#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

කොට්ටිඹුල්වල රජමහ විහාරය

0 comments
අටකලන් කෝරලයේ කඳවෙල් පත්තුවේ මේ විහාරය පිහිටුවා ඇත මෙය වළගම්බා රාජ්‍ය කාලයේ නිර්මාණය වුවක් යයි මතයක් ද ඇත මෙහි වැඩ වාසය කල භික්‍ෂුවක් වළගම්බා රජුගේ සේනා සංවිධානයට සහය දුන් බව ජනප්‍රවාදගතව ඇත මෙහි ඇති ලෙන විශාල එකකි දිග අඩි 120ක් හා පළල අඩි 23කි ගල්ලෙනේ ඉදිරිපස පැරණි කටාරම් ඇත මෙම විහාරය vi පැරකුම්භා ශ්‍රී විජය රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරවා ඇත vi වැනි පැරකුම්භා රජු කල කොට්ටිඹුල්වල විහාරයත් සමන් වෙහෙරත් පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනත් අතර සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවත් සඳහන් වේ සපරගමුව මහ සමන් දේවාලයේ රාජකාරි පිරිත් නිලය පවරා ඇත්තේ ද කොට්ටිඹුල්වල රජමහ විහාරයටය මෙහි වැඩ විසු කොට්ටිඹුල්වල අනෝමදස්සි තෙරුන් විසින් චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරවා ඇත මෙම අනෝමදස්සි තෙරුන් විසින්ම අරමනපොල විහාරයේ දහතුන් රියනක් පමණ උස ඇති චෛත්‍යක් කරවා ප්‍රතිමා වහන්සේ තුන් නමක් නිමවා නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කර එහි පින් මහනුවර රජකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අනුමෝදන් කලවිට මෙම විහාරස්ථානය දෙකටම අක්කර පහළොස්දහසක පමණ ඉඩම් පුජාකර දී ඇති තඹ සන්නසක් ඇත 

මෑත භාගයේ විසු තඹගමුවේ බුද්ධරක්ඛිත තෙරුන් දක්වා සංඝ පරම්පරා 22 ක් පැවතී බව කියති පුරාණයේ මෙම ගල්ගුහාවේ වැඩ විසු විදර්ශක භික්‍ෂුන් සමීපයේ පිහිටි ගල්පාය නගරයට පිඬුසිඟා වැඩිය බවට සඳහන් වේ එයින් මෙම ස්ථානය කලක් භික්‍ෂු විවේක ස්ථානයක් ලෙස පැවති බව පෙනී යයි සබරගමුව පළාතේ ඇති අතිශයින් වැදගත් මෙන්ම දර්ශනීය ලෙන් විහාරයක් ලෙස කලක් පැවති බව විනාශයට පත්ව ඇති නටබුන් වශයෙන් දක්නට ලැබෙන විවිධ සාධකවලින් මනාව සනාථ වේ ලෙන් විහාරය තුල දක්නට හැකි චිත්‍ර ඉතාමත් ඉහල අගයකින් යුක්ත වන අතර නිදන් සොරුන් අතින් වැනසී ගිය ස්ථුප හා පිළිම ද මෙහි වටිනාකම පිළිඹිබු කරනු ලබයි බොහෝ දෙනාගේ දර්ශනයට ලක්වන්නේ මෙම ලෙන් විහාරය පමණක් වුවද අවට හාත්පස වනයෙන් වැසි ගිය ප්‍රදේශය පුරා ඉපැරණි ඉතිහාසයක වගතුග සැඟවී ඇත දුරාතීතයේ පටන් ආසන්නයේ පැවති යයි සලකන සඳගනා රාජධානියේ ශ්‍රී විභූතියේ ප්‍රතිඵලයක් ලෙස කොට්ටිඹුල්වල ද බැබලෙන්නට ඇතැයි සැලකේ ලෙනට ඉහල පර්වතයේ මුදුනේ ද වටිනා පුරාවස්තු රාශියක් විනාශ වෙමින් පවතින අතර වගකිවයුත්තන්ගේ අවධානය යොමුවී කොට්ටිඹුල්වල හාත්පස ඉතිහාසය මතුකොට දැක්වීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස සැලකිය හැක
Read more »

කිරඹ රජමහ විහාරය

0 comments
පැල්මඩුල්ල බලංගොඩ මහා මාර්ගයේ හුණුවල දෙල්ගස් හන්දියෙන් දකුණට හැරී සැතපුම් 1ක් පමණ දුරින් හත්තැල්ල නමැති ගම්මානයෙහි මෙම විහාරය පිහිටා තිබේ සබරගමු පළාතේ පිහිටා ඇති පැරණි ගල්ලෙන් විහාර අතුරින් සුවිශේෂ ස්ථානයක් මෙම විහාරයට හිමිවේ මෙම ගල්ලෙන මතින් ගලා හැලෙන රිදීමය දියදහරාව ආශ්‍රය කොට ගනිමින් මෙම ග්‍රාමයට කිරඹ (කිරි අඹ) යන්න ව්‍යවහාර කෙරුණු බවත් එය මුල් කොට ගනිමින් කිරඹ පුරාන ගල්ලෙන් විහාරය හැඳින්වූ බවත් සඳහන් වේ මෙම සිද්ධස්ථානය ආරම්භයේදීම තැන්පත් කරන ලද කිරිගරුඬ වැනි සුදු පැහැති පාෂාණ වර්ගයකින් නෙලන ලද අඩි 2ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමාව මෙහි විශේෂිත පුජනිය වස්තුවක් වේ ප්‍රතිමාවට සම්බන්ධ වන සේ එකම ගලින් නෙලන ලද මකර තොරණක් ද මෙහි දැකිය හැකිය වසර දෙදහසක් පමණ පැරණි යයි සලකන මෙම ප්‍රතිමා වහන්සේ අනුරාධපුර යුගයේදී මෙම ස්ථානයට ගෙනවිත් තැන්පත් කරන ලදැයි අනුමාන කරති දැවයෙන් නෙලන ලද පසුකාලීන යුගයකට අයත් අඩි 6 ක් පමණ උස හිටිපිළිම වහන්සේලා දෙනමක් ගල්ලෙන තුල තැන්පත්ව ඇත එසේම ශතවර්ෂයකට පමණ පෙර ඉදිකරන ලද අටරියනක් පමණ වෙන සැතපෙන පිළිම වහන්සේ නමක්ද වෙයි මෙම විහාරස්ථානයේ වහලය මත එනම් පිහිටි ගලෙහි අදින ලද චිත්‍ර කාලයාගේ ඇවෑමෙන් විනාශයට ගිය බවක් දැකිය හැකිය 

මෙහි ‍දැකිය හැකි සිතුවම් මෑත භාගයට අයත් යැයි සැලකේ විහාරස්ථානය ආරම්භ කල යුගයේ දී සුදු හඳුන් අරටුවක සන්නසක් කොටා කිරඹ ගම විහාරස්ථානයට පුජා කල බව පැරැණියෝ කියති එම සඳුන් සන්නස බෙහෙතට ගැනීම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් ක්‍ෂය වූ අතර පසු කලකදී එය වී තුන් ලාහකට විකිනු බව පැරණියන් කියති ලංකාවේ බුද්ධශාසනය පිරිහී ගණින්නාන්සේලාගේ යුගය වන විට වැල්ලාරේ පුස්සදේව නමැති මහළු සාමනේර නමක් විසු බව ලියකියවිලි වල සඳහන්ව ඇත එයට අමතරව සඟපරපුරක් ගැන ප්‍රකාශ කිරීමට කිසිඳු සාක්‍ෂියක් හමු නොවේ කෙසේ නමුදු මෙම විහාරස්ථානය හුදකලාවී කාලයක් පවතින්නට ඇතැයි සිතිය හැක එම කාල පරාසය තුල දී විහාරස්ථානය සතු ගොඩ මඩ ඉඩකඩම් රාශියක් ගිහියන් අතට පත්වී ඇත මෙලෙස වල්බිහි වී තිබු කිරඹ පුරාණ ගල්ලෙන් විහාරය යලි නඟා සිටුවනු ලැබුවේ දාමහන සුමංගල ස්වාමීන් වහන්සේ විසිනි පුජ්‍ය හත්තැල්ලේ පක්ඤානන්ද හිමිපාණන් විහාරාධිපති පදවියට පත්වීමත් සමග ගල්ලෙන ඉදිරිපස තිබු පැරණි ගොඩනැඟිල්ල ඉවත් කර කොන්ක්‍රීට් වහලයක් යොදා නිමකර තිබේ එසේම විහාර මළුවේ උතුරු දෙසින් විෂ්ණු කතරගම සමන් පත්තිණි යන සිව් දේවාල ද සදා වීවෘත කරන ලදී මෙලෙස විහාරස්ථානයේ දියුණුවට මහත් කාර්යභාරයක් ඉටුකළ පක්ඤානන්ද හිමියන්ට සබරගමුව පළාතේ අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවිය හිමි විය මෙම විහාරස්ථානයට බලවත් අඩුපාඩුවක්ව පැවති ශාරීරික ධාතු අඩංගු චෛත්‍යය විහාර ගල් පර්වතය මත අඩි 35 උසට ගොඩ නංවා ඒ වටා දර්ශනීය පවුරක් ද බැන්දවිමෙන් අංග සම්පුර්ණ කොට ඇත
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine