මොල්ලිගොඩ අදිකාරම්තුමා |
සිංහලයේ අවසාන රජ දවස සිංහලයේ අන්තිම අදිකාරම් වූ මොල්ලිගොඩ අදිකාරම්තුමා විසින් මෙම ස්ථානය කරවා පුජා කොට ඇත එතුමාගේ ප්‍රකට නාමය මොල්ලිගොඩ වුවත් නියම නම මොල්ලිගොඩ රාජකරුණා සෙනවිරත්න හේරත් වාහල මුදියන්සේ මහ නිලමේය මෙම ස්ථානය ටැම්පිට විහාරයකි පැරණි වාස්තු විද්‍යානුකුලව නිර්මාණය වූ විශාල ගොඩනැගිල්ලකි මොල්ලිගොඩ අදිකාරම්තුමා මෙම ස්ථානයේ රජ වාසලක් තනා එහි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රහසිගතව ගෙනවිත් තැන්පත් කර රටේ රජු බවට පත්වීමට උත්සහ කර ඇති බව සඳහන්වේ නැගෙනහිරින් ජල දුර්ගයක්ද බටහිරින් ජල දුර්ගයක්ද උතුරු දකුණු දිසාවන්ට ගිරිදුර්ගයන්ද වශයෙන් අවශ්‍ය පෞරාණික ආරක්ෂක අංගයන්ගෙන්ද මෙය සම්පුර්ණ වීය ඊට අමතරව මොල්ලිගොඩ අදිකාරම්තුමා විසින්ම ස්ථානය වටා දිය අගලක් නිර්මාණය කොට ඇත
මෙසේ ආරක්‍ෂිත ක්‍රමෝපායන් උපයෝගී කරගෙන පෞරාණික වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කරන ලද විශාල ටැම්පිට ගොඩනැගිල්ලේ පහත මාලය රාජ සභාව රැස්වීම් සඳහාත් දෙවන මහල එතුමාගේ වාසය සඳහාත් තුන්වන මහල දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට ද ඉදිකර ඇත එහෙත් එතුමාගේ අදහස ඉටුකරගැනීමට නොහැකි වී ඇත ටැම්පිට ගොඩනැගිල්ලේ දෙවන මහල සහ දිය අගලේ වැඩ සෑහෙන දුරකට නිමවත්ම මේ පිළිබඳව රජුට කිසියම් අයකු කේලම් කියා ඇත මින් කුපිත වූ රජු මොල්ලිගොඩ අදිකාරම්තුමා ගෙන්වා මේ ගැන විමසා ඇත ඒ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ විහාරයක් කරවන බවයි රජු පසුදිනම ස්ථානය පරික්ෂා කිරීමට පැමිණෙන බව පවසා තිබේ මින් කලබලයට පත් අදිකාරම්තුමා උඩරට ප්‍රදේශයේ චිත්‍ර ශිල්පින් හා පෙති පිළිම ආදිය රාත්‍රියේම ගෙන්වා පසුදා පහන් වන විට විහාරයක් බවට පරිවර්තනය කර ඇත පසුදින රජු රජු එන විට විහාරයක් කරගෙන යන අයුරු මනාව පෙනුන හෙයින් ආපසු ගොස් ඇත එම උපායශීලි ක්‍රියාව නිසා මොල්ලිගොඩ අදිකාරම්ගේ ජීවිතය බේරී ඇත සිය රහස හෙළිවීමෙන් පසු ගොඩනැගිල්ලේ වැඩ ඉතා සෙමින් සිදු වී ඇත දිය අගල තැනීම එතැනින්ම අවසාන වී ඇත තම සිතැගියාව ඉටු නොවූ නිසාදෝ ටැම්පිට තෙමහලින් නිම කිරීමට සැලසුම් කල ගොඩනැගිල්ල දෙමහලින් අවසාන කර ඇත
ඉන් වසර කීපයකට එනම් ශකවර්ෂ 1748 පොසොන් පුර පෝයදා මෙය විහාරස්ථානයක් ලෙස පරිවර්තනය කර පුජා කරන ලදී ගොඩනැගිල්ලේ පහත මාලය ධර්ම ශාලාව ලෙසින් එකල සිට ප්‍රයෝජනයට ගැනේ උඩුමහලට පිවිසීමට සහ පහතට බැසීමට වෙන් වෙන් වශයෙන් සැකසු තරප්පු පෙළකි විශාල එළිමහන් ආලින්දයක් වටේට ඇත ඉන් ඉක්බිතිව විහාරයට පිවිසෙන පළමු කුටිය හමුවේ එහි දෙපස විශාල දොරටු රුප 2 චිත්‍රයට නගා ඇත ඊට අමතරව එම කුටියේ බිත්ති මත පංචනාරි ගැටය රාජසිංහ රජුගේ රුව ආදිය පවතී එහි සිවිලිමේ විහාරස්ථානයේ ආකෘතිය චිත්‍රයට නඟා ඇත එම කුටිය පසු කිරීමෙන් විහාර මන්දිරයට ලඟා විය හැක එහි විශාල සමාධි පිළිමයක්ද දෙපස හිටිපිලිම වහන්සේලා දෙනමක්ද වැඩ හිඳිති මෙම පිළිම වහන්සේලා තුන්නමම දැවයෙන් තැනීම විශේෂ ලක්ෂණයකි දැවයෙන් නිමකර මැටි තවරා ඒ මත තීන්ත අලේප කර ඇත බිත්ති මත සුවිසි විවරණ චිත්‍රයට නඟා ඇති අතර දේවරුප හා රාජසිංහ රජුගේ ලෙව්කේ දිසාවගේ මොල්ලිගොඩ අදිකාරම්ගේ ද රූ චිත්‍රයට නඟා ඇත සිවිලිම මකරාක්ෂ චිත්‍රයෙන් නිමවා ඇත විහාර මන්දිරයට නැගෙනහිරින් තුන්මහල් පේසාවක් මධ්‍යයේ පිහිටුවා ඇති ඉපැරණි බෝධීන් වහන්සේය විහාර මන්දිරයට දකුණින් මැද මිදුල සහිත විශාල දැවමය වී අටුවකින් යුතු පැරණි සංඝාවාසය පිහිටා ඇත