#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ජනකවි,ජනකතා

1 comments
මහනුවර යුගයේ සමහර රජවරු සල්ලාල ජීවිත ගත කළහ.රූමත් කතුන් දුටු පමණින් අන්තඃපුරයට කැඳවා ගැනීම එකල ඔවුන්ගේ සිරිත විය.වලව්වල රූමත් කතුන් ඇතිබව දැනගත්විට රජ අණපරිදි ඇතැම්විට අන්තඃපුරයට ඇතුළු කරගන්නා ලදී.මෙසේ ඇතුළු කරගන්නා කාන්තාවන් යකඩ දෝලි නමින් හඳුන්වන ලදී.මහනුවර රජුන්ට යකඩ දෝලි ගණනාවක්ම විය. මහා නිලමේවරුන්ගේ මහනුවර නගර ආසන්නයේම  වූහයි කියති.රජු යන එන ගමන් වලදී වලව් දෙසද නොබලාම නොගිය බැව් කියන ප්‍රවාද නැත්තේ නොවේ.දිනක් පෑ තැටි පසුකර යමින් සිටි මහරජතුමාට ඒ අසල වලව්වක සිටි 'යහපති' නම් රූමත් දැරියක් දකින්නට ලැබුණි.ඈ...
Read more »

අඬහැරය

1 comments
පුරාණ අඬහැරයද ජන කවියකි මිනිසාත් මී ගවයාත් අතර බැඳී පවතින සහජීවනය ඒ තුල ගැබ්වි ඇත තිසරණ සරණයි බුදුන් දැකපන් මගේ සුරතල් මීවෝ උඹ උවෝ ..උවෝ ...උවෝ ... සතර වරන් දෙවියන් හට බාරයි මගේ මී වස්සා උඹ උවෝ.. උවෝ ...උවෝ ... තිස්තුන් කෝටියක් දෙවිපිහිටයි මගේ වහු දරුවෝ උවෝ.. උවෝ ...උවෝ ... කතරගම දෙවි රැකපන් මගේ මී වස්සා උඹ උවෝ.. උවෝ ...උවෝ ... උවෝයි.. දෙවි පිහිටෙන් ඇදපන්කෝ මගේ වහු දරුවෝ උඹ උවෝ .. උවෝ.. උවෝයි ...  බුදුන් දැක නිවන් දැකපන් මගෙ එළවස්සා  උඹ. උවෝ.. උවෝ ...උවෝ .... හෝ මුල්ලෙන් පලයන් මගෙ කිරි මීවෝ උඹ. උවෝ.....
Read more »

පන් යක්කම

3 comments
පැරණි කෘෂිකාර්මික සමාජයේ පන් කපා පැදුරු විවීමකාන්තාවන්ට උරුම වූ ඉතා වැදගත් කාර්යයක් ලෙස සැලකුණි නැන්දම්මා තම පුත්‍රයාට කරකාර බැඳ අලුතින් කැඳවාගෙන ආ තම ලේලියට කෑම පිසීම මෙන්ම පැදුරු විවීමට දක්‍ෂ තැනැත්තියක් දැයි සොයා බැලුවේ මේ නිසාය.වෙලට ගොස් පන් කැපීම,පන් විවීම ඇතුළු ඊට අයත්සියලු කාර්යයන් ගැන පන්නම් කතුර ,පැදුරු මාලය වැනි පොත්පත් ලියැවුණේ පන් කර්මාන්තයට එදා ලැබුණු වැදගත්කම නිසාය.  මේ නිසාම පන් යක්කම නමින් යාතුකර්මයක් (පුජා ක්‍රමයක්) පැවැත්වූ බව ද පෙනේ. පන් යක්කම හා බැඳුන (පට්ටිය ගිරි),(ඔකඳ ගිරි),(කොටපල බිසව්),(වෙළඹ...
Read more »

රන්වල දෙවියෝ

0 comments
කෑගල්ල නගරයට යාබදව රන්වල යන නමින් ගමක් ඇත.දෙවන රාජසිංහ රජුගේ  කාලයේ රජුට අයත් වී අටුවක් නැත්තම් පත්තායමක් ඒ ගමේ තිබිණි.එකල රන්වල ගමේ අලවතුරේ රාළ, ගණේගොඩ රාළ යන නමින් හැඳින්වූ දැඩි මිතුදමින් වෙළී සිටි තරුණයෝ දෙදෙනෙක් වූ හ.ගමේ කෙබදු කටයුත්තක් වේ නම් එය මේ දෙදෙනා ගේ එකතුවෙන්ම සිදුවිණි.අසල්වැසියෝ එය හොදින් දැන සිටියෝය.දිනක් රන්වල ගමේ තිබුණු රජු ගේ පත්තායම බිඳ එහි වූ වී සොරා ගෙන ගොස් තිබේ.එවැන්නක් ගම තුල කිරීමට සමත් කිසිවෙකු නොවුහ. අසල ගම්වලින් මේ ගමට වැද එවැන්නක් කිරීමට සමත් කිසිවෙක් නොවුහ.එවැනි දේ ඒ කාලයේ ගම්වැසියන්ට...
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine