#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

සිංහලෙ ඉපැරණි කුලක්‍රමය





අපගේ අතීත වැඩවසම් සමාජය  ගොඩනැගී තිබුණේ භූමිය හා බැඳුණු කෘෂිකාර්මික ආර්ථික රටාවක් පදනම් කරගෙනය. මෙවැනි ස්ථිර බැඳීමක් ඇතිකර ගොඩනැගුණු එම සමාජ ක්‍රමය අනුව ආර්ථික දේශපාලන හා   සමාජීය සංස්කෘතික සෑම රටාවක්ම සකස් වී තිබිණි. 

එය එකල පැවැති සමාජ ක්‍රමය ස්තිරසාරව පවත්වා පවත්වාගෙන යාමට මහඟු පිටුවහලක් විය වැඩවසම් සමාජ ක්‍රමය තුළ කෘෂිකාර්මික කටයුතුවලට අමතරව වෙනත් කර්මාන්ත වල යෙදුණු (කම්මල් වැඩ,පේෂකර්ම,ආභරණ සෑදීම, වලං සෑදීම) පුද්ගලයන් වෙන වෙනම ජීවත් වීම දැකිය හැකි විශේෂ ලක්ෂණයක් විය ඔවුන් තම එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කරගනු ලැබුවේ මෙකී නිපදවන්නන් අතර භාණ්ඩ හුවමාරු කර ගැනීමෙනි. අද මුදල් ඉටු කරනු කාර්යය එදා කළේ භාණ්ඩය. මෙසේ ආර්ථික කොටස් තුළ මෙන්ම දේශපාලන සංවිධානය තුළ ද පැහැදිලි කොටස් දෙකක් දක්නට ලැබිණ ඒ පාලකයන් හා පාලිතයන්ය. 

පාලකයින්ගෙන් ඉපදෙන දරුවන් අනිවාර්යෙන්ම  පාලකයන් විය.  උපතින්ම මේ අයුරින් සමාජයෙ තමන්ට හිමිතැන නියම වී තිබීම වැඩවසම් සමාජයට විශේෂ වූවකි. එසේ වූ තත්වය ඒ අයුරින්ම ගෙන යාමට කුළ ක්‍රමයද අනිවාර්ය සහ සාධකයක් විය. කුළ ක්‍රමයේ ඉතිහාසය ගැන හාරා අවුස්සා බලද්දී එය ලංකාව ඉතිහාසයෙන් පිටමං වූ ඉන්දියානු ඉතිහාසයේ ආරම්භය දක්වා ඈතට දිවයයි.එනම්  ආර්යයන්   ඉන්දු ගඟබඩ සිටි ආර්යයන් (මොහෙන්දජාරෝ හරප්පා වාසීන්) පරදවා ස්ථිරව වාසස්ථාන පිහිටුවා ගැනීම සම්බන්ධයෙනි.ඒ  අනුව මුල්ම කුල ක්‍රමය ඇති වුණේ වර්ණය අනුවයි වේද ග්‍රන්ථ අනුව බ්‍රාහ්මණ,ශස්ත්‍රීය,වෛශ්‍ය යනුවෙන් හැඳින්වූ ප්‍රධාන කුල තුනට ආර්‍යයන් ඇතුළත් විය ෂුද්‍ර (ද්‍රශ්යු) නමින් හැඳින්වූ පහළ පන්තිය වුයේ අනාර්යන් ය. 

මෙසේ වෙන් වූ ඒ ඒ කුලයන්ට වෙන්වූ නියමිත කාර්යයන් ද විය බ්‍රාහ්මණයාට ලැබුණේ ආගමික කටයුතුයි.  රණ ශූරයින් ලෙස කටයුතු කළ ක්‍ෂත්‍රියයන් ඔවුන් පාලනය කරමින් ආරක්ෂා කළහ. වෛශ්‍යයන්ට නියම වූයේ කෘෂි කටයුතු කිරීමයි ඔවුන්ට සහායවීම ක්‍ෂුද්‍රයන්ට නියම විය මේ වෛදික සමාජ රටාව ගෙනයාමට කුළ ක්‍රමය යොදා ගත් අන්දමයි නමුත් මේ කුල ක්‍රමය සමාජයත් සමඟ වෙනත් වෙනත් වෘත්තීන් බිහිවිය තම තමන් නිරත වූ කාර්යයන් අනුව මේ ඒකක (ගණ) හැඩ ගැසින.ඒ ඒ කර්මාන්ත අනුව හැඩගැසුණ මේ ඒකක පසුව කුල බවට පත්විය. පුරාතන ලංකාවේ ද තිබුණේ මේ කුල ක්‍රමයයි. 

ඒ අනුව වැඩවසම් සමාජය තුළ බහුතර ජනතාවගේ කාර්යය වූයේ කෘෂිකර්මයයි. කෘෂිකාර්මික කටයුතුවල යෙදුණු බහුතර ජනතාව කුලීනයන් වශයෙන් හැඳින්විය. බොහෝ රජවරුන් වප් මගුල් වැනි කටයුතු වලට සහ සහභාගි වුයේ මේ නිසාය කෘෂිකාර්මික කටයුතු නොකළ අන් වෘත්තීන් කළ අය කුල හීනයන් ලෙස සැලකුවේය. මේ අයුරින් එක් එක් කර්මාන්ත වල යෙදුණු ශිල්පීන් ඔවුන්ගේ වෘත්තීන් පරම්පරාවට වෙනස් නොකරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන ආහ එය වෙනස් නොකළහ. මෙම ආර්ථික රටාව නිසා එදා රැකියා වියුක්තිය පිළිබඳ ගැටලුවක් ඇති වූයේ නැත  යම් යම් කුළ වලට  ඔවුන්ගේ පරපුරෙන් හිමිවෙන රැකියාව මිස වෙනත් රැකියාවක් තෝරා ගැනීමේ නිදහසක්ද නොවීය. 

උපතින්ම නියමවූ රැකියාව හැර වෙනත් රැකියාවක් කිරීමට සමාජයෙන් ඉඩකඩ ඇහිරී තිබිණි. එය සම්මත චාරිත්‍රයක් කඩ කිරීමක් ලෙස පැරණි පාලන තන්ත්‍රය පිළිගෙන තිබිණ. මුල්කාලීන බ්‍රාහ්මණ දහම ශ්‍රි ලංකාව තුල ව්‍යාප්ත වුව ද බුදු දහම වැනි දහමක් මෙරට රාජ්‍ය ආගම වූ කල්හි මෙරට කුල ක්‍රමයේ කුල භේදයක් ඇති වූයේද යන්න පිළිබදව විවිධ මත පවතී. ඒ අනුව පවසන මතයක් නම් පැරණි ලංකාවේ පැවතියේ කුල ක්‍රමයක් මිස දැඩි කුල භේදයක් නො වන බවයි. නමුත් පැවති සමාජය ගෙනයාමට කුල අතර උසස් පහත් බවක් තිබූ බවයි. 

දුටුගැමුණු මහරජ රජතුමාගේ  පුතා වන සාලිය කුමාරයාට රාජ්‍යත්වය අහිමි වූයේ චණ්ඩාල ස්ත්‍රියක් සරණ පාවාගත් බව කියන නිසාය වසභ රජතුමා තමාගේ දියකෙළි උත්සවය වර්ජනය කළ ලම්භකර්ණ වංශිකයන්ට දඬුවම වශයෙන් ඔවුන් මහා මාර්ගවල වැඩට යොදවා අධීක්ෂකයන් වශයෙන් පහත්  පහත් කුලවල අය යෙදවූ බව මහාවංශයේ සඳහන් වෙයි පොළොන්නරු යුගයේදී පළමුවන විජයබාහු රජු ශ්‍රී‍පාද මළුවේ එක් පැත්තක් කුල හීනයන් සඳහා වෙන්කර ඇත. 

නිශ්ශංකමල්ල රජතුමා සිංහල රාජවංශය කිසිවිටකත් ගොවි කුල වංශිකයින්ට  පමණක් අයත් නො වන බව පවසා ඇත.  ඒ අනුව අතීතයේ  ලංකාවේ ඉන්දියාවේ මෙන්  දරදඬු කුළ ක්‍රමයක් පැවතුනේ නැත. බුදුදහමේ බලපෑම ඊට මහත් සේ බලපෑ බව පෙනේ. නමුත් මේ කුල ක්‍රමය වඩාත් ව්‍යාප්ත වූයේ කන්ද උඩරට රාජධානි සමයේ බව පිළිගැනේ. ඊට හේතුව දකුණු ඉන්දියානු බලපෑමයි උපතින්ම තීරණය වන කුල ක්‍රමයට වඩා ලංකාවේ කුල ක්‍රමය වෘත්තිය හා සේවය මත පදනම් වී ආර්ථිකමය වශයෙන් ඒ ඒ කුල සතුව පැවති බලවත් ඒකාධිකාරයක් බව රොබට් නොක්ස් එදා හෙළදිව පොතේ පෙන්වා දී තිබේ මේ නිසා අපේ පැරණි කුළ ක්‍රමය භාරතයේ පැවති කුල ක්‍රමයට වඩා සහනශීලි විය. එනමුදු එය දරදඬු ස්වභාවයක් ගත්තේ මහනුවර සමයේයි. විවිධ කුල කුලවලට අයත් කාර්මිකයෝ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නිසා ලංකාවේ ද ඊට සමානව කුළ ක්‍රමය දියුණු විය. 

වෘත්තීය අනුව කුල භේදය හැඩගැසී එය ස්ථාවරත්වයට පත්කිරීමේ සහයට  (කුලය) ඔවුන්ට අයත් දෙයක් ලබා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත ඔවුන් හැමදෙනාම තම කුලය ගැන සැලකිලිමත් වෙමින් එය ආරක්ෂා කිරීමට උත්සාහ කළහ. එය ආරක්ෂා කිරීම රජවරුන්ගේද යුතුකමක් විය නමුත් මෙසේ පැවති කුලවාදය අහිතකර එකක් නොවීය ඊට හේතුව එක් එක් කුල වලට අයත්ව තිබුණු විශේෂ වරප්‍රසාදයයි සිංහලයේ පැවති පැරණි කුළ ක්‍රමය පිළිබඳව විවිධ ගැටලු හා මතභේද ඇතත් රොබට් නොක්ස් වැනි විදේශීයකුගේ වාර්තා අනුව පැවති කුළත් ඊට පැවරුන කාර්‍යයන් ද මෙසේ දත හැකිය නොක්ස් ඉදිරිපත් කළ කුල ලේඛනය මෙසේයි


  1.  හාන්දුරුවෝ (මොවුන් කුලවතුන් ය)
  2. රන්කරුවෝ ,ආචාරියයෝ,වඩුවෝ, සිත්තරු (මොවුන් එකම වර්ගයකට අයත් ය)
  3. කරණවෑමියෝ  
  4. බඩහැලයෝ
  5. රදවූ 
  6. හකුරු සාදන්නෝ (සඟරට්ටු)
  7. පදුවෝ
  8. වියන්නෝ,දෛවඥයෝ
  9. කිඩියෝ හෙවත් කූඩ වියන්නෝ
  10. කින්නරයෝ
  11. රොඩියෝ


ඉහත කී මූලයන් පිළිබඳ ව විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ පැරණියේ පැවතී සිංහල කුල ක්‍රමය ආර්යයන්ගේ කුළ ක්‍රමය නොව දකුණු ඉන්දියානු කුල ක්‍රමය බවයි ජනවංශය නම් කුල පටිපාටිය අනුව සිංහලේ පැවති පැරණි කුළ ක්‍රමය මෙසේය


  1. ගොවියො
  2. පේෂ කාරයෝ (හලාගම සාලි )
  3. කුඹුරෝ (නවදන්නෝ,ගල්ලද්දෝ)
  4. වඩුවෝ
  5. සන්නාලි (මහන්නෝ)
  6. රදවූ
  7. ඇම්බැට්ටයෝ (කරණවෑමියෝ)
  8. සොම්මාරයෝ (හම්වැඩ)
  9. දුරාවෝ (රා මදින්නෝ)
  10. කුම්බකාරයෝ (බඩහැලයෝ)
  11. කරාවෝ (මාළු අල්ලන්නෝ)
  12. වැද්දෝ (දඩයම් කරන්නෝ)
  13. බෙරවායෝ (තූර්ය වාදකයෝ)
  14. හකුරෝ (හකුරු සාදන්නෝ)
  15. හුන්නෝ (හුණු පුළුස්සන්නෝ)
  16. පන්නයෝ (තණකොළ කපන්නෝ)
  17. යමන්නෝ (යකඩ උණු කරන්නෝ)
  18. වැල් වඩුවෝ (වේවැල් වැඩ කරන්නෝ)
  19. ගහලයෝ (පහත් වැඩ කරන අය)
  20. පදුවෝ (වෙනත් උසස් කුළ වලට සේවය කරන අය )
  21. මාලාකාරයෝ (උයන් පල්ලන් නැත්නම් මල් සපයන්නෝ)
  22. කින්නරයෝ (පැදුරු වියන්නෝ )
  23. රොඩී (කඹ සාදන්නෝ)
  24. ඔලියෝ (නටන්නෝ )
  25. ඉන්ද්‍රජාලිකයෝ (ඇස්බැන්දුම් කරුවන්)
  26. චණ්ඩාල (කශල ශෝධකයන්)


සිංහලයේ පැවති කුල ක්‍රමය ගැන හොඳින්ම හඳුනා ගත හැකි ලක්ෂණය නම් එකී කුල වලට අයත් නාමයන්ය  උඩරට සන්නස් හා   තුඩපත්වල සඳහන් ආකාරයට සුවිශේෂී වූ  ඉහල කුල වල (රදළ) නාමයන් ඉතා දිග මෙන්ම ඔවුන්ගේ ග්‍රාම මුල්කරගෙන හඳුන්වා දී තිබේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස විසූ මහ අදිකාරම් වන්නේ සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත් මුදියන්සේ පිලිමතලව්වගේ නාමය වුයේ  පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත රාලහාමි ය ඇහැලේපොළ මහ අදිකාරම් ගේ නාමය වූයේ ඇහැලේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් පණ්ඩිත මුදියන්සේ රාලහාමිය මේ ආකාරයට ඔවුන්ගේ නම් ප්‍රභූත්වය හා කුලය ප්‍රකට වන ආකාරයෙන් සකස් වී තිබුණි ඒවා පරපුරෙන් පරපුරට ආරක්ෂා කළ යුතු වූ අතර වෙනත් කුලවල අයට භාවිතා කිරීම තහනම් විය සාමාන්‍ය කුළ නැතහොත් පහත් කුලවල අයගේ නාම ඔවුන්ගේ ජන්මය හා පෙළපත ඔප්පු වන අයුරින් භාවිතා විය පෙත්තා,පනික්කියා, බඩාල් භද්‍ර නයිදා, කුරුකුත්තල නයිදා, සෝලා,ඕවලි කන්දේ කරනදේවයා,වලිමුනින්දේවලා,තුනයා,සුදු හකුරා,මෙකි නම් වහුම්පුර බඩහල් යන කුලයන් සඳහා භාවිතා විය එහි විශේෂ ලක්ෂණය නම් ඒවා කෙටි වීමයි. මානව සමාජය කලින් කලට යුගයෙන් යුගයට වෙනස් වි යන්නකි වැඩවසම් සමාජ ක්‍රමයත් ගෙන යාමට ඉවහල් වූ කුල ක්‍රමය ධනවාදී සමාජ ක්‍රමයත් සමඟ විපර්යාසයකට භාජනය විය ඒ අනුව වැඩවසම් ක්‍රමය පවත්වාගෙන යාමට ඉවහල් වූ කුල ක්‍රමය ඇතැම් විශ්වාස චාරිත්‍ර වාරිත්‍ර නව සමාජ ක්‍රමය අනුව හැඩගැසින කුල ක්‍රමය අද සමාජයේ ඉදිරි ගමනට බාධාකාරී වූවකි නමුත් අද සමාජයෙන් ඉවත් විය යුතු වුවද සමාජ පිළිලයක් වුවද සම්පූර්ණයෙන්ම ඉවත් වී නැති බව පෙනේ වර්තමානයේ වුවද පළවන පුවත්පත් වෙත නෙත් යොමු කිරීමෙන් පැරණි කුල ක්‍රමයේ නෂ්ටාවශේෂයන් හඳුනාගත් හැකි ඒවා මෙසේය 


  1. අහිකුණ්ඨක
  2. ඇම්බැට්ට
  3. ඔලි
  4. කරා
  5. කාපිරි
  6. ගහල
  7. ගාඩි
  8. ගැත්තර
  9. ගොවිගම
  10. ජා
  11. දුරයි
  12. දුරාව
  13. නවන්දන්න
  14. නැකති
  15. පදු
  16. පන්න
  17. පනික්කි
  18. පට්ටි
  19. පරවර
  20. පොරෝකාර
  21. බත්ගම
  22. බඩහැල
  23. බරවාර
  24. බෙරවා
  25. බැද්දේ
  26. භාරත
  27. මරක්කල
  28. මිකෝ
  29. මුක්කරු
  30. යුරේසියානු
  31. රදා
  32. රොඩී
  33. ලංසි
  34. ලෝකුරු
  35. වග්ගි
  36. වන්නි
  37. වහුම්පුර
  38. සලාගම
  39. හකුරු
  40. හලාගම
  41. හින්නා
  42. හුන්නා
  43. හුලවාලි


ඉහත කී කුළ පැරණි සිංහලේ ක්‍රියාත්මක වූ කුලම නොවේ පහත රට පැවති කුලද එකට මිශ්‍රවිමකි නාගරිකරණයත් සමග මුදල් හා සමාජ තත්වයත් අනුව කුළ ක්‍රමය නගරයෙන් බිඳී ගොස් ඇතද මෙය තවමත් ග්‍රාමීය පෙදෙස්වල දැඩිව මුල් බැසගෙන තිබේ.

8 comments:

{ වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) } at: 17 September 2017 at 18:11 said...

වටිනා සටහනක්...

{ Pra Jay } at: 19 September 2017 at 11:22 said...

නිශ්ශංකමල්ල කියලා තියෙන්නේ "රජකම ගොවිකුලයට පමණක් සීමාවිය යුතු නොවේ" කියලා නෙමෙයි නේද? ඔහුගේ සෙල් ලිපියේ අදහස "ගොවි කුලයේ අය රජ වංශිකයන්ට අයත් රජකම ගැනීමට මාන නොබැලිය යුතුයි" කියන එක නේද?
රාජ ලේ ඇති රාජවංශිකයින් මිස ගොවි කුල රදලයන් රජ කම ගැනීමට තැත් නොකල යුතුයි කියන එක නේද?

{ Admin } at: 19 September 2017 at 17:13 said...

බොහෝමයක් රදල වරුත් පැවතගෙන එන්නේ රජ පෙළපත් වලින් නේද?

{ Admin } at: 19 September 2017 at 17:14 said...

මහනුවර යුගයේ දෙතුන් දෙනෙක්ම එහෙම රජ පෙළපත් වලින් පැවතගෙන එන බව මම පොත්වල දැකල තියෙනවා

{ Pra Jay } at: 20 September 2017 at 15:36 said...

ඔව්. ගොවිකුල රදලයන් මෙන්ම රාජකීයනුත් රජු යටතේ තනතුරු දැරුවා. ඒත් මෙතන තියෙන්නේ ගොවිකුල රදලයින් රජ කමට තරම් නොවේ කියන එක. නිශ්ශංකමල්ලගේ අදහස් වුනේ රාජකීයයන් (ක්ෂත්‍රියන් )මිස ගොවි කුලයේ රදලයින් රජවීමට නොසිතිය යුතු බවය.

නිශ්ශංකමල්ලගේ සෙල් ලිපියේ තියෙන්නේ පතත සඳහන් වගේ අදහසක් මං හිතන්නෙ.
" ..raise ye to kingship a member of the Kshatriya families, not the other castes.........as much as the crow envies the swan's gait, the mule envies the Sindhu stallion, the earth worm envies the king cobra, the firefly the sun, the snipe the elephant, the jackal envies the lion,the Govi caste must never wish to ape Kings. No matter how powerful they may become, never look to Govi caste people as rulers......"


ඉන්දියාවෙන් ආ රාජකීය ලේ නැති ගොවි කුල රදලයෙක් සිංහාසනය අල්ලා ගනී කියලා තර්ජනයක් හෝ බයක් තියෙන්න ඇති
ඉන්දියාවෙන් රාජකීය ලේ ඇති බිසෝවරු ඉම්පොර්ට් කලෙත් , පසුව කෙලින්ම නායක්කර් වංශිකයින්ට රජකම ගියෙත් නිකම්ම ගොවිකුල රදලයින් රජකමට නොසුදුසුයි කියා හිතපු නිසා නේද

Anonymous at: 1 October 2017 at 19:14 said...

Thanks for finally talking about >"සිංහලෙ ඉපැරණි කුලක්රමය" <Loved it!

{ truth seeker } at: 6 April 2018 at 11:12 said...

මුදියන්සේ කියන නම තිබ්බ පලියට උඩරට රදලයෝ ගොවි කුලයේ කියල කියන්නේ කොහොමද. තෙන්නකෝන් විමලානන්ද සුරින්ගේ උඩරට මහා කැරැල්ල පොතේ කියන විදිහට මේ නම ගොඩක් අය පසුකාලීනව තම තමන්ම පට බැදගත් නාමයක් බව සදහන් වෙනවා.

{ නීල නිම්නය } at: 18 April 2018 at 16:22 said...

ලංකාවේ පැවති ‘කුල‘ ක්‍රමය ඉන්දියාවේ පැවති ‘වර්ණ‘ ක්‍රමයට වඩා වෙනස් වූවක් ලෙස සැළකෙන අතර එය පීඩාකාරි දෙයක් බවට ලත් වූයේ මහනුවර යුගයේ දකුණු ඉන්දීය සංස්කෘතික බලපෑම සමගය, යනු මා කියවා ඇති ආකාරයයි. (අදාල මූලාශ්‍රයන් මේ මොහොතේ සිහිපත් කළ නොහැකියි.) ‘කුල‘ යන සිංහල වචනයේ පැරණි අරුත වන ‘පවුල‘ යන බව ද සළකා බැලීම වැදගත්. මෙම ක්‍රමය සාධනීය කාර්ය භාරයක් ඉටු කළ අවදියේ ඒ නිසා උපන් හැම අයකුට ම ජීවන මාර්ගයක් සහතික වී තිබුණා. තාක්ෂණික කටයුතුවලට අදාල වූ කණ්ඩායම් තුල එම ශිල්පයන් ඉහල තලයන් කරා වර්ධනය වන්නට ඇති. රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන කටයුතුවලදී, එසේ ඉහළ මට්ටමට ආ ශිල්පීන්ගේ සේවාවට විශේෂ ඇගයීම් ලැබෙන්නටත් ඇති. මේ සඳහා ගුරුකුල අතර ශිල්පීය රහස් හා තරඟකාරිත්වයන් තිබුණා විය හැකියි.
රොඩී මිනිසුන් ගැන මා අසා ඇත්තේ ‘කුලයක්‘ ලෙස නොව කුල ක්‍රමයෙන් පිටමං කරන ලද පිරිසක් හැටියටයි. කුල ක්‍රමයෙන් බැහැර කරන ලද්දකුට ජීවිකා වෘත්තියක් නැහැ. ඒ නිසා ඔවුන්ට සිඟමනෙන් ජීවත් වීමට සිදු වෙනවා.
මේ සම්බන්ධ ව ඔබ දරන අදහසත් දැන ගැනීමට කැමතියි.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine