#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

සිංහල රජවරුන්ගේ චරපුරුෂ සංවිධානය

මෝඩයා,මට දරුවෝ ඇත.මට ධනය ඇත කියා සිතමින් උද්දාම වෙයි.තමාට තමුනුත් නැති කල කුමන දරුවෝ ද ?කුමන ධනයද ?



චරපුරුෂයා යනු රටෙහි ජාතියක පැවැත්ම ආරක්ෂා කිරීමේදී ඉතාමත් අවශ්‍ය සාදකයකි රජුන් විසින් ස්වකීය ආරක්ෂාවත්  රාජ්‍ය ආරක්ෂාවත් සදහා චරපුරුෂයා නොහොත් ඔත්තුකරුවා යොදාගනු ලබයි  මෙහිදී සතුරාගේ මර්මස්ථාන දැනගැනීමත් පහරදීම සදහා සුදුසු කාලයත්  ඔත්තුකරුවන් මාර්ගයෙන් දැනගැනීම වැනි කටයුතු සිදුවේ අර්ථශාස්ත්‍රයේ කතුවරයා වන ‌ෙකෳටිල්‍ය ඔහුගේ කෘතියේ පරිච්චේද 4කම චරපුරුෂ සංවිධානය කටයුතු සදහා උපදෙස් ලබාදීමට කටයුතු කර ඇත චරපුරුෂයන් ආකාර 5කට බෙදා ඇත 

1.ග්‍රාමීය චරපුරුෂයෝ (සතුරු රටේ ගම්වැසියකු ඔත්තුකරුවකු ලෙසින් යොදාගැනීම)


2.අභ්‍යන්තරික චරපුරුෂයෝ (සතුරු ආණ්ඩුවේ ඇමතිවරයකු හෝ එවැනි බලවත් අයකු ඔත්තුකරුවකු ලෙස යොදාගැනීම)

3.ද්විගුණ චරපුරුෂයෝ (සතුරාගේ ඔත්තුකරුවකු තමාගේ ඔත්තුකරුවකු ලෙස යෙදීම)

4.ජිව චරපුරුෂයෝ (සතුරා අතර රැදී සිට ඔත්තු සපයන තමාගේ ඔත්තුකරුවා

5.ආපසු නොඑන චරපුරුෂයෝ (තමාගේ ඔත්තුකරුවකු වැරදි වාර්තා දීම සදහා සතුරා වෙත පිටත් කරහැරිම මෙහිදී ඔත්තු කරවාගෙ පැමිණීම බලපොරොත්තු නොවේ)

චරපුරුශයාගේ කාර්ය භාරය ඉතා සංකීර්ණය මෙහිදී චරපුරුශයා හට සතුරාගේ තොරතුරු දැනුම දීම පමණක් නොව ඔහුව මෙහෙයවා 


1.සතුරා නොමග යැවීම 

2.සතුරු පිරිස තුල බේද ඇතිකිරීම 

3.සතුරාගේ ‍‍‍ධෛර්ය බිද දැමීම 

4.සතුරා හා බාහිර පාර්ශව අතර ගැටුම් ඇතිකරවීමට සැලසුම කිරීම 

5.දුබලයන් සිටීමට සලස්වා සතුරන්ගේ ශක්තිමත් ප්‍රබල නායකයන් විනාශ කිරීම 

6.සතුරාගේ යුදමය ආර්ථික ආධ්‍යාත්මික ශක්තිය හීන කිරීම 

ඉටු කරගත හැකි සුවිශේෂ කාර්ය වේ එමෙන්ම චරපුරුෂ සේවයේ සාර්ථකව යෙදිය හැකි අයද සිටිති ඔවුන්නම් කුඩා දරුවන් ,මහලු අය ,ආගමික පුජකයන් සිගන්නා ,සංචාරක වෙළෙන්දන්,අහිගුන්ටිකයන්,ගණිකාවන් ,ජනමාද්‍යවේදීන්,මානසික රෝගීන් ලෙස වෙස් ගන්වුවන් ,ලෙස හැදින්විය හැක කෙසේ වුවත් සිංහල රජවරුන් විසින් චරපුරුෂ සංවිධානය ඉතාමත් මැනවින් මෙහෙයවා ඇති බව ඉතිහාස ග්‍රන්ථ හා ජනප්‍රවාද වැනි මූලාශ්‍රයන් තුලින් හෙළිවේ .


අනුරාධපුර යුගයේ රජකම් කල පණ්ඩුකාභය රජු විසින් සිය චරපුරුෂ කටයුතු සදහා යොදාගනු ලැබුවායි සදහන් වෙන්නේ ස්වදේශිකයන් වන යක්ෂ ගෝත්‍රිකයන් බව මහාවංශය වාර්තා වලින් පෙන්වාදී ඇත (ඔහුගේ මාමාවරුන් සමග යුද්ධ කිරීමේදී )මෙම කටයුතු සදහා ඔහුට යක්ෂ ගෝත්‍රිකයන් අතරින් චිත්‍රරාජ හා කාලවේල සුවිශාල මෙහෙයක් කල බව සදහන්ව ඇත තවද දුටුගැමුණු රජුගේ මව වන විහාර මහා දෙවියගේ දොලදුක සන්සිදුවිම පිණිස කාවන්තිස්ස රජුගේ නියමයෙන් ක්‍රියාකළ වේළුසුමන නම් යෝධයා මෙහිදී චරපුරුෂයකු ලෙස ක්‍රියාකළ බව සදහන්වේ මෙහිදී ඔහු ලබාගත් වේශය වනුයේ එළාර රජුගේ අසුන්හළේ පාලකයා ලෙසය මෙහිදී දුටුගැමුණු ගැමුණු රජුගේ ප්‍රධාන සෙනෙවියකු වන නන්ධිමිත්‍ර එළාර රජුගේ පාලන ප්‍රදේශයේ සිට පැමිණියෙක් බව සදහන්වේ මෙහිදී ඔහුට තොරතුරු ලබාගැනීම සදහා විශාල සේවයක් සිදුවන්නට ඇත. 

වෝහරතිස්ස රජුගේ සොහොයුරාවන අභයනාගට රටින් පැනයාමට සිදුවිය මෙහිදී ඔහු ශුබදේව නම් තැනැත්තා හට වෝහරතිස්ස රජතුමා හා ජනතාව අතර කලකිරීමක් ඇතිකරවීම කාර්ය භාර කර ඇත පසුව අභයනාග විසින් එම කාර්ය හොදින් සිදුකලාදැයි බැලීමට චරපුරුශයෙකු එවන ලබයි එම අවස්ථාවේ ශුබදේව විසින් එම චරපුරුශයා හදුනාගෙන පුවක් ගසක් වටේ කැරකෙමින් මිටකින් එම ගසේ මුල් තලා දුර්වල කොට අතින්ම බිම හෙලා පෙන්වා ඇත මෙය තේරුම ගත් චරපුරුශයා අබයනාග වෙත ගොස් වෝහරතිස්ස රජුගේ රාජ්‍ය බලය බිදී ඇති බවත් සුලු ප්‍රහාරයක් කර රාජ්‍ය අල්ල්වාගත හැකි බවත් දැනුම් දී ඇත මෙහිදී පෙන්වන්නේ චරපුරුශයා සතුව තැනට සුදුසු නුවන හා බුද්ධිමත් බවයි තවද පෙර රජවරුන් විසින් චරපුරුෂයන්ට අමතරව තමන්ද චරපුරුශයයකු ලෙස කටයුතු කල බව සදහන්ව ඇත එවැනි රජවරුන් වන්නේ ගජබා රජු සීතාවක රාජසිංහ ශ්‍රී වික්‍රම රාජසිංහ වැනි රජවරුන් මේ ආකාරයෙන් කටයුතු කල බව සදහන්වේ 

මෙහිදී චරපුරුෂයන් ඉතා සාර්ථකව මෙහෙයු අයකු බව මහා පරාක්‍රමබාහු රජු හැදින්විය හැක ගජබා රජුගේ සමග ඔහුගේ මාලිගයේ ජීවත්වෙමින් ගජබා රජුගේ ප්‍රදේශයේ මිනිසුන්ගේ අදහස් දැනගැනීම සදහා අප්‍රසිද්ධ වේශයෙන් තමාගේ ඔත්තුකාරයන් යවනු ලද බව සදහන්වේ මෙහිදී එම ඔත්තුකාරයන් නයින් නටවන්නන් ,රුකඩ නටවන්නන්,වන්දනාවේ යන්නන් ලෙස හා නොයෙක් වෙස් ගන්වුවන් යවන ලදි එයින් නොනැවතුණු කුමාරයා තමන්ද එම මිනිසුන් අතර හැසිරෙමින් ඔහුගේ ඇමතිවරුන් අතර හා බටයන් අතර උඩගු පුද්ගලයන් කෙන්ති අදික ලෙස ගන්නවුන් වෙන් වෙන් වශයෙන් දැනගත් අතර තම නිතර ක්‍රීඩාවන් සදහා කැමති කෙනෙකු ලෙස හගවා ඇතකු පිට නැගී දුර ස්ථානවලට යමින් ජනයන්ට විවිධ තෑගි බෝග ලබාදෙමින් වැසියන් ගේ සිතේ තමා කෙරේ පැහැදීමක් ඇතිවෙන ආකාරයට ක්‍රියා කරයි ඒ අතර ගජබා රජතුමාගේ සේනාවේ හා යුද්ධ උපකරණවල ප්‍රමාණය දැනගැනීම උවමනාවූ විට පිට වි යන මාර්ග අතුරු මාර්ග ඔත්තුකාරයන් යැවිය යුතු ආරක්‍ෂිත මාර්ග වැද්දන්ගෙන් අසා දැනගත් බව සදහන්වේ පැරකුම් රජු හැරුනුකොට ඉතා විශිෂ්ඨ ලෙස චරපුරුෂයන් මෙහෙයවූ බව සදහන්වී ඇත්තේ ජෝන් ඩොයිලි නම් ඉංග්‍රීසි ජාතිකයයි  ඔහු විසින් සිංහල භාෂාව හා සිංහල ජනතාව හොදින් තේරුම ගනිමින් සිංහල උගතුන් හා කවීන් ආශ්‍රය කරමින් කරතොට ධම්මාරාම වැනි යතිශ්වරයන් සමග ශාස්ත්‍රීය කරුණු ගැන සාකච්චා කිරීම පමණක් නොව ගජමන් නෝනා වැනි අය සමග කවි ලිවීමට  සමත්වූ බව ජනප්‍රවාද වල සදහන්වේ මෙහිදී ඔහු උඩරට රදලයන්ගේ මානක්කරකම ප්‍රයෝජනයට ගෙන ඇත ධනය සදහා සමහරුන්ගේ ඇතිවූ කෑදරකම පිළිමතලව්වේ ඇලපාත එක්නැලිගොඩ යන්නන් සමග ඉතා කුළුපග ලෙස ප‍වතී ආශ්‍රය මෙයින් උඩරට අභ්‍යන්තරික කරුණු දැනගනිමට පුළුවන් වූ බව සදහන්වේ එතෙක් ඉපැරණි පවුල්වලට පමණක් සීමාවූ අදිකාරම් තනතුර සාමාන්‍ය මිනිසේකුවූ මොල්ලිගොඩ අදිකාරම් තුමාට පිරිනැමීමට තරම් කාරුනිකවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙතින් මිදී ඉංග්‍රීසින් සදහා සහය දිමට තරමට‍ කරුණු යෙදුවේ මේ ඉංග්‍රීසි නිලධාරියා බව සදහන්ව ඇත මෙයින් අපට සතුරාගේ බාහිර හා අභ්‍යන්තරික ස්වභාව පිලිබදව අවබෝධය ලබාගැනීම සතුරන් තුල ‍ගැටුම ඇති කිරීම සතුරු පිරිස තමාවෙත දිනාගැනීම විදිමත් හා බුද්ධිමත් අය ඔත්තු සේවය සදහා යොදාගැනීම පිළිබද තේරුම ගත හැක . 

සිංහාසනය සදහා ඇතිවන සටන් වලදී රජවරුන් විසින් තමා ප්‍රතිමලවයා ඝාතනය කිරීම සදහා ද චරපුරුෂයන් යොදාගෙන ඇත මේ සදහා හොදම උදහරනයවන්නේ පළමුවන සේන රජු විසින් දකුණු ඉන්දියාවේ සේනා සංවිධානය කරමින් සිටි මහින්ද කුමාරය මැරවූ බව සදහන්වේ තවද පළමුවන කාශ්‍යප රජු මුගලන් කුමාරයා මැරීම සදහා අස්ගොව්වකු හා අරක්කමියකු යොදවා තිබු බවද ඔවුන් හට එම කාර්ය කළනොහැකි වුයෙන් සිගිරිය වෙත එහි බලකොටුවක් තනාගෙන සිටි බවට ඉතිහාසයේ සදහන්වේ .

ගජබා රජු  තමාගේ රාජධානියේ චරපුරුශයෙකු ලෙස තමාම කටයුතු කලබව සදහන්වේ එවැනි එක දවසක රාත්‍රියේ ඔහු විසින් එක ගෙදරක වූ කාන්තාවක තමාගේ දරුවන් සොලී රජකු විසින් අල්ලවගෙන ගියයි යනුවෙන් කියන ආකාරය අසා සිටි රජු එම ගේ හදුනාගැනීම සදහා සලකුණක් කර පසුව මාලිගාවට ගියේය රජු විසින් රාජ සබාව රැස් කර මේ නුවර නඩු අනඩු කිමෙක්දැයි රජු විසින් විමසු විට ඔවුන් විසින් මහරජතුමනි මේ නුවර මගුල් ගෙයක් මෙන් පවතී යයි ඔවුන් විසින් රජුට කියා සිටියේය රජු විසින අමතිවරුන්ට බැනවැදී සලකුණු කල ගෙදර ගැහැණිය ගෙන්වා එම ප්‍රශ්නය විසදිය මෙමගින් අපට තේරුම ගත හැක්කේ රජු පිරිවරගත් අය විසින් හා චරපුරුෂයන් රජුන් හට මවා පැ දේවල් වල ඇත්ත තත්වය දැනගනිම ‍සදහා මෙවැනි ගමන් බිමන් රජුට උපකාරීවූ බවයි 

යමක් කොට පසුතැවෙන්නට වේ ද යමක විපාකය කඳුළු පිරි මුහුණෙන් යුක්තව හඬමින් විදින්නට සිදු වේ ද , එබඳු පාප කර්ම නොකිරීම යහපත්ය

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine