#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

තෑග්ග


මුලදී දැඩි ලෙස විදේශිකයන් පිළිකුල් කල දෙවන රාජසිංහ රජතුමා පසුව ඔවුන්ගේ ඇසුර දැඩි ලෙස ප්‍රිය කළේය. ඒ නිසා ඔහු උඩරට රාජධානියේ සැරිසැරීම සඳහා විදේශිකයන්ට අවසරය ලබා දුන්නේය.එපමණක් පමණක් නොවේ.තමාගේ අන්තඃපුරය විවිධ ජාතීන්ගෙන් සම්මිශ්‍රණය වූ එකක් බවට පත් කළාය.මේ අතර ඉංග්‍රීසි ජාතිකයෙකු වූ රොබට් නොක්ස් රජුගේ සිරකරුවෙක් බවට පත්විය අවුරුදු 20ක් පුරාවට මෙරට වාසය කල ඔහු ඒ අතර කාලයේදී තමාව මුදාහරින ලෙසට රජුගෙන් වරින් වර ඉල්ලා සිටියේය.එසේ කළහොත් එංගලන්තයෙන් තෑග්ගක් ලබාදෙන බව කිව්වේය.රොබට් නොක්ස් ඒ බව සඳහන් කර යවන ලද පණිවිඩයේ සඳහන් කවිය මෙය වේ.

රොබට් නොක්ස්

උතුම් මනුකුලෙන් පැවතෙන මනුහු           ලෙද
පසන් තෙද විකුම් රජසිහ නිරිඳු                  සඳ
නිතින් දෙවඟනසෙ දිලි අප රදුව                  ලද
ගොසින් ගෙන ඇවිත් දෙමි මා මිදුව            සඳ





රජතුමා එම තෑග්ග ප්‍රතික්‍ෂේප කරමින් ලියා යැවු කවිය මෙයයි

පල්ලරු පඩක්කරු මුක්කරුද               පරවරු
ඊවඩු දුරාපදු කෙවුලන්  සහ                 හකුරු
මෙරවා රදා බිලි කින්නරද                    පුරවරු
මුන් මිස තොපේ ලිය අරගන්නේ         කවුරු





ගොරකයා 

කොලොන්නාව කෝරලයට අයත් වලකඩ නම් ගම්මානයක් විය.ඒ ගමේ ආරෝහ පරිනාතයෙන් යුත් කාගේත් ආදරයට ලක්වූ තරුණයෙක් විය.ඔහු නමින් ගොරකයා ලෙසින් හැඳින්වුයේය. ගම්මු ඔහු ආදරයට ඇමතුවේ ඒ නමිනි. දිනක් ගොරකයා මහ කැලයේ වැඩක යෙදී සිටියදී කුළු මීමකුගේ අං පහරින් ජිවිතක්‍ෂයට පත්විය.ඔහුගේ මරණය පිලිබඳ පුවත ඇසු ගම්මු මහත් සෙ කම්පා විය.මේ අතර ඒ ගමේ එක් මිනිසෙක් තමන්ගේ ශෝකය පලකරේ මෙසේය

ගොරකයා අනේ වලකඩ ගම                   හිටිය
යමකයා වගේ ඇඟ මහත                          වීරිය
කණකයා රූප මෙන් සියොගත                එලිය
පණ ගියා ඉතින් වලකඩ නැත                    එලිය






කෝලිකුට්ටු 

එක් මුහන්දිරම් වරයෙකු දිනක් ගමනක් යන අතරේදී තේ බීමට කඩයක් ළඟ නතර විය. ඔහු කෝලිකුට්ටු සමග සීනි පිට්ටු අනුභව කර මුදලාලිගෙන් එහි ගණන ඇසුවේය. මුන්දිරම් සල්ලිකාරයෙකු බවට දැන සටකපට මුදලාලි ඊට ගණන කිව්වේ සාමාන්‍යයෙන් අය කරන මුදලට වඩා වැඩි ගණනකි. කිසිවක් නොකී මුහන්දිරම් ගාන ගෙවා මගට බැස්සේය.මගට බැස මුදලාලිට ඇසෙන සෙ මේ කවිය කිව්වාය

ලෝක රට්ටු පතිරණ අප්පු               හඳුනන
පාර කිට්ටු කදිමය කඩපෙල              ඔතන
සීනි පිට්ටු නරකයි විකුණන             ගනන
කෝලිකුට්ටු දීපන් තුට්ටුවේ              තුන



රෙදි නැන්දේ

ඉපැරණි සමාජ ක්‍රමය තුල කුල භේදය තදින්ම පැවතුනි.තමාගේ කුලයෙන් පිටකෙනෙකු හා විවාහ වීම සපුරා තහනම් කාර්යයක් විය. එය දඬුවම් ලැබිය හැකි වරදකි.වලව්වක ඉපදුනු රංචාගොඩ මහත්තයාට තම ගම් පියසේ වසන රෙදි නැන්දා දකින විට සියලු වස්තු නිල පසෙකලා ඇය සමග පැන යාමට සිතේ.එහෙත් තම වංශය ගැන කල්පනා කරන විට ඔහුට කිසිවක් කරකියාගත  නොහී සිටියි. මේ අතර රෙදි නැන්දා විවාහ වීමට යන බව ආරංචි වූ රංචාගොඩ වලව්වේ මහත්තයාට ඉවසුමක් නැති විය. ඔහු රෙදි නැන්දාට මෙසේ කවියක් ලියා යැව්වේලු.

කහට පොතු කපා ගිනි මොලවා              දෙන්ඥන්
පොල්පිති පුළුස්සා අළු අරගෙන               දෙන්ඥන්
අල්ලපු තොටේ තනිවට   මම                   ඉන්ඥන්
දීග නොයන් රෙදි නැන්දේ                       වදින්ඥන්




කිරි මුහුද

වැව් බැදීමේ ශාස්ත්‍රයේ පාර ප්‍රාප්තව විසු පැරණි සිංහල රජ පරපුරේ අවසාන වැව් කර්මාන්තය වුයේ උඩරට රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවූ නුවර වැවයි දළඳා මැදුර ඉදිරිපිට එහි සෙවණ  ලබමින් වැජඹෙන මෙය සෙංකඩගල රාජධානියට ආභරණයක් වැනිය. එසේ වුවද මේ වැව බැඳීමට සිතු රජතුමා ඊට පෙර එතැන පිහිටා තිබුණු කුඹුරු සහ නිවාස රාශියක්ම ඉවත් කරමින් මහත් විනාශයක් කළ බව ප්‍රකට කරුණකි. මේ කාර්යයට පිළිමතලාවේ මහාධිකාරම මෙන්ම ඇහැලෙපොලද දැඩි ලෙස විරුද්ද විය. එහෙත් රජුගේ අරමුණ වෙනස් කල නොහැකි වියරජු මේ සඳහා සේවයේ යොදවන ලද්දේ රජුට පක්‍ෂපාත නොවූ ප්‍රදේශ ලෙස සැලකු සබරගමුව,ඌව වෙල්ලස්ස වැනි ප්‍රදේශවල ජනතාවයි.ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඔවුන්ට තලාපෙලා නුවර වැව බැඳවූ සැටි ජනකවියෙකු මෙසේ විස්තර කර තිබුණා.

වැවක් බඳිමැයි කියා මිගොලේ සියක් බඹයක් විතර                 උසටම
වැඩක් නැතිකර ගෙවතු ගහකොල කොටා වනසා ගෙවල්         සහසැම
නොයෙක් රටවල දිසාවල මහ සෙනඟ රැස් කරවා                  ගමින්ගම
යමෙක් ලෙස රැක බඳින බැම්මට පස් අද්දවන ලෙසම            කරපෙම



4 comments:

{ Pra Jay } at: 25 November 2016 at 09:59 said...

බොහොම ස්තුතියි

කොලොන්න කෝරලය වියයුතුයි නේද?
හියු නෙවිල් සංස්කරණය කල තැප්‍රොබේනියන් සඟරාවේ ඇති ජන කවි කියවලා තියනවද?

{ Pra Jay } at: 25 November 2016 at 10:11 said...

+++

{ D.G.M බස්සා } at: 13 December 2016 at 01:36 said...

නියමයි. මම කැමතිම විෂයක් මේක- ජනකතා සහ ජනකවි

{ Admin } at: 31 December 2016 at 21:38 said...

ස්තුතියි නිවැරදි කිරීමට

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine