උග්ගල් අළුත්නුවරකතරගම් දේවාලයට සම්බන්ධ ප්‍රවේණි රාජකාරි සේවාවන් පිලිබඳ විස්තර
අළුත්නුවර ගමේ පරවේණි පංගු
අංකය
|
පංගුවේ නම
|
එම පංගුවට අයත් සිරිත් රාජකාරි
|
01
|
අත්තනායක මොහොට්ටි නිලේ පංගුව
|
ඉල්මහ කාත්තිය
අවුරුදු කාත්තිය සහ මහ පෙරහැර කරවීම -දින අනුවක් දේවාලයේ අලුත්වැඩියාව
|
02
|
මහබෙත්මේ කපුනිලේ පංගුව
|
කාත්තිවල දී හා මහ පෙරහැරෙ දී දෙවියන් වැඩමවීම
දින හතළිහක් දේවාලයේ අළුත්වැඩියා වැඩ කිරීම
|
03
|
කුඩා කපු නිලේ පංගුව
|
ඉහත සඳහන් පංගුවේ මෙන් කාත්ති දෙකේ දී රාජකාරි
කිරීම අලුත්වැඩියා වැඩ
|
04
|
මහාබෙත්මේ බතවඩන නිලේ පංගුව
|
මුළුතැන් වැඩීමේ රාජකාරිය-දින විස්සක්
අළුත්වැඩියා කිරීම
|
05
|
පිරිත් නිලේ පංගුව
|
පිරිත් කීමේ රාජකාරිය (ගිහියෙකුට අයත් නොවේ)
|
06
|
විහාරේ පංගුව
|
උදේ හවස මල් පුජා කිරීම,දිනපතා ආහාර පුජාව
|
07
|
අත්තනායක පංගුව
|
දේවාලයේ ගබඩාව බාරව සිටීම
|
08
|
කිරිල්ලවල අත්තනායක පංගුව
|
ඉහත සඳහන් පංගුවේ මෙන් රාජකාරි
කිරීම-අළුත්වැඩියා කිරීම දින හතළිහයි
|
09
|
රත්නායක පංගුව
|
දේවාලයට අයත් කොඩි,තිර ආදිය ගණන් බලා ආරක්ෂා
කිරීම- මුත්තෙට්ටු අටුලෑම,අලුත්වැඩියා වැඩ දින විස්සක්
|
10
|
තොටපල්ලේ ගෙබලන පංගුව
|
දේවාලයේ දොර යතුර බාරව සිටීම-වියන් ඇල්ලීම
|
11
|
දැලිගුරු අරාවේ ලිඳගාවා පංගුව
|
මුළුතැන් බෑම
|
12
|
පොකුණේ ගෙබලන පංගුව
|
දහවෙනි පංගුවේ රාජකාරිය මෙන්ය
|
13
|
තොටපල්ලේ පලිහවඩන පංගුව
|
දෙවියන් වැඩමවන විට පලිහ සහ වියන්
ඇල්ලීම,දේවාලය රැකවල් කිරීම
|
14
|
බෝගහකුඹුරේ පට්ටිකාර පංගුව
|
මුළුතැන් සඳහා හුන් කිරි හා තෙල්
දීම-අලුත්වැඩියාවේ දින විස්සක් යෙදීම
|
15
|
හපුගහ අරාවේ පට්ටිකාර පංගුව
|
ඉහත සඳහන් පංගුවේ මෙන් රාජකාරි කිරීම-දේවාලයේ
වහලවල උළු මාරු කිරීම-නොතෙමෙන සේ පවත්වාගෙන යාම,අවශ්‍ය වූ විට දේවාලයට වලං කලං
ආදිය සැපයීම
|
16
|
පොකුණේ බරනැන්දු බඩහැල පංගුව
|
දේවාලයේ වහලවල උළු මාරු කිරීම-නොතෙමෙන සේ පවත්වාගෙන
යාම,අවශ්‍ය වූ විට දේවාලයට වලං කලං ආදිය සැපයීම
|
17
|
බඩහැල පංගුව
|
දේවාලයේ වහලවල උළු මාරු කිරීම-නොතෙමෙන සේ
පවත්වාගෙන යාම,අවශ්‍ය වූ විට දේවාලයට වලං කලං ආදිය සැපයීම
|
18
|
පොකුණේ බඩහැල පංගුව
|
දේවාලයේ වහලවල උළු මාරු කිරීම-නොතෙමෙන සේ
පවත්වාගෙන යාම,අවශ්‍ය වූ විට දේවාලයට වලං කලං ආදිය සැපයීම
|
19
|
ගී කියන බඩහැල පංගුව
|
කාත්ති තුනට දේවාලයට පැමිණ සිටීම - අනික්
රාජකාරි-දේවාලයේ වහලවල උළු මාරු කිරීම-නොතෙමෙන සේ පවත්වාගෙන යාම,අවශ්‍ය වූ විට
දේවාලයට වලං කලං ආදිය සැපයීම
|
20
|
ඉඹුල්පේ ආචාරි පංගුව
|
දේවාලයේ යකඩ වැඩ කර දීම-දෙවියන් වැඩමවන රථය ඇදීම
|
21
|
හටන්පොල ආචාරි පංගුව
|
දේවාලයේ යකඩ වැඩ කර දීම-දෙවියන් වැඩමවන රථය
ඇදීම
|
22
|
මාමල්ගහ ආචාරි පංගුව
|
දේවාලයේ යකඩ වැඩ කර දීම-දෙවියන් වැඩමවන රථය
ඇදීම
|
23
|
රදාගේ ජාහළු පංගුව
|
රථය වියන් බැඳීම-පිරුවට දීම-පියවිලි එලීම සහ
වෙනත් අවශ්‍යතාවයන් වලදී වියන් බැඳීම
|
24
|
සුද්දහළු පංගුව
|
රථය වියන් බැඳීම-පිරුවට දීම-පියවිලි එලීම සහ
වෙනත් අවශ්‍යතාවයන් වලදී වියන් බැඳීම
|
25
|
නළුවෙල රදා පංගුව
|
පත්තිනි දේවාලයේ වියන් බැඳීම-දෙවියන් වැඩමවන
විට පියවිලි එලීම
|
26
|
පාලම රදා පංගුව
|
පත්තිනි දේවාලයේ වියන් බැඳීම-දෙවියන් වැඩමවන
විට පියවිලි එලීම
|
27
|
ගණිත පංගුව
|
පත්තිනි දේවාලයේ වියන් බැඳීම-දෙවියන් වැඩමවන
විට පියවිලි එලීම පෙරහැර සහ කාත්ති උත්සව සඳහා නැකත් සැදීම
|
28
|
වැරවුලන්දේ දුනුකාර පංගුව
|
දෙවියන්ගේ හළු අපුල්ලා දීම,දෙවියන් වැඩම වන විට
පියවිලි එලීම,උඩුවියනට පිරුවට දීම
|
29
|
රත්නහළු පංගුව
|
දෙවියන්ගේ හළු අපුල්ලා දීම,දෙවියන් වැඩම වන විට
පියවිලි එලීම,උඩුවියනට පිරුවට දීම
|
30
|
ගොඩකුඹුරේ තෙල්කාර පංගුව
|
තෙල් සැපයීම
|
31
|
මාලුකාර පංගුව
|
මුළුතැනට එළවළු දීම
|
32
|
හත්තැල්ලේ මාලුකාර පංගුව
|
ඉහත පංගුවේ මෙන් රාජකාරිය කිරීම
|
33
|
මේස්ත්‍රිය පංගුව
|
දේවාලයේ මැහුම් මැසිම,රථය සරසන විට කොත
තැබීම,තේවාවේ දී හක්ගෙඩිය පිඹීම,දේවාලයේ කිරි ඉතිරවීම ,කුඹේ ඇදීම
|
34
|
තෝන්ඩිය හක්කාර පංගුව
|
රථය සරසන විට කොත තැබීම,තේවාවේ දී හක්ගෙඩිය
පිඹීම දේවාලයේ කිරි ඉතිරවීම,කුඹේ ඇදීම
|
35
|
පාලුහක්කාර පංගුව
|
ඉහත පංගුවේ මෙන් රාජකාරි කිරීම
|
36
|
පත්තිනි කපුනිලේ පංගුව
|
පත්තිනි කෝවිලේ දෙවියන් වැඩම කිරීම,පාන්මඩුව
නැටීම
|
37
|
උඩවෑකඩ තම්මැට්ටන්කාර පංගුව
|
තම්මැට්ටන් ගැසීමේ රාජකාරිය
|
38
|
ගුරියඹ ඔතු පංගුව
|
දේවාලයේ මුලාදෑනින්ට අඩුක්කුවක් දීම
|
39
|
මඩමේගේ වත්තෙ පංගුව
|
අළුත්වැඩියා වැඩ කිරීම
|
40
|
සත්කාර පංගුව
|
දේවාලයට ඔතු දීම
|
41
|
ඔතු පංගුව
|
දෙදවසක් අළුත්වැඩියා වැඩට උදව් දීම,දේවාලයේ
මුළුතැන් බෑමේ රාජකාරිය
|
42
|
මුළුතැන් පංගුව
|
දෙදවසක් අළුත්වැඩියා වැඩට උදව් දීම,දේවාලයේ
මුළුතැන් බෑමේ රාජකාරිය
|
43
|
දැලිගුරු අරාවේ මුරුතැන් පංගුව
|
දෙවියන් වැඩමවන විට කුඩේ ඇල්ලීම
|
44
|
මාමල්ගහ කුඩකාර පංගුව
|
දෙවියන් වැඩමවන විට කුඩේ ඇල්ලීම
|
45
|
මාමල්ගහ පලිහවඩන පංගුව
|
දෙවියන් වැඩමවන විට කුඩේ ඇල්ලීම
|
46
|
වෙරළුගහ කුඹුරේ කුඩාකාර පංගුව
|
දෙවියන් වැඩමවන විට කුඩේ ඇල්ලීම
|
47
|
දිගනෙ කඩකාර පංගුව
|
පණිවිඩ කීමේ රාජකාරිය සහ බස්නායක නිලමේ කැටුව
ගමන් කිරීම
|
48
|
තිඹිරිපෙල හෙවනැන්නැහෙ පංගුව
|
පණිවිඩ කීමේ රාජකාරිය සහ බස්නායක නිලමේ කැටුව
ගමන් කිරීම
|
49
|
කුඩාගම හෙවැන්නැහෙ පංගුව
|
පණිවිඩ කීමේ රාජකාරිය සහ බස්නායක නිලමේ කැටුව
ගමන් කිරීම
|
50
|
කඳුකරගෙ හෙවැන්නැහෙ පංගුව
|
පණිවිඩ කීමේ රාජකාරිය සහ බස්නායක නිලමේ කැටුව
ගමන් කිරීම
|
51
|
දාන්දාවෙ
හෙවැන්නැහෙ පංගුව
|
මාරුවෙන පංගුවක්
|
52
|
කරඳගොල්ලෙ හෙවැන්නැහෙ පංගුව
|
මාරුවෙන පංගුවක්
|
53
|
නැකතිගෙ පංගුව
|
පෙරහැරෙ කවි කීම,තාලන් ගැසීම
|
54
|
මලවර පංගුව
|
පෙරහැරෙ කවි කීම,තාලන් ගැසීම
|
55
|
හන්කරාවේ මලවර පංගුව
|
පෙරහැරෙ කවි කීම,තාලන් ගැසීම
|
56
|
මලවර පංගුව
|
පෙරහැරෙ කවි කීම,තාලන් ගැසීම
|
57
|
උඩගෙදර ඉලංගමේ කවිකාර පංගුව
|
පෙරහැරෙ කවි කීම,තාලන් ගැසීම
|
58
|
පාලම කවිකාර පංගුව
|
පෙරහැරෙ කවි කීම,තාලන් ගැසීම
|
59
|
පල්ලේගෙදර ඉලංගමේ කවිකාර පංගුව
|
පෙරහැරෙ කවි කීම,තාලන් ගැසීම
|
60
|
මල් තේ වේ පංගුව
|
පෙරහැරට මල් වට්ටි දීම
|
61
|
හන්කරාවේ මානික්ක පංගුව
|
පෙරහැරට මල් වට්ටි දීම
|
62
|
උඩගෙදර මානික්ක පංගුව
|
දේවාලයේ නැටීම
|
63
|
තනිනිළ පංගුව
|
දිග්ගෙයි නැටීම,දවුල් ගැසීම
|
64
|
මොට්ටුක්කාර පංගුව
|
දිග්ගෙයි නැටීම,දවුල් ගැසීම
|
65
|
උඩගෙදර ඉලංගමේ මොට්ටුක්කාර පංගුව
|
දිග්ගෙයි නැටීම,දවුල් ගැසීම
|
66
|
කොම්බු නිලේ පංගුව
|
පෙරහැරේදී කොම්බු නැටීම
|
67
|
තනිනිළ පංගුව
|
මාරුවෙන පංගුවකි
|
68
|
තෙල් නිළ පංගුව
|
පෙරහැරෙ නීල පන්දම් ඇල්ලීම,දවුල් ගැසීම
|
69
|
යටිකිඳ දවුල්කාර පංගුව
|
පෙරහැරෙ නීල පන්දම් ඇල්ලීම,දවුල් ගැසීම
|
70
|
පාලම තනි නිළ පංගුව
|
පෙරහැරෙ නීල පන්දම් ඇල්ලීම,දවුල් ගැසීම
|
71
|
තටුනිළ පංගුව
|
දේවාලයට තටු කොළ දීම
|
72
|
නයියන්ඩිකාර පංගුව
|
නයියන්ඩි නැටීම
|
73
|
නෝක්කු පංගුව
|
නයියන්ඩි නැටීම
|
74
|
කොට්ටුඅරාවේ කෝලක්කාර පංගුව
|
නයියන්ඩි නැටීම
|
75
|
කොට්ටුඅරාවේ කෝලක්කාර පංගුව
|
නයියන්ඩි නැටීම
|
76
|
කොට්ටුඅරාවේ කෝලක්කාර පංගුව
|
දේවාලයේ නැටීම
|
77
|
පාලම ඉලංගමේ මානික්ක පංගුව
|
දේවාලයේ නැටීම
|
78
|
අශදගම තුනි නිළ පංගුව
|
කාත්ති වලදී සහ මහ පෙරහැරේදී හේවිසි
කිරීම,ගරායක් නැටුමේ දී බෙර ගැසීම
|
79
|
කරපේ කුඹකාර පංගුව
|
කාත්ති වලදී සහ මහ පෙරහැරේදී හේවිසි
කිරීම,ගරායක් නැටුමේ දී බෙර ගැසීම
|
80
|
කරපේ තොටුපල පංගුව
|
කාත්ති වලදී සහ මහ පෙරහැරේදී හේවිසි
කිරීම,ගරායක් නැටුමේ දී බෙර ගැසීම
|
81
|
මොරකඳුරෙ බෙරකාර පංගුව
|
කාත්ති වලදී සහ මහ පෙරහැරේදී හේවිසි
කිරීම,ගරායක් නැටුමේ දී බෙර ගැසීම
|
82
|
දවුල් නිලේ පංගුව
|
දවුල් ගැසීම
|
83
|
තම්මැට්ට්න්කාර පංගුව
|
තම්මැට්ටන් ගැසීම
|
84
|
කරපේ හොරණෑකාර පංගුව
|
හොරණෑව පිඹීම
|
85
|
පාලම
|
මානික්ක පංගුව දේවාලයේ නැටීම
|
86
|
කප්හිටවන පංගුව
|
පෙරහැර කප් සිටුවීම
|
87
|
හෙවතැන්නෙහි පංගුව
|
අලුත්වැඩියාවල් කිරීම
|
88
|
අතපත්තු මොහොට්ටි නිලේ පංගුව
|
රාජකාරි කිරීම
|
89
|
කෙවලගල් ඔතු පංගුව
|
දේවාලයට ඔතු වී බෙරයක් දීම,අළුත්වැඩියා වැඩ
|
90
|
ඔතු පංගුව
|
දේවාලයට ඔතු වී පෑලක් දීම
|
91
|
දොඩන්ගොඩගේ ඔතු පංගුව
|
ඔතු වී පහලොස්දාහක් තනිනිළ පංගුවට දීම
|
92
|
දොඩන්ගොඩගේ ඔතු පංගුව
|
තනිනිළකාරයාට ඔතු වී කුරුණි අටක් දීම
|
93
|
මුල්ලේ කුඹුරේ පංගුව
|
ඔතු වී කුරුණි හතරක් දේවාලයට දීම,අළුත්වැඩියා
වැඩ,බස්නායක නිලමේගේ බර ගෙන යාම
|
94
|
කපුනිලේට ඔතු දෙන පංගුව
|
කපුනිලේට ඔතු වී පෑලක් දීම
|
95
|
පිරිත් නිලේට ඔතු දෙන පංගුව
|
පිරිත්නිලේට ඔතු වී පෑල පහක් සහ පැන්ස හයක් දීම
|
96
|
ගලහිටියෙ ඔතු පංගුව
|
ඔතු වී අමුණක් දේවාලයට දීම
|
97
|
කපු පංගුවට අයිති කුඹුරේ පංගුව
|
අළුත්වැඩියා වැඩ
|
98
|
ඔතු පංගුව
|
වී බෙර පහක් දේවාලයට ඔතු දීම
|
99
|
බස්නායක නිලේ මුත්තෙට්ටුවේ පංගුව
|
දේවාලයට සිලිමක් ඔතු දීම
|
100
|
ඔතු පංගුව
|
පැන්ස නමයක් දේවාලයට ඔතු දීම,අළුත්වැඩියා වැඩ
|
101
|
තටුකොළ පංගුව
|
මාරුවෙන පංගුව
|
102
|
කපු පංගුව
|
වී තුන් පෑලක් කපුනිලේට ඔතු දීම,අළුත්වැඩියා
වැඩ
|
103
|
විලේ හෙවනැන්නැහෙ පංගුව
|
නළුවෙල නො:24 පංගුවේ කොටසක්
|
සැලකිය යුතුයි අංක
89 සිට 103 තෙක් පංගු 15 නියමිතව ඇත්තේ දේවාලයට ඔතු දීම පමණි
|
එගොඩ වලේබොඩ
පරවෙනි පංගු
01
|
දුර පංගුව
|
කාත්ති තුනට හකුරු පට්ටා තුනක්,කෙසෙල්
කැනක්,බැඳි කඳක් දේවාලයට දීම;එවැනි කත් බස්නායක නිලමේට හා අත්තනායක මොහොට්ටාලට
දීම; අළුත්වැඩියා කිරීම
|
02
|
මිනුම් පංගුව
|
කාත්ති තුනට හකුරු පට්ටා තුනක්,කෙසෙල්
කැනක්,බැඳි කඳක් දේවාලයට දීම;එවැනි කත් බස්නායක නිලමේට හා අත්තනායක මොහොට්ටාලට
දීම; අළුත්වැඩියා කිරීම, දේවාලයට බුලත් දීම,මහ පෙරහැර දිය කපන දාට බස්නායක
නිලමේට,අත්තනායක මොහොට්ටාල නිලමේට,අතපත්තු මොහොට්ටාලට,රත්නායක රාළට,පාන් මඩුවට
බුලත් දීම
|
03
|
ඔතුකාර පංගුව
|
දේවාලයට බුලත් දීම,මහ පෙරහැර දිය කපන දාට
බස්නායක නිලමේට,අත්තනායක මොහොට්ටාල නිලමේට,අතපත්තු මොහොට්ටාලට,රත්නායක රාළට,පාන්
මඩුවට බුලත් දීම
|
04
|
මනවිර වතුකාර පංගුව
|
දේවාලයට බුලත් දීම,මහ පෙරහැර දිය කපන දාට
බස්නායක නිලමේට,අත්තනායක මොහොට්ටාල නිලමේට,අතපත්තු මොහොට්ටාලට,රත්නායක රාළට,පාන්
මඩුවට බුලත් දීම
|
05
|
සුදුහකුරු පංගුව
|
එක කාත්තියකට දේවාලයට හකුරු මුල් 60ක්
දීම,එළවළු පිරිවැහි හතරක් දීම,කෙසෙල් කැනක් දීම,තොරණ බැඳීමේ වැඩ
|
06
|
අලංකාර පංගුව
|
එක කාත්තියකට දේවාලයට හකුරු මුල් 60ක්
දීම,එළවළු පිරිවැහි හතරක් දීම,කෙසෙල් කැනක් දීම,තොරණ බැඳීමේ වැඩ
|
07
|
හිතකැලේ අඟුරුකාර පංගුව
|
කාත්තිවලට නිලකාරයන් දෙන කත් දේවාලයට ගෙන ඒම,මහ
පෙරහැරෙ කොඩි ඇල්ලීම,අළුත්වැඩියා වැඩ
|
08
|
මහතුන් නොහොත් ඌලියම් පංගුව
|
පැණි සහ දුම්මල දේවාලයට දීම,අළුත්වැඩියා වැඩ
|
09
|
දවුල්කාර පංගුව
|
දේවාලයට හකුරු දීම,අළුත්වැඩියා වැඩ
|
10
|
හීන්බාලගේ ඌලියම්කාර පංගුව
|
දේවාලයට හකුරු සහ කෙසෙල් කැන් සහ අළුත්වැඩියා
වැඩ
|
11
|
පැණිපච්චොල පංගුව
|
බස්නායක නිලමේටහකුරු සහ කෙසෙල් කැන් දීම සහ
අළුත්වැඩියා වැඩ
|
12
|
මනතුන්ගේ පංගුව
|
දේවාලයට හකුරු හා කෙසෙල් කැන් දීමසහ
අළුත්වැඩියා වැඩ
|
13
|
පැණිපච්චොල පංගුව
|
මුළුතැනට හකුරු දීම
|
14
|
පැණිපච්චොල පංගුව
|
මුළුතැනට හකුරු දීම
|
15
|
පැණිපච්චොල පංගුව
|
කාත්ති තුනට හකුරු දීම
|
16
|
අලංකාර පංගුවේ ඌලියම් පංගුව
|
බස්නායක නිලමේගේ ඕනෑම වැඩක් කිරීම
|
නළුවෙල ගමේ ප්‍රවේණි
පංගු
01
|
බත්වඩන පංගුව
|
මුළුතැන් බෑම
|
02
|
හල්වින්නෙ චාමර පංගුව
|
බස්නායක නිලමේට අඩුක්කු දීම
|
03
|
අගල්ගම මලවර පංගුව
|
කවි කීම ,තාලම් ගැසීම
|
04
|
පාලම ඉලංගමේ මොට්ටුක්කාර පංගුව
|
දේවාලයට ඔතු දීම
|
05
|
තම්මැට්ටන්කාර පංගුව
|
දේවාලයට ඔතු දීම
|
06
|
දවුල්කාර පංගුව
|
දවුල් ගැසීම
|
07
|
වෑකුඹුරෙ තම්මැට්ටන්කාර පංගුව
|
සිංගාරම් කිරීම
|
08
|
තොටපල්ලෙ පලිහවඩන පංගුව
|
දොර යතුරු බාරව සිටීම
|
09
|
පොකුනෙ ගෙබලන පංගුව
|
දොර යතුරු බාරව සිටීම
|
10
|
ජාහලු පංගුව
|
පිරුවට දීම,වියන් බැඳීම
|
11
|
තෙල්කාර පංගුව
|
නීලපන්දම් ඇල්ලීම
|
12
|
උඩගෙදර ඉලංගමේ මලවර පංගුව
|
පෙරහැරේ කවි කීම
|
13
|
කප හිටවන පංගුව
|
අළුත්නුවර ගමේ 86 වැනි පංගුවේ කොටසක්
|
14
|
උඩගෙදර ඉලංගමේ මලවර පංගුව
|
පෙරහැරේ කවි කීම
|
15
|
කල්තොටයාගේ පංගුව
|
වෙසක් පිංකමට දන් කදක් දීම
|
16
|
පෙත්තර කුඹුරේ පංගුව
|
වෙසක් පිංකමට දන් කදක් දීම
|
17
|
යක්දෙහිරාළගේ පංගුව
|
අළුත්වැඩියා කිරීම
|
18
|
මහවලතැන්නේ විහාරෙ පංගුව
|
දන්දීම සඳහාය
|
19
|
මහබෙත්මේ කපුනිලේ පංගුව
|
අළුත්නුවර නො:3 දරන පංගුවේ කොටස
|
20
|
රණබාහුගේ පංගුව
|
දෙවියන් වැඩමවන විට චාමර සැලීම
|
21
|
උඩගංගොඩ වට්ටෝරු පංගුව
|
උඩවියන් ඇල්ලීම,හඳුන්කිරි පැන් ඉසීම
|
22
|
ලන්සකාර පංගුව
|
රන්දෝලි වැඩමවීම
|
23
|
මලපෙ පංගුව
|
රන්දෝලි වැඩමවීම
|
24
|
කුඩාකාර පංගුව
|
දෝලියට කුඩේ ඇල්ලීම
|
25
|
වට්ටෝරු පංගුව
|
උඩුවියන් ඇල්ලීම,හඳුන් කිරි පැන් ඉසීම
|
26
|
විලේ හෙවනැන්නැහෙ පංගුව
|
පෙරහැර දවස්වල තානායමේ මුරට සිටීම
|
27
|
හපුගහ කුඹුරේ පංගුව
|
රථය සහ බස්නායක නිලමේගේ තානායම මුර කිරීම
|
28
|
හල්ඕවිට මනන පංගුව
|
දර වතුර දීම
|
29
|
මුත්තෙට්ටුකාර පංගුව
|
දෙවියන් වැඩමවන රථය ඇදීම
|
30
|
සායක්කාර පංගුව
|
වියන් බැඳීම,පිරුවට දීම
|
31
|
දෙවටේගේ පංගුව
|
පෙරහැරෙ කොඩියක් ඇල්ලීම
|
32
|
යමන් පංගුව
|
දේවාලයට අවශ්‍ය යකඩ දීම
|
33
|
නම්බි වට්ටෝරු පංගුව
|
උඩුවියන් ඇල්ලීම,කිරිපැන් ඉතිරවීම
|
0 comments:
Post a Comment