#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

දෑවැද්දට දුන්න ගොනා


එක පිටිසර ගමක කාන්තාවක් ගොන් රූපය සහිත පෙතිපට මාලයක් පැළඳ ගමනක් යමින් සිටියාය ඈ පිටුපසින් ගිය තරුණයන් දෙදෙනකු විය තනිව යන තරුණිය හා ඈ පැළඳ සිටි ගොනා සහිත පෙතිපට මාලය දුටු තරුණියෝ විහිළුවක් කිරීමට සිතා එක් තරුණයකු සිනහවකින් යුතුව අනිකාට මෙසේ කීවේය 

දෙනු කරලා ගොනු කරලා  ගමන්            යති 
දෙනු කන කෑම මිස ගොනු කන කෑම      නැතී 
දෙනු යන ගමන් මිස ගොනු යන ගමන්   නැතී 
දෙනු කර බැන්ද ගොනු තෝරා එවන්      සකී 

අනිත් තරුණයාට කවිය තේරුම් ගිය නමුත් උත්තර දිය නොහැකි විය මෙය තරුණියට තේරුණි තරුණිය මෙසේ පිළිතුරු දුන්නාය 

රන්නයිදෙගෙ ගිනි කබලේ තැනු      ගොනා
මහ මුහුදේ පීනාලා ආපු                   ගොනා 
උකුල් පටක් උස වැටකින් පැන්න   ගොනා 
මම එනදා දෑවැද්දට දුන්නු               ගොනා

තරුණ වයසේ පසු වුවද මෙසේ තනිමග යන කාන්තාව දීග ගිය එකියක් බව හෙළිදරව්වීම නිසා තරුණයෝ දෙදෙන අධික ලැජ්ජාවට පත්වී ආපසු ගියේය 
    

9 comments:

{ vicharaka } at: 13 September 2013 at 13:08 said...

මෙවැනි ජනකතා අද අහන්නත් නැහැ. ඔබට බොහොම ස්තුතියි. නිතර මෙවැනි දේ ඉදිරිපත් කරනමෙන් ඉල්ලනවා.

{ itnishantha } at: 13 September 2013 at 21:08 said...

කියවන්න ආසා හිතෙන අඩවියක්. හැබැයි හැමෝම හැම ලිපියක්ම කියවයි කියලා හිතන්න බැ ඒ නිසා හොඳම වැඩේ ලේකනාගාරය tree view එකක් ලෙස සකස් කිරීමයි. මාසේ තෝරාගෙන ලිපි තෝරන්න ගියාම එපා වෙනවා. tree view එකක් විදිහට තිබ්බොත් මාසේ ච්ලික් කරලා මාතෘකාව අනුව ලිපිය තෝරා ගන්න ලෙසයි.

{ Supun Godakumbura } at: 13 September 2013 at 22:18 said...

කලින් අහල තියෙනවා.. අපූරු කතාවක්

{ vidura } at: 17 September 2013 at 15:34 said...

අපුරුයි .....

{ Admin } at: 22 September 2013 at 14:02 said...

ස්තුතියි හැම දෙනාටම සියලු ලිපි ලේසියෙන් ගන්න පුළුවන් විදිහට හැදුවා

{ Chandi } at: 25 September 2013 at 15:17 said...

හරිම ආසා හිතෙන කතා පෙලක්. බොහොම ස්තූතියි! හැම වෙලාවෙම කියවන්න එන්නම්.

{ Admin } at: 27 September 2013 at 14:00 said...

ස්තුතියි :) නැවත එන්න

{ Unknown } at: 31 August 2015 at 20:47 said...

අදයි එකතු උනේ පිටුවට, ටික වේලාවකින්ම,ඉතා හොඳ දැනුම් කෝෂ්ඨාගාරයක් බව වැටහුනා.ස්තුත්යි.

{ Admin } at: 13 September 2015 at 23:31 said...

ස්තුතියි

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine