
වයෝවෘද්ධ වූ රාජාධිරාජසිංහ රජතුමා රජතුමා එස්වර්ගස්ථවීමට ඉතාමත් ආසන්න බවත් බේත්ගේ මුහන්දිරම් විසින් (රාජකීය වෛද්‍යවරයා) මහාධිකාරම (පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත රාළහාමි) වෙත දන්වා යවන ලදී පණිවිඩය ලත් මහාධිකාරම රජවාසලට එද්දී රජු ස්වර්ගස්ථ වී හමාරය එය රට පුරා පතල කිරීමට පෙර ඔහු වහාම රජුගේ ආදාහන කටයුතු පිළියෙළ කිරීමට කාන්ගර නිලධාරීන්ට (උඩරට රජවරුන්ගේ අවමගුල් කටයුතු භාර පිරිස) භාරකර අවමංගල්‍ය හා නව රජ කෙනෙකු පත්කිරීම සාකච්චා කිරීමට මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ඇතුළු කන්ද උඩරට පස් රටේ සියලුම...