tag:blogger.com,1999:blog-6264119083724571130.post6852449102845149445..comments2024-03-27T09:05:11.955+05:30Comments on ජනකතා හා ඉතිහාසය: කොත්මලේ ජනකවි Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6264119083724571130.post-54927930470280564592014-03-21T21:45:46.871+05:302014-03-21T21:45:46.871+05:30හොයලා දාන්න ඕන දැන් පොත නෑ මේවා දැම්මේ අන්තර්ජාලයේ...හොයලා දාන්න ඕන දැන් පොත නෑ මේවා දැම්මේ අන්තර්ජාලයේ මෙවැනි දෑ හුගක් අඩු නිසයි අනික මම මේ අඩවිය පටන් ගත්තෙත් ඉගෙන ගන්න අයට එහෙම මෙවැනි දෑ විශාල වශයෙන් උදව් වෙයි කියලා හිතලා Adminhttps://www.blogger.com/profile/07029777622587299628noreply@blogger.comtag:blogger.com,1999:blog-6264119083724571130.post-60812749879123006022014-03-16T07:12:18.252+05:302014-03-16T07:12:18.252+05:30සමන්ත ජයසුන්දර ගැමුණු කුමරු හා කොත්මලේ ජනකථා පොතේ ...සමන්ත ජයසුන්දර ගැමුණු කුමරු හා කොත්මලේ ජනකථා පොතේ කොපියක්නේ. කතෘ ගැන කිවවා නම් නේද හොද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6264119083724571130.post-5673334844642519762013-02-16T23:06:46.246+05:302013-02-16T23:06:46.246+05:30මුංකොටුව හේවාහැට ප්‍රදේශයේ ගමකි. අබේසිංහ කවියා පිළ...මුංකොටුව හේවාහැට ප්‍රදේශයේ ගමකි. අබේසිංහ කවියා පිළිබඳ සඳහන් වන තොරතුරුවලට අනුව ඔහු මුල් කාලයේ පැවිදිව සිටි අයෙකි. මොරතොට ධම්මක්ඛන්ධ හිමියනගේ ගෝලයකු ලෙස සැලකේ. ඔහු විසින් ලියන ලද මොරතොට වත නමැති කෘතියෙහි එන විස්තරවලට අනුව හේ ධම්මක්ඛන්ධ හිමියනගේ ගෝලයකුට වඩා සමීපතම හිතවතකු ලෙස ඇසුරු කරන ලද බව පෙනේ.මුංකොටුවේ අබේසිsංහ කවියා බොහෝ තන්හි හඳුන්වා ඇත්තේ "මුංකොටුවේ අබේසිංහ රාළ" වශයෙනි. "රාළ" යන්න එවක භාවිතයේ පැවැති රජයේ ගම්මුලාදෑනි ධුරයට සමාන වූ රාජකාරියකි. ඔහු සිංහල කවියට අලුත් ආලෝකයක් ලබාදුන් මහනුවර යුගයේ සිටි සුවිශේෂී පුද්ගලයකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වූවෙකි. විවිධ විරිත් ඔස්සේ කවි ලිවීමේ හා කීමේ සූරත්වයක් තිබූ මුංකොටුවේ කවියා සිංහල කවියට "විරිදුව" හඳුන්වා දුන් තැනැත්තා ලෙස ද සැලකුම් ලබන්නෙකි. රජවාසල කවීන් අතර ක්ෂණික කවි කීමෙහි රුසියකු වූ හේ ඉමිහිරිව කවි විරිදු ගායනයෙහි ද සමතකු විය.මුංකොටුවේ රාළ කවියා විසින් කියන ලද හිටිවන කවි විශේෂයක් මහනුවර යුගයේ හඳුන්වා දෙන ලද්දේ "පරහූ" කීම් වශයෙනි. දෙදෙනකු අතර තරගයට කියා ගන්නා කවි මේ ගණයට අයත් වේ. සභාවන්හි හෝ රාජ සබයේ මෙවන් කවි තරග පවතින්නට ඇති බව මින් පෙනේ. මුංකොටුවේ හා සමානවම පරහූ කීමේ සමතකු ලෙස මෙකල සිටි තවත් කවියකු වන්නේ කොත්මලේ ලෝකුරු නයිදේය.මුංකොටුවේ අබේසිංහ කවියා මහණව සිට පසුව සිවුරුහැර, විවාහ වී අඹුදරුවන් පෝෂණය කරමින් තනතුරු ද ලබා සිටි බව මින් පෙනේ. ඔහු විසින් රචනා කරන ලද බවට සැලකෙන කෘතීන් තුනක් වෙයි. එනම් සඟරජ වත, මොරතොට වත සහ සර්වඥ ගුණාලංකාරයයි.

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ සේවාව හා චරිතය අළලා චරිතාපදාන කාව්‍යයක් ලෙස සඟරජ වත ලියා තිබේ. මෙය රචනා කළ කාලය ස්ථිර ලෙස දක්වා නැතත් ක්‍රි. ව. 1778 - 79 කාලය තුළ ලියන ලද බවට සිතිය හැකිවේ. සඟරජ වතෙහි ආරම්භයේ එන 9 සහ 11 පද්‍ය විමසන විට මොරතොට ධම්මක්ඛන්ධ නම් දෙවන නායක හිමියන් විසින් කරන ලද ආරාධනයකට අනුව මෙය ලියා තිබේ. මෙහි කතුවරයා පිළිබඳ සඳහනක් නැත. මුංකොටුවේ අබේසිංහ රාළ කවියාගේ මොරතොට වත නමැති කෘතිය හා සමග සස¹ බලන කලද, එවක පැවැති ජන වහරේ කතාවලට අනුවද සඟරජ වතද ඔහුගේම බව පෙනේ. මෙම කෘතීන් දෙකෙහි පද්‍යවල ඇති සමානතාවන් ද ඊට කදිම ලෙස නිදසුන් සපයයි.

18 වැනි සියවසේ මෙරට පැවැති සමාජ ආර්ථික දේශපාලන පරිහානිය හා ඉන් රට මුදාගැනීමට සඟ රජ මාහිමිපාණන් ගත් අප්‍රතිහත උත්සාහයත් පෙන්නුම් කෙරෙන ඓතිහාසික විස්තරවලින් යුතු කෘතියක් ලෙස මෙය අගය කළ හැකිවේ. මෙම කෘතිය ලියවී ඇත්තේ සඟරජ මාහිමිගේ අභාවයෙන් පසුව බව පෙනේ. එහිමියනගේ අභාවය සිදුවූයේ ක්‍රි.ව. 1778 වර්ෂයේ බැවින් සඟරජ වත ඊට පසුව ආසන්න කාලයක ලියන ලද බව සිතිය හැකිය.

මුංකොටුවේ කවියාගේ දෙවැනි කෘතිය ලෙස සැලකෙන්නේ මොරතොට වතයි. එය කවියාගේ ගුරු හිමියන් සේම ලෙන්ගතුව ඇසුරු කළ මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් පිළිබඳ ලියවුණකි. ධම්මක්ඛන්ධ හිමි රාජාධිරාජසිංහ රජුගේ ද ගුරුවරයකු ලෙස කටයුතු කිරීම මගින් පෙනෙන්නේ මුංකොටුවේ ද රජු ළඟින් ඇසුරු කළ හිතවතකු ලෙස සිටින්නට ඇති බවයි. සඟ රජ වතෙහිදී කවියා කීර්ති ශ්‍රී රාජසිංහ රජු වර්ණනාවට ලක්කොට තිබේ. මේ දෙපොතින්ම පෙනෙන්නේ ඔහු මෙවක රජවාසල හා රජුන් කෙරේ දැඩි විශ්වාසවන්තයකු ලෙස කටයුතු කර ඇති බවයි.මොරතොට වත කවි 166 කින් යුතු රචනයකි. එය 1797 දී ලියන ලද්දක් සේ සැලකේ. එA බැව් එහිම සඳහන්ව ඇති අතර කවියා එවක චිර ප්‍රසිද්ධියට පත් Nuwan Karunarathnahttps://www.blogger.com/profile/15982673138147676375noreply@blogger.comtag:blogger.com,1999:blog-6264119083724571130.post-41637164714274263772013-02-03T08:18:05.977+05:302013-02-03T08:18:05.977+05:30අපූරු ගවේශනයක්!!!!!! ලෝකුරු නයිදෙ, මුංකොටුවෙ රාල ...අපූරු ගවේශනයක්!!!!!! ලෝකුරු නයිදෙ, මුංකොටුවෙ රාල ගැන පුංචි විස්තරයක් කරා නම් තවත් වටිනවා. Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.com