
කෑගල්ලේ සිට පොල්ගහවෙල මාර්ගයේ සැතපුම් 4 1/2ක් ගියවිට් වට්ටාරම- ශ්‍රී අරහත්ත මලියදේව රජමහ විහාරය හමුවෙයි.මහඔය නිම්නයේ වූ මේ මහා විහාරයේ ආරම්භය දෙවන පෑතිස් රජ (රා.ව.307-267)දවස දක්වා ඈතට් විහිදුන ,එසේම මිහිඳු හිමියන්ගේ ඇසුර ලත් එකකි.එහි බෝධිය අෂ්ඨපල එකක් වීමත් බෝධි වංශකතාවල සඳහන්ව තිබීමත් වැදගත්ය.වට්ටාරමය (පාලි - මණ්ඩලාරාමය,රවුම් ආරාමය ,සිංහල වී අටුව)තුල විශේෂයෙන් කැපී පෙනෙන පුරා වස්තු වන්නේ මලී මහපායයි.ජනප්‍රවාදවල එන පරිදි,වට්ටාරම ඇත්තේ අනුරාධපුරයේ ලෝවාමහාපායයේ කුඩා අනුරුවකි.ගල්ටැම් 5 බැගින් වූ...