#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

෴෴වීරමුණ්ඩ දෙවියෝ෴෴

4 comments
උඩරට ප්‍රදේශ කිහිපයක ඇදහීමට ලක්වන මේ වීරමුන්ඩ දෙවියන් වෙනුවෙන් පහත රට ප්‍රදේශයේ ඉදිකර ඇත්තේ දේවාල දෙකක් පමණි පැරණි ජනශ්‍රැති වලට අනුව මේ වීරමුන්ඩ දෙවියෝ ඉන්දියාවේ මලල රජුගේ පුත් කුමාරවරුන් තිදෙනාගෙන් එක් අයෙකි වැඩිමල් සොයුරා කළු කුමාරය බාල සොයුරා කුමාර බණ්ඩාරය මහත් කාය ශක්තියක් ඇති මේ කුමරුවන් තිදෙනාගෙ කියුම් මුල්කොට මහත් ජන උද්ඝෝෂණයක් පැන නගී ඉන් පිය රජු අසරණ වන අතර රජකමවත් බේරා ගැනීමට නොහැකි වූ විට ඔහු කරනුයේ මේ කුමරුවන් තිදෙනා අත්තික්කා ලීයෙන් තනන ලද යාත්‍රාවක නංවා රටින් පිටුවහල් කිරීමය අනේක විධ බාදක මැද ඒ යාත්‍රාව...
Read more »

ඇත්තලවත්ත විහාරය

3 comments
මෙම විහාරය 1761 කිර්ති ශ්‍රී රාජසිංහ රජු කල ඉදිකරවන ලද්දකැයි සලකනු ලබයි එම රජතුමාගේ නමින් මෙම ස්ථානයේ ඇත්හලක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම ඇතුන් බැඳ ඇති මෙම ප්‍රදේශය එකල ඇත්හලවත්ත නමින් ව්‍යවහාරවන බව ජනප්‍රවාදයේ පවතී එම ඇතුන් නෑවීමට යයි සකස් කල අමුණක් ද දක්නට ඇත පසු කලෙක මෙම භුමිය පුද බිමක් බවට‍ පත් කර සංඝයාගේ ප්‍රයෝජනය සඳහා පුජා කර තිබේ මෙම ස්ථානයේ පැවතී පුරාණ විහාරය දැවවලින් කල නිර්මාණයක් වශයෙන් පැවති අතර එය දිරා යාම නිසා පසු කලක වෙනත් විහාරයක් කරවා ඇත එම දැවපිට විහාරය මාදම්පේ සුමංගල ස්ථවිරයන් වහන්සේගේ සමයේ කඩා වැටී...
Read more »

සීතාවක බැරැන්ඩි කෝවිල

1 comments
පැරණි සීතාවක නගරයේ වැදගත්ම ස්ථාන දෙකක් විය එකක් මානියම්ගම පිහිටි රජ විමනයි අනික තල්දුවේ පිහිටි දෙවි විමන හෙවත් භෛරන්ඩි කෝවිලයි මේ උස් බිම් දෙක අතරින් සීතාවක නදිය ගලා බැස්සේ නගරයේ ස්වභාවික සෞන්දර්ය ඔප ගැන්වෙන අයුරෙනි ටිකිරි බණ්ඩාර රාජසිංහ 1581 දී රජ බවට පැමිණ වසර දෙක තුනකට පසුව රජුත් බුදුසසුණත් හමුදාවත් රැක දෙන ලෙස සමන් දෙවියන් අයැදිමින් අලගියවන්න මුකවෙටිතුමා අතින් ලියවුන සැවුල් සංදේශය ඉහත කි දසුන රූපකයට නැඟී ඇත්තේ මෙසේය සව් සිරි පිරි එපුර වරඟනගේ     මනනද දෙව් රද විමන තන යුගතුරෙහි ගිලි   ...
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine