සණිය ජිවය ඔහු කෙරෙන් සහමුලින්ම පාහේ බැහැරව තිබිණි දළදඬු බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවා සාම්ප්‍රධායික ප්‍රාදේශීය ස්ව්‍යිරි පාලනයක් පවත්වාගෙන යාමට සමත්වූ මෙවන් නායකයකු මේසා බෙලහීනත්වයට පත්ව සිටිනු දැකීම සැබවින්ම ශෝකජනකය   රටේ මහත්වරුන්ටද විශේෂ වූ කොඩියක් විය මහනුවර දළදා පෙරහැර පැවැත්වෙන අවස්ථාවලදී දිසාවෙවරුන්ට පසුපසින් රටේ මහත්වරුන්ද තමන්ගේ කොඩිය සහිතව ගමන් කල බව ආනන්ද කේ කුමාරස්වාමි මහතා මධ්‍යකාලින සිංහල කළා යන කෘතියේ සඳහන් කොට ඇත

ගම්ලද්දා 

ගම් පාලනය කල තැනැත්තන් ගමික ,ග්‍රාමති ,ගාමණී යන නම් වලින් හැඳින්වුනා මිහින්තලයේ එක් සෙල්ලිපියක අන්තර්ගතය මෙසේය    


  • ගමික ජිත උපශික බඩය ලෙහෙ ශගශ=  (ගම් නායකයකුගේ දුවක වන උපාසිකා බඩය විසින් මෙම ලෙන මහා සංඝයාට පුජා කරන ලදී)

මහ අලුගමුව සෙල්ලිපියක කොටසක් මෙසේයි 

  •  ගමිනි තිශ මහරජන පුත කරක තිශහ ලෙනේ සුදශන =(සුදර්ශන නමැති මේ ලෙන තිස්ස මහරජතුමාගේ පුතුවන දරක තිස විසින්) පුජා කරන ලදී 
 මෙසේ කුඩා ගමක් පාලනය කල තැනැත්තා ක්‍රමයෙන් බලවත් වී කුඩා ගම් කීපයක නායකයා බවට පත්වුණා එයිනුදු සෑහිමකට පත්නොවූ ඔවුන් පසුකලෙක නරපතියන් බවට‍ පත්වුණා බොහො නරපතියන්ගේ නාමයන් අවසානයට ගාමිණි යන්න එක්වී ඇත්තේ මෙහි ප්‍රතිපලයක් වශයෙනුයි ගාමිණී ගම්දෙටුවා (ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය) පසුකාලීනව මේ තනතුර නොයෙකුත් නම්වලින් හැඳින්වෙන්නට පටන්ගත්තා එයින් කීපයක් මෙසේයි වර්තමානයේ මේ ගම්ලද්දා තනතුර  විදානේ, ආරච්චි රාලහාමි ,ගම්මුලාදෑනි ,ග්‍රාමසේවක යන නම් වලින් හැඳින්වීමට පටන්ගෙන තිබෙනවා අතීතයේ හා වර්තමානයේ මේ තනතුරට හිමි කාර්යයන් අතර විශාල වෙනස් කම පවතිනවා පුරාණයේ සුළු සුළු ආරවුල් විසඳීම වැනි කටයුතුත් ගම ප්‍රධානීන්ට පැවරී තිබුනා එමෙන්ම තමන්ම රාජ්‍ය නිලධාරියකුගෙන් අසාධාරණයක් සිදුවූ අවස්ථාවේදී ඒ ගැන පළමුවෙන්ම පැමිණිලි කල යුත්තේ ගම් ප්‍රධානියාටය ඔහුගේ තීරණයෙන් සෑහීමකට පත්නොවුනුත් අනතුරුව පළාතේ ප්‍රධානියවූ අධිකාරිට ඒ ගැන පැමිණිලි කල යුතුය මෙසේ සඳහන් වෙන්නේ ආනන්ද කේ කුමාරස්වාමි මහතාගේ මධ්‍යකාලීන සිංහල කළා යන කෘතියේය 

අලියා   වැටුණු    වැව  ආරච්චි          රාලට
මුවමස් ගෝනමස් හිඟ නොමැත      කෑමට  (විමලරත්න කුමාරගම)

රාල 
රාල යන පදය බොහෝ පද අගට ඈදුණු පදයක් ලෙස හැඳින්වීමට හැකිය මෙයින් ගෞරවයක් හැගවුනි රාල යන පදය ඇඳුනු පද රාශියක් අපේ ව්‍යවහාරයේ පවතී ඒ සෑම පදයකින්ම යම්කිසි කාර්ය භාරයක් සතුව පවතී යම්කිසි පුද්ගලයකු හැඳින්වේ ගමරාල කපුරාල රටේ රාල 

පල්ලා හෙවත් පාල 

අපේ පැරණි පොත්පත් වල දක්නට ලැබෙන එක් පදයක් ලෙස පල්ලා හෙවත් පාල සඳහන් කල හැක මෙහි අර්ථය රැකබලාගන්නා යන්නයි උයන්පල්ලා ගොපල්ලා දොරටුපාල මේ එම අර්ථයෙන් යෙදුනු තනතුරු කීපයකි 

පුරෝහිත 

පැරණි රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමෙහි යෙදුනු සුවිශේෂ පුද්ගලයකු මේ නමින් හැඳින්වුනා මේ තනතුර පිළිබඳව මධ්‍ය කාලින ලංකා සමාජය නම් පොතෙහි මෙසේ සඳහන් වේ රාජ සභාවෙහි ස්ථානයක් හිමිව බලවත්ව සිටි තවත් නිලධාරියකු නම් පුරෝහිතයයාය සෑම කටයුත්තකදිම රජුගේ අනුශාෂකයා වූයේ ඔහුය එහෙයින්ම ඔහු රජුගේ ඉතාම හිතෙශිවන්ත විශ්වාසදායක මිත්‍රයාද විය සිංහල රාජධානියේ අවසාන යුගය දක්වාම මේ පුරෝහිත තනතුර පවතී බැව් පෙනේරජවරුන්ට පුරෝහිතකම් කල ඇතැමෙකු රජු දුර්වල අයකුවූ අවස්ථාවලදී රාජ්‍ය බලය පවා පැහැරගත් බව පොත පතෙහි සඳහන් ව ඇත 

සේනාපති 

සේනාපති තනතුර රාජ්‍ය පාලනයේදී ඉතා වැදගත් වුවක් විය බ්‍රාහ්මි ශිලාලිපිවල මෙම තනතුර 'සෙනපිති ' යනුවෙන් දක්වා ඇත සේනාපති යනු එක පුද්ගලයකු විසින් දරන ලද තනතුරක් නොවූ අතර එක රජකුට සේනාපතින් කීප දෙනකු හෝ රාශියක් සිට ඇත  අන්ගාරක්ෂක සේනාවේ ප්‍රධාන නිලධරයා බඹ සෙනෙවි යන නිලනාමය එක තැනක සඳහන්ව ඇත සක්ක සේනාපති යන්න වංශ කතාවේ එන තවත් සෙනෙවි තනතුරකි අන්ධ සේනාපති යන්නද මෙවැනි තනතුරකි  යුද්ධ හමුදාවේ නායකයා සේනාපති හෙවත් සේනානායක යන නමින් හඳුන්වනු ලැබූ බව පෙනේ මේ අතරින් ප්‍රධානියා සෙනෙවිරත් විය හැක සේනානායක යන්න අද මේ රටේ පෙළපත් නාමයක් බවට‍ පත්ව ඇත වර්තමානයේ මෙන් නොව අතීතයේ එම තනතුර සඳහා තෝරාගනු ලැබුවේ රජුගේ විශ්වාසවන්ත ඥාතියෙකි එසේ නැතහොත් රජු සිංහාසනයෙන් නෙරපා දැමීමට තරම් බලසම්පන්නව මොහු කටයුතු කල අවස්ථා ඇත එසේම සේනාපති තමන්ට අවශ්‍ය තැනැත්තාට රාජ්‍ය උරුමය ලබාදීමට කටයුතු කල අවස්ථාද ඇත දුටුගැමුණු රජුගේ සේනාවේ සේනාපතිවරුන් අතරින් ප්‍රධානියා මිත්ත හෙවත් නන්දිමිත්‍ර බව ශිලලිපිවලට අනුව පෙනේ ධාතුසේන රජුගෙන් පසුව රාජ්‍ය උරුමය කාශ්‍යප කුමරුන්ට ලබාගැනීමට ඔහු පොළඹවන ලද්දේ රජුගේ සේනාපති විසිනි  එමෙන්ම විජයබාහු රජතුමා මරුමුවට පත්කරවූ මිත්ත නම් සෙන්පති ගැන චුලවංශයේ සඳහන්ව ඇත සේනානායක යන තනතුරු දැරූ එක් ප්‍රකට තැනැත්තකු වන්නේ සපුමල් කුමාරයාය මොහු මෙම තනතුරු දරන ලද්දේ 6 පරාක්‍රමබාහු රජුගේ සමයේය ඒ බව සැළලිහිණි සංදේශයේ එන මෙම පද්‍යයෙන් පැහැදිලිවේ 

නිල තුරගුට නැගෙමින රිවි දෙවි සිරින 
දුල කර සේසත් මිණි බරණ කිරණින 
බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙන 
බල සේනානායක සපු කුමරු එන 

සෙට්ඨි හෙවත් සිටු 

ජාතක කතා කියවන කවරකුහට වුවද හොඳ හැටි පුරුදු වදනක් ලෙස සෙට්ඨි හෙවත් සිටු යන්න සඳහන් කල හැක එමෙන්ම බුදු සිරිත හා ඈදුණු යම් යම් සිදුවීම් වලටද මේ වදනින් හැඳින්වෙන තැනැත්තන් සම්බන්ධවී ඇති සැටි පැහැදිලිව පෙනී යයි පැරණි සමාජයේ ධනය රැස්කරගත් අයට සිටු තනතුරු රජු විසින් ප්‍රධානය කරනු ලැබුවා එමෙන්ම  සිටු තනතුරු ලද තැනැත්තන් රාජ්‍ය සේවාවන් හිදී නිරතව ඇත "රජු විසින් දිනපතා අණ දෙන ලද නිලධාරීන්ගේ නාම ලේඛනයේ සිටුනා දඇතුලත් බව කඳවුරු සිරිතෙහි එන දහම් ගෙයිනා ,මහ වෙලෙද්නා,සිටුනා යන පාඨයෙන් පෙනේ මින් පෙනෙන්නේ ඔහු පිටද කිසියම් රාජ කාර්යයක් පැවරී තිබුණු බවයි සිටුනා නමැති නිලධාරියා මහ වෙලෙද්නා නැමැත්තා ගෙන් වෙනස් කෙනෙකු වූ බව මෙයින් අපට වටහා ගත හැක"(මධ්‍ය කාලින ලංකා සමාජය )පුරෝහිතයන් මෙන්ම සිටුවරුන්ද සමහර විටෙක රාජ්‍ය බලය තමන් සතු කරගැනීමට කටයුතු කල අවස්ථා ඇත පළමුවන විජයබාහු රජුගේ කාලයේදී ප්‍රධාන ජත්‍රගාහක අධිකරණ නායක සහ සිටුනායක යන නිලධාරින් තිදෙනා විසින් ඇති කරන කැරැල්ලක් ගැන චුල වංශයේ සඳහන් වේ 

මොහොට්ටාල 

මේ තනතුර සමහර කාලවකවානුවල දී මුකවෙටි යන නමින්ද හැඳින්වුණු බව මෙය ලේකම් නැතහොත්  රාජ්‍ය ලිපි ලේඛන සකසන්නා වශයෙන් හඳුන්වන්නට පිළිවනි ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ මේ තනතුර විස්තර කරන්නේ මේ ආකාරයෙනුයි "රාජ මුඛයෙන් ප්‍රකාශ වන අණපනත් ආදිය ලියන්නා"මොහොට්ටාලලා සතුව අධිකරණ බලතල පවතී බවටද සඳහන් වී තිබෙනවා ඒ අතර අධිකරණ ක්ෂේස්ත්‍රයේ අළුත් සංස්ථා බිහිවීම නිසා ආදී තන්ත්‍රය තුල සැලකිය යුතු අධිකරණ බලයක් ඉසිළු බස්නායක හා මොහොට්ටාලලාගේ සේවාව තවදුරටත් අවශ්‍ය නොවේ (ලංකා සිවිල් සේවාවේ ඉතිහාසය) -මහාචාර්ය M.U ද සිල්වා      

 කනකපුල්ලේ 

මොහොට්ටාල තනතුර සමග නිතරම වාගේ ඇඳි කියවෙන තවත් තනතුරක් වශයෙන් කනකපුල්ලේ හැඳින්විය හැක මේ තනතුර දැරූ තැනැත්තා රජයේ ගනන්හිලව් ලියා තැබූ නිලධරයා ලෙස හැඳින්වෙනවා සමහර තැනක මෙය කනක්පුල්ලේ වශයෙන්ද සඳහන් වෙනවා කෝරලේ විදානේට සහය පිණිස අතුකෝරාල මොහොට්ටාල සහ කනකපුල්ලේ ආදී වශයෙන් හැඳින්වුණු නිලධාරීන් රැසක්විය ආණ්ඩුවට ගෙවිය යුතු මුදල් හදල් එකතුකර එය ගෙවීමත් බද්ද භාර විදානේගේ ප්‍රධාන වගකීම විය මේ කාර්යයන් ඉටුකිරීමට මොහොට්ටාලලා ද කනකපුල්ලෙලා ද තවත් සුළු මුලාදෑනින් විදානේට සහය විය       

අතපත්තු 

පැරණි තනතුරු අතර ජනප්‍රියවුවක් බව සදහන් කල යුතුය සමහර අවස්ථාවලදී මෙම තනතුර අතපත්තු මුදලි නමින්ද හැදින්වෙනවා මේ පිලිබදව දීර්ඝ විස්තරයක් ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ සඳහන් වෙනවා රජුගේ හෝ දිසපතියකුගේ ආරක්ෂක භට හමුදාව ,රජ අතපත්තුවට කාලය මනින පෑ තැටිය ද භාරය එහෙයින් වේලාව දැක්වීමද ඔවුන්ට‍ අයත්ය දිසාපති අතපත්තුවට පණිවිඩ පනත් ගෙනයැම ,මහකොඩ්ය,ලේකම්මිටිය,මුර ආවුද යන මේද භාරවිය සිරකරුවන් ආරක්ෂාකිරීම හා දිසාපතිතුමා සමග රට මැද යාමත් ඔවුන්ටම භාරවිය මේ අනුව අතපත්තු නිලය දැරුවන් සතුව විශාල කාර්ය බාරයක් පැවති බව පෙනෙනවා මෙම විවිධ කාර්යයන් අනුව අතපත්තු තනතුර විවිධ නම් වලින් හැඳින්වූ බව පෙනෙන්නට තිබෙනවා මෙම තනතුර සදහා විදෙශියන්ගේ පාලන සමයන් තුලදී තෝරාගන්නා ලද්දේ ඉංග්‍රීසි දැනුම ඇත්තන් බව සඳහන් වෙනවා මෙයට හේතුව විදේශීය නිලධාරීන් සහ ස්වදේශීය මුලාදෑනින් සම්බන්ධීකරණය කරන ලද්දේ අතපත්තු මුදලි විසිනි අතපත්තු සේවයට මුදලින් පඩි ගෙවීමක් නොවුවද ඔවුන්ගේ ජීවිකාව සඳහා ඔවුන්ට‍ඕආණ්ඩුවෙන් ගම්බිම් ලැබිණ මේ ගම්බිම් හැඳින්වුයේ අතපත්තු ගම් හෙවත් අතපත්තු පංගුව යන නමිනි (සිංහල විශ්ව කෝෂය ) අතපත්තු තනතුර හා සේවය කවර කලෙක මෙරට ආරම්භවිදැයි නිශ්චය වශයෙන් කිව නොහැක ලංකාවේ ඇතැම් පළාත්වල අතපත්තු පෙළපත් නාමයක් වශයෙන් භාවිත වේ 

ආරච්චි

වර්තමානයේ ආරච්චි යන පදය කවර අර්ථයකින් යෙදුවත් මුල් කාලයේ එය භාවිතා කර ඇත්තේ සිංහල හමුදාවේ සේනාංකයක් භාරව සිටි තැනැත්තාය 

යුරොපියන්ගේ පාලන සමයේ ඇතිවූ නිලතල තනතුරු 

1505පෘතුගීසින්ගේ ලංකා ගමනයෙන් ආරම්භවූනු යුරෝපීය පාලන සමයේ 1948 දක්වා අඛණ්ඩව පැවතුනා පෘතුගීසීන්ගේ හා ලන්දේසි න්ගේ පාලනය මේ රටේ මුහුදුබඩ ප්‍රදේශයට සිමාවුවත් ඉංග්‍රීසින්ගේ පාලනය මුළු රටේහිම ව්‍යාප්ත වුනා මොවුන්ගේ පාලන සමයන්හිදී එතෙක් පැවතගෙන ආ නිලතල හා තනතුරුවලින් සමහරක් එසේම තිබියදී ඔවුහුද අලුතින් යම්  යම් තනතුරු නිලතල ඇති කිරීමට‍ කටයුතු කළා 

1 විදොර්ද  පැසෙන්ඩා -ආදායම් කටයුතු භාරව ක්‍රියාකරන්නා මෙය පෘතුගීසීන් සමයේදී ඇතිව තිබේ
2ඔව්දෝර් -අධිකරණ නිලධාරියා -පෘතුගීසි සමය
3කොලෙක්ටර්වරයා-ආදායම් පාලක -ඉංග්‍රීසි සමය
4වාණිජ නිලධාරී-වෙළෙද කටයුතු භාර -ඉංග්‍රීසි 
5ගණකාධිකාරී -ඉංග්‍රීසි 
6ඇඩ්වකේට් පිස්කල් -අධිකරණ කටයුතු භාර -ඉංග්‍රීසි 
7සිවිල් සේවක -පාලන කටයුතු භාර -ඉංග්‍රීසි 
8තෝල්ක මුදලි -භාෂා පරිවර්තක කටයුතු භාර -ඕලන්ද 
9අවුමිල්දාර්-බදු එකතුකිරිම ඉංග්‍රීසි 
10 D.R.O -ආදායම් පාලක -ඉංග්‍රීසි 
11ගබඩාපති-ආදායම් පාලක සහයක -පෘතුගීසි 

සෙල්ලිපිවල හා පොතපතෙහි සඳහන් නිලතල 

නිකාය සංග්‍රහය සිංහල පාඨකයන් අතර ප්‍රකට ග්‍රන්ථයක් බව කිවයුතුය මෙහිද පැරණි නිලතල ගැන යම් කරුණු සඳහන්ව ඇත මහලේනා ,මහරැටිනා,අනුනා,සභාපතිනා,සිරිත් ලේනා,දුලේනා,වියත්නා ,මහවෙදනා ,මහනැකතිනා,එයින් කිහිපයකි 

මහලේනා
රාජ්‍ය කටයුතු පිලිබඳ ලේකම් හා කාර්යයේ ප්‍රධානියා වශයෙන් සැලකේ 
මහරැටිනා
රට නමින් හැඳින්වුණු කුඩා පාලන ප්‍රදේශය භාර නිලධාරීන්ගේ ප්‍රධානියා ලෙස සැලකේ අනුරාධපුර යුගයේ ශිලා ලේඛනවල රටිය රටික රටලද්දන් ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙම තනතුර හෙබවුවන්ය

අනුනා
මෙම තනතුර සෙනාපතිවරුන්ගේ දෙවැන්නා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වේ එහෙත් මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතාගේ අදහවන්නේ මහරැටිනගේ කාර්යන්ට සහබාගිවූ තවත් ප්‍රධාන පෙලේ ඇමතිවරයකු යන්නයි

සභාපතිනා
විනිශ්චයකාරවරුන්ගේ ප්‍රධානියා වශයෙන් සැලකේ

සිරිත් ලේනා

නීතිය පිළිබඳව අමාත්‍යංශය භාරව සිටි නිලධාරියාය නීතිය යන අර්ථය සඳහා ශිලා ලේඛනවල සිරිත් යන්නත් වංශකතාවල චාරිත්ත යන්නත් නිතරම සඳහන්වී ඇත මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා ප්‍රකාශ කරයි

වියත්නා 

උගතුන්ගේ ගණ හෙවත් ශ්‍රේණිවල නායකයා බව මහාචාර්ය පරණවිතාන මහතාගේ අදහසයි

මහවෙදනා

වෛද්‍යවරුන්ගේ ප්‍රධානියා රාජකීය වෛද්‍යවරයා 

මහනැකතිනා

ජෝතිශ්‍යය ශාස්ත්‍රඥයන්ගේත් දෛවඥයන්ගේත් ප්‍රධානියා ලෙස සැලකේ පුරාණයේ රජකු විසින් කරන ලද සෑම කටයුත්තකදීම ඒසඳහා සුභ නැකතක් පිළියෙළ කරදීම මෙම තනතුර දරන්නාගේ කාර්යභාරය විය රාජකීය උත්සවයන් සඳහා පමණක් නොව යුද්ධ ප්‍රකාශ කිරීම වැනි අවස්ථාවලදීත් සුභ නැකත් සකස් කරදීම  මොහුට භාරව තිබී ඇත උමංදාව වැනි සාහිත්‍ය ග්‍රන්තවලත් මෙම කරුණු සඳහන්ව ඇත

අනුරාධපුර යුගයේ සෙල්ලිපිවල දක්නට ලැබෙන තනතුරු කිහිපයකි 

1ආරක්සමන=ලේඛන කටයුතු වලදී මහලේනා හා සමානව යොදාගන තිබේ 

2දෙමල අධිකාර = මෙය දෙමෙල් අධිකාරී ලෙසද හැඳින්වේ රජුගේ අගම්පඬි හෙවත් අන්ගාරක්ෂක සේනාව සැදුම ලද්දේ ද්‍රවිඩ ජාතිකයන් ගෙනි මෙලෙස වැදගත් රාජ්‍ය සේවාවන් ඉටුකළ ද්‍රවිඩ ජාතිකයන්ගේ කටයුතු පාලනය කල හා ඔවුන්ගේ නඩත්තු කිරීම් භාරව සිටි නිලධරයා  

3දන්ඩනායක =ප්‍රදේශ පාලනය භාරවූ පරිපාලන නිලධාරින් වශයෙන් කටයුතු කල බව ප්‍රසිද්ද බදුලු ටැම් ලිපියේ සඳහන් ව ඇත 
මෙම තනතුරු දරනා ලද්දේ රජුගේ ලගම නෑයන් විසිනි  මෙම තනතුර දැරූ අය පසුව රජකම පවා කර ඇත 

4ජත්තග්ගාහක=රජුගේ අභිෂේකය සඳහා ජත්‍රය ගෙන සිටින්නා  මහානාම රජ දවස ඔහු මියයාමෙන් පසු ජන්තු නම් ජත්තග්ගාහක තෙම අවුරුද්දක් රජකම් කල බව කියවේ 

5අසිග්ගාහක=   ,,  ,         කඩුව ගෙන සිටින්නා    පළමුවන මුගලන් රජුගේ අසිග්ගාහක තනතුර ඉසිලු සිලාකාල කුමරු පසු අවස්ථාවක රජවී 13 අවුරුද්දක් රට පාලනය කල බව සඳහන් වේ 

පොළොන්නරු යුගයේ ලියකියවිලි වල දැක්වෙන නිලතල 

1සන්ඛනායක 
2කේසධාතුනායක        
3භාණ්ඩාගාරාධිකාරි
4කම්මනාත
5කඤ්චුකිනායක
6අරක්මේනා
7සාමන්ත නායක

මහාසාමි
පැවිදි සමාජයේ ප්‍රධානතම නිලය මහාසාමි නමින් හැඳින්වුණු අතර පසුව මෙය සංඝරාජ බවට පරිවර්තනය විය 

කඩඝෝෂ්ටියේ ඇත්තවුන්  

වෙළෙඳ මණ්ඩලවල නියෝජිතයන් මොවුන්ටද පොලොන්නරුයුගයේදී විශේෂ තැනක හිමිව තිබී ඇත ඒ බව පැහැදිලිවන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාජසභාවේ ඔවුන් වෙනුවෙන්ද ආසන වෙන්කර තිබු බව සැලකේ 

පොත්වරුන් 

පොත්වරුන් යනු පොත් භාරව සිටින්නා යන තේරුම දෙන පදයකි රජයේ යම් යම් ප්‍රකාශයන් ලේඛන ගතකරන ලියාපදිංචි කරන නිලධරයන් ලෙස සැලකේ චුලවංශයේ පොත්වරුන් යන්න හා සමතේරුම් දෙන වචනයක් වශයෙන් පොත්ථකි යන පදය යොදා ඇත භාණ්ඩාගාර පොත්ථකි යන පදය යොදා ඇත භාණ්ඩාගාර පොත්ථකින් ආදී පොත්ථකින් චුල පොත්ථකින් යනාදී වශයෙන් වර්ග කිහිපයක පොත්ථකිවරුන් චුලවංශයේ සඳහන් වන බව මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා පවසයි 

       
ආශාව නිසා ශෝකය හට ගනී.ආශාවෙන් වෙන් වුවන්ට ශෝකයක් නැත.බියකුත් නැත
Read more »

පරාක්‍රම සමුද්‍රය

2 comments
යමෙක් මුලදී පමා වුවත් පසුව නොපමා වේ ද ඔහු වලාකුළින් නිකුත් වූ සඳක් මෙන් මේ ලෝකය බබුළුවයි


මෙම මහා ජලාශය පොලොන්නරුව පැරණි නගරයේ බටහිර හා දකුණු ප්‍රදේශය සම්පුර්ණයෙන්ම වසා තිබේ වර්ග සැතපුම් නවයක විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන මෙය පරාක්‍රම සමුද්‍රය ලෙස සලකනු ලබයි පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරනු ලැබුවා යයි සලකන්නේ පොළොන්නරු යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයා වන මහා පරාක්‍රමබාහු  රජුය එතුමා විසින් කරවන ලද වාරි කර්මාන්ත පිලිබදව චූලවංශය සදහන් ආකාරයට අමුණු 160 කි ඇලවල් 3910 ක්ලි මහා වැව් 163 කි සුලුවැව් 2376 කි ගල් සොරොව් 341 අළුත් වැඩියා හා ප්‍රතිසංස්කරණ 1753ක් ගැන සදහන් කර තිබේ මෙයින් බොහොමයක් හදුනාගන නැත . කෙසේ වෙතත් මේ සියලුම වාරිකර්මාන්ත අතර උසස්ම නිර්මාණය ලෙස සැලකෙන්නේ පරාක්‍රම සමුද්‍රයයි පරාක්‍රම සමුද්‍රය ලෙස හැදින්වෙන්නේ වර්තමානයේ පොළොන්නරුවේ දක්නට ලැබෙන ජලාශයක්ද යන්න පිලිබදව හදුනා ගැනීමේදී විද්වතුන් අතර විවිධ මත ඇති වි තිබේ

 චුලවංශයේ සදහන් ආකාරයට හෝ පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රයට අමතරව මහා වැව් දෙකක් ඉදිකර තිබේ එකක් පරාක්‍රම තටාකයයි අනික පරාක්‍රම සාගරයයි මහාවංශය සිංහලට පරිවර්තනය කල ලුයිද සොයිසා මුදලිතුමා එම පරිවර්තනයේ "තවද ඔහු පරාක්‍රම වැව නමැති විශාල ජලාශය මහින්ද එකභවාපියද (එක දවසේ වැව )පරාක්‍රම සාගරයද කොට්ඨබද්ධ ඇළද සෑදුවේය "යනුවෙන් සදහන් කරතිබේ රාජරත්නාකරයේ "මේ රජ විසින් මහා සමුද්‍රය ,බෑන සමුද්‍රය ,මනි නොහොත් මති සාගරය යනාදී වශයෙන් වැව් 3ක් සෑදු බව සදහන්වේ පුජාවලිය ග්‍රන්තයේද මනි සාගරය ගැන සදහන්වේ එසේ නම් මෙසේ සමුද්‍ර සාගර නමින් හැදින්වූ වැව් මොනවාදැයි හරි හැටි හඳුනා ගත නොහැකියි ඒ අනුව වර්තමානයේ ව්‍යවහාරවන ජලාශය පරාක්‍රම සමුද්‍රය ද යන්න පිළිබඳව එකගතාවක් නොමැත .චුලවංශයේ සඳහන් වන ආකාරයට පරාක්‍රම සමුද්‍රයට සොරොව් 7කින් ජලය ගෙන යන ඇලවල් 11 ක් ගැන සදහන් කර තිබේ ඒ ඇලවල් වල නම් ද සඳහන් කර තිබේ  එහි දැක්වෙන නම් ඉන්දියාවේ පුරාණ සිධ්දස්ථානවල සදහන් වන නම් ය නිදසුන් ලෙස තෝයවාපි නම් වැවෙන් ඇලවල් 2ක් නික්මුණු බව සදහන් කරයි තෝයවාපි වැව යනු තෝපා වැව විය හැක චුලවංශ කතුවරයා මේ නම් සදහන් කරන්නට ඇත්තේ ස්ථානවල ගෞරවය සඳහා විය හැකිය 
                            
 මේ ඇසුරින් ලංකා ඉතිහාසය පිළිබඳව මනා දැනීමක් ඇතිව සිටි ජෝර්ජ් ටර්නර් මහතා පරාක්‍රම සමුද්‍රය පිළිබඳව මේසේ දක්වා තිබේ සොරොව් ගණනක සහිත විශාල කන්ඩ්යකින්  සෑදුවේ යයි කියන පරාක්‍රම සමුද්‍රය ගැන තවම දැනගන්නට ලැබී නැත සමහර විට එය කිසිවෙක් නොදැක්කා විය හැක .පරාක්‍රම සමුද්‍රය ගැන චුලවංශයේ එන වර්ණනාව කල්පනාවට ගත් හෙන්රි පාකර් මහතා පරාක්‍රම සමුද්‍රය රජරට පිහිටි එකක් නොවන බව පෙන්වා දී ඇත එය ඌවේ දකුණු කොටසේ පිහිටි පාන්ඩිකුලම් නම් ජරවාසවු වැව බව වැඩිදුරටත් පෙන්වා දී ඇත පරාක්‍රම සමුද්‍රය පිළිබඳව නිශ්චිත වශයෙන් දැන ගැනීමට ඇති එකම මාර්ගය වන චුලවංශයේ සදහන් කර තිබෙන පණ්ඩවාපිය වන්නි දිස්ත්‍රික්කයේ තිබෙන පදවිය පදවිය වැව නොහොත් පදවිල්කුලම බව ලුයි සොයිසා මුදලිතුමා විස්තර කරයි "නම් වල තිබෙන සමානත්වයත් කර්මාන්තයේ ඇති විශාලත්වයත් භාරදුර කමත් හේතුකොට මේ නිගමනයට බැසීමට ඉඩ තිබේ " ඊට කාරණා දක්වමින් මුදලිතුමා සඳහන් කරයි .එසේම අද පරාක්‍රම සමුද්‍රයයි ව්‍යවහාරකරන වැවට 1 පරාක්‍රමබාහු රජුගෙන් පසු රජකළ කිර්ති නිශ්ශංක මල්ල රජතුමා නිශ්ශංක සමුද්‍රයයි නම්කර තිබේ එසේ නම් මෙය පරාක්‍රම සමුද්‍රය ද නිශ්ශංක සමුද්‍රයද යන්න ගැටළුවකි වර්තමානයේ වුවද තානායම අසල දක්නට ඇති ගොඩබිමේ නිශ්ශංකමල්ල රජුගේ මාලිගාව හා සභාශාලාව දක්නට ඇත එය දීප උයනයි තානායම උතුරේ අලංකාර පොකුණු නිශ්ශංක රජු කලබව ඒ අසල සෙල්ලිපියක දැක්වේ මේ අයුරින් තමාට පෙර රජුන් කල නිර්මාණවලට තම නාමය යෙදීමනිශ්ශංක මල්ල රජුගේ පුරුද්දවූ බව ඉතිහාසඥයින්ගේ මතයයි ඒ නිසාම නිශ්ශංක සමුද්‍රය යන්න ද බැහැර කිරීමට බොහෝ අය ඉදිරිපත් වේ නමුත් මීට විරුද්ධ වන්නන්ද වේ 

මහාවංශය පළමු කොටසේ වැඩි වර්ණනාවට ලක්ව සිටින්නේ අනුරාධපුරයේ විසු දුටුගැමුණු රජු ය චුලවංශයේ වීරයා මහාපරාක්‍රමබාහු රජුය කිර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු ගැන චුලවංශ කතුවරයා වෙන්කර ඇත්තේ ගාථා 8කි එහෙත් සත්මහල් ප්‍රාසාදය ,වටදාගෙය ,රන්කොත්වෙහෙර,විශාල සෙල්ලිපි සංක්‍යාවක් පිහිටුවීම නිසා වැඩි ප්‍රසිද්ධියක් ලැබූ මේ රජු හිතාමතාම යටපත් කිරීම සම්බන්ධව විශාල සැකයක් පවතී .ඉහතින් දැක්වූ පරිදි පරාක්‍රම සමුද්‍රය කුමක්ද යන්න පිළිබඳව විවිධ මත ඇති වි තිබෙන බව පෙනී යන්නකි එසේ නම් මෙය හදුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව ඇති සාක්ෂි මෙසේය චුලවංශයේ සඳහන් ආකාරයට පරාක්‍රම සමුද්‍රයෙන් නික්මුනාවු ඇලවල් 4ක් ඇතුළු නුවරට ආසන්නයෙන් ගලාගිය බව දක්වයි ඒ සදහන අනුව පොලොන්නරුව නගරය ආසන්නයෙන් එය පිහිටුවා තිබු බවට‍ සැකයක් නැත එසේම එය "කඳු අතරෙහි මහ බැදිමෙන් කාර ගංගාව අවූරා ජල ප්‍රවාහය ආකාශ ගංගාව නම් මහා ඇලකින් මේ වැවට ජලය ගෙන එන ලදී " යන කියමනක් වේ හොකාර්ට් හා කොඩ්රින්ටන් යන විද්වතුන්ගේ අදහස් අනුව මේ කාර ගංගාව යනු අඹන් ගඟයි ආකාශ ගංගාව යනු  අංගමැඩිල්ල ඇලයි මේ අනුව අඹන් ගඟ අංගමැඩිල්ල යන ස්ථානයේදී අමුණක් බැද ඒ ජලය අංගමැඩිල්ල  ඇල ඔස්සේ පරාක්‍රම සමුද්‍රයට ගෙනවිත් තිබේ .

එසේ නම් පරාක්‍රම සමුද්‍රය යනු කුමක්ද මේ වන විට පොලොන්නරුව නගරයේ තෝපාවැව එරබදු වැව දුඹුටුලු වැව යන නමින් ප්‍රධාන වැව් 3ක් ද ඊට අමතරව කලනගහ වැව වලස් වැව වලස් වැව ආදී නමින් හැදින්වූ කුඩාවූ වැව් පෙලක්ද විය මේ අනුව අඹන්ගඟ හරස් කිරීමෙන් ජලය ගෙන යන ලද අංගමැඩිල්ල ඇල මගින් මේ වැව් එකිනෙකට එකක් සම්බන්දවිය පරාක්‍රම සමුද්‍රය ලෙස හැඳින් වෙන්නේ මෙසේ එක්වූ වැව් සමුහයයි ඒ අනුව උතුරේ පිහිටි තෝපා වැවත් දකුණේ පිහිටි දුඹුටුළු වැවත් ආශ්‍රිත වූ යතෝක්ත වැව් පෙළ පරාක්‍රම සමුද්‍රය වූ බව හියු නෙවිල් මහතා හඳුනාගන තිබේ පෙර පැවතී ප්‍රධාන වැව් 3ක් හා ඊට ආශ්‍රිත කුඩා වැව් කීපයක් ඒකරාශී වීමෙන් පරාක්‍රම සමුද්‍රය නිර්මාණයවූ බව මින් පැහැදිලිය.

පරාක්‍රම සමුද්‍රය නිසා පොළොන්නරු යුගයේදී ඒකාබද්ධ වූ වාරි කර්මාන්ත පද්ධතියක් බිහිවිය මුලින් කි අංගමැඩිල්ල ඇල කෙලින්ම සම්බන්ධ වුයේ පරාක්‍රම සමුද්‍රයට පමණක් නොවේ එය සැතපුම් කීපයක් ගොස් දෙකට බෙදී මින්නේරි වැවටද (මිහිහිරිවාපි )සම්බන්ධ විය එසේම පරාක්‍රමබාහු යුගයට පෙර අඹන්ගඟේ ඇලහැර නම් ස්ථානයේ අමුණක් බැද එහි ජලය ඇලහැර ඇල ඔස්සේ වසභ රජතුමා කිරිඔය දක්වා ගෙන ගියේය පසුව එය මහසෙන් රජතුමා ඇලහැර අමුණ උස් කර බන්දා ඇල මාර්ගය මින්නේරි වැවට සම්බන්ධ කරන ලදී මේ අයුරින් පරාක්‍රම සමුද්‍රය ට අතිරේක ජලය ඊට සැතපුම් 8ක් දුරින් පිහිටි ගිරිතලේ වැවෙන්ද ලබාගැනීම සිදු විය මෙයින් සිදු වුයේ ඇලහැර ඇල දික්විමෙන් මින්නේරි ,ගිරිතලේ ,කන්තලේ වැව දක්වා වූ ඒකාබද්ධ වැව් රටාවක් නිර්මාණය වීමයි . 

එසේම 1 පරාක්‍රමබාහු රජු පරාක්‍රම සමුද්‍රයේ ජලය අඩු නොවී ස්ථාවරව තබා ගැනීම සදහා 1වන අග්බෝ රජු පෙර ඉදිකළ මිනිපේ ඇල (මනිමේඛලා ඇල)වස්ගමු ඔයේ සිට අඹන් ගඟට සම්බන්ධ කරන ලදී ඊට අමතරව අඹන් ගඟේ ශාඛා ගංගාවක් වූ කළු ගඟ හරස් කර අමුණක් බැඳ (හත්තොට අමුණ)යෝධයෝ බැඳී ඇලක් මගින් ජලය අඹන් ගඟට යා කරන ලදී මේ සියලු ඇල මාර්ග පැරණියේ තිබු අයුරින් ප්‍රතිසංකරණය කර ඇති නිසා පැරණි හෙලයාගේ විශ්මිත තාක්ෂනය හොඳින් අවධාරණය කරගත හැක අද දක්නට ඇති පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ දිග සැතපුම් 8 1\2 ක් පමණ වේ වැව් බැම්මේ උස අඩ් 40ක් පමණය  වර්ග සැතපුම් 28ක් පමණ වෙල් යායකට මෙයින් ජලය සැපයිම කල හැක මෙම ජලාශය දෙවැනි වන්නේ ගල්ඔය ජලාශයට (සේනානායක සමුද්‍රය)පමණි වැව් බැම්මේ තැනින් තැන ලේඛන කෙටු ගල් කනුවෙයි සිංහල හෝ සංස්කෘත භාෂාවෙන් පිළිවෙලින් මෙම ගල්කණු දෙපැත්තේ අක්ෂර කොටා ඇත රියන් වලින් සඳහන් කර ඇති මෙම ගල්කණුවල වෙනත් ප්‍රසිද්ධ තැන්වල ඇති වැව් කන්ඩ්වල දිග හා සසදා තිබේ නිදසුන් ලෙස 4-5 ගල් කණු අතර දිග රියන් 3200කි ඒ  පදවිය වැවේ වැව් කන්ඩියේ දිගයි 5-6 ගල් කණු අතර දිග රියන් 1700කි ඒ කළා වැවේ වෑ කන්ඩියේ දිගයි  මෙයින් පරාක්‍රම සමුද්‍රයේ විශාල බව සිතාගත හැකිය     
                         
සුචරිතයෙහි හැසිරිය යුතුය.දුශ්චරිතයෙහි නොහැසිරිය යුතුය.ධර්මයෙන් හැසිරෙන්නා මෙලොව පරලොව දෙකෙහිම සුවසේ වෙසේ
Read more »

පොළොන්නරු යුගයේ ලෝකඩ ප්‍රතිමා

0 comments
සියල්ලෝ දඬුවමට තැති ගනිත්.සියල්ලෝ මරණයට බිය වෙත්.ඒ නිසා තම උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය. නොනැස්විය යුතුය


පොළොන්නරුවෙන් භූමියෙන් හමුවූ 12ක් පමණ හමුවී ඇත එතුලින් එදා ජනසමාජයේ ඇතැම් සංස්කෘතික ලක්ෂණ යන් වැනිදෑ මේවායේ ගැබ්ව තිබී ඇත ඇතැමෙක් පවසන්නේ මෙම ප්‍රතිමාද ඉන්දියාවෙන් මෙරටට ගෙන එනු ලැබූ ඒවා බවයි ඒ අතර බෂාම් පවසන්නේ පුරාණ ලංකාවේ ඉතා දියුණු ලෝකඩ ප්‍රතිමා ශිල්පින් සිටි බවයි පස්වෙනි මිහිඳු රජුගෙන් පසු අනුරාධ පුරයේ බිඳ වැටීමෙන් ගොඩ නැගුනු චෝල රාජ්‍ය සමයේ මෙම ලෝකඩ ප්‍රතිමා ඉදිවන්නට ඇතැයි ද සිතිය හැක මෙතෙක් පැවත ආ සිංහලයන්ගේ මුර්ති කලාව චෝලයන්ගේ ග්‍රහණයට හසු කරගෙන  ඔවුන්ගේ හින්දු කෝවිල් හා දේව රුප නිර්මාණය සදහා යොදාගත් බව පෙනේ එය එසේ නම් අපේ සිංහල මුර්ති කලාවේ අංග මෙම ලෝකඩ ප්‍රතිමා තුලට එක් වුවා යයි පැවසීම නිවැරදි වේ
1වන විජයබා රජු විසින් චෝල බලය මෙරටින් තුරන් කරන තෙක් ඔවුන්ගේ හින්දු කළා ශිල්ප හා හින්දු ආගම මුල් බැස තිබු බවට‍ සාධක හමුවේ චෝල ආදිපත්‍ය බිඳ වැටීමත් සමග ඔවුන්ගේ කළා ශිල්ප පරිහානියට ඇද වැටිණි ඒත් මහත් හරසර හා පුජෝපහාර ලබමින් හින්දු කෝවිල් වල වැඩ සිටි අප්‍රමාණ වූ හින්දු ලෝකඩ ප්‍රතිමා මිහිදන් කල පුජකයන් මෙරටින් පලා ගියහ එම ලෝකඩ ප්‍රතිමාවන් අද පුරා විද්‍යා සතුව ඇත එම ප්‍රතිමා වලින් සමහරක් ගැන කෙටි විස්තරයක් පහත දැක්වේ

ගණපති

පද්මා සනයක් මත වැඩ හිදී ආසනයත් සමග ප්‍රතිමාවේ උස අඟල් 32කි ගණපති ප්‍රතිමාව උසස්තම නිර්මාණයක් ලෙස සැලකේ තාත්වික බව ගොඩ නැගීම අතින් මෙය නෙලූ ශිල්පියා දක්වා  ඇත්තේ විශිෂ්ඨ දක්ෂතාවකි
නටරාජා
මෙවැනි රුප දෙකක් හමුවී ඇත ශිව දෙවියන්ගේ සන්ධ්‍යා නෘත්‍ය විලාසය මෙයින් නිරුපනය කරනු බව විශ්වාස කරයි මෙතෙක් සොයාගත් ප්‍රතිමා අතරින් විශාලම ප්‍රත්මාවක් වන්නේද මෙයින් එකකි එම ප්‍රතිමාවේ උස අඟල් 56 වේ දෙවැන්න උසින් අඟල් 6 කි එය ආරුක්කු ප්‍රභා මණ්ඩලයකින් සමන්විතය හින්දු ප්‍රතිමා නිර්මාණයේ විශිෂ්ඨම නිර්මාණය වශයෙන් සැලකෙන්නේ මෙම නටරාජා ප්‍රතිමාවයි දෙවියන් පය තැබූ පද්මාසනයේ ඉදිරිපස සංගීත කණ්ඩායමක් දක්වා තිබීම නටරාජා ප්‍රතිමාවේ දක්නට ඇති විශේෂ ලක්ෂණයකි තාලන්ග ස්ත්‍රිය ,සක් පිඹින්නා,වස් දඬු පිඹින්නා ,බෙර වයන්න ස්ත්‍රිය හා තවත් තාලංග ස්ත්‍රියක් එයින් නිරුපනය කරනු ලබයි
පාර්වතී

මෙම ප්‍රතිමාව අඟල් 38 උසින් යුක්ත වන අතර ස්ත්‍රියකගේ ශරීර ස්වභාවය තාත්විකව දැක්වීමත් ස්ත්‍රී ලාලිත්‍ය මනාව දැක්වීමත් මෙම ප්‍රතිමාවේ දක්නට ඇති විශේෂ ලක්ෂණයන් වන්නේය පිරිපුන් පියයුරු දැක්වීමෙන් අගේ තරුණ බවද යටිකය වස්නය දෙපතුල දක්වා විහිදී ඇත උස්වූ ඔටුන්නකින් හිස අලංකාර වී ඇත ආසනය වේදිකා තුනකින් සමන්විතය උඩ කොටස කවාකාරය එය පද්මාසනයක් සේ ගොඩනගා ඇත
කා රෛක්කාල් අමිමෛයාර්
මෙය උසිං අඟල් 11ක් පමණ වේ මෙම රුපයෙන් දැක්වෙන්නේ කාලි දෙව්දුව බව සාමාන්‍ය පිළිගැනීමයි ප්‍රතිමා අතරින් විශිෂ්ඨ නිර්මාණයකි මෙය විරූපී ආකාරයට නෙලා ඇත තාලන්ගයේ යෙදෙන ඇය ඒ තුලින් මහත් සතුටක් ලබන බව පෙනේ

සිකි වාහන ස්කන්ධ

පොලොව කැණීමේදී වළඳක තිබී හමුවී ඇත මෙය අඟල් 4පමණ වේ එක් මුහුණක් හා අත් 4කින් යුක්තව ඇත

විෂ්ණු
ප්‍රතිමාවේ උස අඟල් 24කි විෂ්ණු දෙවියන් දරන යගදාව මෙම ප්‍රතිමාවේ දක්න‍ට නැත මේ නිසා එය වෙනස් කම් කීපයකට ගොදුරු වී ඇති බව වටහා ගත හැක

සරස්වතී

අතේ පක්ෂියෙකි බ්‍රාහ්ම ගණයට අයත්ය

බටුක බහිරව ශිව
අඟල් 6 පමණ උසවේ මැටි වළඳක තිබී හමු වී ඇත ප්‍රතිමාව පිටුපස බල්ලෙකි එය විශේෂ ලක්ෂණයකි මේ හැර සොමස්කන්ධ ,මුර්ති ශිව ,දෙව්දුව ,චණ්ඩේෂවර,බාලක්‍රිෂ්ණ ආදී ලෝකඩ ප්‍රතිමාද පොළොන්නරු යුගයට අයත් ය මෙයට අමතරව ලංකාවේ වෙනත් ස්ථාන වලින්ද ලෝකඩ ප්‍රතිමා හමුවී ඇත           
යම් තැනක සිට පවේ විපාකයෙන් මිදිය හැකිද එබඳු තැනක් අහසේත් නැත.මුහුද මැදත් නැත.පර්වත කුහරයකවත් නැත. එබඳු බිම් පෙදෙසක් ලොව කොහේවත් ඇත්තේ ද නැත
Read more »

පොලොන්නරුව ගල් විහාරයේ හිටි පිළිමය

0 comments
යම් කෙනෙකුගේ සිත දිවා රෑ දෙකේ අහිංසාවෙහි ඇළුණේද ඒ ගෞතම ශ්‍රාවකයෝ හැමදාම සුවසේ නිදා පුබුදිත්















පොලොන්නරුව පුජනිය පෙදෙසේ ආලාහන පිරිවෙන් සංකීර්ණය පසුකර උතුරුදෙසට ගමන් කරනා විට ගල් විහාරය නමින් හදුන්වන ශයිලම ප්‍රතිමා පන්තියක් හමුවේ හැඩයෙන් දික්වූ නිරිත දිග සිට ඊසාන දෙසට යොමුවූ ගල් පව්වක මෙම ප්‍රතිමා ඉදිකර ඇත එහි විවිධ ඉරියව් වලින් යුත් බුදුපිළිම 4ක් දක්නට ඇත චුල වංශයේ මෙම ගල් විහාරය හදුන්වාදී ඇත්තේ උත්තරාරාමය ලෙසිනි මෙම විහාරය පොලොන්නරුව රාජධානිය කරගත් මහා පරක්ක්‍රමබාහු රජුගේ කාලසීමාවේ සිදුකළ නිර්මාණයක් ලෙස සැලකේ 
ගල් විහාරය ඇති මෙම අර්ධ උන්නතව නෙලූ පිළිම හතරෙන් පළමු ව ධ්‍යාන රුපි බුද්ධ ප්‍රතිමාවත් ඊලගට ගල හාරා විහාරයක් තුල (විද්‍යාධර ගුහාව )සමාධි ප්‍රතිමාවද අනතුරුව හිටි පිළිමයක්ද සැතපෙන පිළිමයක්ද නෙලා ඇත මේ පිළිම අතරින් ලක් දිව දැනට ඇති හිටි පිළිම අතරින් වෙනස් වුත් ශ්‍රේෂ්ඨ වුත් නිමානයක් වේ චුලවංශයේ  උත්තරාරාමය ගැන කෙටි සදහනක් වේ එහි සදහන් වාස්තු විද්‍යාත්මක තොරතුරු අනුව එක් ගුහාවක් හා ලෙන් දෙකක් ගැන සදහන් වී ඇත ගුහාව යනු මේ මධ්‍යයේ පිහිටා ඇති විද්‍යාධර ගුහාවයි ලෙන් දෙක නිපන්න පටිමා  හා නිසින්න පටිමා යනුවෙන් හදුන්වා දී තිබේ මේ අනුව පළමුව දක්නට ලැබෙන වැඩහිදිනා පිලිමය නිසින්න පටිමා ලෙන ලෙසත් සැතපෙන පිළිමය ඇති ලෙන නිපන්න පටිම ලෙන ලෙසත් හදුනාගෙන ඇත මේ ලෙන් දෙකටම ආරුක්කු සහිත වහලවල් තිබී ඇත ඒ බව ගල්කුලේ ඇති කුහර වලින් පෙනී යයි
 නමුත් එහි ඇති හිටි පිළිමය පිළිබඳව කිසිදු සදහනක් චුලවංශයේ නොදැක් වෙන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි මේ පිලිබදව අදහස් දක්වන මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මහතා එය අනිකුත් පිළිම තුනටම වඩා පැරණි බව දක්වා තිබේ එනම් 12 වන සියවසට පෙර එය නිමවා තිබු බවකි කෙසේ වෙතත් මෙකි හිටි පිලිමයටත් ආරුක්කු සහිත වහලයක් තිබී ඇතයි සැලකේ මෙම හිටි පිළිමයේ උස අඩි 22යි අඟල් 9කි උරහිස් අතර අඩි 7යි අඟල් 3කි මුහුණ අඩි 2යි අඟල් 8කි සිරුර අඩි 7 යි අඟල් 2යි පාදය අඩි 10 යි අඟල් 3කි පුර්ව බාහුව අඩි 8 අඟල් 9 කි එහි දකුණු උරහිස නිරාවරණය ඒකාංශ රුපයෙන් යුක්තය චීවරයේ රැලි සමාන්තර රේඛා 2කින් දක්වයි හිසකෙස් අක් බඹරු විලාශයක් ගනී හිස හා කඳ මදක් නැමී ඇති බවක් පෙනී යයි වම් අත මත දකුණු අත තබාගෙන දෙඅත් ළමැදට තබා හිරකරගෙන ය දෑත් බැඳ සිටින විලාශයෙන් අන් ප්‍රතිමා අබිභවා විශේෂත්වයක් හිමිකර ගැන්මට සමත්ව ඇත දණහිස මදක් ඉදිරියට නැමී ඇත එසේම වම් ශ්‍රී පතුල ඉදිරියෙන් මදක් වම්පසට හරවාගෙන ය මුහුණේ රූප ස්වභාවය අති විශිෂ්ඨය සිරුරේ හැඩයද පැහැදිලිව දිස්වන ආකාරයට නිරුපනය කර තිබේ
මෙකි බුදු පිළිමය ඉදිරිපත් කරන මුද්‍රාව පිලිබඳව ද වීවීධ මත ඉදිරිපත්ව ඇත මෙවන් බුදුපිළිම නිර්මාණය වී තිබීම බොහෝසෙයින් දුර්ලභ වීම ඊට හේතුවයි එහෙත් මෙයට සමාන පිළිම දෙකක් තිස්සමහාරාමයේ යටාල වෙහෙරින්ද රිටිගල කන්දෙන්ද හමුවී තිබේ චිත්‍ර සමුහයක් මැදවල විහාරය ගංගාරාමය වැනි ස්ථාන වලින් දක්න‍ට ඇත පරණවිතාන මහතා විසින් මෙම පිළිමයෙන් නිරුපනය වන්නේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව ලෙස දක්වා ඇත එනම් අනුන්ගේ දුකේදී දුක්වන බවයි මෙය ආනන්ද හිමියන්ගේ යයිද දැක්වීමට යොදාගෙන ඇත්තේ එම මුද්‍රා ලක්ෂණයයි ගෙනහැර දැක්විය හැකි තවත් අදහසක් නම් මෙය  ‍‍ෛත්‍රයිලොක්‍ය  විජය මුද්‍රාව නිරුපනය කරන බවයි එය බුදුන් වහන්සේගේ සත් සතිය ගත කරද්දී දෙවැනි සතිය අනිමිස ලෝචන පුජාව නිරුපනය කරන බවයි දෑත බැඳ සිටින ඉරියව්ව එම අවස්ථාව නිරුපනය කරන බව පෙන්වා දී ඇත
 මේ පිලිබඳව තවත් අදහසක් වේ මෙම හිටි පිළිමයෙන් නිරුපනය වන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට සුදානමින් මල්ල රජවරුන්ට අයත් කුසිනාරා උපවර්තන සල් උයනේ ඊට සුදුසු පිරිණිවන් මංචකය පනවන තෙක් හිදිම කියාය මේ අවස්තවෙ බුදුන් වහන්සේ චුන්දසුකරගේ දානය වැළඳීමෙන් අනතුරුව උදරාබාධයෙන් පෙලි තරමක් වේදනාවකින් සිටියේය එම වේදනාව මේ පිළිමයේ ද මුහුනින් ප්‍රකාශිත වේ පොලොන්නරුව සමය වන විට අතිවිශාල ලෙස බුද්ධ ප්‍රතිමා නෙලීම වැඩි දියුණු වූ ආකාරයක් පෙනේ මෙම පිළිමය ලංකාවේ සුවිසල් බුද්ධ ප්‍රතිමා අතරින් දෙවෙනුව  පැරණි හිටි පිළිමය ලෙස සැලකේ       

තමාට පිහිට තමාමය.වෙන කවරෙක් තමාට පිහිට වේද?තමා මනාව දැමුණු කල දුර්ලභ වූ පිහිටක් ලබන්නේය
Read more »

ලක් ඉතිහාසය සහ අලි ඇතුන්

0 comments
ධර්ම දානය සියලු දානයන්ට වඩා ශ්‍රේෂ්ඨයි




ලංකාවේ තොරතුරු අතරට එක් වන සතුන් අතර අලි අතුන්ට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි ගොඩබිම දැවැන්තයින් වන අලි ඇතුන් ආදී කාලයේ පටන් නොයෙක් කටයුතු වල යොදවනු ලැබිය යුද්ධ කටයුතු පෙරහැරවල් ඇතුළු ආගමික කටයුතු හා ප්‍රවාහන කටයුතු වලට මෙන්ම වැරදි කරුවන්ට දඩුවම් දීමේදී පාගවා මරා දැමීම සදහාද අලි ඇතුන් යොදවා ගනු ලැබි ලක් ඉතිහාසයේ මුල් යුගයේ දී දෙවෙනි පෑතිස්‌ රජු මහමෙව්නා උයන සඟ සතු කොට පිදීමේදී මගුල් ඇතා ලවා නගුලකින් මායිම් ලකුණු කල අන්දම මහා වංශයේ විස්තර වන අතර දඹුලු විහාරයේ බිතුසිතුවම්  වල සිතුවම් කර ඇත පොළොන්නරුවේ රජ කල මහා පැරකුම්බා රජු ද අලාහන පිරිවෙනට ගම්බිම් පවරා දීමේදී මෙලෙස කටයුතු කල බවට‍ චුල වංශයේ සදහන් වේ
මහා වංශයේ සදහන් වන පරිදි පුර්වාදර්ශ රජු ලෙස හදුන්වා දෙන්නේ දුටුගැමුණු රජු හට වේ වැඩිම පරිච්චේද සංක්‍යාවක් වෙන් වන්නේද මෙතුමා හට ය මෙම රජු හා එළාර රජු අතර ඇතිවූ සටනේදී කඩොල් ඇතු විසින් මෙම සටන අතරතුරේ සිදුකල මෙහෙය මහා වංශයේ සදහන්වේ සටනේදී බළකොටුවක දොරටුවක් බිදීම සදහා දිවගිය ඇතුගේ පිට මතට උණු ඊයම් වත් කරනු ලැබුවා  යයි සදහන්වේ මෙහිදී වෙදුන් ලවා ඇතුට ප්‍රතිකාර කොට මි හරක් සම් වලින් මුළු සිරුරම වෙලා යවන ලද දෙවන ප්‍රයත්නයේදී සාර්ථක වී ඇත තවද ගැමුණු රජුගේ කඩොල් ඇතා හා එළාරගේ පර්වත නම් ඇතු අතර සටනද තවත් සංග්‍රාමයකට මුල පිරුණි සේනා සංවිධානව පැමිණි එළාර රජුගේ බෑනණුවන් වූ භල්ලුක ලන්කාවට ගොඩ බැස සටන් කරන විට කඩොල් ඇතා ඇතුළු ඇත් සේනාව භල්ලුකගේ සේනාව හා සටනට වැදී ජයග්‍රහණය සදහා සහයෝගය දී ඇත උතුරු මැද පළාතේ ජනතාව විසින් මහත් බැතියෙන් අදහන පුල්ලෙයාර් නොහොත් අයියනායක දෙවිදුන් දුටුගැමුණු රජු හා කඩොල් ඇතා ගේ එකතු වීමෙන් සාදා ගත් දෙවියකු බව සදහන්වේ
ඉලනාග නම් රජු තිසා වැවේ ජල ස්නානය කරමින් සිටින අතර රාජ්‍ය බලය අල්ව ගත් සතුරන් රජුව සිරකරනු ලැබිය මෙහිදී රජුගේ බිසවගේ අනු දැනුම ඇතුව රාජකිය ඇතු මෙහෙයවා රජුව සිරකරතබාගෙන සිටි සිරගෙය කඩා රජුට පැනයාම සදහා කටයුතු සලස්වා ඇත මලය රටින් නැව් නැගී රජු තුන අවුරුද්දකට පසු සේනාව ගෙන රුහුණු රට අකුරුගොඩ නම් නැව් තොටෙන් ගොඩ බැස ඇත අකුරුගොඩ යන ස්ථානය අද සීනිගම දෙවොල ඇති ස්ථානය බවට‍ මතයක් ඇත පසුව සටන් කර රාජ්‍ය බලය ලබාගත් බව සදහන්වේ මගුල් ඇතුට කෘතගුණ සැලකීමක් ලෙස ඇතා සිටි පෙදෙස ජනපදයක් ඇති කොට එය හස්තු බෝග නමින් නම් කල බව පැවසේ 
1 වන කාශ්‍යප නොහොත් සිගිරි කාශ්‍යප රජු 18 අවුරුද්දක් ගෙවී ගිය තැනදී සොහොයුරා වන මුගලන් කුමරු සේනා ගෙන යුද්ධයට පැමිණ ඇත මේ අතර මගුල් ඇතු පිට නැගී යුද්ධය සදහා පැමිණි  කාශ්‍යප රජු සිය ගමන් මගේ ඉදිරියෙන් තිබු මඩ වගුරක් මගහැරීම සදහා එයට පිටු පා එය මගහැර යාම සදහා මගුල් ඇතු හැරවිය මෙහිදී රජු පරාජය දැක පසු බසින බව සිතු සේනාව හිස් ලු අත දිවිය සතුරා අතට පත් වීමට වඩා සිය දිවි තොර කරගැනීම යහපතක් ලෙස සිතු රජු මගුල් ඇතු පිට සිටියදීම කඩුවෙන් ගෙල සිදගත්තේය
සිරිලක එක්සේසත් කල පරාක්‍රමබාහු රජු රාමඤ්ඤ දේශය ආක්‍රමණය කිරීමට හේතුව යයි  සැලකෙන්නේ ලක් දිවින් යවන වෙළෙද නැව් වලට ගිවිසුම් ප්‍රකාර ඇතුන් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමය ඇතුන් නිසා ඇති වූ මහා යුද්ධයක් පිළිබදව 17 වන සියවසේ ලංකා ඉතිහාසයෙන් වාර්තා වේ උඩරට පාලනය කල දෙවන රාජසිංහ රජු සුවඳ විලවුන් හා අරුමෝසම් බඩු සදහා මහත් ඇල්මක් දැක්වූ රජකෙනෙකු බව සැලකේ රජුගේ අවසරය ඇතුව එකල උඩරට වෙළදාම සදහා පැමිණි පෘතුගීසි වෙළෙන්දකු රජු හට අනර්ඝ සුවඳ පැන් වර්ගයක් තෑගි කලේය මෙහිදී රජු විසින් වෙළෙන්දා හට ඇතකු තෑගි කළේය ඇතා කොළඹට ගෙන ගිය පසු පෘතුගීසි ආණ්ඩුකාරයා කලේ ඇතුව බලෙන් පැහැරගැනීමයි මේ බව රාජසිංහ රජුට දන්වා යැවු විට රජු වෙළෙන්දාට තවත් ඇතෙකු ලබාදී රජුට අයත් නැව් තොටක් වූ මාන්නාරම තොටෙන් ඇතු රැගෙන යමට වෙලෙන්දාට පහසුකම් සැලැස්විය මේකල පෘතුගීසි ආණ්ඩුකාර දියෝගුද මෙලෝ සෙනෙවියා සිංහල ජනතාව පමණක් නොව සිංහලේ රජුද ඉතා පහත් කර සැලකු අහංකාර අයෙකි කලක් ගත වූ පසු පෘතුගීසි ආණ්ඩුකාරයාට අයත් අශ්වයන් 4 දෙනෙකු පැහැරගෙන විත් රජුට බාර දෙන ලදී මෙය කරනු ලැබුවේ රජු විසින් මෙහෙයු අය විසිනි මේ පිලිබදව පෘතුගීසි ආණ්ඩුකාරවරයා රජුගෙන් විමසු විට ඔහුට පවසා ඇත්තේ තමාගෙන් පැහැර ගත් ඇතා  ලැබෙන්නට සලස්වන්නේ නම් අසුන් හතරදෙනා ද ලබාගත හැකි බවයි ඇතා බාරදීම සදහා ආණ්ඩුකාරවරයා පැමිණිය යුතු බවත් වැඩි දුරටත් දන්වන ලදී
මේ පිළිතුරෙන් දැඩි ලෙස කෝප වූ දියෝගුද මේලෝ වහාම උඩරට ආක්‍රමණය සදහා සේනා රැස්කරවිය මුළු සේනාව තිස්පන්දාහක් පමණ වූ අතර එයින් හත්දහසක් පෘතුගීසි ජාතිකයන්ද ඉතිරි විසිඅටදහස සිංහල දෙමල මරක්කල මලයාල කාපිරි යන අයගෙන් සැදුම ලත් පිරිසක් වුහ මෙලෙස උඩරටට සෙන්දු වූ ආණ්ඩුකාරවරයාගේ සේනාවත් දෙවෙනි රාජසිංහ රජුගේ සොයුරු ගොඩපල මහා වාසලේ විජයපාල‍ගේ සේනාවත් ගන්නොරුවේදී සටන ඇරැබුහ මෙම සටනට එන අතරතුරදී දොඩම්වල දෙවොල අසලදී දෝලාව කැඩී ගියෙන් යාතිකාවක් මගින් දෙවියන්ගේ හාස්කම පෙන්වා දේවාලයේ කපුරාල කල දේ නිසා පැහැදුණු රජු භාරයක් විය සටනේදී පෙරමුණ ගෙන සිටි දෙවන රාජසිංහ රජුගේ හිසට එල්ල කල වෙඩි පහරක් රජුගේ හිස පළදින තොප්පිය පසාරු කරගෙන ගියේය වහා ක්‍රියාකාරී වූ රජු තම තුවක්කුව ගෙන කාපිරි සෙබළාව මරා දැමිය කාපිරි සෙබලාගේ හිස කදින් වෙන් කර තුවක්කුව හා තොප්පිය සමග කෞතුක බාන්ඩයක් ලෙස රජමාලිගයේ තබා තිබු බව සැලකේ අවසානයේ රජුට ජය අත්  විය දියෝගුද මේලෝ යුද්ධ බිමේදීම මරුදැක්කේය තිස්පන්දහසක් වූ පරංගි සේනාවේ ඉතිරි වුයේ හත් දෙනෙකු පමණකි
ගම්පොල යුගයේදී මෙරටට පැමිණි දේශ සංචාරකයකුගේ වාර්තවකට අනුව රජුට අයත් සුදු ඇතකු දැකගැනීමට හැකිවූ බව සදහන් කර ඇත 1587 සිට 1588 දක්වා වසරේ කොළඹ කොටුව වටලා ගත් සීතාවක රාජසිංහ රජු කෙතරම් යුද්ධ උපායන්ගේ දක්ෂයකු වී ද යත් පරංගින් මෙතුමා හැදින්වුයේ ආසියාවේ හැනිබල් යන නමිනි කැළණි ගගින් සෙන එතර කරවීමට පාලම දෙකක් ගොඩ නංවා අද අලුත් කඩේ උසාවි සංකීර්ණයේ කදවුරු බැදගත්තේය එදා මෙම පෙදෙස බොරලුගොඩ නම්න් හදුන්වා ඇත මෙම සටනේදී රාජසිංහ රජු සිය සේනාව සදහා අලි ඇතුන් දෙදහසක් පමණ යොදාගත් බව සැලකේ මෙම සටන් නිසා පරංගින් කොළඹ කොටුවට සිමා  කල බව සදහන්වේ බෙරේ වැවේ ජලය කැළණි ගඟට බැස්සවීමේ අරමුණින් සීතාවක රාජසිංහ රජු විසින් මෙහෙයවා කැපු ඇල අද දක්වා ශාන්ත බස්තියන් ඇල ලෙස දිස්වේ කොළඹ කොටුවේ ආහාර හිඟය කොතරම් ද යත් කොළඹ කොටුවේ බළල් මස් පවා ගිනිගණන් ගිය බව කියවේ සමහර වාර්තා අනුව මිනිමස් පවා කෑමට ගත් බව කියවේ නමුත් පෘතුගීසින්ගේ විශේෂ ආදරයට ලක්වූ ඔර්නේලා නොහොත් සුරතලා නමින් හැදින්වූ ඇතෙකු හට කොටුව තුල සිටි පරංගින් කෙතරම් ආදරය දක්වුයේද යත් අනික් අලි ඇතුන මරාගෙන කැ මුත් එම ඇතා පමණක් දිවි රැකගත් බව එකල විසු පෘතුගීසි ලේකකයකු වූ ජුවාන් රුබේරු සදහන් කර ඇත එකල අලිඇතුන් අල්ලා මෝගල් අධිරජයට අවුරුදු පතා විකිණීම පෘතුගීසින්ගේ එක ආදායම් මාර්ගයක් වූ බව කියවේ මෙහිදී ඇතෙකුගේ මිල අවම වශයෙන් පර්දාවෝ අට දහසක් පමණ බවත් එම මිල දොළොස්දහසේ සිට පහළොස්දහස දක්වා වැඩිවන බවත් වදිදුරට සදහන් කර ඇත ලංකාවේ අලි ඇතුන් ලෝකයේ ඕනෑම තැනකදී අනෙක් සියලු අලි ඇතුන් ගරුකරන බවත් තවත් පෘතුගීසි ලේකකයකු වන ක්වෙයිරෝස් සදහන් කර ඇත
 දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේ මෙරට විසි වසරක් සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස්ගේ වාර්තා අනුව රාජසිංහ රජුට විශාල ඇත් සේනාවක් සිටි බව සදහන්වේ එකල දෙනු ලැබූ දඬුවම් දෙතිස් වද අතර වද අනුව අලිඇතුන් ලවා පාගවා මැරීම එක් දඬුවමකි රජුගේ ඇතුන් අතර ඇග පුරා තිත් ඇති ඇතෙකු සිටි බව කියවේ ඉතා අලංකාරවූ උසින් මහතින් සුන්දරවූ ඇතුන් බොහෝ ගණනක් රජුට ඇතත් මේ ඇතා සෙසු අතුන්ට වඩා අගය කරනු බව පෙනෙන්නට ඇත පර සතුරන් හා සටන් කිරීමත් ඇතුන් හා වල ඌරන් ඇල්ලීමත් වීර වික්‍රමයේ එක අඩයලමක් බව එකල වැස්සන් සැලකු බව මෙම පොතේ සදහන් කර ඇත
ලංකාවේ ඇතුන් ඉන්දියාවේ ඇතුන්ට වඩා කිර්තිමත්ය හස්තියා ඉතා විශාල වුද කල්පනා සම්පන්න සතෙකු වුවද ඌ හසුකරගැනීම ඉතාමත් පහසුය ඇතුන් අතර දල ඇති ඇතුන් දුර්ලභය ඇතුන් ඇල්විමට රජුගෙන් නියෝග ලත් තැනැත්තෝ වඩාත්ම කැමැත්ත දක්වන්නේ දල ඇති උන්ව අල්ලා ගැනීමටයි මුලින්ම හිලෑ ඇතින්නියක් ඇත් රැල මැදට දැක්කා හරිති ඇතින්නිය පසු පස යෑම ඇතුන්ගේ සිරිතයි හිලෑ ඇතින්නිය ඇත් ගොව්වන් ශබ්ධයෙන් හෝ  සංඥාවෙන් කරන සෑම දෙයක්ම කිරීමට පුරුදුවී සිටිති මෙම ඇතින්නියෝ වල් අලින් රවටා රට ගම මැදින් විදි මැදින් රජ වාසල ළගින් පවා ගෙන යන්නට සමත් වෙති
ගාල් කිරීමෙන්ද මළපුඩු තැනිමෙන්ද අල්ලා ගන්නා ලද ඇතුන් පළමු කි පරිදි ඇතින්නිය සමග රජු හමුවට ගෙන එන ලද වල් ඇතුන්ට රජ කැමති නොවුවහොත් ඌට නැවත වල් වදින්නට ඉඩදෙනු ලැබේ රජුගේ කැමැත්ත ලැබෙන වල් අලියකු ඇතින්නිය සමග දක්කා ගෙන ගොස් නුවරට නුදුරු තැන බැද තැබීමට අණ කරයි ඇතින්නියක නොමැති නම් වල් ඇතෙකු කිසිම විටක නතර කරවා ගත නොහැක්කේය වෙනත් තැනකට ගෙන යාමට මහරජුගෙන් අණක් ලැබෙන තුරු පළමු කොට නියම කරන ලද ස්ථානයේම ඇතින්න නතර කරවා තැබිය යුතු වෙයි ඇතුන්ගේ ආරක්ෂාව සදහා හේවායින් සහිත නිලධාරීන් පත් කරනු ලැබ සිටිති .
සෙන්කඩගල රාජ්‍ය කල කිර්ති ශ්‍රී රාජසිංහ රජු මහපිරිස් සමග ඇත් වාහනයෙන් මාතලේ අළු විහාරයේ දඹන ,රදාවල ,ඇලහැර ,පල්ලේගම ,විල්ගමුව ඔස්සේ මහියංගනයේ හන්දපාන්කෙතට වප් මගුලකට ගොස් ඇත ලග්ගල පල්ලෙගමදී රජුගේ ඇතා මද කිපී පැන ගියෙ ලු   ඇතා එලවණ කන්ද සමීපයෙන් මඩුගසින් වැසි තිබුණු මඩුවානා නමින් ව්‍යවහාරවන ප්‍රදේශයට පැන එතනින් කැලේට පැන්නේය ගල්පොත්තක් අසලදී ඇත් ගොව්වාත් මරා දමන ලදී ඇත්ගොව්වා මරාදැමුනු ස්ථානය ඇතා මැරූ ලෙස ගල හැදින්වේ රජු හදපාන්කෙතට  දෝලාවකින් වැඩි බව සැලකේ මේ සිද්ධිය ලග්ගල තොවිල් කවිවල පවසන්නේ මෙසේය

                           ඇතා ගන්නට යන්නම් මඩු  වානේ
                           ඇතාගේ වත ගෙන කි අනු   මානේ
                          ඇතා ගෙනෙන්නට යමු  හඳ   පානේ
                          ඇතා නොදෙයි කි සඳ දෙවි   රජිනේ
සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සතුව සිටි සෙල්ලා නමින් හැදින්වූ අලියා පසුව ඉංග්‍රීසි පාලනය යටතේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සේවයට පත් විය වසර සියයක් ජිවත් වූ මෙම අලියා 1889 අගෝස්තු මාසයේ මියගිය බව පර්ගියුසන් ඩිරෙක්ටරියේ සදහන් වේ  අලියකුගේ ආයු කාලය කොතෙක්ද යන්න ගැන විවිධ මත පවතී වයස 40වනතුරු වැඩෙන මෙම සතා වසර 70ක් පමණ ජිවත්වන බව පැවසේ ඉතාම සුදුසු පරිසරයකදී වසර 120ක් පමණ ජීවත්වූ අලින්ද සිට ඇත වසර 52 ක් දළදා කරඩුව වැඩමවාගෙන ගිය රාජා ලොව වැඩිම කලක් ජීවත්වූ ඇතා ලෙස ලෝක වාර්තා සපයන ගිනස් පොතට ඇතුලත්ව ඇත
                                                                  
ද්වේශ රහිත වූ යමෙක් බැණීම් ගැහීම් හා වධ බන්ධනත් ඉවසාද ,ඉවසීම බලය කොටත් බල ඇණිය කොටත් ගත් ඔහු උත්තමයෙකි
Read more »

1815 උඩරට ගිවිසුම

0 comments
කෝපයෙන් උමතු වූ තැනැත්තා උමතු අශ්වයෙකු පිට නැගී යන්නෙකු වැනිය


රොබට් බ්‍රවුන්රිග්


 ලංකාවේ ස්වාධීනත්වය 1815 දී අහෝසි කල උඩරට ගිවිසුම නමැති මෙම ලියවිල්ල මගින් ඉංග්‍රීසි ජාතිකයන් විසින් තම බලය පැතිරවීමේ අඩිතාලම සවිමත්ව දැමු ආකාරය මෙන්ම සමකාලින කන්දඋඩරට රාජ්‍යයේ ව්‍යාහාරවූ සිංහල භාෂා සම්ප්‍රධාය පිලිබදව අවබෝදයක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත
     
ක්‍රිස්තු වර්ෂයෙන් වර්ෂ එක්දහස් අටසිය පහළොවක් වූ මාර්තු මස දෙවෙනි දින නොහොත් සිංහල වර්ෂ ප්‍රමාණයෙන් ශතවර්ෂ එක්වාදහස්‌ සත්සිය තිස් හයකට පැමිණි අවුරුද්දේ නවම් මස අවසතවක නම් තිථිය ලත් ගුරුදින සෙංකඩ ශෛලාභිධාන පුරවරයෙහි මාලිගාවේ අභ්‍යන්තරට එක් වූ සම්මුතියේ දී මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය යන එකක්හු වූ රාජ්‍යයෙහි රාජ්‍යශ්‍රීයට පැමිණි තුන්වැනි ජෝර්ජ් මහරාජෝත්තමයන් වහන්සේ ගේ ද රාජ්‍යය කරන්නා වූ ජෝර්ජ් වේල්සෙහි කුමාරයන් ගේ ද  වෙනුවෙන් ඉංග්‍රීසි ස්ථානවල පළමුවැනි ආණ්ඩුකාර තනාන්තරයට පත් වූ ලොයිතිනන් ජෙනරාල් රොබට් බ්‍රවුන්රිග් ගරුතර ගුවැනදෝරු උතුමාණන් වහන්සේ එක් පක්ෂයකට ද සිංහලේ වැසියන් වෙනුවට අදිකාරම්වරු සහ සිංහලේ රටවල ද දිසාවල්වල ද දිසාපතිවරුද ඇතුළුව වෙනත් ප්‍රධාන රදලවරු මෙහි එක් වූ මොහොට්ටාලලා ,කෝරාළලා හා අනිකුත් සුළු මුලාදෑනි ඇතුළු ව සේනාව ද අභිමුඛයෙහි දී එක් පක්ෂයකට වී  මෙසේ ගිවිස්වා නියෝග කරන්ට යෙදුනා ය.
          ඒ කෙසේ ද යත්
1.විභාගයක් නොකර සමහර සන්ධිවල දී පැමිණිල්ලක්වත් නැතුව නොහොත් වැරැද්දක්වත් කෙරීමට ඉඩ ප්‍රස්ථාවක් පමණක්වත් නොලැබුණු කාරණාවල දී පවා නියමයක් නැතිව හිතුවක්කාර වශයෙන්ද ,අනාදරයෙන් ද ශරිරවධය හා මරණ වේදනා පමුනුවිමෙන් නඩුවට මහත් ලෙසන් නින්දිත කොට කඩකරන්නන්ට යෙදීමෙන් දෙමලරජ්ජුරුවන්ගේ කෘර කම් හා බලහත්කාරකම් ද ඉවසාගත නොහැකි තරම් ඉතාමත් විශාල වෙන්ඩ යෙදුනා සහ මෙම රජ්ජුරුවන්ගේ රටවාසීන්ගේ ගලවිල්ලට කාරණා වූ යුතුකම් ද සමීප රටවලින් ගන්ඩ පුළුවන් ව තිබුණු ප්‍රයෝජනවත් වූ ගනුදෙනු කිරීමෙන් ද ලබාගන්ඩ පුළුවන් වීමට කාරණා වූ විශ්වාසය ද මෙම රජ්ජුරුවන්ගේ ආඥාවේ ක්‍රියාවල හා ගුණයෙහි ද මුළුමනින් ම තිබුනේ නැත.

2. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ දරුවන්ගේ ප්‍රධානත්වය ද මහත් ශිලාචාර වූ යුතුකම් කඩ කරන  ස්වභාවයකින් ඒ තරගයට ඇත්තා වූ සියලුම අයිතිවාසිකම් ද ඊට වැදගත් බලය ද නැති කර රාජ්‍යයෙන් බැහැර කරන්නට යෙදුනා ය. එම ගෝත්‍රය ද මව්පිය දෙපක්ෂයෙන් පැවත එන නොහොත් අවාහ විවාහයෙන් පැවත එන අනේක ප්‍රකාර වූ නෑදෑයන් ද හැම කල්හි ම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙදුනා සහ සිංහලේ ආණ්ඩු කිරීමට‍ දෙමල වර්ගයාට ඇත්තා වූ අයිතිකම නැති කරන්ඩ ද විනාශ කරන්ඩ ද යෙදුනු වග මෙයින් එලිදරව් කරනු යැ.

3. ශ්‍රී වික්‍රම රාජසිංහ හිටපු රජ්ජුරුවන්ඩ අවාහ විවාහයෙන් නොහොත් එකෙල්ලේම ද එක්කෝ අවශේෂ ප්‍රකාශ නෑකම් ඇති නොහොත් වංක වූ ප්‍රයෝගයෙන් නෑකම් ඇති කියන සෑම පුරුෂයින් ම සිංහල රටේ ආඥාවලට සතුරු වූ බව මෙයින් එලිදරව් කරන්ඩ යෙදුනා පමණක් නොව කොයි කාරණාවක් පිණිසවත් ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ බලේ ඇති ඔප්පුවක් නැතිව ඒ රටට ඇතුල් වෙන්ඩ බැරිය. එසේ ඇතුල්වෙන්ඩ යෙදුනේ වී නම් යුද්ධ වේලාවල්වල දී පවතින නඩු මාර්ගයේ අච්චුවලට යටත් වෙන්ඩ ඕනෑය.එසේ හෙයින් ඒ නඩු මාර්ගය මේ පිණිස නියෝග කරන්ඩත් යෙදුනා ය.දැනට මේ රටින් බැහැර කරන්ඩ යෙදුනා වූ සෑම දෙමල පුරුෂයෙකු ඉහල කි ප්‍රකාර අවසරයක් නැතිව එහි දෙවනු නොයනු ලෙස වරක් කි අච්චුකරනකොටගෙන තහනම් කරන්ඩ යෙදුනාය.

4. යුතු ප්‍රකාර ඉංග්‍රීසි ගුවැනර්මෙන්තුවේ බලයක් පිටපත් කරන අදිකාරම්වරුන්ට ද, දිසාපතිවරුන්ට ද,මොහොට්ටාලවරුන්ට ද,කෝරාළලාට ද විදානවරු හා අනෙකුත් සෑම රදලවරුන්ට හා සුළු මුලාදෑනින්ට ද ඔවුනොවුන්ගේ තානාන්තරවල නියමවල් ද බලය ද නානාප්‍රකාර වැසියන් ද ඔවුනොවුන්ගේ දේපල වලට ද වෙනත් ඔවුනොවුන්ගේ යුතුකම්වලට හා නිදහස්කම්වලට ද ඔවුනොවුන් අතරේ නොකඩවා පවතින පුරාණ සිරිත් විරිත් නඩුප්‍රකාර ආරක්ෂා ඇතිව සිංහල රටවල්වල ආණ්ඩුව ඉංග්‍රීසි රාජ්‍යයේ මහරාජෝත්තමයානන් වහන්සේට යටත් වෙන්ට යෙදුණ ය.එහි ලංකාවට පැමිණි ගුවැනදෝරු උතුමා නොහොත් ලොයිතිනන් ජනරාල් ආණ්ඩුකාර්යනන් වහන්සේලා විසින් ද පවත්වන්ඩ යෙදෙනවා ඇත.

5. මෙකි රටවල් වල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නා වූ බුද්ධ ශාසනය ද,දේවාලගම් කඩකළ  නොහැකිව පවත්වන්ඩ ඕනෑ වග සහ එකී ආගමික කටයුතු ද සංඟයා ද, විහාරස්ථාන ද දේවාල ද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩ ඕනෑ ය.

6. ගාත්‍රා සන්ධිස්ථාන අවයවයන් කැපීමෙන් කරන නානාප්‍රකාර වූ ශරීර වද වේදනාව නැති කරන්ඩ හා තහනම් කරන්ඩ යෙදුනා ය.

7. මරණ අච්චු නියෝගයක් ඉෂ්ට කිරීම ඒ කාරණා මේ වග රට මැද සිටින්නාවූ ආණ්ඩුවෙන් තබා සිටින ඒජනට් යන නම ඇති නිලමක්කාරයින් විසින් ඔප්පුකර ඉංග්‍රීසි ගුවැර්නදෝරු උතුමාණන් වහන්සේ කෙනෙකුගෙන් බලය ලත් ඔප්පුවක් පිටවන හැටියකින් බැරිය.මෙසේ බරපතලකාරකම් ඒජන්තවරු අභිමුඛයේ දී ව්භාග කරන්ඩ ඕනෑ ය.

8. මෙකි දේට යටත්ව රටවල් වල වැසියන්ගේ සිවිල් එනම් ගම්බිම් දේපල ණය ගැන කියන්නා නඩු ද ක්‍රිමිනල් එනම් මිනීමැරුම් සොරකම් ආදී නඩු ද යන මේ නඩු පනත් සහ රටේ ආණ්ඩුව ද නියමව තිබෙන ක්‍රම වලට හා ව්‍යවහාරව තිබෙන ප්‍රකාර බලය ලත් රදලවරුන් විසින් පවත්වන්ඩ ඕනෑ ය.එහෙත් සෑම කාරණාවල දී වෙන වශයෙන් හා විශාල වශයෙන්ද සිද්ධ වෙන පීඩන අනදරවලට පිහිටවීමට ද යුතු වෙනස් කිරීමට ද මැදිහත් වෙන්ඩ ඕනෑ සන්ධිවල දී ආණ්ඩුවේ තිබෙන යුතුකමට යටත් වෙන්ඩ ඕනෑ ය.

9. සිංහලයේ නොවන රටවල සිටින නොහොත් මෙහි එන්ඩ යෙදෙන සිවිල් මිලිටරි වූ සෑම අයගේම සිවිල් හා ක්‍රිමිනල් නඩු ඇසීම එංගලන්තයේ මහරාජෝත්තමයාගේ අච්න වෙනස්වන තුරු මෙසේ පවත්වන්ඩ යෙදෙයි.ඒ කෙසේද යත් හේවාපන්න කාරයන්ගේ ක්‍රමයට යටත්වූ හේවා හමුදාව කැටුව එන අය ද හැර අනෙකුත් සෑම දෙනාම මිනීමැරුම් කාරණාවල් හැර වෙන සෑම කාරනාවල දී ම ඉංග්‍රීසි ගුනැර්මේන්තුවේ ඒජන්ට් යන නිලමක්කාර තැන නොහොත් නිලමක්කරයන්ගේ නඩුවට යටත් ය.

එහෙත් මිනීමැරුම් කාරණාවල දී ගරුතර ගුවැනදෝරු උතුමාණන් වහන්සේ විසින් කලින් කලට නියම කරන ලද කුමතෙරුවරු විසින් විභාග කරන්ඩ යෙදෙනවා ඇත.එසේ වී නමුත් ඒ සෑම වේලෙහි ම ඉංග්‍රීසි දේශක්කාරයන් විසින් අන්‍ය දේශවල දී කරන්ඩ යෙදෙන වැරදි විභාගයට නියමිත වී පවතින මහා බ්‍රිතාන්‍ය, අයර්ලන්තය යන එකක්හු රාජ්‍යයේ නඩු මාර්ගයෙන් විනිශ්චය කල හැකි වූ ඉංග්‍රීසි දේශක්කාරයින් මිනීමැරුම් නඩුවක දී විත්තිකරුවන් වී සිටියේ නම් එකග වූ මෙම රාජ්‍යයේ නඩුමාර්ගයෙන් විනා සිංහලයෙහි කරන්ඩ යෙදුනා ය කියන මිනීමැරුම් නඩුවක දී ඉංග්‍රීසි දේශක්කාරයෙන් වෙන ප්‍රකාරයකින් විනිශ්චය කරන්ඩ යෙදෙන්නේ නැත. දෙවනුත් ක්‍රමයටත් යටත් වූ හේවාපන්නකාර මුලාදෑනි සහ හේවාපනකාරයෝ ද හේවා හමුදාව කැටුව යන්නවුන් ද ඔවුන් විත්තිකාරයින්ව සිටින සෑම සිවිල් ක්‍රිමිනල් නඩුවල දී ම යුද්ධය ඒ නඩුමාර්ගයට හා චාලිත්‍රයේ ප්‍රකාරයට ද යටත් ව හිටින්ඩ ඕනෑ ය.

එහත් මෙම වගන්තියේ බලය කරණකොටගෙන විභාග වන මේ නවවැනි වගන්තියට වැදගත් සිවිල් කාරණා හා මිලිටරි කාරණා යන කාරණා සම්පුර්ණ වශයෙන් පරික්ෂා කරන්නට ද ගරුතර ගවනදෝරු උතුමානන් වහන්සේට බලය තිබෙනවා ය.

10. හේවා හමුදාව එන ගමනේදී ස්වල්පකාලයකට ප්‍රසිද්ධ කලවුයම් දැන්වීම් පත්‍රයක අඛ්චවල් කරණකොට ගෙන ඉහල වගන්තිවල කාරණා වලකෙන්ඩ යෙදෙන්නේ නැතුවත් ඉහල වගන්තිවලට එකග නොවන මේ සෑම ආඥාවල්අවලංගු කරන්ඩ යෙදුනා ය.

11. සිංහලයේ රටවල් වල රාජ නියමයන්ද ආදායම් ද මහාරාජෝත්තමයාණන් වහන්සේ ගේ වැඩට සහ මේ ආඥාව වර්ධනය විමට ද යුතු වූ සිරිත් ප්‍රකාර ඉංග්‍රීසි ගුවැනර්මේන්තුව වෙනුවෙන් තැබෙන ඒජන්ට් යන නිලමක්කාර තැනගේ යටතේ එක්කාසු කරන්ඩ යෙදෙනවා ඇති

12.  මේ රටවල වෙළදාම වර්ධනය වනු පිණිස මෙහි උපදින දේ වෙළදාම පිණිස ගෙනයෑම පහසුවන හැටියට ද මුදල් ,රෙදි ලුණු නොහොත් සිංහලේ වැසියෝ වැඩි කැමති ඇතිවෙන බඩු ගෙන ඒම පිණිස ගෙන ඒම පහසු කරන ලෙස ද එන කලට පන්ගාර්තුවක්කර මහාරාජෝත්තමයනන් වහන්සේගේ වෙනුවට රාජ්‍යය වර්ධනය කරන කුමාරයන් විසින් පන්ගාර්තුව ඒත්තු ගන්නා ලෙස ගරුතර ගුවැනදෝරු උතුමාණන් වහන්සේ විසින් ඉල්ලා අරින්ඩත් යෙදෙනවා ඇත. “දෙවියන් වහන්සේ විසින් රජ්ජුරුවන් වහන්සේ ආරක්ෂා කරත්වා ” ඉහත සම්මුතියට අත්සන් කල දෙපාර්ශවය මෙසේය .බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් ;රොබට් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා

ලංකාව වෙනුවෙන් ;ඇහැලේපොල දිසාවේ,පළමුවැනි අදිකාරම් සත්කෝරලේ දිසාව වූ මොල්ලිගොඩ ,දෙවැනි අදිකාරම් ,සබරගමුවේ දිසව වූ පිළිමතලාව ,ඌව දිසාව වූ මොනරවිල කැප්පෙටිපොල ,මාතලේ දිසව වූ රත්වත්තේ ,තුන්කොරලයේ දිසාව වූ මොල්ලිගොඩ ,වලපනේ දිසාව ව දුල්ලෑවේ,වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාව වූ මිල්ලව ,තමන්කඩුව දිසාව වූ ගලගම ,නුවරකලාවිය දිසාව වූ ගලගොඩ යන අය අත්සන් තැබුහ.
                                       අත්සන් සහතික කර සත්‍ය පිටපතක්‌ බවට‍ සහතික කර සටහන් කර තැබුවේ ආණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි සහ ආණ්ඩුවේ නියෝජ්‍ය ලේකම් ජේම්ස් සදර්ලන්ඩ් විසිනි

අත්සන්





ගිවිසුම

       
      

                         
              

සියලු දේ අනිත්‍ය බව නුවණින් වටහාගන්න
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine