#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

පැල් කවි


ගමෙන් ඈත මම හේනක්                            කොටාලා
ඒ හේනේ වැට බැන්දේ                                වෙළාලා
පැල ඇතුලේ ගිනි ගොඩකුත්                       දමාලා
ගිනි ගොඩ ළඟ ගෝනියේ මම                     වෙලීලා

මස්සිනේ මට විට කන්නට බුලත්                 නැත
ආවොත් හේනේ ගන්නට නම් දෙයක්          නැත
බඩ බැලුවොත් බත් ඇටයක් බඩේ               නැත
කැඳ පොඩ්ඩක් බොන්නටවත් හකුරු           නැත

මගේ හේන වටටම වැට                              තිබෙන්නේ
ඒ මදිවට පැල්පතකුත්                                 තිබෙන්නේ 
මදුරුවෝ කක මම එහි පැල්                        ලගින්නේ
සතර වරම් දෙව් මේ දුක්                              බලන්නේ

බළලා ගස් නගින්නේ ඉගෙන ගෙන            නොවේ
බල්ලා උඩු බුරන්නේ ගස් යන්න                 නොවේ
ගහක පිපෙන මල් සේරම ගෙඩිද                 නොවේ
ආරේ හැටියටයි කෝකත් වෙන්නේ            ලොවේ

බැද්දත් බොහෝ මෙලෙකක් නැත ගල්ගෙඩි      සේ
කොට්ට උනත් තෙල් අඩු නැත පොල්ගෙඩි        යේ
මල් බැන්දත් සුවඳක් නැත හැක ගෙඩි                යේ
කල් බැන්දත් විස්සා නැත නපුරු                        ලියේ

පැණිරස මොටද තණකොළ කන ගවයන්           ට
හී වැල මොටද බිම හාරන ඌරන්                       ට
පන්දම් මොටද දිය යට යන කිඹුලන්                   ට
හොඳකම් මොටද දැන් කාලේ මිනිසුන්               ට

බස්සා නිදිමරයි කිසි සොරකමක්                   බැරී
බල්ලා හෙමින් ගිය මුත් කිසි වැඩක්               බැරී
ඌර හෑරු මුත් කිසි වැපිරුමක්                       බැරී
සිවලා සිංහ වෙස් ගත්තත් නාද                      බැරී

මල් මල් කීවාට සැම මල් සුවඳ                       නැත
මිතුරන් කීවාට සැම දෙන එකඟ                     නැත
සමන් පිච්ච මල් මුදුනේ රේණු                       නැත
පිටතට පෙනෙන හිතවත්කම සුවඳ                 නැත 

3 comments:

{ ඩ්‍රැකී } at: 24 December 2017 at 23:43 said...

කැලේ ඉන්න කුළු හරකා කුළු කමටා
දොළේ ඉන්න කුඩමස්සා පීනුමටා
තාන් රෙද්ද පොරවන්නේ සීතලටා
මගෙන් නුඹට සීපද ඕනේද ණයටා

{ Admin } at: 7 January 2018 at 08:39 said...

ස්තුතියි

{ මට හිතෙනදේ ....විජිත රණසිංහ } at: 6 December 2019 at 21:28 said...

ආපහු 1976 ඉස්කෝලේ පහේ පංතියට ගියා ..ස්තුතිය් ..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine