#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

පැරණි හෙළ යුධ අවි

6 comments
යුද්ධය තරම් බිහිසුණු ක්‍රියාවලියක් ලොව තවත් නොමැත.සාමය අගයන මිනිසා යුද්ධය පිළිකුල් කරයි.ඒ තුලින් වන ජීවිත - ධන විනාශය තක්‌සේරු කල නොහැක්කකි.පරම්පරා ගණනක් තිස්සේ එක් රැස් කල දේ සැනෙකින් දවා අළු කරන්නට යුද්ධය සමත්ය.ඒ තුලින් රටකජනතාව තවත් පරම්පරා ගණනාවක් යනතුරු අන්ත දිළින්දන් කිරීමට‍ යුද්ධය සමත්වෙයි.අතීත වැඩවසම් දේශපාලන රටාව ධනවාදී සමාජවාදී දේශපාලන රටාව තුලත් යුද්ධය හා යුද්ධයට භාවිතා කෙරුණු උපක්‍රම හා අවි ආයුධ වෙනස් වෙයි.අතීතයේ බොහොවිට කෙරුනේ මුහුනට මුහුණලා කෙරුණු ද්විත්ව සටන්ය .මෙහිදී උරගා බැලුයේ කය ශක්ති බලය හා ශිල්පිය දක්ෂතාවයයි.අතීතයේ පොදුවේ සෑම රජෙකු හටම චතුරංගනී සේනාවක් විය.

(ඇත්.අස්.රිය.පාබල)මේ සේනාවන්ගේ පුහුණුව හා සංඛ්‍යාව ගණනින් විශාල වීම එම රටවල යුද්ධයන්ගේ ජයග්‍රහණයට හේතු විය.අද මෙන් නොව එදා රජකමට පත්වන්නේකුටඒ බව ඔප්පුකිරිමට යුධ ශිල්පය හැදෑරීම අවශ්‍ය අංගයක් විය.සිදුහත් කුමරු පවා යුධ ශිල්පය හැදෑරුබව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.මෙසේ ආදිතම රණකාමීන් භාවිතා කළ යුධ අවි වර්ග රාශියකි.ඒවා පංචායුධ නම වේ.(කඩු,දුනු,අඩියටි,පත් කොහොල් පාර වළලු)මේවා සියල්ලකම අද සමාජයෙන් සමුගෙන හමාරය.මේවා හැමෙකෙක්ම අද ප්‍රදර්ශන භාණ්ඩ ලෙස පැරණි නිවෙස්වල හා කෞතුකාගාරහි තැන්පත්කර තිබේ.ආදී යුධ අවි අතර කඩුවට හිමිවුයේ අද්විතීය ස්ථානයකි.එය ප්‍රධාන අවිය විය.රජ කුමරුවාගේ පටන් හේවායා දක්වා විවිධ වර්ගයේ කඩු භාවිතා කර තිබේ.ඒවා භාවිතා කලේ තමන්ගේ තරාතිරම අනුවය.අපේ පැරණියන් භාවිත කඩු වර්ග 28ක්‌ පිළිබඳව පොත්පත්වල සඳහන් වේ.ඒවා නම්,

1 මදුරු කඩු 
2 ඇරා කඩු 
3 රණ කඩු 
4 සත් රුවන් කඩු
5 රිදී කඩු 
6 වඩිග කඩු 
7 තෙළිගු කඩු 
8 උප්ර කඩු 
9 මිනි බැදී කඩු 
10 වින්දී කඩු
11 වෑය කඩු 
12 ජාවක කඩු
13 දෑත් කඩු 
14 වංග කඩු 
15 ථූන කඩු 
16 අයෝධ්‍ය කඩු 
17 දිලෙන කඩු 
18 සිරිමල් කඩු 
19 ධවල කඩු 
20 කෙටි කඩු 
21 විෂ කඩු
22 දික් කඩු 
23 වක් කඩු
24 ලෙලෙන කඩු 
25 අරමණ කඩු 
26 ගුජර කඩු 
27 ජිත කඩු 
28 මුණ කඩු

පද්‍යයෙන් මේ කඩු වර්ග ගෙන මෙසේ දැක්වේ.


සිහල කඩුද ලුහුඩු කඩුද 
              දික් කඩු අර             ගත්තෝ
ධවල කඩුද වක්කඩු සහ 
              විසි කඩුද                 ගත්තෝ
මළල  කඩුද බාර  කඩුද
              මුණ කඩු අර            ගත්තෝ  
නිමල රිදී කඩුද පාඩි
              කඩු සුරතට              ගත්තෝ
ලෙළෙන කඩුද සිරිවාල් 
             කදු මුණ කඩු අර       ගත්තෝ
දිලෙන කඩුද දුන්කදු  සහ 
              අයෝද්‍ය කඩු           ගත්තෝ
රනින කවුද වංග කඩුද 
              මනි කඩු අර            ගත්තෝ
වඩින කඩුද ජිත කඩුද සහ 
              මදුර කඩුද               ගත්තෝ
අරනමකඩු      ජාවාකඩු 
                ගුජර කඩුද            ගත්තෝ
ලෙල දෙන සත් රුවන් කඩුද 
                 ඇරා කඩුද            ගත්තෝ
සැබවින ඒ තෙලිගු කඩුද 
                   මෙම කඩු අර      ගත්තෝ
සසොබන නර නිදු යුධයෙන් 
                  සිට ජය අර         ගත්තෝ


දුන්නද කඩුවට සමානවූ පැරණි හෙළ යුධ අවියකි.අතීතයේ දක්ෂ දුනු හමුදාංක පිලිබඳ ඉතිහාසගත සිද්ධි රාශියකි.පැරණියේ දුනු හරඹය ක්‍රීඩාවකි.සිදුහත් කුමාරයා පවා යශෝදරා දේවිය ලබාගත්තේ දුනු හරඹයෙන් තම දස්කම් හෙළි කිරීමෙනි.දුනු ශිල්පයේ දක්ෂයා ප්‍රවිනයෙකු  වීමටනම් විදිය හැකි ක්‍රම 2 ක්‌ පිලිබඳව දැනගත යුතු වෙයි.ඒ ශබ්ද වේදය හා ක්ෂනවේදයයි.ශබ්ද වේදය යනු ශබ්දය පමනක් දැන විදිමයි .ක්ෂනවේදය යනු එකන්හිම ඇති විදුලි ශබ්දයට විදීමයි."අඳුරෙහි අස්ලොම විදිහට දුරදි විදුලිය පැහැ වැරදුනොත් වරදි".යන ලෝ වැඩ සඟරාවේ එන මේ පද්‍යයෙන් ක්ෂණවේදීන් සිටි බව මොනවට පැහැදිළි වෙයි.කඩොල් ඇතා සිටි දුටුගැමුණු රජතුමාට පිටිපසින් සිටි ථූස්සදේව යෝධයා එතුමාගේ කුන්ඩලාභාරණය කඩාගෙන හල්ලුකයාට දුටුගැමුණු එළාර සටනේ දැක්වේ.එක එක අයගේ තරතිරමට අනුව මෙරට රණකාමීන් භාවිතා කල දුනු වර්ග 21කි.ඒවානම්,

1 මාලක්කම් දුනු 
2 යෙත්දුනු 
3 කත්තාරි දුනු 
4 මාර දුනු 
5 ගල් දුනු 
6 කැලු දුනු
7 මිමි දුනු
8 කළුවල් දුනු 
9 උස් දුනු 
10 තඹහඩු දුනු 
11 සින්දාරම් දුනු 
12 රන් දුනු 
13 චන්ද්‍රවංක දුනු
14 රිදී දුනු 
15 සුධිවංක දුනු 
16 මාරුංග දුනු
17 රුවන් දුනු 
18 මට්ටම් දුනු
19 ත්‍රිවංක දුනු
20 හතු දුනු 

මාලක්කම් දුනුද රිදී දුනුද   
                                          අර ගත්තෝ
ඕලක්කම් දුනුද රුවන් දුනු 
                                          අර ගත්තෝ
මාරපගම් දුනුද මාරදුනු 
                                         අර ගත්තෝ
මේ සැමතුම් මැඩ හතු දුනු මිටි 
                                         අර ගත්තෝ
චන්ද්‍රවංක දුනු 
                       සහ උස් දුනු අර ගත්තෝ 
සුර්ය වංක දුනු 
                      කළුවැල් දුනු අර ගත්තෝ
ත්‍රිවංක දුනු 
            කලුදුනු මට්ටම් දුනු අර ගත්තෝ
සිදුරන් දුනු තත්තිරි දුනු 
                              අඩු නොව ගත්තෝ
යෝන්දුනු නච්චම්ඩු දුනුද 
                                ගෙන සිට ගත්තෝ
ගල්දුනු ගෙන වාසි දොඩා
                                   මහා බලැත්තෝ
මෙමෙ දුනු කිසිවක් අඩු නොව 
                                අත  අත ගත්තෝ


පැරණි යුධ අවි අතර මුගුරද හොඳ සටන් අවියක් විය එහි කෙල පැමිණියෙකු හට තම ප්‍රතිවාදීන් රාශියක් වුවත් මෙල්ල කිරීම අපහසු කාර්යයක් නොවීය මුගුරු වර්ග 13ක් ගැන පැරණි හෙළ යුධ අවි අතර දැක්වේ 

පතැස් මුගුරු රන් මුගුරුද
                    රිදී මුගුරු ගත්තෝ
අටැස් මුගුරු ලොහෝ මුගුරු
                    සිතු ලෙස අරගත්තෝ
තුතැස් මුගුරු මහා මුගුරු
                        දර මුගුරු ගත්තෝ
 වෙනස් නොවී සිව්රැස් හා
                 වන මුගුරුද අරගත්තෝ
මුල දළ මුගුරුද මිණි බැදි
                   මුගුරු අතින් ගත්තෝ
අග දළ මුගුරුද ගෙන
          අඩු නොව මහ බල ඇත්තෝ 
පෙළ පෙළ අඩු නොව 
          සැමදෙන වහසි බැන ගත්තෝ
රැළ පෙළ අඩු නොව
           සැමදෙන වහසි බැන ගත්තෝ 
රැළ පෙළ නගනා විලසින් 
                  නොඅඩුව සිට ගත්තෝ

කොන්තායුධය ද සංග්‍රාම වලදී භාවිතා වූ තවත් ජනප්‍රිය අවියකි පරිහරණය කල කොන්තායුධ හයක් ගැන සඳහන්වේ ඒවා නම්

1 ජය කොන්තායුධය
2 තෙජ කොන්තායුධය 
3 මුත කොන්තායුධය
4 දරජය කොන්තායුධය
5 රන් කොන්තායුධ
6 ඇගි කොන්තායුධය

ජය කොන්තායුධ තෙජ 
                        කොන්තායුධ අර ගත්තෝ 
මුත කොන්තායුධ දරජය 
                            කොන්තායුධ ගත්තෝ

රන්කොන්තායුධ ලෙළවා සිතු 
                                  ලෙස අර ගත්තෝ
ඇගි කොන්තායුධ ලෙළවා සිතු    
                          අඩු නොව සිට ගත්තෝ

ඉහතකි ප්‍රධාන අවි ආයුධ වලට අමතරව යුද්ධ වලදී භාවිත තවත් යුධඅවි රාශියක් විය හෙල්ල,පලිහ,තෝමරය,පොරොව,ගදාව,සිරිය,පිහිය,සන්නාහ,
වෑය,යවුල්,පාරාවළලු,කිරිච්චිය ඒවායින් සමහරකි මේ එසේ සඳහන් අපේ පැරණි රණකාමීන් සතුවූ යුද්ධා යුධයි.

කඩුව හෙල්ල දුනු පලඟද හී
                                    පත්තාරම්
චක්‍රද කොන්තා කාණ්ඩ කනය 
                                      කප්පිනම් 
ගදාද තෝමර සත්තී සුලය 
                                      දණ්ඩනම්
කෝල්ද කයි සරඹු චන්ද්‍ර ඉලුක්   
                                    කෝල්යදම්

ඉට්ටි පොරෝ පොරෝ 
                       කරාවාල පත්කෝල්
වට්ටෝරුද යවට හින්දි වාල 
                                       රුදු යවුල් 
පට්ටයම්ද අර්ධ චන්ද්‍ර මුගුරු 
                                       කඩිග තල්
කට්ටයුද අඩ යටි වුප්පඩිද
                                     හෙන නගුල්

පැරණි සිංහලයන් සතුවූ මේ අවි ආයුධ වෙනසකට බලපෑවේ යුරෝපීය ආගමනයත් සමගය උඩරට රජවරුන්  යුරෝපා ජාතිකයන් හා සටන් වදිද්දී  පැරණි යුධ අවි වෙනුවට කාලතුවක්කු ,තුවක්කු පුපුරන වෙඩි වර්ග භාවිතා කරන ලදී අවසාන රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ කාලතුවක්කු හමුදාවක් ද විය එය බාරවුයේ වෙඩික්කාර නිලමේටය රජතුමා පවා කඩුව වෙනුවට වෙඩි කෙටුතුවක්කුවක් භාවිතා කරන ලදී 

වාල්වෙඩිද ගිනි වෙඩි සහ 
                         දුම් වෙඩි අරගත්තෝ 
ගල වෙඩි සහ යතුරු වෙඩි ද
                        මුකවෙඩි අරගත්තෝ
ලීල් නොකොට මහවෙඩි සහ 
                          ශබ්ද වෙඩිද ගත්තෝ 
ගාල් ගාල් ගැසී එතෙයි 
                         සැර වෙඩි අර ගත්තෝ   

අතීත පැරණි හෙළ යුධ අවි මධ්‍ය කාලින යුධ අවිද මේ ආකාර වෙ
Read more »

දොළොස් මහා කිවිවරු

0 comments

1 අග්බෝ (ක්‍රි.ව.568-601) රාජ සමයේ වසන ලදැයි සැලකෙන දොළොස් මහා කවීන්

සක්දාමල්
2 අසක්දාමල්
3 දැමිටි
4 බැබිරි
5 දලබිසෝ
6 අනුරුද්ධ කුමරු
7 දලගොත් කුමරු
8 දලසල කුමරු
9 කිත්සිරි කුමරු
10 පරවඩු කුමරු
11 සුරියබාහු 
12 කසුප්තොට ඈපා
Read more »

සිංහල රජුන් කල පැවති 18 ශිල්ප කලා

3 comments


1  ශික්‍ෂලා

2 කල්ප

3 ස්මෘති

4 ව්‍යාකරණ

5 නිරුක්ති

6 ජන්දස්

7 ෙජ්‍යාතිෂ

8 සෘග්වේද

9 යජුර්වේද

10 සාමවේද

11 අථර්වවේද

12 න්‍යාය

13 ක්‍රියාවේද

14 ධර්ම

15 පුරාණ

16 ආයුර්වේද

17 ගාන්ධර්ව

18 අර්ථ

Read more »

සොළොස් කලා

0 comments

චන්ද්‍රයා කලා දහසයකින් යුක්තය පුරපසලොක්වක් දිනයෙහි චන්ද්‍රයා සොළොස් කලාවෙන් සම්පුර්ණ වේ.සොළොස් කලාවෙන් ප්‍රථම කලාව "මහා කලා" නමින් හදුන්වයි මෙහි ප්‍රථම කලාව අමෘතා හැර සෙසු කලා පසලොස පුර පෑලවිය පටන් පුර පසළොස්වක දිනය තෙක් ක්‍රමයෙන් වැඩි ගොස් අවපෑලවිය දා සිට අමාවක දින තෙක් පිළිවෙලින් ගෙවී යයි

සොළොස් කලා 

1.අමෘතා 
2.මානදා
3.පුෂා
4.තුෂ්ටිඃ
5.පුෂ්ටි
6.රතීර්
7.ධෘතිඃ
8.ශශිනී
9.චන්ද්‍රිකා
10.කාන්තීර්
11.ජ්‍යොත්සනා
12.ශ්‍රී
13.ප්‍රීතිර්
14.අංගඳා
15.පුර්ණා
16.පුර්ණ මෘතා
Read more »

දෑවැද්දට දුන්න ගොනා

9 comments

එක පිටිසර ගමක කාන්තාවක් ගොන් රූපය සහිත පෙතිපට මාලයක් පැළඳ ගමනක් යමින් සිටියාය ඈ පිටුපසින් ගිය තරුණයන් දෙදෙනකු විය තනිව යන තරුණිය හා ඈ පැළඳ සිටි ගොනා සහිත පෙතිපට මාලය දුටු තරුණියෝ විහිළුවක් කිරීමට සිතා එක් තරුණයකු සිනහවකින් යුතුව අනිකාට මෙසේ කීවේය 

දෙනු කරලා ගොනු කරලා  ගමන්            යති 
දෙනු කන කෑම මිස ගොනු කන කෑම      නැතී 
දෙනු යන ගමන් මිස ගොනු යන ගමන්   නැතී 
දෙනු කර බැන්ද ගොනු තෝරා එවන්      සකී 

අනිත් තරුණයාට කවිය තේරුම් ගිය නමුත් උත්තර දිය නොහැකි විය මෙය තරුණියට තේරුණි තරුණිය මෙසේ පිළිතුරු දුන්නාය 

රන්නයිදෙගෙ ගිනි කබලේ තැනු      ගොනා
මහ මුහුදේ පීනාලා ආපු                   ගොනා 
උකුල් පටක් උස වැටකින් පැන්න   ගොනා 
මම එනදා දෑවැද්දට දුන්නු               ගොනා

තරුණ වයසේ පසු වුවද මෙසේ තනිමග යන කාන්තාව දීග ගිය එකියක් බව හෙළිදරව්වීම නිසා තරුණයෝ දෙදෙන අධික ලැජ්ජාවට පත්වී ආපසු ගියේය 
    
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine