#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

෴උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය෴

3 comments
රත්නපුර දිස්තිරික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.අක්කර 10 ක් වු මනරම් භූමි භාගයක තුන්මහල් ප්‍රාකාර මත පිහිටි මලුවේ නටබුන්ව ඇති ටැම්පිට විහාරයත්, දාගැබත්,බෝධින්වහන්සේත්,කඳසුරිදුගේ දෙවොලත් ඒ හා සම්බන්ධ දන්,මුළුතැන් ගෙවල් හා ගබඩා ගෙවල් ද වේ.ප්‍රාසාදය සිව් දෙසට සතර වාහල් දොරටු කරවා,අගනා වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්ගෙන් සමන්විත දේවාල භූමිය සතර වීදියකින් යුක්ත වන අතර,දේවාලයේ ප්‍රධාන වාහල්කඩ අභියස පත්තිනි දේවාලය පිහිටා ඇත.ඊට අමතරව, දේවාලයේ ප්‍රධාන...
Read more »

අංගම්මන රජමහ විහාරය

0 comments
රත්නපුර නගර සීමාවට අයත් බටුගෙදර නම් ග්‍රාමයේ කළු ගඟ අසබඩ මඳක් උසැති රමණීය කඳු ගැටයක එක් පසෙක අංගම්මන රජමහ විහාරය පිහිටා ඇත මෙම රජමහ විහාරය 1780 දී පමණ කීර්ති ශ්‍රී රාජසිංහ රජු කල සබරගමුවේ මහ අධිකාරම් නිළය දැරූ රන්පන්හිඳ දිවාකර වික්‍රමසිංහ ඉලංගකෝන් සේනානායක රාජපක්ෂ මුදියන්සේ රාළහාමිගේ පෙළපතින් පැවත එන්නකු වන අංගම්මන අදිකාරම් විසින් කරවා ඇත. විහාරය පිහිටි පෙදෙස එකල්හි වන ලැහැබක්ව පැවති ඇත අංගම්මන මහ අදිකාරම්තුමා  දිනක් විනෝද ගමනක් වශයෙන් රත්මල් ඇල්ල නැරඹීම සඳහා අඟුලකින් කළු...
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine