CSS JavaScript Rocks.
පිළිමතලව්වේ මහාධිකාරම් හා පරණතල අනුනාහිමියෝ
වයෝවෘද්ධ වූ රාජාධිරාජසිංහ රජතුමා රජතුමා එස්වර්ගස්ථවීමට ඉතාමත් ආසන්න බවත් බේත්ගේ මුහන්දිරම් විසින් (රාජකීය වෛද්‍යවරයා) මහාධිකාරම (පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත රාළහාමි) වෙත දන්වා යවන ලදී පණිවිඩය ලත් මහාධිකාරම රජවාසලට එද්දී රජු ස්වර්ගස්ථ වී හමාරය එය රට පුරා පතල කිරීමට පෙර ඔහු වහාම රජුගේ ආදාහන කටයුතු පිළියෙළ කිරීමට කාන්ගර නිලධාරීන්ට (උඩරට රජවරුන්ගේ අවමගුල් කටයුතු භාර පිරිස) භාරකර අවමංගල්‍ය හා නව රජ කෙනෙකු පත්කිරීම සාකච්චා කිරීමට මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ඇතුළු කන්ද උඩරට පස් රටේ සියලුම අධිකාරම් වරුන්ට දන්වා යවන ලදී. කටුපුරුල්ලේවරුන්ගේ පණිවිඩ ලත් අධ්කාරම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මල්වත්තේ පුෂ්පාරාමයේ මහ නා හිමියන් ප්‍රමුඛව සාකච්චාව ඇරඹුණි මෙකල කන්දඋඩරට රාජධානියේ සම්පුර්න බලය හිමිවුයේ රජුටත් වඩා පිළිමතලාවේ මහාධිකාරම්ටය රැස් වීම පැවැත්වුයේ නව රජකු පත්කිරීමට වුවද ස්වර්ගස්තවූ රජතුමා ඒ වනවිට නායක්කර් නීතිය අනුව මුත්තුසාමි නම් අගබිසවගේ සොහොයුරෙකුට තමා ඇවෑමෙන් සිහසුන තීන්දු කර තිබිණ නමුත් මෙය මහාධිකාරම් පිළිමතලව්වේ හා මල්වතු විහාරයේ අනුනායක පරණතල හිමියෝ අනුමත කල එකක් නොවිය යලිත් සිංහල රාජ්‍යක් උඩරට පිහිටුවීමටද දරුවන් නොලබා මිය යන නායක්කර් රජවරුන්ගේ ඇවෑමෙන් රජකමට පත්වන සොහොයුරන් නිසාම උඩරටට පැමිණෙන නායක්කර් වරුන් පිරිස වැඩිවීමද ඔවුන් ක්‍රමයෙන් උඩරට රාජධානියේ නිලතල ලබාගෙන සරුසාර කෙත්වතු අල්ලාගැනීම නිසා මේ ක්‍රමයට විරුද්ධ විය යුතුය ඒ නිසා මුත්තුසාමි වෙනුවට රාජාධිරාජසිංහ රජුගේ යකඩ දෝලිය වන පුතෙකු වූ කන්නසාමිට උඩරට රාජ්‍යය භාරදීමට මහාධිකාරම් ඒකමතිකව තීරණය කළේය
එහෙත් මේ පත්වීමට මල්වතු මහා නාහිමියෝ මුළුමනින්ම විරුද්ධ වුහ අප කියන දේකට කැමති වන රට විනාශයට පත් නොකරන කෙනෙක් රජතුමා වශයෙන් පත් කරගනිමු මහාධිකාරමගේ අදහස විය එහෙත් නාහිමියන්ගේ අවවාදය වුයේ ඔබ විසින් බලාපොරොත්තු වන තැනැත්තා මුලදී අවවාද පිළිගනිමින් හික්මුන ගතියක් දැක්වුවද ඔහු ලබා ඇති අධ්‍යනය හොද නැතිනම් ඔබ බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගය යටපත් විය හැකිය අවසානයේ ඔහු සිතැගියක්මකළහොත් රට විනාශය කරා යා හැක මීට පිළිතුරු දුන් අධිකාරම්තුමාගේ ප්‍රකාශය වුයේ ඔබ වහන්සේ බලාපොරොත්තු වන විපතට පිළියම් ඇත රජතුමා අපට විරුද්ධ වුවහොත් බ්‍රිතාන්‍යයන්ගේ උදව් ඉල්ලීමට පුළුවන එවිට ඔවුන් රජතුමා මැඩ පවත්වනු ඇත සභාව ඇමතු දුරදර්ශි නුවණින් හෙබි මහනායක හිමියෝ ප්‍රකාශ කලේ ඇතාගෙන් බේරීමට ඇත් ගොව්වා වග බලාගත යුතුය නැතහොත් සිය ජීවිතය පමණක් නොව අනුන්ගේ ජිවිත පවා අනතුරුදායක විය හැකිය මෙසේ මහනාහිමියන් නව පත්වීමට විරුද්ධ වුවද අනුනායක පරණතල හිමියන් මහාධිකාරම්ගේ අදහස් නිසා ඊට පක්‍ෂග්‍රාහී විය ඔවුන්ගේ අදහස් වුයේ සිංහල රටේ සිංහලයකු රජවිය යුතු බවයි මුත්තුසාමිගේ චරිතය විෂමාචාර එකක් කියාද ඔහු උඩරට රජකමින් බැහැර කල බව කියාද පතලව හරින ලදී ඒ වෙනුවට කන්නසාමි ශ්‍රී වික්‍රමරාජසිංහ නමින් උඩරට සිහසුනට පත්කරන ලදී කන්නසාමි උඩරට රජකමට පත් කිරීමෙන් මහාධිකාරම බලාපොරොත්තු වු කරුණු කීපයක් විය එනම් ලාබාල වියේ සිටි රජු රූකඩයක් ලෙස තබා උඩරට පාලනය කිරීමයි මේ සඳහා ගම්පල නායක්කර් දියණියන් දෙදෙනකු විවාහ කර දුන් මහාධිකාරම තමාට විරුද්ධව සිටි දඹගමුවේ දිසාව සහ ඇරැව්වල අධිකාරමද රහසිගතව මරා දමන ලදී තත්වය මෙසේ තිබියදී මුත්තුසාමි ඉංග්‍රීසින්ගේ රැකවරණය පතා කොළඹට පැන ගියේය නිලමේවරු මරා දැමීම පිළිබඳව පිළිමතලව්වේ මහාධිකාරම කෙරේ බොහෝ මධ්‍යස්ථ අධිකාරම් වරු හා නිලධාරීන් කලකිරීමට පත් වුහ කෙසේ වෙතත් වසර කීපයක් මහාධිකාරමගේ බසට අවනතවූ රජු ඔහුගේ උපදෙස් නොතකා නායක්කර් වරුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නට වුහ මෙවිට උඩරට රජකම ලබාගත හැක්කේ තවත් බ ලයක් හා එකමුතුව යයි සිතු අධිකාරම ඉංග්‍රීසින්ගේ උදව් පැතීමට ක්‍රියා කළේය
ඔහු රජු අල්ලා මරණයට පත් කිරීමටත් ඉංග්‍රීසින් යටතේ උතුම් කුමාරයා නමින් උඩරට රාජ්‍ය පාලනය කිරීමටත් කැමති බව දන්වමින් පහත රට ආණ්ඩුකාර ෆ්‍රෙඩ්රික් නොර්ත් හට දන්වා යැවිය එහෙත් ෆ්‍රෙඩ්රික් නොත් රජු මරා දැමීම සඳහා එකඟ වුයේ නැත මෙයින් නොනැවතුන මහාධිකාරම් ඉංග්‍රීසින් හා රජු බේදකිරීමට උපායක් නිර්මාණය කළේය එය ඒ අයුරින්ම සිදු විය මහාධිකාරමගේ අණින් ඔහුගේ සහචරයෝ පුත්තලමින් උඩරටට පැමිණි වෙළඳුන්ගේ භාණ්ඩ පැහැරගන්නා ලදී ඔවුහු මේ බව ෆ්‍රෙඩ්රික් නෝත්ට දැන්වුහ වහාම තම වැසියන්ගේ අලාභය ගෙවන ලෙස රජුට දන්වා යවන ලදී එහෙත් රජු එය ප්‍රතික්‍ෂේප කිරීම නිසා ප්‍රථම ඉංග්‍රීසි උඩරට ආක්‍රමණය සිදුවිය ඉංග්‍රීසින්ට මහාධිකාරම්ගේ සහය ලැබුණි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලා ගිය අතර ඉංග්‍රීසින් යටතේ සිටි මුත්තුසාමි උඩරට රජු ලෙස ප්‍රකාශ කරන ලදී එහෙත් ඔහු කෙරේ උඩරට වැසියන්ගේ පක්ෂපාතිත්වය හිමි නොවීය.රජ සම්මතයෙන් පත්ව සිටි රජු තවමත් ආරක්ෂා සහිතව හඟුරන්කෙත සිටි නිසාවෙනි.මෙහිදී පිළිමතලාව්වෙගේ අනින් රාජසිංහ රජු ඇල්ලිමට පිටත් කර හරින ලදී.එහෙත් උඩරට රාජධානිය පිලිබදව හසරක් නොදැන ගිය මනක් නිසා ඉංග්‍රීසි සේනාව විනාශයට පත්විය.
මෙයින් තෘප්තිමත් වූ සිංහල සේනාව රජු සමග ක්‍රමයෙන් මහනුවරට විත් ගරිල්ලා පහරදී ඉංග්‍රීසින් අල්ලා ගත්හ.කණ්ඩායමක් කොළඹට පසු බැසිමට යුහුසුළු වුවද මහවැලි ගඟ පිටාර ගැලීම නිසා රජුගේ හමුදාවලට කොටු විය.මුත්තුසාමි ඇතුළු බොහෝ දෙන මරණ ලදී.නමුත් මෙහිදී මහාධිකාරමට ඉංග්‍රීසින්ට පක්ෂව සිටි බව දැනගන්නට ලැබිණ.කෙසේ වෙතත් ඉංග්‍රීසින් විනාශ කර උද්දාමයට පට්ජ් උඩරට සේනාව කොළඹ කොටුව වැටලිමට ගියේ රජුද පෙරටු කොට ගෙනයි.එහෙත් ඊට පෙර හංවැල්ල බලකොටුවට පහරදීම කල යුතුවිය සටන සිදුවුවද ජයගැනීමට නොහැකි විය සටන් මෙහෙය වූ ලෙව්කේ දිසාව පැත්තකට වී විවේකි සුවයෙන් සිටින දුටු රජුගේ කෝපය දෙගුණ තෙගුණ විය පරාජයට හේතුව එයයි සිතු රජු වහාම ඔහු එතනම මරා දැමිය එයින් වුයේ රජුගේ අමනෝඥ බව මැනවින් දිස්වීමයි ලෙව්කේ දිසාව මරාදැමීම පිළිබඳව රාජසිංහ රජු හා මහාධිකාරම පිළිමතලව්වේ අතර බහින්බස් වීමක් සිදුවිය තම ඥාතියකු වූ ලෙව්කේ දිසාව මරා දැමීම මහාධිකාරම නොඉවසන්නක් විය "රජතුමනි බොහෝ වටිනාකම් ඇති මගේ ඥාතීන්ගේ හිස ඔහොම හිතුන ආකාරයට කපනවා වගේ මගේ හිසත් කපා දැම්මොත් හොඳා" යනුවෙන් ඔහු රජුට පැවසූ බව දැක්වේ එවිට කෝපයට පත් රජු "මහනිලමේ ඔහොම කතා කරන්නේ මහවාසල මගුල් කඩුව කැපෙන්නේ නැත කියලා හිතගේනදැයි අසිලු එයින් නොනැවතුන මහාධිකාරම රජ්ජුරුවෝ ඔහොම කතා කරන්නේ වඩුග ගැහැණු තවත් දරුවන් වදන් නා කියා සිතගෙනදැයි විමසිය මෙම සිද්ධියෙන් පසු රජු හා මහාධිකාරම අතරවූ ගැටුම උග්‍රවූ අතර ඒ නිසාම ඔහු හිතාමතාම රාජසේවයට නොපැමිණියේය
මේ අතර රාජසිංහ රජු මල්වතුවිහාරය ඉදිරිපිට ඇති කුඩාවිල විශාල කර ඒ වටා ඇති වෙල්යාය අයින් කර වැවක් නිර්මාණය කිරීමට පටන් ගත්තේය (අද දත්ගම ඇති වැව) මේ කටයුත්ත නිසා මල්වතු විහාරයට අයත් පුෂ්පාරාම විහාරයේ බෝධි වෘක්ෂයක් දාගැබක් භික්‍ෂුන් වහන්සේලා ස්නානය කරන ලද ලිඳක් යටවන නිසා එතනින් ඉවත් කර කඳුමුදුනේ යලිත් අලංකාරව ඉඳිකළ යුතුයයි රජු දන්වා හැරියේය මල්වතු විහාරයේ භික්‍ෂුන් අතර මේ පිළිබඳව සාකච්චා ඇති විය බොහෝ භික්‍ෂුන් වහන්සේලා මීට විරුද්ධ වූ අතර එහි නායකත්වය ගත්තේ අනුනායක පරණතල හිමියන්ය රජුට වුවද පුජනීය ඉඩම් කිසිඳු ආකාරයකින් නොදිය යුතුය සෙන්කඩගල නගර නිර්මානයේදී මේ ස්ථානය තෝරාගෙන ඇත්තේ දේව නියමයෙනි ඒ නිසා කිසිම අයුරකින්වත් මේවා ඉවත් නොකළ යුතු යයි පරණතල හිමියන්ගේ අදහස විය රජු පරණත්තල හිමියන් පිළිබඳව මතකයේ රඳවා තබා ගත්තේ එකතරා වෛරයකිනි
කෙසේ වෙතත් වැව ඉඳිකිරීම සිදුවිය රජුගේ මෙම ක්‍රියාකලාපය නිසා වඩාත් දෝෂ නැගුනේ රජු සිංහාසනයට පත් කල මහාධිකාරමට සහ අනු නා හිමියන්ටය මහනුවර අවට රටවලින් හා දිසාවේ වලින් පැමිණි වැසියෝ වැව ඉදිකිරීමේ කටයුතුවල යෙදුනහ එහෙත් සත්කෝරලේ වැසියෝ පැමිණියේ නැත වී ගොවිතැනට මිස වෙනත් කාර්ය සඳහා ඉඳි කරන වැව් බැඳීමට සහභාගී නොවන බව රජුට දැන්වුයේ මහාධිකාරම විසිනි "දේවයිනි අහම්බෙන් කරන වැව නිසා වැසියන්ට හිංසා පිඩා ඇතිවී තිබේ එමගින් වැව බන්දවිම ගැන වැසියන්ගේ කැමැත්තක් නැත නමුත් රජු ඊට පැවසුයේ වැව බැඳීම පිළිබඳව වැසියන්ගේ කිසිඳු අකමැත්තක් නොමැත අකමැත්ත ඇත්තෙත් අසතුටු වන්නේත් මහාධිකාරම පමණයි පැවසීය දේවයන් වහන්ස ඔබ වහන්සේ මගේ උපදෙස් නොමැතිව රාජ්‍ය පාලනය කරයි ඔබතුමන්ට රාජ්‍ය භාරදෙන අවස්ථාවේ දුන් පොරොන්දු ප්‍රකාර රට කරවනවා හොඳයි මහාධිකරම අවවාද දෙන ස්වරුපයෙන් කි විට රජතුමා රාජ්‍ය ලබාදීම ද්‍රෝහිකමක් කිරීමට හේතුවක් නොවිය යුතුය හිතුමතේ ක්‍රියාකිරීමට කාටවත් ඉඩ දිය නොහැකි යයිද පැවසිය මෙසේ ඇතිවූ විවාදය නතර වුයේ දෙදෙනා තුලම ඇතිවූ වෛරයකිනි සත්කෝරලේ වැසියෝ රජුට පක්‍ෂ නොවන්නේ මහාධිකාරම නිසා යයි සිතු රජු ඒ නිසා කලේ එම දිසාව දෙකට බෙදා තමාට පක්ෂපාතිවූ අධිකරම්වරයකුට පැවරිය මේ නිසා රජුට විරුද්ධව කැරැල්ලක් ඇති විය
කැරැල්ල ඇති කලේ මහාධිකරම යයි සිතගත් රජු ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට සිතා කැරලි කරුවන් 100 පමණ දෙනා අල්ලා විත් සැදු වැවහි තුල උල තැබිය දින කීපයක් ගතවී මිනි දුඟද නිසා මල්වතු විහාරයේ භික්‍ෂුන් වහන්සේලා මහත් කරදරයට පත් වුහ මේ නිසා ඔවුන් දොස් නැගුවේ මෙවන් පුද්ගලයකු සිංහාසනයට පත්කිරීම පිළිබඳව අනු නා හිමියන්ට ය මේ කාලයේදී රජු බීමට ඇබ්බැහි විය එතුමාට මත්පැන් පුරුදු කලේ වලපනේ දිසාව විය ඊට ඇබ්බැහි වූ රජු සවස්යාමය වන විට මීවිතට පුරුදුවී සිහිවිකල්ව සිටියේය මේ නිසා ගතිගුනද වෙනස් විය රජු එන්න එන්නම දරුණු විය රජුට විරුද්ධව වචනයක් හෝ කතා කල නම් මරණය වැළඳ ගැනීමක් විය මේ නිසා බොහෝ දේශප්‍රේමීහු සැකයට හා කේලාම් බස් වලට යටව මරු වැලඳගත්තේය මෙහිදී රජුට විරුද්ධව වචනයක් හෝ කතා කලේ අනු න හිමියන් සහ මහඅධිකාරම පමණියුතු විය මේ විවාහයේ අරමුණු වටහා ගත් රජු ඊට තදින්ම විරුද්ධ විය තමාට පක්ෂපාතිවූ නිලධාරී මඩුල්ලක් යටතේ ඒකමතිකව මහාධිකරම වැරදිකරු වන ලෙස තීරණය කල රජු ඔහු සුළු තානාන්තර වලින් නෙරපා හැරියේය(නිලතල 25 ක් විය) සිරගත කර පසුව නිදහස් කර රහසේම තම ගම් ප්‍රදේශය වූ පිළිමතලාවට යවා එහි නිහඬ ජිවිතයක් ගත කරන ලෙස දන්වා යැවුහ නමුත් මෙයින් නොනැවතුණු මහාධිකාරම තමාට වූ අවමානය ගැන සිතමින් රජු සැතපෙන ගෙයි තුලදීම මරා දැමීමට කුමන්ත්‍රණය කෙරිණි අල්ලස් දීමෙන් මේ සඳහා රජ ගෙදර සේවකයකු වූ ජා මුහන්දිරම් කෙනෙකු තෝරාගෙන තිබිණි ඇඳ තුලදීම රජුට පිහියෙන් ඇන මරා දැමීමට ඔහුට නියම විය ඔත්තු බැලීම සඳහා බලවන්ත රාල නමින් අයකුට නියම විය මේ අතර සත් කෝරලයේ යලි කැරැල්ලක් ද ඇති කිරීමට නියමව තිබිණි කෙසේ වෙතත් රාත්‍රී සමයේ එකම ඇඳක නිදි නොලැබ සිටීම රජුගේ පුරුද්දක් වූ නිසා කුමන්ත්‍රණය අසාර්ථක විය බලවන්ත රාල අසුවිය ජා මුහන්දිරම් කොළඹට පැනගියේය පිළිමතලව්වේ අධිකාරම හට රාජද්‍රෝහී කුමන්ත්‍රණ චෝදනා සඳහා වැරදිකරු විය ඔහුට මරණ දඬුවම නියම වුයේය 1811 අගෝස්තු 26 දා කුමාරහපුවේ පැරණි තල්ගස පිහිටි වධක භූමියේදී ගෙල සිද දැමිය
පිළිමතලව්වේ අධිකාරම්ගේ මරණයත් සමග පරණතල හිමියන් තනි වුහ උන්වහන්සේගේ සියලු ආරක්ෂාවන් බිඳ වැටිණි හිත්වේදනාවන් දැඩිවිය මේ අතර රජු පරණතල හිමියන් මට්ටු කරන්නේ කෙසේද සිතමින් කල් එයැවිය දැන් තමාට ඇති එකම අභියෝගය උන්වහන්සේ බව රජුට හැඟිනි මේ අතර එක්තරා කේලම් බසක රජුගේ කණට වැකුණේ ය එනම් පරණතල හිමියන් තුන්වන සිල් පදය කඩන භික්‍ෂුවක් බවයි දිනක් බ්‍රාහ්මණයෙකු ලෙස වෙස්වලාගත් රජු පරණතල හිමියන්ගේ කුටිය වෙත පැමිණියේය මෙසේ කුටිය වෙත නිතිපතා පැමිණීම බමුණන්ගේ පුරුද්දකි එයට හේතුව වුයේ බහුශ්‍රුත හිමිනමක් වූ පරණතල හිමියන්ගෙන් ඔවුන් යම් යම් ප්‍රශ්න විසඳාගැනීම සඳහා පැමිණීමයි මෙසේ බමුනකු ලෙස පෙනී සිටි රජු ඉදිරියට පැමිණි පරණතල හිමියන්ගේ ගෝලයකු කුමක් සඳහා පැමිණියේදැයි ව්මසනු කල්හි බණ පදයක් අර්ථයක් විසඳා ගැනීමට පැමිණි බව පැවසීය ගෝලයා ඉන්පසුව පිටත් වී ගිය අතර බමුණා කුටිය පිටුපසට වී සිටියේය ඒ අතර කුටියේ දොරටුවෙන් ආ කාන්තාවක් කඩිනමින් ඉවතට ගියාය පරණතල හිමියෝද උදේ දානය ගෙන තමා හමුවීමට පැමිණි බමුණා දෙස බලා ප්‍රශ්නය කුමක්දැයි විමසන ලදී ප්‍රශ්නය ප්‍රශ්නයට පිළිතුරු ලැබුනා යයි ඔහු කිසි ගරුසරුවක් නැතිව කියා ආපසු යන්නට ගියේය හෝරා කිහිපයකට පසුව හිමියන්ගේ කුටිය ඉදිරිපස පෙනී සිටියේ කටුපුල්ලෙවරු පිරිසකි ඔවුන්ගේ පණිවිඩය වුයේ වහාම පරනතල හිමියෝ අත්අඩංගුවට ගත යුතු බවයි කිසිත් නොදත් පරනතල හිමියෝ කටුපුල්ලෙවරු සමග රජු හමුවට පැමිනවුයේය .රජු පරණතල හිමියන් කැඳවා එන ලෙස දන්වා තිබුනේ මගුල් මඩුවටය.ය නඩුවල වැරදිකරුවන් (චුදිතයන් )නවතා තබන ස්ථානය විය.උන්වහන්සේට මෙය හිතාගත නොහැකි එකක් විය.පිළිමතලව්වේ හා එක්වී රජුට විරුද්ධව නැගී සිටි එකම තැනැත්තා තමා නිසා තමාගෙන් රජු පලිගැනිමට ගත පියවරක් බව සක්සුදක් සේ පැහැදිලිය.මහනායක හිමිවරුන් ප්‍රමුඛ රාජසභාව ඒ වන විට රැස්ව තිබිණි.කුරුත් උන්වහන්සේට ඇති චෝදනාව දක්වන තුරු නොයිසිලිමත් වුහ.රජුගේ අධිකරණ ලේඛම්වරයා විසින් දක්වන ලද චෝදනාව වුයේ පෙරදින රාත්‍රියේ මල්වත්ත අවාසයේ ස්ත්‍රියක් හා වසමින් භික්ෂු ශාසනය කිලිටි කල බවය.උන්වහන්සේ මෙය අමුලික බොරුවක් බව දිව්රා ප්‍රකාශ කරන ලදී.එහෙත් රජු කියා සිටියේ තමා බමුණෙකු ලෙස වෙස්වලාගෙන හිමියන්ගේ කුටිය දෙසට ගිය බවත් අහි සිටියදී එම කුටියෙන් කාන්තාවක් පිට වී ගිය බව ත දුටු බවත්ය.එම නිසා හිමියන්ගේ හිස ගස මර දැමිය යුතු යැයි නියෝගය විය.මෙයද රජුගේ ඒකමතික තීන්දුවක් විය.මෙය අසාදාරන තීන්දුවක් බවට මහනායක හිමිවරුන් රජුට පැහැදිලි කර දුන්නද රජුගේ තීරණයෙහි වෙනසක් නොවිය.
රජු සමග තරගයට කවි කී යුවතිය
සෙංකඩගලපුර රජ කල තුන්වන නායක්කර් වංශික රජු වූ රාජාධි රාජසිංහ රජු දක්ෂ කවියකු මෙන්ම සිංහල භාෂාව හොදින් ප්‍රගුණ කල අයකු ලෙස ද සැලවේ රාජාධි රාජසිංහ රජුගේ ප්‍රසිද්ධ වුයේ මෙවැනි දේ වලට පමණක් සිම නොවීය හෙතෙම කොතනකදී හෝ හැඩකාර තරුණියක් දුටු විට ඇය තම අන්තඃපුරයට ගෙන්වා ගැනීමට කිසිවිටකත් පසුබට නොවූ අයකු ලෙසද සලකයි වෙස්වලාගෙන තම රාජධානියේගම් දනව්හි සැරිසැරීම මේ රජුගේ සිරිතක් විය එසේ යන ගමනකදී දෙයියන්නේ වෙල ප්‍රදේශයේදී කුඹුරක පැල් රකින තරුණියක් රජුගේ ඇස් ගැටුණි ඇයට නොපෙනෙන සේ සිටි රජු මෙම කවිය කීය
ලස්සන හිම වතේ පැලපිට සිටින ළදේ
දුක්දෙන වල්සතුන් පන්නා හරින ළදේ
රැක්මෙන වෙලේ ඉඳ වෙලබත් බුදින ළදේ
දුක්දෙනු හරිද ඔබෙ සියුමැලි ගතට ළදේ
කවට කමට රිසිවූ තරුණයකු තමාට කවට කම් කරන්නේ යයි තරුණිය සිතුවාය කවි කීමට හපනියකි වූ ඇය පිළිතුරක් දෙන්නට නොපසුබටවු ඇය මෙසේ පිළිතුරක් දුණි
ලස්සන හිමවතේ මා වී පැසීලා
දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙලබත් බුදින්නේ
දුප්පත් කම නිසයි මා පැල් රකින්නේ
තරුණියගේ රූප ශ්‍රීය පිලිබඳ සිත ඇතිවූ රජු කවියෙන් එය වර්ණනා කළේය
වෙලක මහිම බල මා වී පැසීලා
පැලක මහිම බල බටකොළ හොයාලා
මලක මහිම බල අතු අග පිපීලා
ලියක මහිම බල ගෝමර ඉසීලා
ඊට පිළිතුරු කවියක් කි තරුණිය එයින් සැඟවී කවි කියන පුද්ගලයා රුපය පිළිබඳව දරන අදහස සියුම් ලෙස අවඥාවට භාජනය කළේය
වෙල හොඳ මොකද යල මහ පාළුවේ නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකද අතු අග පරව යා නම්
ලිය හොඳ මොකද පෙති ගෝමර මැකේ නම්
රජු ඊළඟ කවියෙන් තම අදහස ප්‍රකාශ කළේය
යල මහ පාලුවෙන්නට ඉඩ දෙන්න එපා
දුක්දෙන සතුන් පන්නා වෙහෙසෙන්න එපා
ලැම බඳ ඉසුණු ගෝමර වැනසෙන්න එපා
දුප්පත් කමින් මින් පසු දුක් වෙන්න එපා
මේ කවිය කියූ රජු තරුණිය වෙතට පැමිණියේය මේ නම් එසේ මෙසේ තරුණයකු නොවේ තරුණයා දුටු සැනින් නිගමනය කල තරුණිය මොහොතක් වෙලා බලා සිටීමෙන් ඇය වෙස්වලාගෙන සිටින්නේ කවරෙකුදැයි හදුනා ගත්තේ ඇසල සැණකෙළියේදී දැක ඇති පුරුද්ද හේතුවෙනි භයවුන තරුණිය පන දිව්වේය පලායන තරුණිය අමතා රජු මේ කවිය කිවේය
ඇනලා මරණ කුළු මීමෙකු නොවේ නම්
විකලා දමන සිහ රදෙකුත් නොවේ නම්
විදලා දමන වැදි රජෙකුත් නොවේ නම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බියේ නම්
රජු හැඳින භීතියට පත් වුනත් කවිය ඇසි නිහඬව යාමට සිත නොවූ තරුණිය මෙසේ කීය
රෑන පිට රෑන තුඩු රෑන දී යන්
ඇදලා ඇටෙව් දුන්නෙන් අගට ඊ යන්
බළලුන් දුටුවාම බිය නැද්ද මී යන්
දුටුවම බිය නැද්ද රාජසිංහ දෙයි යන්
රජු විසින් පසු කලෙක ඇයව තමාගේ අන්තඃපුරය වෙත කැඳවාගත්තේය එම තරුණිය පැල් රකිමින් සිටි වෙල්යායම සන්නසකින් තරුණියට තිළිණ කර දී ඇත
ජනකවිය
ජන සාහිත්‍යකරුවා තම විරෝධය දුක්පීඩා සහ විවේචනය හාස්‍ය උපහාසය නිපදවාගනිමින් සමාජය වෙත එල්ල කිරීමේදී භාවිතා කල එක් ක්‍රමයක් වුයේ ජනකවිය වේ පහත දැක්වෙන්නේ එවැනි ආකාරයේ ජනකවිය
රොටී හබයක්
සෑමවෙලාවකටම රොටී කෑම නොකැමති වූ පුරුෂයෙක් තම බිරියට මෙසේ බැනවැදුනි
පුරුෂයා
රොටී රොටී සැම වේලෙම රොටී යේ
තුටී සේම ලිප වට කර සෑදී යේ
වැටී සේම අප්පිරියා ගතී යේ
රොටී නිසා තී දවසක නසී යේ
භාර්යාව
සිතේ තමුසෙගේ කවදත් බතේ යා
බතේ කන්ට හාලක් ගෙයි නැතේ යා
නැතේ හාල් ගැනුමට මිළ අතේ යා
අතේ තබමි එනිසා රොටි පතේ යා
විවාහය හාස්‍යයට ලක්කර කියවුන කවියකි මේ
අඟුලේ රඟ දැනෙන්නේ පැද්ද කල්හි ගඟේ යා
නඟුලේ රඟ දැනෙන්නේ බැස්ස කල්හී මඩේ යා
උගුලේ රඟ දැනෙන්නේ ඊට පත්වූ සැනේ යා
මගුලේ රස දැනෙන්නේ දු පුතුන් ලත් තැනේ යා
එක්තරා හිමිනමකට "කුකුලල" නැමැති අල වර්ගය වැළඳීමේ දැඩි ආශාවක් උපන්නේය කුකුලල බහුල් වශයෙන් වැවෙන ප්‍රදේශයක වෙසෙන සිය මිත්‍ර හිමි නමකට මේ බැව් පහත පරිදි කවියකින් දැන්වුහ
පතුල මුලා බිජු ලාලයි ලොකු වෙන් නේ
නැත සැවුලා කවදාවත් අඬලන් නේ
හොට වකලා කටු ආ දයි ගස් යන් නේ
එ බිජු කන්න මම ආසාවෙන් ඉන් නේ
මිත්‍ර හිමිනම කවිය මැනවින් තේරුම්ගෙන පහත සඳහන් පිළිතුරු කවිය යැවීය
ලකුණු මම කියමි යන්තම් දැන ගන් න
දකුලු තව මාස ගණනක් පසු වෙන් න
මිල දීලවත් නැත මෙහි අරගන් න
මුල සිව්කුරු හැර ලඟ සිව්කුර ගන් න
විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා කොළඹට ගොඩබට වේලෙහි නොකල්හි වැස්සක් වැස්සේය එවක "කවට කතිකයා" නමින් ප්‍රසිද්ධව සිටි පෑලිස් අප්පුහාමි විසින් මෙම සිද්ධිය ස්වකීය කවට පත්‍රයේ මෙසේ සඳහන් කරන ලදී
පින්වත් මනමාල අප්පු කොළඹට ගොඩ බැස් සා
සම්පත් වැඩිවන ලකුණෙකි එවෙලෙම වැසි වැස් සා
ඉන් දුක් දෙන දුවිලි පටලෙත් පහලට බැස් සා
වැන්දත් අනෙ වරදක් නැත ඔහුට දෑත උස් සා
මේජර් ඩේව් සමග කන්ද උඩරට ගිය ජා සෙබළුන්ට අන්තොච්චිකාමු නම් විකට පහත කවිය කියා පරිහාස කල බව හෙළදිව පුවතෙහි සඳහන්වේ
අක්කරේට අසුකර මෙරටට ආ වා
ගොන්කුරේට ගෙන දියවර බොන ජා වා
සන් කරේට නොවටින ගෙරි මස් කෑ වා
සිංහලේට ආවට තෙපි කැති ගෑ වා
කුංකුනාවේ හාමුදුරුවෝ පන්සල් වත්තේ කුරුම්බා මීයකු විසින් කා දැමීම නිසා උරණව වස්කවියක් කීවේලු
කකා කුරුම්බා ලෙලි බිම දමන එ කා
මොකාදෝ එකා මට නොදැනෙනා එ කා
විකා ඇට නහර මස් ලේ උරා ක කා
යකා මහසොන් උගෙ දිවි හරින් ම කා
සුද්දන්ගේ වත්තේ වැඩටගිය ගැමි කාන්තාවක් සුදු දරුවකු ප්‍රසුත කළාය එයින් කම්පාවට පත් ගැමියකු මේ කවිය කිවේය
දේස දහඅටම එක දේසෙට වෙච් චි
බාස දහඅටම එක බාසෙට වෙච් චි
වනන් දහඅටම එක වනමට වෙච් චි
සිංහලේට සුදු දරුවන් බෝ වෙච් චි
ඉංග්‍රීසින් විසින් මෙහි ව්‍යාප්ත කරන ලද පරගැති අධ්‍යාපන ක්‍රමය විසින් රට ගම නොදත්"ජාත්‍යන්තර ප්‍රජාව" ගැන උගැන්මෙන් අපගේ චින්තනය විනාශ කරනු ලැබූ හැටි තලාවේ කේ ඇම් ගුරුතුමා විසින් 1957 දී කවි කොළයකින් විස්තර කරනුයේ මෙසේය
රට ඉඳි දෙන්නෝ -ඇපල් වවන්නෝ -ජෑම් එවැන්නෝ
ඇති රටවල්
වුල් හදන්නෝ -නුල් එවන්නෝ -සුට් මහන්නෝ
ඇති රටවල්
බෑට් ගහන්නෝ -පයිට් කරන්නෝ -සර්කස් දන්නෝ
ඇති රටවල්
බෝ දෙන දන්නෝ -එමුත් නොදන්නෝ වැව් බැඳී රජුනගේ
වගතුගවල්
සුවස් දන්නෝ-පැනමා දන්නෝ-යෝධ ඇලක් ගැන
නොම දන්නෝ
සහරා දන්නෝ-ගෝබී දන්නෝ-රජරට බින්තැනි
නොම දන්නෝ
ඒරල් දන්නෝ-මිචිගන් දන්නෝ-පදවිය-කතදර
නොම දන්නෝ
මැවිලන් දන්නෝ-මාක්ස් ද දන්නෝ-ගැමුණු ද-පැරකුම්
නොම දන්නෝ
තල්දෙන අධිකාරම් දුටු නළඟන
ඌවේ තල්දෙන අධිකාරම් තුමා රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලද කවියෙකි හිටිවන කවියට මහත් දස්කම් පෑ මෙතුමා රාජ සභාවෙහි රජතුමා සමග නාට්‍යාංගනාවන්ගේ නැටුම් බලමින් සිටින විට කියූ හිටිවන කවියකි මෙය නාට්‍යංගනාවන් කෙටි කල සළු හැඳ කඹයක් මත නැඟි නැටුම් දැක්වූ අවස්ථාවකි
නුඹේ පත සදිසි වත සඳ ලෙස උදුලා
රඹේ කඳ අයුරු දිසි කලවා යුවලා
කඹේ නටන අඟනුන්ගේ යොහොඹු කුලා
නැඹේ මුල පෙනෙන්නා උඩ පනින කලා
පැරණි හෙළ යුධ අවි
යුද්ධය තරම් බිහිසුණු ක්‍රියාවලියක් ලොව තවත් නොමැත.සාමය අගයන මිනිසා යුද්ධය පිළිකුල් කරයි.ඒ තුලින් වන ජීවිත - ධන විනාශය තක්‌සේරු කල නොහැක්කකි.පරම්පරා ගණනක් තිස්සේ එක් රැස් කල දේ සැනෙකින් දවා අළු කරන්නට යුද්ධය සමත්ය.ඒ තුලින් රටකජනතාව තවත් පරම්පරා ගණනාවක් යනතුරු අන්ත දිළින්දන් කිරීමට යුද්ධය සමත්වෙයි.අතීත වැඩවසම් දේශපාලන රටාව ධනවාදී සමාජවාදී දේශපාලන රටාව තුලත් යුද්ධය හා යුද්ධයට භාවිතා කෙරුණු උපක්‍රම හා අවි ආයුධ වෙනස් වෙයි.අතීතයේ බොහොවිට කෙරුනේ මුහුනට මුහුණලා කෙරුණු ද්විත්ව සටන්ය .මෙහිදී උරගා බැලුයේ කය ශක්ති බලය හා ශිල්පිය දක්ෂතාවයයි.අතීතයේ පොදුවේ සෑම රජෙකු හටම චතුරංගනී සේනාවක් විය.
(ඇත්.අස්.රිය.පාබල)මේ සේනාවන්ගේ පුහුණුව හා සංඛ්‍යාව ගණනින් විශාල වීම එම රටවල යුද්ධයන්ගේ ජයග්‍රහණයට හේතු විය.අද මෙන් නොව එදා රජකමට පත්වන්නේකුටඒ බව ඔප්පුකිරිමට යුධ ශිල්පය හැදෑරීම අවශ්‍ය අංගයක් විය.සිදුහත් කුමරු පවා යුධ ශිල්පය හැදෑරුබව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.මෙසේ ආදිතම රණකාමීන් භාවිතා කළ යුධ අවි වර්ග රාශියකි.ඒවා පංචායුධ නම වේ.(කඩු,දුනු,අඩියටි,පත් කොහොල් පාර වළලු)මේවා සියල්ලකම අද සමාජයෙන් සමුගෙන හමාරය.මේවා හැමෙකෙක්ම අද ප්‍රදර්ශන භාණ්ඩ ලෙස පැරණි නිවෙස්වල හා කෞතුකාගාරහි තැන්පත්කර තිබේ.ආදී යුධ අවි අතර කඩුවට හිමිවුයේ අද්විතීය ස්ථානයකි.එය ප්‍රධාන අවිය විය.රජ කුමරුවාගේ පටන් හේවායා දක්වා විවිධ වර්ගයේ කඩු භාවිතා කර තිබේ.ඒවා භාවිතා කලේ තමන්ගේ තරාතිරම අනුවය.අපේ පැරණියන් භාවිත කඩු වර්ග 28ක් පිළිබඳව පොත්පත්වල සඳහන් වේ.ඒවා නම්,
1 මදුරු කඩු
2 ඇරා කඩු
3 රණ කඩු
4 සත් රුවන් කඩු
5 රිදී කඩු
6 වඩිග කඩු
7 තෙළිගු කඩු
8 උප්ර කඩු
9 මිනි බැදී කඩු
10 වින්දී කඩු
11 වෑය කඩු
12 ජාවක කඩු
13 දෑත් කඩු
14 වංග කඩු
15 ථූන කඩු
16 අයෝධ්‍ය කඩු
17 දිලෙන කඩු
18 සිරිමල් කඩු
19 ධවල කඩු
20 කෙටි කඩු
21 විෂ කඩු
22 දික් කඩු
23 වක් කඩු
24 ලෙලෙන කඩු
25 අරමණ කඩු
26 ගුජර කඩු
27 ජිත කඩු
28 මුණ කඩු
පද්‍යයෙන් මේ කඩු වර්ග ගෙන මෙසේ දැක්වේ.
සිහල කඩුද ලුහුඩු කඩුද
දික් කඩු අර ගත්තෝ
ධවල කඩුද වක්කඩු සහ
විසි කඩුද ගත්තෝ
මළල කඩුද බාර කඩුද
මුණ කඩු අර ගත්තෝ
නිමල රිදී කඩුද පාඩි
කඩු සුරතට ගත්තෝ
ලෙළෙන කඩුද සිරිවාල්
කදු මුණ කඩු අර ගත්තෝ
දිලෙන කඩුද දුන්කදු සහ
අයෝද්‍ය කඩු ගත්තෝ
රනින කවුද වංග කඩුද
මනි කඩු අර ගත්තෝ
වඩින කඩුද ජිත කඩුද සහ
මදුර කඩුද ගත්තෝ
අරනමකඩු ජාවාකඩු
ගුජර කඩුද ගත්තෝ
ලෙල දෙන සත් රුවන් කඩුද
ඇරා කඩුද ගත්තෝ
සැබවින ඒ තෙලිගු කඩුද
මෙම කඩු අර ගත්තෝ
සසොබන නර නිදු යුධයෙන්
සිට ජය අර ගත්තෝ
දුන්නද කඩුවට සමානවූ පැරණි හෙළ යුධ අවියකි.අතීතයේ දක්ෂ දුනු හමුදාංක පිලිබඳ ඉතිහාසගත සිද්ධි රාශියකි.පැරණියේ දුනු හරඹය ක්‍රීඩාවකි.සිදුහත් කුමාරයා පවා යශෝදරා දේවිය ලබාගත්තේ දුනු හරඹයෙන් තම දස්කම් හෙළි කිරීමෙනි.දුනු ශිල්පයේ දක්ෂයා ප්‍රවිනයෙකු වීමටනම් විදිය හැකි ක්‍රම 2 ක් පිලිබඳව දැනගත යුතු වෙයි.ඒ ශබ්ද වේදය හා ක්ෂනවේදයයි.ශබ්ද වේදය යනු ශබ්දය පමනක් දැන විදිමයි .ක්ෂනවේදය යනු එකන්හිම ඇති විදුලි ශබ්දයට විදීමයි."අඳුරෙහි අස්ලොම විදිහට දුරදි විදුලිය පැහැ වැරදුනොත් වරදි".යන ලෝ වැඩ සඟරාවේ එන මේ පද්‍යයෙන් ක්ෂණවේදීන් සිටි බව මොනවට පැහැදිළි වෙයි.කඩොල් ඇතා සිටි දුටුගැමුණු රජතුමාට පිටිපසින් සිටි ථූස්සදේව යෝධයා එතුමාගේ කුන්ඩලාභාරණය කඩාගෙන හල්ලුකයාට දුටුගැමුණු එළාර සටනේ දැක්වේ.එක එක අයගේ තරතිරමට අනුව මෙරට රණකාමීන් භාවිතා කල දුනු වර්ග 21කි.ඒවානම්,
1 මාලක්කම් දුනු
2 යෙත්දුනු
3 කත්තාරි දුනු
4 මාර දුනු
5 ගල් දුනු
6 කැලු දුනු
7 මිමි දුනු
8 කළුවල් දුනු
9 උස් දුනු
10 තඹහඩු දුනු
11 සින්දාරම් දුනු
12 රන් දුනු
13 චන්ද්‍රවංක දුනු
14 රිදී දුනු
15 සුධිවංක දුනු
16 මාරුංග දුනු
17 රුවන් දුනු
18 මට්ටම් දුනු
19 ත්‍රිවංක දුනු
20 හතු දුනු
මාලක්කම් දුනුද රිදී දුනුද
අර ගත්තෝ
ඕලක්කම් දුනුද රුවන් දුනු
අර ගත්තෝ
මාරපගම් දුනුද මාරදුනු
අර ගත්තෝ
මේ සැමතුම් මැඩ හතු දුනු මිටි
අර ගත්තෝ
චන්ද්‍රවංක දුනු
සහ උස් දුනු අර ගත්තෝ
සුර්ය වංක දුනු
කළුවැල් දුනු අර ගත්තෝ
ත්‍රිවංක දුනු
කලුදුනු මට්ටම් දුනු අර ගත්තෝ
සිදුරන් දුනු තත්තිරි දුනු
අඩු නොව ගත්තෝ
යෝන්දුනු නච්චම්ඩු දුනුද
ගෙන සිට ගත්තෝ
ගල්දුනු ගෙන වාසි දොඩා
මහා බලැත්තෝ
මෙමෙ දුනු කිසිවක් අඩු නොව
අත අත ගත්තෝ
පැරණි යුධ අවි අතර මුගුරද හොඳ සටන් අවියක් විය එහි කෙල පැමිණියෙකු හට තම ප්‍රතිවාදීන් රාශියක් වුවත් මෙල්ල කිරීම අපහසු කාර්යයක් නොවීය මුගුරු වර්ග 13ක් ගැන පැරණි හෙළ යුධ අවි අතර දැක්වේ
පතැස් මුගුරු රන් මුගුරුද
රිදී මුගුරු ගත්තෝ
අටැස් මුගුරු ලොහෝ මුගුරු
සිතු ලෙස අරගත්තෝ
තුතැස් මුගුරු මහා මුගුරු
දර මුගුරු ගත්තෝ
වෙනස් නොවී සිව්රැස් හා
වන මුගුරුද අරගත්තෝ
මුල දළ මුගුරුද මිණි බැදි
මුගුරු අතින් ගත්තෝ
අග දළ මුගුරුද ගෙන
අඩු නොව මහ බල ඇත්තෝ
පෙළ පෙළ අඩු නොව
සැමදෙන වහසි බැන ගත්තෝ
රැළ පෙළ අඩු නොව
සැමදෙන වහසි බැන ගත්තෝ
රැළ පෙළ නගනා විලසින්
නොඅඩුව සිට ගත්තෝ
කොන්තායුධය ද සංග්‍රාම වලදී භාවිතා වූ තවත් ජනප්‍රිය අවියකි පරිහරණය කල කොන්තායුධ හයක් ගැන සඳහන්වේ ඒවා නම්
1 ජය කොන්තායුධය
2 තෙජ කොන්තායුධය
3 මුත කොන්තායුධය
4 දරජය කොන්තායුධය
5 රන් කොන්තායුධ
6 ඇගි කොන්තායුධය
ජය කොන්තායුධ තෙජ
කොන්තායුධ අර ගත්තෝ
මුත කොන්තායුධ දරජය
කොන්තායුධ ගත්තෝ
රන්කොන්තායුධ ලෙළවා සිතු
ලෙස අර ගත්තෝ
ඇගි කොන්තායුධ ලෙළවා සිතු
අඩු නොව සිට ගත්තෝ
ඉහතකි ප්‍රධාන අවි ආයුධ වලට අමතරව යුද්ධ වලදී භාවිත තවත් යුධඅවි රාශියක් විය හෙල්ල,පලිහ,තෝමරය,පොරොව,ගදාව,සිරිය,පිහිය,සන්නාහ,
වෑය,යවුල්,පාරාවළලු,කිරිච්චිය ඒවායින් සමහරකි මේ එසේ සඳහන් අපේ පැරණි රණකාමීන් සතුවූ යුද්ධා යුධයි.
කඩුව හෙල්ල දුනු පලඟද හී
පත්තාරම්
චක්‍රද කොන්තා කාණ්ඩ කනය
කප්පිනම්
ගදාද තෝමර සත්තී සුලය
දණ්ඩනම්
කෝල්ද කයි සරඹු චන්ද්‍ර ඉලුක්
කෝල්යදම්
ඉට්ටි පොරෝ පොරෝ
කරාවාල පත්කෝල්
වට්ටෝරුද යවට හින්දි වාල
රුදු යවුල්
පට්ටයම්ද අර්ධ චන්ද්‍ර මුගුරු
කඩිග තල්
කට්ටයුද අඩ යටි වුප්පඩිද
හෙන නගුල්
පැරණි සිංහලයන් සතුවූ මේ අවි ආයුධ වෙනසකට බලපෑවේ යුරෝපීය ආගමනයත් සමගය උඩරට රජවරුන් යුරෝපා ජාතිකයන් හා සටන් වදිද්දී පැරණි යුධ අවි වෙනුවට කාලතුවක්කු ,තුවක්කු පුපුරන වෙඩි වර්ග භාවිතා කරන ලදී අවසාන රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ කාලතුවක්කු හමුදාවක් ද විය එය බාරවුයේ වෙඩික්කාර නිලමේටය රජතුමා පවා කඩුව වෙනුවට වෙඩි කෙටුතුවක්කුවක් භාවිතා කරන ලදී
වාල්වෙඩිද ගිනි වෙඩි සහ
දුම් වෙඩි අරගත්තෝ
ගල වෙඩි සහ යතුරු වෙඩි ද
මුකවෙඩි අරගත්තෝ
ලීල් නොකොට මහවෙඩි සහ
ශබ්ද වෙඩිද ගත්තෝ
ගාල් ගාල් ගැසී එතෙයි
සැර වෙඩි අර ගත්තෝ
අතීත පැරණි හෙළ යුධ අවි මධ්‍ය කාලින යුධ අවිද මේ ආකාර වෙ
(ඇත්.අස්.රිය.පාබල)මේ සේනාවන්ගේ පුහුණුව හා සංඛ්‍යාව ගණනින් විශාල වීම එම රටවල යුද්ධයන්ගේ ජයග්‍රහණයට හේතු විය.අද මෙන් නොව එදා රජකමට පත්වන්නේකුටඒ බව ඔප්පුකිරිමට යුධ ශිල්පය හැදෑරීම අවශ්‍ය අංගයක් විය.සිදුහත් කුමරු පවා යුධ ශිල්පය හැදෑරුබව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.මෙසේ ආදිතම රණකාමීන් භාවිතා කළ යුධ අවි වර්ග රාශියකි.ඒවා පංචායුධ නම වේ.(කඩු,දුනු,අඩියටි,පත් කොහොල් පාර වළලු)මේවා සියල්ලකම අද සමාජයෙන් සමුගෙන හමාරය.මේවා හැමෙකෙක්ම අද ප්‍රදර්ශන භාණ්ඩ ලෙස පැරණි නිවෙස්වල හා කෞතුකාගාරහි තැන්පත්කර තිබේ.ආදී යුධ අවි අතර කඩුවට හිමිවුයේ අද්විතීය ස්ථානයකි.එය ප්‍රධාන අවිය විය.රජ කුමරුවාගේ පටන් හේවායා දක්වා විවිධ වර්ගයේ කඩු භාවිතා කර තිබේ.ඒවා භාවිතා කලේ තමන්ගේ තරාතිරම අනුවය.අපේ පැරණියන් භාවිත කඩු වර්ග 28ක් පිළිබඳව පොත්පත්වල සඳහන් වේ.ඒවා නම්,
1 මදුරු කඩු
2 ඇරා කඩු
3 රණ කඩු
4 සත් රුවන් කඩු
5 රිදී කඩු
6 වඩිග කඩු
7 තෙළිගු කඩු
8 උප්ර කඩු
9 මිනි බැදී කඩු
10 වින්දී කඩු
11 වෑය කඩු
12 ජාවක කඩු
13 දෑත් කඩු
14 වංග කඩු
15 ථූන කඩු
16 අයෝධ්‍ය කඩු
17 දිලෙන කඩු
18 සිරිමල් කඩු
19 ධවල කඩු
20 කෙටි කඩු
21 විෂ කඩු
22 දික් කඩු
23 වක් කඩු
24 ලෙලෙන කඩු
25 අරමණ කඩු
26 ගුජර කඩු
27 ජිත කඩු
28 මුණ කඩු
පද්‍යයෙන් මේ කඩු වර්ග ගෙන මෙසේ දැක්වේ.
සිහල කඩුද ලුහුඩු කඩුද
දික් කඩු අර ගත්තෝ
ධවල කඩුද වක්කඩු සහ
විසි කඩුද ගත්තෝ
මළල කඩුද බාර කඩුද
මුණ කඩු අර ගත්තෝ
නිමල රිදී කඩුද පාඩි
කඩු සුරතට ගත්තෝ
ලෙළෙන කඩුද සිරිවාල්
කදු මුණ කඩු අර ගත්තෝ
දිලෙන කඩුද දුන්කදු සහ
අයෝද්‍ය කඩු ගත්තෝ
රනින කවුද වංග කඩුද
මනි කඩු අර ගත්තෝ
වඩින කඩුද ජිත කඩුද සහ
මදුර කඩුද ගත්තෝ
අරනමකඩු ජාවාකඩු
ගුජර කඩුද ගත්තෝ
ලෙල දෙන සත් රුවන් කඩුද
ඇරා කඩුද ගත්තෝ
සැබවින ඒ තෙලිගු කඩුද
මෙම කඩු අර ගත්තෝ
සසොබන නර නිදු යුධයෙන්
සිට ජය අර ගත්තෝ
දුන්නද කඩුවට සමානවූ පැරණි හෙළ යුධ අවියකි.අතීතයේ දක්ෂ දුනු හමුදාංක පිලිබඳ ඉතිහාසගත සිද්ධි රාශියකි.පැරණියේ දුනු හරඹය ක්‍රීඩාවකි.සිදුහත් කුමාරයා පවා යශෝදරා දේවිය ලබාගත්තේ දුනු හරඹයෙන් තම දස්කම් හෙළි කිරීමෙනි.දුනු ශිල්පයේ දක්ෂයා ප්‍රවිනයෙකු වීමටනම් විදිය හැකි ක්‍රම 2 ක් පිලිබඳව දැනගත යුතු වෙයි.ඒ ශබ්ද වේදය හා ක්ෂනවේදයයි.ශබ්ද වේදය යනු ශබ්දය පමනක් දැන විදිමයි .ක්ෂනවේදය යනු එකන්හිම ඇති විදුලි ශබ්දයට විදීමයි."අඳුරෙහි අස්ලොම විදිහට දුරදි විදුලිය පැහැ වැරදුනොත් වරදි".යන ලෝ වැඩ සඟරාවේ එන මේ පද්‍යයෙන් ක්ෂණවේදීන් සිටි බව මොනවට පැහැදිළි වෙයි.කඩොල් ඇතා සිටි දුටුගැමුණු රජතුමාට පිටිපසින් සිටි ථූස්සදේව යෝධයා එතුමාගේ කුන්ඩලාභාරණය කඩාගෙන හල්ලුකයාට දුටුගැමුණු එළාර සටනේ දැක්වේ.එක එක අයගේ තරතිරමට අනුව මෙරට රණකාමීන් භාවිතා කල දුනු වර්ග 21කි.ඒවානම්,
1 මාලක්කම් දුනු
2 යෙත්දුනු
3 කත්තාරි දුනු
4 මාර දුනු
5 ගල් දුනු
6 කැලු දුනු
7 මිමි දුනු
8 කළුවල් දුනු
9 උස් දුනු
10 තඹහඩු දුනු
11 සින්දාරම් දුනු
12 රන් දුනු
13 චන්ද්‍රවංක දුනු
14 රිදී දුනු
15 සුධිවංක දුනු
16 මාරුංග දුනු
17 රුවන් දුනු
18 මට්ටම් දුනු
19 ත්‍රිවංක දුනු
20 හතු දුනු
මාලක්කම් දුනුද රිදී දුනුද
අර ගත්තෝ
ඕලක්කම් දුනුද රුවන් දුනු
අර ගත්තෝ
මාරපගම් දුනුද මාරදුනු
අර ගත්තෝ
මේ සැමතුම් මැඩ හතු දුනු මිටි
අර ගත්තෝ
චන්ද්‍රවංක දුනු
සහ උස් දුනු අර ගත්තෝ
සුර්ය වංක දුනු
කළුවැල් දුනු අර ගත්තෝ
ත්‍රිවංක දුනු
කලුදුනු මට්ටම් දුනු අර ගත්තෝ
සිදුරන් දුනු තත්තිරි දුනු
අඩු නොව ගත්තෝ
යෝන්දුනු නච්චම්ඩු දුනුද
ගෙන සිට ගත්තෝ
ගල්දුනු ගෙන වාසි දොඩා
මහා බලැත්තෝ
මෙමෙ දුනු කිසිවක් අඩු නොව
අත අත ගත්තෝ
පැරණි යුධ අවි අතර මුගුරද හොඳ සටන් අවියක් විය එහි කෙල පැමිණියෙකු හට තම ප්‍රතිවාදීන් රාශියක් වුවත් මෙල්ල කිරීම අපහසු කාර්යයක් නොවීය මුගුරු වර්ග 13ක් ගැන පැරණි හෙළ යුධ අවි අතර දැක්වේ
පතැස් මුගුරු රන් මුගුරුද
රිදී මුගුරු ගත්තෝ
අටැස් මුගුරු ලොහෝ මුගුරු
සිතු ලෙස අරගත්තෝ
තුතැස් මුගුරු මහා මුගුරු
දර මුගුරු ගත්තෝ
වෙනස් නොවී සිව්රැස් හා
වන මුගුරුද අරගත්තෝ
මුල දළ මුගුරුද මිණි බැදි
මුගුරු අතින් ගත්තෝ
අග දළ මුගුරුද ගෙන
අඩු නොව මහ බල ඇත්තෝ
පෙළ පෙළ අඩු නොව
සැමදෙන වහසි බැන ගත්තෝ
රැළ පෙළ අඩු නොව
සැමදෙන වහසි බැන ගත්තෝ
රැළ පෙළ නගනා විලසින්
නොඅඩුව සිට ගත්තෝ
කොන්තායුධය ද සංග්‍රාම වලදී භාවිතා වූ තවත් ජනප්‍රිය අවියකි පරිහරණය කල කොන්තායුධ හයක් ගැන සඳහන්වේ ඒවා නම්
1 ජය කොන්තායුධය
2 තෙජ කොන්තායුධය
3 මුත කොන්තායුධය
4 දරජය කොන්තායුධය
5 රන් කොන්තායුධ
6 ඇගි කොන්තායුධය
ජය කොන්තායුධ තෙජ
කොන්තායුධ අර ගත්තෝ
මුත කොන්තායුධ දරජය
කොන්තායුධ ගත්තෝ
රන්කොන්තායුධ ලෙළවා සිතු
ලෙස අර ගත්තෝ
ඇගි කොන්තායුධ ලෙළවා සිතු
අඩු නොව සිට ගත්තෝ
ඉහතකි ප්‍රධාන අවි ආයුධ වලට අමතරව යුද්ධ වලදී භාවිත තවත් යුධඅවි රාශියක් විය හෙල්ල,පලිහ,තෝමරය,පොරොව,ගදාව,සිරිය,පිහිය,සන්නාහ,
වෑය,යවුල්,පාරාවළලු,කිරිච්චිය ඒවායින් සමහරකි මේ එසේ සඳහන් අපේ පැරණි රණකාමීන් සතුවූ යුද්ධා යුධයි.
කඩුව හෙල්ල දුනු පලඟද හී
පත්තාරම්
චක්‍රද කොන්තා කාණ්ඩ කනය
කප්පිනම්
ගදාද තෝමර සත්තී සුලය
දණ්ඩනම්
කෝල්ද කයි සරඹු චන්ද්‍ර ඉලුක්
කෝල්යදම්
ඉට්ටි පොරෝ පොරෝ
කරාවාල පත්කෝල්
වට්ටෝරුද යවට හින්දි වාල
රුදු යවුල්
පට්ටයම්ද අර්ධ චන්ද්‍ර මුගුරු
කඩිග තල්
කට්ටයුද අඩ යටි වුප්පඩිද
හෙන නගුල්
පැරණි සිංහලයන් සතුවූ මේ අවි ආයුධ වෙනසකට බලපෑවේ යුරෝපීය ආගමනයත් සමගය උඩරට රජවරුන් යුරෝපා ජාතිකයන් හා සටන් වදිද්දී පැරණි යුධ අවි වෙනුවට කාලතුවක්කු ,තුවක්කු පුපුරන වෙඩි වර්ග භාවිතා කරන ලදී අවසාන රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ කාලතුවක්කු හමුදාවක් ද විය එය බාරවුයේ වෙඩික්කාර නිලමේටය රජතුමා පවා කඩුව වෙනුවට වෙඩි කෙටුතුවක්කුවක් භාවිතා කරන ලදී
වාල්වෙඩිද ගිනි වෙඩි සහ
දුම් වෙඩි අරගත්තෝ
ගල වෙඩි සහ යතුරු වෙඩි ද
මුකවෙඩි අරගත්තෝ
ලීල් නොකොට මහවෙඩි සහ
ශබ්ද වෙඩිද ගත්තෝ
ගාල් ගාල් ගැසී එතෙයි
සැර වෙඩි අර ගත්තෝ
අතීත පැරණි හෙළ යුධ අවි මධ්‍ය කාලින යුධ අවිද මේ ආකාර වෙ
Subscribe to:
Posts (Atom)







