#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

බහිරවයාට ළමුන් බිලිදෙන මහනුවර වැසියෝ

"මේ ලෝකයේ කවදාවත් වෛරයෝ වෛරයෙන් නොසන්සිදෙත්.අවෛරයෙන්ම වෛරයෝ සන්සිදෙත්. මෙය පෙර සිට පවතින ස්වාභාවකි"


ඔබ දන්නවද ඉන්දියාව ආදී බොහෝ රට වල තවමත් ගැහැණු දරුවකු ඉපදුනු විට බලවත් අප්‍රසාදයයක පවතින බව අප්‍රසාදයක් පමණක් නෙවෙයි පෙළක් රට වල ගැහැණු දරුවන් ඉපදුනු පසු මරාදැමීම පවා කල බව අසන්නට ඇත එහෙත් ලංකාවේ මෙය සිදුවී පිරිමි ළමුන්ට වේ
රජුගේ සිරකාරයෙක් ලෙස ගත කල රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා සදහන් කර ඇති පරිදි එදා උඩරට පවුලකට කුළුදුලේ එනම් ඉස්සෙල්ලම උපදින පිරිමි දරුවා අනිවාර්යෙන්ම බහිරව දේවාලයට ගෙන ගොස් මරා දමා බහිරවයා වෙනුවෙන් පුද පුජා කර වලලා දැමිය යුතුය සෙන්කඩගල රාජ්‍ය සමයේ බහිරව පුජා විශාල වශයෙන් පවත්වාගෙන ගිය බවට තොරතුරු සදහන්ව ඇත

උඩරට රජුන් විසින් බහිරව පුජාව සදහා දෙවොලක්ද සාදා තිබි ඇත එය බහිරව දේවාලය නමින් ප්‍රකට විය අද මහනුවර නගරය අලංකාර කරන බහිරව කන්ද එම දෙවොල පිහිටි දර්ශනීය කදු ගැටයයි රොබට් නොක්ස් ගේ දේශාටන වාර්තාවේ සදහන් පිරිමි දරුවන් බිලි පුජ සදහා කැප කරන ලදි කියන කතාව පිළිගත හැකි සාදකයක් වන්නේ පිරිමි දරුවන් මර බිලි දීම තහනම් කරමින් නියෝගයක් පැනවූ බව වර්ෂ 1812 දී පමණ ඇහැළේපොළ මහදිකාරම් විසින් පනවා ඇත තවද වර්ෂ 1812 ජනවාරි 13 දින ඩොයිලිගේ දින පොත අනුව එදා උඩරට ළදරුවන් බිලි පුජා සදහා බහුලව මරා දමනු ලද බවදැක්වේ                                                                                                                              

යම් යම් අවස්ථා වලදී සුරූපී කන්‍යාවන්ද බිලි පුජාවලට භාජනය කල බව ජනප්‍රවාද ගතව තිබේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් බහිරවයා අල්ලා වහලකු ලෙස වැඩගත් ඌවේ මොහොට්ටාල නමෙත්තකු ගැන ද ප්‍රවාදයක් ඇත ඌවේ මොහොට්ටාල දක්ෂ නක්ෂස්ත්‍ර කරුවෙකු කවියකු වුව පමණක් නොව යන්ත්‍ර මන්ත්‍ර වල කෙල පැමිණියෙකු යයිද කියති උඩරට තවමත් පවතින කතා පුවතක් නම් බහිරවයා මොහොට්ටාල කෙරෙහි ක්‍රෝධයයෙන් පසුවූ බවත් තමන්ට වාරයක් එනකම් බලාසිටි බහිරවයා සුළු ප්‍රමාදයක් බලා ගලකින් ගසා ඌවේ මොහොට්ටාල මරා දැමු බවත් ය

යමකු බැරිවීමකින් පවක් කළත් නැවත නැවත එය නොකළ යුතුය.පවට ආශා නොකළ යුතුය.පව් කීරීම නිසැකවම දුකට හේතු වේ

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine