CSS JavaScript Rocks.
෴෴කඩවර෴෴
කඩවර දෙවි සහ යක් යන දෙපදයෙන් හඳුන්වයි මේ දේව හෝ යක් විෂය පළාත සහ ශාන්තිකර්මය අනුව හඳුනාගත හැක වන්නියේ කඩවර දෙවි සහ මහනුවර,සතර කෝරලය හා සත් කෝරලය ප්රදේශයේ ශාන්ති කර්මය වන කොහොඹා යක් කංකාරියේදී හමුවන කඩවර දෙවියන් ලෙසය වැව් ගම්වාසීන්ගේ දෙවියන් ලෙසද හැඳින්වෙන වන්නි කඩවර දෙවියන්ගේ උපත පිළිබඳ කතාව සිත්ගන්නා සුළුය.පුරාණයේ ලංකාවේ උතුරු මධ්යම ප්රදේශයේ බලවත් සිටුවරයෙක් සිටියේය ඔහුට සිටි එකම පුත්රයා ඉතාමත් මුරණ්ඩු දඩබ්බර ගති පැවතුම් ඇත්තෙකි ඔහුගේ නොපනත්කම් නිසා නිසාම ඔහුව සතර වාසලෙන් පිටුවහල් කරන ලදී පිටුවහල් කරන ලද කුමරු වනයේ වන සිවුපාවුන් සමග ජිවත් වුයේය දිගු කලක් සතුන් සමග සිටීම නිසා ඔහුට කතා කිරීමට ද නොහැකි විය කලක් ගතවීමෙන් පසුව දිනක් සිටුවරයාගේ සේවක පිරිස දර කැපීම සඳහා ඒ වනයට ගියේය එහිදී සිවුපාවුන් සමග සිටින කුමරා දැක ලුහුබැඳ ගොස් ඔහුව අල්වාගෙන මාළිගයට ගෙන ආහ පසුව ක්රම ක්රමයෙන් කුමරාගේ කතා කිරීමේ හැකියාව වර්ධනය වූ පසු සිටුවරයා ඔහුගෙන් වනාන්තරයේ ඇති ලොකුම දේ කුමක්දැයි ඇසීය එහිදී කුමරු කීවේ එය ගවුවකින් අටෙන් එකක් පමණවූ "කල වැලක්" බවයි සිටුවරයා කලවැල පිහිටි ස්ථානය පෙන්වන ලෙස කීවෙන් ඔහු එය සිටුවරයාට පෙන්වීය සිටුවරයා එම කල වැල තිබු ස්ථානය වටකර බැඳී විශාල වැව කල -වැව "කලාවැව" යනුවෙන් ප්රසිද්ධ විය
මේ වැවේ ජලයෙන් ගොවිතැන් කටයුතු සාර්ථකව කරගෙන ගියත් කලකදී වැවේ වතුර අඩුවී ගොවිතැන අඩාල විය මේ විනාශය නිසා ශෝකයට පත් සිටුවරයා භික්ෂුන් වහන්සේලා වැඩම කරවා පිරිත් සජ්ඣායනය කල හෙයින් වැසි ලැබුණි වැව පිරී ගොවිතැන සශ්රික විය පසුව යලිත් උදාවූ දැඩි නියඟයක් නිසා කලා වැව සිඳී ගියේය භික්ෂුන් වහන්සේලා හැට නමකට වැව අසබඩට ආරාධනා කල සිටුවරයා නැවතත් පිරිත් සජ්ඣායනය කර වීය එවිට වැසි වැටීම සිදුවිය වැවෙහි වතුර මට්ටම පරීක්ෂා කිරීම සඳහා සිටුවරයා විසින් මැටි හැළියක් තැබුවේය පිරිත් සජ්ඣායනය අතරතුර විටින් විට සිටුවරයා විසින් වැවට ගොස් මැටි හැළිය බලා නැවත පැමිණේ මෙම සිදුවීම දුටු එක් භික්ෂුවක් හැළිය දුටුහෙයින් ඊට සැරයටියකින් ඇණ එය සිදුරු කළේය වෙඩි හඬක ශබ්දය පැතිරෙන දුර දක්වා හැළිය සිදුරු වූ හඬ ඇසුන බව කියවේ හැළිය බිඳුණු පසුව වැවේ වතුර වැඩිවී වැව්බැම්ම බිඳී ගියේය හැළිය සිදුරු කරන ලද්දේ භික්ෂුන් වහන්සේ කෙනෙකු බව දැනගත් සිටුවරයා කෝප වුයේය ඔහු භික්ෂුන් හැටනමගේ හිස් සිඳ දමා වැවට දැමු සිටුවරයා වැවේ කැඩුණු ස්ථානයට පැන්න සිටුවරයා භික්ෂුන්ගේ ලේ බීගෙන මැරෙන බව ප්රකාශ කරේලු කැඩුණු වලෙන් උපන් සිටුවරයා කඩවලයා -කඩවරයා වූ බව පුරාවෘත්ත වල සඳහන්වේ
කඩවර දෙවි සම්බන්ධයෙන් මෙයට තරමක් සමාන වෙනත් කතාවක්ද ඇත බිරිය නිසා අවමානයට ලක්වන කඩවර වනාන්තරයට ගොස් දොළොස් වසරක් සිටියේය වැද්දෙකුගේ මාර්ගයෙන් එය දැනගත් රජතුමා ඔහු කැඳවා වනයේ නිධානයක් තිබෙනවාදැයි ඇසීය සැතපුම් කීපයක් දුරින් ජලාශයක් ඇති බව දැනගත් රජතුමා ඒ ජලාශය කලාවැව කරවීය.වර්ෂාවක් හේතුවෙන් වැව් කණ්ඩිය බිඳිණි මෙයින් ශෝකයට පත් කඩවර වැවට පැන මියගියේය
තවත් කතාවකට අනුව නම් කඩවර යනු රජු විසින් කලාවැවේ ආරක්ෂකයා ලෙස පත්කළ තැනැත්තායි කඩවර අබිමාන ලෙසින්ද හඳුන්වන බව ඇතැමෙකුගේ අදහසයි එහෙත් සිංහල දේව පුරාණයට අනුව වන්නියේ කඩවර දෙවියන් හැටහත් කට්ටුවක් බණ්ඩාර වරුන්ගේ පමණක් නොව අවශේෂ කඩවර සේනාවකගේද නායකයාය කඩවර දෙවි දිග රතු ඇඳුමක් අඳියි ඔහු සුදු සහ නිල් වර්ණයෙන් යුක්තය රක්ත වර්ණ ඔටුන්නක් හිසේ පළඳිනු ලබයි එකිනෙක පැටලී හැඩපලු ගෙතී ඇති කෙස් කලඹකි දකුණත උදැල්ලකි වමතේ යගදාවකි මේවාත් රැගෙන සුදුමොනරකු (මෙය ගුවන් යානයක් විය හැක) පිට යන කඩවර මුහුද වටා සත්වරක් එක රැයකට ගමන් කරයි මේ පිළිබඳව ද ජනප්රවාදයක් ඇත
මුහුද වටා ගිය කඩවර ආපසු එන අතරතුර වැව් තාවල්ලක් පසු කළේය එවිට ඔහු වතුර ඉසින යොතක් දුටුවේය අතට ගත් යොතෙන් වතුර ඉසීමට පටං ගත් අතර එක්වරම යොතේ මිට ඉස්සී ඔහුගේ ගිරියට ගියේලු එදා සිට තාවල්ලේ කිරිබත් මට එපා කියූ කඩවර අද වුවද තාවල්ල හරහා නොයන බව කියවේ කඩවර දෙවියන්ට කරන පුද පුජා අතර බත්මාලාව යහන් දීම නානුමුර මංගල්ලය කිරි ඉතුරුම් මංගල්ලය ආදිය වෙයි බුදුන් වහන්සේගෙන් වරම් ලබාගත් ඔහු තලාගම ත්රිකුණාමලය පුත්තලම මන්නාරම හලාවත වේලාසිය මඩම සහ පහළොස් පත්තුවට බලය පතුරවයි
෴෴වීරමුණ්ඩ දෙවියෝ෴෴
උඩරට ප්රදේශ කිහිපයක ඇදහීමට ලක්වන මේ වීරමුන්ඩ දෙවියන් වෙනුවෙන් පහත රට ප්රදේශයේ ඉදිකර ඇත්තේ දේවාල දෙකක් පමණි පැරණි ජනශ්රැති වලට අනුව මේ වීරමුන්ඩ දෙවියෝ ඉන්දියාවේ මලල රජුගේ පුත් කුමාරවරුන් තිදෙනාගෙන් එක් අයෙකි වැඩිමල් සොයුරා කළු කුමාරය බාල සොයුරා කුමාර බණ්ඩාරය මහත් කාය ශක්තියක් ඇති මේ කුමරුවන් තිදෙනාගෙ කියුම් මුල්කොට මහත් ජන උද්ඝෝෂණයක් පැන නගී ඉන් පිය රජු අසරණ වන අතර රජකමවත් බේරා ගැනීමට නොහැකි වූ විට ඔහු කරනුයේ මේ කුමරුවන් තිදෙනා අත්තික්කා ලීයෙන් තනන ලද යාත්රාවක නංවා රටින් පිටුවහල් කිරීමය අනේක විධ බාදක මැද ඒ යාත්රාව ලංකාවට පැමිණේ
විරමුන්ඩ දෙවි උපත පිළිබඳව දේශීය ජනශ්රැතියක් ද ඇත මෙය කෝට්ටේ යුගයට අයත් වුවකි කෝට්ටේ යුගයේ උඩුගම්පළ රජ කල සකලකලාවල්ලභ රජුට තම යකඩ දෝලියේ බිසවගෙන් උපන් කුමරකු විය පිය රජුගේ ඇවෑමෙන් තමාට රාජ්ය උරුමය නොලැබෙන බව වටහාගත් කුමරු පියරජු මරා රජය පැහැරගැනීම සඳහා උපායක් යෙදිය දිනක් රජුගේ මඟුල් පොකුණේ දිය තුල යවුල් සිටවූ කුමරු පිය රජු දියට පනින විට ඒ උල්වල ඇණි මරණයට පත් වන ආකාරයට කටයුතු සැලැස්විය දිය නෑමට පොකුණට පැමිණි රජතුමා පොකුණු දිය දෙස බලද්දී දිය මත දෙබරකු වසා හිඳිනු දැක රාජ සේවකයන් කැඳවිය පොකුණ පරික්ෂා කල ඔවුන් විසින් සියල්ල හෙළි කරන ලදී සැලැස්ම ව්යර්ථවූ බව දැනගත් කුමරු වීරා නම් තම සමීපතම ආරක්ෂකයා සමග සමනළ අඩවියට ගොස් සැඟවුණි එහිදී සිත්තැවුලට පත්වූ කුමරු කුණුදිය පර්වතයෙන් පැන දිවිනසාගනී ඉන් පසුව කුමාරයාට අත්වූ ඉරණම නිසා සිත් තැවුලෙන් වීරා ද දිවි තොර කරගනී පසුව එම කුමරු කළු කුමාරයා ලෙසත් වීරා වීරමුන්ඩ දෙවියන් ලෙසත් දේවත්වයට පත්ව ඇත
ඔහු විසින් මෙරටදී කරන ලද දස්කම් බොහෝය විල්බාව දේවාල මළුවට පැමිණි යකුන් බැඳ ගැනීම පිණිස ඔහු විසින් තල්ගස් දෙකක් එකට අඹරවා කඹයක් තනාගත් පුවත ඉතා රසවත්ය කෙසේ හෝ පසුව මහසඟරුවන විෂයෙහි දන් පුජා කිරීම් ආදියෙන් වඩාත් තෙදවත් වූ වීරමුණ්ඩ දෙවියෝ අප ජන සමාජයේ පවතින විවිධ උවදුරු නසා ජනතාවට සෙත සැලසීමට ඉදිරිපත් වූ බවට ජන විශ්වාසයක් පවතී
වීරමුණ්ඩ දෙවියන් පිළිබඳව මල්යහන් කවිවලින් සහ යාදිනිවලින් පැවසෙන අන්දමට ඔහු අතිශයින් කඩවසම් තරුණයෙකි එහෙත් උඩරට ප්රදේශයේ ජනවිශ්වාසයන්ට අනුව මෙම දෙවියන්ට පුද පුජා පැවැත්විය යුත්තේ ද සීරුමාරුවටය අඩුක්කු පිදීම උඩරට ගැමියන් මේ දෙවිඳුන් සඳහා කරන ප්රමුඛතම පිළිවෙතය එහෙත් මෙම අඩුක්කු පිදීම සඳහා කාන්තා පක්ෂය කවර ලෙසකින් හෝ සම්බන්ධ වීම සපුරා තහනම්ය පිරිමින් විසින් නියමිත වත්පිළිවෙත් අනුව පුදන ලද අඩුක්කුව පමණක් දෙවිඳුන් පිළිගනී එමෙන්ම වාර්ෂිකව පවත්වාගෙන යා යුතු මේ චාරිත්රය එක්වරක් හෝ අතපසු වීම වීරමුන්ඩ දෙවියන්ගේ උදහසට හේතුවක් බව ගැමියන්ගේ විශ්වාසය වේ
විරමුන්ඩ දෙවියන් සෙබල දේවතාවා ලෙසින්ද හඳුන්වනු ලබයි අසිපතක් අතකින් ගෙන රණකාමී විලාසයක් පෙන්නුම් කරමින් සිටී අතීතයේ කඳුරුගම වැව ඉදිකිරීමේදී මතුවූ නොයෙකුත් බාදක හමුවේ වීරමුන්ඩ දෙවියන්ගේ දෙවොල සමීපයේ නිතිපතා එක් පහනක් දැල්වීමෙන් ඒ සියලු බාදක දුරුවූ බව ජනප්රවාදයේ සඳහන්වේ එම පහන සංකේතවත් කරන පහන් කණුවක් අද වැව් කණ්ඩිය සමීපයේ ඇත එමෙන්ම වීරමුන්ඩ දෙවියන්ගේ තල්ගස් දෙකකින් කඹයක් ඇඹරීමේ හාස්කම සංකේතවත් කෙරෙන අපුරු වෘක්ෂලතා පිහිටීමක් ද මේ දෙවොල් බිමේ දක්නට ඇත
ඇත්තලවත්ත විහාරය
මෙම විහාරය 1761 කිර්ති ශ්රී රාජසිංහ රජු කල ඉදිකරවන ලද්දකැයි සලකනු ලබයි එම රජතුමාගේ නමින් මෙම ස්ථානයේ ඇත්හලක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම ඇතුන් බැඳ ඇති මෙම ප්රදේශය එකල ඇත්හලවත්ත නමින් ව්යවහාරවන බව ජනප්රවාදයේ පවතී එම ඇතුන් නෑවීමට යයි සකස් කල අමුණක් ද දක්නට ඇත පසු කලෙක මෙම භුමිය පුද බිමක් බවට පත් කර සංඝයාගේ ප්රයෝජනය සඳහා පුජා කර තිබේ මෙම ස්ථානයේ පැවතී පුරාණ විහාරය දැවවලින් කල නිර්මාණයක් වශයෙන් පැවති අතර එය දිරා යාම නිසා පසු කලක වෙනත් විහාරයක් කරවා ඇත එම දැවපිට විහාරය මාදම්පේ සුමංගල ස්ථවිරයන් වහන්සේගේ සමයේ කඩා වැටී ඇති අතර එහි පැවති බුදු පිළිමය නැවත සකස් කර ඇති විහාරයේ තබා ඇත ඒ අනුව දැනට පවත්නා විහාරය ද පැරණි ගෘහ නිර්මාණ කලාව අනුව සකස් කර ඇති අතර මෑතක් වනතුරු ම එහි වහලට පැතලි උළු සෙවිලි කර තිබීමය තවද මහනුවර යුගයට අයත් චිත්ර මුර්තිවලින් දැනට පවත්නා විහාර මන්දිරය ද සකස් කර ඇත එසේම එකල පැවති ගෘහ නිර්මාණ කලාව ද මෙම විහාර මන්දිරය තුලින් දැක ගත හැකිය එසේම එහි බිත්තියක් අඟල් 18 පමණ ඝන වන බව පෙනේ මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුත්තක් නම් මහනුවර යුගයේ දී වැලිවිට සිල්වත් සමාගමේ ගනින්නාන්සේලා මෙහි වැඩ සිටි බවට ජනප්රවාදවලින් හෙළිවීමය මෙම විහාරස්ථානය සතු විශේෂ අයිතියක් නම් ශ්රී පාදස්ථානයේ නායක පදවියට පත් කිරීම සඳහා ජන්ද බලය ඇති සබරගමුවේ පුරාණ විහාරස්ථාන පහ අතරට ඇත්තලවත්ත රජමහ විහාරය ද ඇතුලත් වීමය
සීතාවක බැරැන්ඩි කෝවිල
පැරණි සීතාවක නගරයේ වැදගත්ම ස්ථාන දෙකක් විය එකක් මානියම්ගම පිහිටි රජ විමනයි අනික තල්දුවේ පිහිටි දෙවි විමන හෙවත් භෛරන්ඩි කෝවිලයි මේ උස් බිම් දෙක අතරින් සීතාවක නදිය ගලා බැස්සේ නගරයේ ස්වභාවික සෞන්දර්ය ඔප ගැන්වෙන අයුරෙනි ටිකිරි බණ්ඩාර රාජසිංහ 1581 දී රජ බවට පැමිණ වසර දෙක තුනකට පසුව රජුත් බුදුසසුණත් හමුදාවත් රැක දෙන ලෙස සමන් දෙවියන් අයැදිමින් අලගියවන්න මුකවෙටිතුමා අතින් ලියවුන සැවුල් සංදේශය ඉහත කි දසුන රූපකයට නැඟී ඇත්තේ මෙසේය
සව් සිරි පිරි එපුර වරඟනගේ මනනද
දෙව් රද විමන තන යුගතුරෙහි ගිලි සොඳ
එව් නිල වසා රොද ගඟිනෙතර ව පැහැද
දෙව් විමනත රඟ වහසල තුළට වැද
අවිස්සාවේල්ල -ගිනිගත්හේන මාර්ගයේ සීතාවක පාලමෙන් එගොඩ වී මිටර් 100 ක් පමණ ගිය විට භෛරන්ඩි කෝවිලේ නටබුන් නැරඹිය හැකිය මෙය සැවුල් සංදේශයේ නම් කොට ඇත්තේ භෛරව කෝවිල වශයෙනි භෛරව යන පදයට ගෞරවාර්ථ අණ්ඩි ප්රත්යය එක් වීමෙන් භෛරන්ඩි නම සැදුණා විය හැක අයියන්ඩි අක්කණ්ඩි මාමණ්ඩි ආදී වශයෙනි පවුලේ වැදගත් ඥාතීන් හැඳින්වීමට මේ අණ්ඩි ප්රත්ය යෙදෙයි සීතාවක රාජසිංහ රජතුමා බැරැන්ඩි කෝවිල ඉදිකර සීතාවක ගඟේ මහා යාග මණ්ඩපයක් ඉදිකර භෛරව පූජාවක් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. බහිරව විටෙක ශිව දෙවියන් සමඟ ද විටෙක මහා කාලි සමඟ ද පුද ලබන බිහිසුණු යක්ෂයෙකි. ඒ නිසා නර බිලිද ඇතුළුව බිලි පුද තබා ලේ වලින් පූජා ලබන බලවත් යක්ෂයකු ලෙසද පිළිගැනේ. පළමු රාජසිංහ රජුගෙන් පසුව ද මහනුවර රජ වූ වඩුග පරපුරේ රජවරු මේ ආකාරයේ බහිරව පූජා පවත්වා ඇත. ඒ සඳහා මහනුවර බහිරව කන්දේ දේවාලයක් ඉදිකර වසර පතා කන්යා නර බිලි ද පුද කළ බවට තොරතුරු තිබේ.ජනශ්රැතිය සඳහන් වන ආකාරයට සෙල්ලක්කාර රජකු වූ වීර පරාක්රම නරේන්ද්රසිංහ රජුගේ නොමනා වැඩ නිසා රාජ්ය භාණ්ඩාගාරය හිස් වූ නිසා පෙර රජ දවස මිහිදන් කළ වටිනා නිධන් වස්තු ලබා ගැනීමට මන්ත්රකාරයන් ගේ උපදෙස් මත බහිරවයා බැඳ ගැනීමට උත්සාහ දරා ඇත. මෙයින් උරණ වූ දරුණු දේවතාවකු වූ බහිරව මන්ත්රකරුවන් මරා බහිරව කන්දට පැන සිංහල රාජ්යය නැසේවායි ශාප කළේය. ඒ ශාපය නැති කිරීමට මෙම කන්යා බිලිදීම වසර පතා සිදු කර ඇත.භෛරව කෝවිල පිහිටි භුමිය යට කබොක් ගල් තට්ටුවක් ඇති බව පෙනේ කිසිසේත් එය ගොඩ කල භූමියක් නොවේ ඉහත සඳහන් කල සැවුල් සංදේශයේ එන විස්තර අනුව මෙම දෙවොල රාජසිංහ කාලයට පෙර නිර්මාණය කොට පැවති එකක් බව සැක නැත ඒ වන විට කෝවිල අංග සම්පුර්ණ දේව ආයතනයක් හැටියට වර්ධනය වී තිබුණු බව පෙනේ
දිය රම් රවුළු මහ භාරත යුදද
මනරම් කඳ පොරණ හර කලදිත් යුදද
ඇති හිම් කොට ඇඳි සිතුවම් රූ නොමඳ
නොවිහිම් සතොස පිරි ලෙන් දැක ගොස් සබඳ
රාම රාවණා යුද්ධයත් මහා භාරත යුද්ධයත් ස්කන්ධ පුරාණයත් විෂ්ණු කළ අසුර යුද්ධයත් භෛරන්ඩි කෝවිලේ බිත්තිවල ඇඳ තිබු බව සැවුල් සංදේශයේ එන මේ කවෙන් කියැවේ එමෙන්ම රඟහලක් පැවැත්වූ බව පැහැදිලිවේ මෙහි ඇති පාෂාණමය නිමැවුම් කැටයම් ආදිය වසර දෙක තුනකින් නිම කළ හැකි ඒවා ද නොවේ යුධ කටයුතුවල යෙදී සිටිමින් රාජසිංහ රජුටත් ආඬිගුරුටත් මෙබඳු කටයුත්තක නියැලීමට කාලයක් නොතිබුණු බව ද සැලකිය යුතු ය තවද ඉහත කි චිත්ර අනුව භෛරව කෝවිල හින්දුන්ගේ ශිව ඇදහිල්ලට නොව වෛශ්නවඇදහිල්ලට සම්බන්ධ වුවක් බව ද පැහැදිලිය තල්දුව ගමත් භෛරන්ඩි කෝවිල බිමත් අද පවා මහනුවර විෂ්ණු දේවාලයට අයත් වේ එමෙන්ම කෝවිල බටහිර දිශාවට මුහුණලා තිබීම ද සැලකිල්ලට ගතයුතුය උපුල්වන් දිව්ය රාජයාට මෙහි සබඳකමක් පැවති බව ද කල්පනා කළ හැක මෙය රාජසිංහ රජු විසින් පුද පුජා පැවැත්වීම සඳහා වඩුග බ්රාහ්මණවරුන්ට භාරදී තිබෙන්නට ඇත තවද මෙම දෙවොල පිළිබඳව සැවුල් සංදේශයේ එන විස්තර වලින් හරඟන විමන නම් වූ වෙනම ස්ථානයක්ද පැවති බව පෙනේ එම හරඟනගේ තෙද බල සැවුල් අස්නේ මෙසේ දැක්වේ
පවර තුඟු තුල් හිම -ගිරි රජිදහට නද නවන
බස රුත් ලෙසින් වෙන් නොවෙමින් හැම දවස
සසදර බරණ වෙත රඳනා නිති නිදොස
තුන් යමයෙහි ගත් තුන්-වෙසින් තුන් ලොවැ පරසිදු
නම කළ සුර කිරුළු කෙමි රතැඟිලි දලින
සුලකළ සිරි සරණ සිය පතිනි වොරඳන
පියුම් යොන් උවිඳු හරසක් ඈ පවර
නොහිම් සුරන්හට වර වර දෙන නිතොර
උතුම් ගුණෙන් යුතු හරඟනහට පවර
ලපෙම් වෙමින් නම කර රැගෙන අවසර
සීතාවක පෙදෙස රාජසිංහ යුගයට පෙර මායාදුනු රට නමින් හැඳින්වී ඇත සිරි විජයබා කුමරු මායාදුනු පුරයට ආ බැවින් මායාදුනු රජ්ජුරුවන් වශයෙන් හැඳින්වුණි මායාදුනු පුරයත් සීතාවකත් එකක් බව ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල සුරීන් ද සිංහල සාහිත්ය වංශය ග්රන්ථයේ ඉඟි කර ඇත කුරුණෑගල අවධියේදී සිව්වැනි පැරකුම්බා රජු මායාදුනු පුරවරයේ උපුල්වන් දේවාලයක් ඉදිකළ බව වංශ කතාවේ සඳහන් වන්නේ මෙසේය
"ඉක්බිති ඒ නරාධිපති තෙමේ මායාදුන්නේ නම් චිත්තාකර්ශනය කරනසුළු වූ රාෂ්ට්රයෙහි යහපත් ප්රාකාර ද්වාර කෝෂ්ටඇති අභිනව නගරයක් නිමවා එහි පවුරු ගෝපුර දොරටුවෙන් යුක්තවූ උස් සිඟුයෙන් හෙබියා වූ විභුමක දේවාලයක් කොට නිමවා එහි උත්පලවර්ණ දිව්ය රාජයාගේ භාස්වර වූ රුපය පිහිටුවා මහා පුජා ද පැවැත්වූයේය"
විෂ්ණු සහ උපුල්වන් එක් අයකු වශයෙන් සැලකීමත් භෛරන්ඩි දෙවොල් බිම විෂ්ණු දේවාලයට අයත් වීමත් එය බටහිර දිශාවට මුහුණලා තිබීමත් එහි ඇඳ තිබු වෛශ්නව චිත්ර ගැනත් සැලකු කළ කුරුණෑගල යුගයේ දී මායාදුනු පුරයේ ඉදිකළ උපුල්වන් දෙවොල මෙතන නොවිය හැකි ද යන සැකය මතු වේ භෛරන්ඩි කෝවිල් බිම තුල නගරයක සැලැස්ම දක්නට ලැබීම ද විශේෂයකි ගල් පාලම යටින් දිය අගල තිබු බව පෙනේ එම දිය අගල උතුරෙන් හා දකුණින් සීතාවක ගඟට සම්බන්ධ වන්නට ඇත දිය අගලට ඇතුලෙන් ප්රාකාරයක් තිබෙන්නට ඇත ඉහලට නැඟ යන විට කළුගලින් නිම කල පියගැටපෙලවල් දෙක තුනක් තිබු බව ශාක්ෂි පෙනේ එම පියගැට පැති දෙපස කොරවක් ගල් අද ද අඩක් පසට යටව දක්නට තිබේ පියගැට වශයෙන් පැවති පාෂාණ කැබලි පසෙකට ඇද දමා එතැන වේදිකාවක් මැද සිටුවා ඇති බෝගස පසු කලක එකතු කරන ලද්දක් බව එහි අනුචිත භාවයෙන්ම සනාථ වනු ඇත අඩි 95පළල අඩි100පමණ දිග පාෂාණමය වේදිකාවක් මත ගල් තහඩු අතුල මළුවක් වෙයි මෙහි සිට සිවුදෙසට බැස යා හැකි දොරටු පියගැට පංති හා තොරණවල නටබුන් පෙනෙන්නට තිබේ මෙම වේදිකාවේ හරි මැද අඩි 15ක් පළල අඩි 20පමණ දිග දෙවොල් ගොඩනැගිල්ල චමත්කාර අන්දමින් කැටයම් වූ බොරදම් කුළුණු හිස් පලාපෙති ආදියෙන් යුක්තය ඉදිරියේ දොරටුව දෙපස වූ මුරගල් ඇද බිමට පෙරලා දමා ඇත දෙවොල තුල රැස් වන ජලය පිටතට ගලා යාම සඳහා ගලින් නෙලූ පීල්ලක් වෙයි කෝවිල ඇතුලේ ගෙබිම අඩි 9ෂ්9 වේ එහි අතුරා තිබු ගල් පතුර ඉවත් කිරීමට යත්න දරා ඇත්තේ නිධන් සොරුන් වීසින් යයි සිතිය හැකිය ප්රදේශයේ දක්නට ඇති කබුළුමුල්ල මැදගොඩ වැනි පත්තිනි දේවාලද රාජසිංහ රජුගේ සැලකිල්ලට ලක්ව අලුත්වැඩියා වූ බව පෙනේ ඒ අනුව පෙර සිට පැවති ජගන්මාතා පිදීමට සම්බන්ධ දේව භූමියක් වරින් වර විවිධ අන්දමින් සංවර්ධනය වෙමින් තිබී රාජසිංහ කාලයේ දී ආඬිගුරුන්ගේ භාරයට පත්වූ බවත් රාජසිංහ රජුගේ මරණයෙන් පසුව සීතාවක ආක්රමණය කළ පෘතුගීසින් අතින් මෙය විනාශ වන්නට ඇත ඉන් අනතුරුව කාලපරිච්චේදයේදී යම් යම් ආත්මාර්ථකාමී මිනිසුන්ගේ ක්රියා නිසා භෛරන්ඩි කෝවිල අභාවයට යමින් පවති
Subscribe to:
Posts (Atom)






