#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

සිංහල රජවරුන්ගේ චරපුරුෂ සංවිධානය

0 comments
මෝඩයා,මට දරුවෝ ඇත.මට ධනය ඇත කියා සිතමින් උද්දාම වෙයි.තමාට තමුනුත් නැති කල කුමන දරුවෝ ද ?කුමන ධනයද ?



චරපුරුෂයා යනු රටෙහි ජාතියක පැවැත්ම ආරක්ෂා කිරීමේදී ඉතාමත් අවශ්‍ය සාදකයකි රජුන් විසින් ස්වකීය ආරක්ෂාවත්  රාජ්‍ය ආරක්ෂාවත් සදහා චරපුරුෂයා නොහොත් ඔත්තුකරුවා යොදාගනු ලබයි  මෙහිදී සතුරාගේ මර්මස්ථාන දැනගැනීමත් පහරදීම සදහා සුදුසු කාලයත්  ඔත්තුකරුවන් මාර්ගයෙන් දැනගැනීම වැනි කටයුතු සිදුවේ අර්ථශාස්ත්‍රයේ කතුවරයා වන ‌ෙකෳටිල්‍ය ඔහුගේ කෘතියේ පරිච්චේද 4කම චරපුරුෂ සංවිධානය කටයුතු සදහා උපදෙස් ලබාදීමට කටයුතු කර ඇත චරපුරුෂයන් ආකාර 5කට බෙදා ඇත 

1.ග්‍රාමීය චරපුරුෂයෝ (සතුරු රටේ ගම්වැසියකු ඔත්තුකරුවකු ලෙසින් යොදාගැනීම)


2.අභ්‍යන්තරික චරපුරුෂයෝ (සතුරු ආණ්ඩුවේ ඇමතිවරයකු හෝ එවැනි බලවත් අයකු ඔත්තුකරුවකු ලෙස යොදාගැනීම)

3.ද්විගුණ චරපුරුෂයෝ (සතුරාගේ ඔත්තුකරුවකු තමාගේ ඔත්තුකරුවකු ලෙස යෙදීම)

4.ජිව චරපුරුෂයෝ (සතුරා අතර රැදී සිට ඔත්තු සපයන තමාගේ ඔත්තුකරුවා

5.ආපසු නොඑන චරපුරුෂයෝ (තමාගේ ඔත්තුකරුවකු වැරදි වාර්තා දීම සදහා සතුරා වෙත පිටත් කරහැරිම මෙහිදී ඔත්තු කරවාගෙ පැමිණීම බලපොරොත්තු නොවේ)

චරපුරුශයාගේ කාර්ය භාරය ඉතා සංකීර්ණය මෙහිදී චරපුරුශයා හට සතුරාගේ තොරතුරු දැනුම දීම පමණක් නොව ඔහුව මෙහෙයවා 


1.සතුරා නොමග යැවීම 

2.සතුරු පිරිස තුල බේද ඇතිකිරීම 

3.සතුරාගේ ‍‍‍ධෛර්ය බිද දැමීම 

4.සතුරා හා බාහිර පාර්ශව අතර ගැටුම් ඇතිකරවීමට සැලසුම කිරීම 

5.දුබලයන් සිටීමට සලස්වා සතුරන්ගේ ශක්තිමත් ප්‍රබල නායකයන් විනාශ කිරීම 

6.සතුරාගේ යුදමය ආර්ථික ආධ්‍යාත්මික ශක්තිය හීන කිරීම 

ඉටු කරගත හැකි සුවිශේෂ කාර්ය වේ එමෙන්ම චරපුරුෂ සේවයේ සාර්ථකව යෙදිය හැකි අයද සිටිති ඔවුන්නම් කුඩා දරුවන් ,මහලු අය ,ආගමික පුජකයන් සිගන්නා ,සංචාරක වෙළෙන්දන්,අහිගුන්ටිකයන්,ගණිකාවන් ,ජනමාද්‍යවේදීන්,මානසික රෝගීන් ලෙස වෙස් ගන්වුවන් ,ලෙස හැදින්විය හැක කෙසේ වුවත් සිංහල රජවරුන් විසින් චරපුරුෂ සංවිධානය ඉතාමත් මැනවින් මෙහෙයවා ඇති බව ඉතිහාස ග්‍රන්ථ හා ජනප්‍රවාද වැනි මූලාශ්‍රයන් තුලින් හෙළිවේ .


අනුරාධපුර යුගයේ රජකම් කල පණ්ඩුකාභය රජු විසින් සිය චරපුරුෂ කටයුතු සදහා යොදාගනු ලැබුවායි සදහන් වෙන්නේ ස්වදේශිකයන් වන යක්ෂ ගෝත්‍රිකයන් බව මහාවංශය වාර්තා වලින් පෙන්වාදී ඇත (ඔහුගේ මාමාවරුන් සමග යුද්ධ කිරීමේදී )මෙම කටයුතු සදහා ඔහුට යක්ෂ ගෝත්‍රිකයන් අතරින් චිත්‍රරාජ හා කාලවේල සුවිශාල මෙහෙයක් කල බව සදහන්ව ඇත තවද දුටුගැමුණු රජුගේ මව වන විහාර මහා දෙවියගේ දොලදුක සන්සිදුවිම පිණිස කාවන්තිස්ස රජුගේ නියමයෙන් ක්‍රියාකළ වේළුසුමන නම් යෝධයා මෙහිදී චරපුරුෂයකු ලෙස ක්‍රියාකළ බව සදහන්වේ මෙහිදී ඔහු ලබාගත් වේශය වනුයේ එළාර රජුගේ අසුන්හළේ පාලකයා ලෙසය මෙහිදී දුටුගැමුණු ගැමුණු රජුගේ ප්‍රධාන සෙනෙවියකු වන නන්ධිමිත්‍ර එළාර රජුගේ පාලන ප්‍රදේශයේ සිට පැමිණියෙක් බව සදහන්වේ මෙහිදී ඔහුට තොරතුරු ලබාගැනීම සදහා විශාල සේවයක් සිදුවන්නට ඇත. 

වෝහරතිස්ස රජුගේ සොහොයුරාවන අභයනාගට රටින් පැනයාමට සිදුවිය මෙහිදී ඔහු ශුබදේව නම් තැනැත්තා හට වෝහරතිස්ස රජතුමා හා ජනතාව අතර කලකිරීමක් ඇතිකරවීම කාර්ය භාර කර ඇත පසුව අභයනාග විසින් එම කාර්ය හොදින් සිදුකලාදැයි බැලීමට චරපුරුශයෙකු එවන ලබයි එම අවස්ථාවේ ශුබදේව විසින් එම චරපුරුශයා හදුනාගෙන පුවක් ගසක් වටේ කැරකෙමින් මිටකින් එම ගසේ මුල් තලා දුර්වල කොට අතින්ම බිම හෙලා පෙන්වා ඇත මෙය තේරුම ගත් චරපුරුශයා අබයනාග වෙත ගොස් වෝහරතිස්ස රජුගේ රාජ්‍ය බලය බිදී ඇති බවත් සුලු ප්‍රහාරයක් කර රාජ්‍ය අල්ල්වාගත හැකි බවත් දැනුම් දී ඇත මෙහිදී පෙන්වන්නේ චරපුරුශයා සතුව තැනට සුදුසු නුවන හා බුද්ධිමත් බවයි තවද පෙර රජවරුන් විසින් චරපුරුෂයන්ට අමතරව තමන්ද චරපුරුශයයකු ලෙස කටයුතු කල බව සදහන්ව ඇත එවැනි රජවරුන් වන්නේ ගජබා රජු සීතාවක රාජසිංහ ශ්‍රී වික්‍රම රාජසිංහ වැනි රජවරුන් මේ ආකාරයෙන් කටයුතු කල බව සදහන්වේ 

මෙහිදී චරපුරුෂයන් ඉතා සාර්ථකව මෙහෙයු අයකු බව මහා පරාක්‍රමබාහු රජු හැදින්විය හැක ගජබා රජුගේ සමග ඔහුගේ මාලිගයේ ජීවත්වෙමින් ගජබා රජුගේ ප්‍රදේශයේ මිනිසුන්ගේ අදහස් දැනගැනීම සදහා අප්‍රසිද්ධ වේශයෙන් තමාගේ ඔත්තුකාරයන් යවනු ලද බව සදහන්වේ මෙහිදී එම ඔත්තුකාරයන් නයින් නටවන්නන් ,රුකඩ නටවන්නන්,වන්දනාවේ යන්නන් ලෙස හා නොයෙක් වෙස් ගන්වුවන් යවන ලදි එයින් නොනැවතුණු කුමාරයා තමන්ද එම මිනිසුන් අතර හැසිරෙමින් ඔහුගේ ඇමතිවරුන් අතර හා බටයන් අතර උඩගු පුද්ගලයන් කෙන්ති අදික ලෙස ගන්නවුන් වෙන් වෙන් වශයෙන් දැනගත් අතර තම නිතර ක්‍රීඩාවන් සදහා කැමති කෙනෙකු ලෙස හගවා ඇතකු පිට නැගී දුර ස්ථානවලට යමින් ජනයන්ට විවිධ තෑගි බෝග ලබාදෙමින් වැසියන් ගේ සිතේ තමා කෙරේ පැහැදීමක් ඇතිවෙන ආකාරයට ක්‍රියා කරයි ඒ අතර ගජබා රජතුමාගේ සේනාවේ හා යුද්ධ උපකරණවල ප්‍රමාණය දැනගැනීම උවමනාවූ විට පිට වි යන මාර්ග අතුරු මාර්ග ඔත්තුකාරයන් යැවිය යුතු ආරක්‍ෂිත මාර්ග වැද්දන්ගෙන් අසා දැනගත් බව සදහන්වේ පැරකුම් රජු හැරුනුකොට ඉතා විශිෂ්ඨ ලෙස චරපුරුෂයන් මෙහෙයවූ බව සදහන්වී ඇත්තේ ජෝන් ඩොයිලි නම් ඉංග්‍රීසි ජාතිකයයි  ඔහු විසින් සිංහල භාෂාව හා සිංහල ජනතාව හොදින් තේරුම ගනිමින් සිංහල උගතුන් හා කවීන් ආශ්‍රය කරමින් කරතොට ධම්මාරාම වැනි යතිශ්වරයන් සමග ශාස්ත්‍රීය කරුණු ගැන සාකච්චා කිරීම පමණක් නොව ගජමන් නෝනා වැනි අය සමග කවි ලිවීමට  සමත්වූ බව ජනප්‍රවාද වල සදහන්වේ මෙහිදී ඔහු උඩරට රදලයන්ගේ මානක්කරකම ප්‍රයෝජනයට ගෙන ඇත ධනය සදහා සමහරුන්ගේ ඇතිවූ කෑදරකම පිළිමතලව්වේ ඇලපාත එක්නැලිගොඩ යන්නන් සමග ඉතා කුළුපග ලෙස ප‍වතී ආශ්‍රය මෙයින් උඩරට අභ්‍යන්තරික කරුණු දැනගනිමට පුළුවන් වූ බව සදහන්වේ එතෙක් ඉපැරණි පවුල්වලට පමණක් සීමාවූ අදිකාරම් තනතුර සාමාන්‍ය මිනිසේකුවූ මොල්ලිගොඩ අදිකාරම් තුමාට පිරිනැමීමට තරම් කාරුනිකවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙතින් මිදී ඉංග්‍රීසින් සදහා සහය දිමට තරමට‍ කරුණු යෙදුවේ මේ ඉංග්‍රීසි නිලධාරියා බව සදහන්ව ඇත මෙයින් අපට සතුරාගේ බාහිර හා අභ්‍යන්තරික ස්වභාව පිලිබදව අවබෝධය ලබාගැනීම සතුරන් තුල ‍ගැටුම ඇති කිරීම සතුරු පිරිස තමාවෙත දිනාගැනීම විදිමත් හා බුද්ධිමත් අය ඔත්තු සේවය සදහා යොදාගැනීම පිළිබද තේරුම ගත හැක . 

සිංහාසනය සදහා ඇතිවන සටන් වලදී රජවරුන් විසින් තමා ප්‍රතිමලවයා ඝාතනය කිරීම සදහා ද චරපුරුෂයන් යොදාගෙන ඇත මේ සදහා හොදම උදහරනයවන්නේ පළමුවන සේන රජු විසින් දකුණු ඉන්දියාවේ සේනා සංවිධානය කරමින් සිටි මහින්ද කුමාරය මැරවූ බව සදහන්වේ තවද පළමුවන කාශ්‍යප රජු මුගලන් කුමාරයා මැරීම සදහා අස්ගොව්වකු හා අරක්කමියකු යොදවා තිබු බවද ඔවුන් හට එම කාර්ය කළනොහැකි වුයෙන් සිගිරිය වෙත එහි බලකොටුවක් තනාගෙන සිටි බවට ඉතිහාසයේ සදහන්වේ .

ගජබා රජු  තමාගේ රාජධානියේ චරපුරුශයෙකු ලෙස තමාම කටයුතු කලබව සදහන්වේ එවැනි එක දවසක රාත්‍රියේ ඔහු විසින් එක ගෙදරක වූ කාන්තාවක තමාගේ දරුවන් සොලී රජකු විසින් අල්ලවගෙන ගියයි යනුවෙන් කියන ආකාරය අසා සිටි රජු එම ගේ හදුනාගැනීම සදහා සලකුණක් කර පසුව මාලිගාවට ගියේය රජු විසින් රාජ සබාව රැස් කර මේ නුවර නඩු අනඩු කිමෙක්දැයි රජු විසින් විමසු විට ඔවුන් විසින් මහරජතුමනි මේ නුවර මගුල් ගෙයක් මෙන් පවතී යයි ඔවුන් විසින් රජුට කියා සිටියේය රජු විසින අමතිවරුන්ට බැනවැදී සලකුණු කල ගෙදර ගැහැණිය ගෙන්වා එම ප්‍රශ්නය විසදිය මෙමගින් අපට තේරුම ගත හැක්කේ රජු පිරිවරගත් අය විසින් හා චරපුරුෂයන් රජුන් හට මවා පැ දේවල් වල ඇත්ත තත්වය දැනගනිම ‍සදහා මෙවැනි ගමන් බිමන් රජුට උපකාරීවූ බවයි 

යමක් කොට පසුතැවෙන්නට වේ ද යමක විපාකය කඳුළු පිරි මුහුණෙන් යුක්තව හඬමින් විදින්නට සිදු වේ ද , එබඳු පාප කර්ම නොකිරීම යහපත්ය
Read more »

කලුදාකඩ දෙවියන්ගේ බිහිවීම

1 comments
අනුන්ගේ රළු පරළු කතාත් අනුන් කළ නොකළ දේත් නොසෙවිය යුතුය.තමාගේම කළ නොකළ දේත සෙවිය යුතුය



රජරට රාජධානිය කරගත් මහසෙන් රජතුමා මින්නේරි වැව සැදීමට සැලසුම් කරනවිට ඒ අවට් පිහිටලා තියන වගාබිම් යායක්ම යටවීමට නියමිත වෙලයි තිබුනේ නමුත් මේ යටවීමට නියමිත වෙලා තිබුණු ඉඩමක සිටිය එක් හේනක් කරන ගොවියෙක් මේ සදහා විරුද්ධ උනා එයා කැමති උනේ නැ තමන්ගේ ඉඩම වැවට ලබාදෙන්න රජුගේ අණට එරෙහිව ගිය නිසා පසුව එම ගොවියාගේ හිස ගසා දැම්ම මේ සිද්දියෙන් පසුව වැව හදනවට කිසිම කෙනෙක් විරුද්ධත්වය පැවේ නැ

වැව බැම්ම සැදීමේ කටයුතු ඉතාමත් හොදින් සිදුවුනත් බැම්මේ එක තැනකින් නොනැවතී වතුර කාන්දුවීමට පටන් ගත්ත කොතරම් පිළිසකර කිරීම් කරන්න හැදුවත් එම ජල කාන්දුව නවත්වන්නට නොහැකි උනා මෙහි කිසියම් ගුප්ත රහසක් ඇති බව සිතු රජු රාජකීය දෛවඥයා කැදවා මේ ගැන විමසුවා වැව නිර්මාණය කරන අවස්ථාවේදී රජු විසින් හිසගසාදමා රණයට පත් කල හේන් ගොවියා යක්ෂයෙකුව ඉපදී ඇති බවත් එම යක්ෂයාගේ කෝපය නිසා මෙලෙස වැව බැම්ම කැඩී යන බවත් එයින් මිදීම සදහා ඇති ප්‍රතිකර්මය ලෙස රාජකීය පවුලේ කවුරුන් හෝ බිලිදිය යුතුබවත් මෙහිදී ඔහු රජුට පවසනවා ඒ අනුව තම දරුවකු බිලිදීමට මහසෙන් රජු කැමති වුවත් රජුගේ දේවිය මේ සදහා තම දරුවකු බිලිපුජව සදහා කැපකිරීමට කැමති වුයේ නැ නමුත් අවසානයේ රජු විසින් සිය නැගණියගේ පුතා වන කලුදාකඩ කුමාරයාව යක්ෂයාට බිලිදීමට තීරණය කලා

කලුදාකඩ කුමාරය මහසෙන් රජුගේ සේවකයන්ගේ සිත් දිනාගෙන සිටි හා නොමද ආදර ගෞරවයට ලක්ව සිටි අයෙකු නිසා රාජ සේවකයන් කුමාරයාව බිලිදීමට රැගෙන ගියත් එසේ කිරීම සදහා රාජ පුරුෂයන්ගේ අකැමත්ත නිසා කළු එළුවකු මරා බිලිපුජව යක්ෂයා සදහා ඔප්පු කරා පසුව මෙය හෙළිවේ යයි බියෙන් දඹුල්ල ප්‍රදේශයේ ගල්ලෙනක් තුල කලුදාකඩ කුමාරයාව සැගවී සිටීමට සියලු කටයුතු සැලසුම් කරා කොහොම උනත් මේ කළු එළුවාගේ බිලි පුජාවෙන් පස්සේ වැව් බැම්මේ පැවතුන ජල කාන්දුව නැවතී වැවේ වැඩ අවසනකරන්නට හැකි වුන ඒ වගේම වැව නිසා කුබුරු අස්වැද්දු මිනිසුන්ට හොද අස්වැන්නක් ලබාගන්න හැකිවුණා   අස්වැන්න නෙලන අවස්ථාවේදී මහසෙන් රජතුමා ඉතා දුකින් සහ කල්පනාවෙන් සිටින නිසා සතුටුවිය යුතු අවස්ථාවේදී දුකින් සිටීමට හේතුව කුමක් දැයි ඇමතිවරු විමසු විට   අස්වැන්න ලබාදීමට හේතුවන කලුදාකඩ කුමාරයාගේ මරණය නිසා තම දුක්වනු බව රජු විසින් ඔවුන්ට ප්‍රකාශ කලාමෙම සිදුවීම රාජපුරුශයන්ට දැනගැනීමට ලැබුන ඒ අවස්ථාවලදී සේවකයන් විසින් තමන් කල උපක්ක්‍රමය රජුට හෙළි කලා කුමාරයා වෙනුවට එළුවකු බිලි දුන් බවත් කුමාරයා දඹුල්ල ප්‍රදේශයේ රහසිගතව සගවා ඇති බවත් සේවකයන් විසින් රජුට සැල කරා මේ පුවත ඇසු රජතුමා විශ්මයෙන් යුතුව දැඩි හුස්මක් ගත්තා ඒ අවස්ථාවේදී මහසෙන් රජු මියගියා

 මෙහිදී කලුදාකඩ කුමාරයා සගවා තැබූ ප්‍රදේශය අද හදුන්වන්නේ කළුන්දෑව නමින් මෙය දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ගමක කුමාරයා සැගවී සිටි කන්ද ප්‍රදේශයේ ජනතාවගේ වන්ධනවට පාත්‍ර වූ ස්ථානයක් කුමාරයාගේ මරණින් පසු ප්‍රාදේශීය දෙවියකු වී සිටින බවට ඔවුන් විශ්වාසකරයි කලුදාකඩ කුමාරයා මහසෙන් රජු නොහොත් මින්නේරි දෙවියන්ගේ පරිවාර දෙවියකු බව සැලකේ
                                                                                                                                                                                                                                                                          
පව් කරන්නා මෙලොවත් ශෝක කරයි.දෙලොවටම ශෝක කරයි.හේ තමාගේ කිළිටි කර්මය දැක ශෝක කරයි. වෙසෙසින් පෙළෙයි
Read more »

බහිරවයාට ළමුන් බිලිදෙන මහනුවර වැසියෝ

0 comments
"මේ ලෝකයේ කවදාවත් වෛරයෝ වෛරයෙන් නොසන්සිදෙත්.අවෛරයෙන්ම වෛරයෝ සන්සිදෙත්. මෙය පෙර සිට පවතින ස්වාභාවකි"


ඔබ දන්නවද ඉන්දියාව ආදී බොහෝ රට වල තවමත් ගැහැණු දරුවකු ඉපදුනු විට බලවත් අප්‍රසාදයයක පවතින බව අප්‍රසාදයක් පමණක් නෙවෙයි පෙළක් රට වල ගැහැණු දරුවන් ඉපදුනු පසු මරාදැමීම පවා කල බව අසන්නට ඇත එහෙත් ලංකාවේ මෙය සිදුවී පිරිමි ළමුන්ට වේ
රජුගේ සිරකාරයෙක් ලෙස ගත කල රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා සදහන් කර ඇති පරිදි එදා උඩරට පවුලකට කුළුදුලේ එනම් ඉස්සෙල්ලම උපදින පිරිමි දරුවා අනිවාර්යෙන්ම බහිරව දේවාලයට ගෙන ගොස් මරා දමා බහිරවයා වෙනුවෙන් පුද පුජා කර වලලා දැමිය යුතුය සෙන්කඩගල රාජ්‍ය සමයේ බහිරව පුජා විශාල වශයෙන් පවත්වාගෙන ගිය බවට තොරතුරු සදහන්ව ඇත

උඩරට රජුන් විසින් බහිරව පුජාව සදහා දෙවොලක්ද සාදා තිබි ඇත එය බහිරව දේවාලය නමින් ප්‍රකට විය අද මහනුවර නගරය අලංකාර කරන බහිරව කන්ද එම දෙවොල පිහිටි දර්ශනීය කදු ගැටයයි රොබට් නොක්ස් ගේ දේශාටන වාර්තාවේ සදහන් පිරිමි දරුවන් බිලි පුජ සදහා කැප කරන ලදි කියන කතාව පිළිගත හැකි සාදකයක් වන්නේ පිරිමි දරුවන් මර බිලි දීම තහනම් කරමින් නියෝගයක් පැනවූ බව වර්ෂ 1812 දී පමණ ඇහැළේපොළ මහදිකාරම් විසින් පනවා ඇත තවද වර්ෂ 1812 ජනවාරි 13 දින ඩොයිලිගේ දින පොත අනුව එදා උඩරට ළදරුවන් බිලි පුජා සදහා බහුලව මරා දමනු ලද බවදැක්වේ                                                                                                                              

යම් යම් අවස්ථා වලදී සුරූපී කන්‍යාවන්ද බිලි පුජාවලට භාජනය කල බව ජනප්‍රවාද ගතව තිබේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් බහිරවයා අල්ලා වහලකු ලෙස වැඩගත් ඌවේ මොහොට්ටාල නමෙත්තකු ගැන ද ප්‍රවාදයක් ඇත ඌවේ මොහොට්ටාල දක්ෂ නක්ෂස්ත්‍ර කරුවෙකු කවියකු වුව පමණක් නොව යන්ත්‍ර මන්ත්‍ර වල කෙල පැමිණියෙකු යයිද කියති උඩරට තවමත් පවතින කතා පුවතක් නම් බහිරවයා මොහොට්ටාල කෙරෙහි ක්‍රෝධයයෙන් පසුවූ බවත් තමන්ට වාරයක් එනකම් බලාසිටි බහිරවයා සුළු ප්‍රමාදයක් බලා ගලකින් ගසා ඌවේ මොහොට්ටාල මරා දැමු බවත් ය

යමකු බැරිවීමකින් පවක් කළත් නැවත නැවත එය නොකළ යුතුය.පවට ආශා නොකළ යුතුය.පව් කීරීම නිසැකවම දුකට හේතු වේ
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine