#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

පරාක්‍රම සමුද්‍රය

යමෙක් මුලදී පමා වුවත් පසුව නොපමා වේ ද ඔහු වලාකුළින් නිකුත් වූ සඳක් මෙන් මේ ලෝකය බබුළුවයි


මෙම මහා ජලාශය පොලොන්නරුව පැරණි නගරයේ බටහිර හා දකුණු ප්‍රදේශය සම්පුර්ණයෙන්ම වසා තිබේ වර්ග සැතපුම් නවයක විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන මෙය පරාක්‍රම සමුද්‍රය ලෙස සලකනු ලබයි පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරනු ලැබුවා යයි සලකන්නේ පොළොන්නරු යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයා වන මහා පරාක්‍රමබාහු  රජුය එතුමා විසින් කරවන ලද වාරි කර්මාන්ත පිලිබදව චූලවංශය සදහන් ආකාරයට අමුණු 160 කි ඇලවල් 3910 ක්ලි මහා වැව් 163 කි සුලුවැව් 2376 කි ගල් සොරොව් 341 අළුත් වැඩියා හා ප්‍රතිසංස්කරණ 1753ක් ගැන සදහන් කර තිබේ මෙයින් බොහොමයක් හදුනාගන නැත . කෙසේ වෙතත් මේ සියලුම වාරිකර්මාන්ත අතර උසස්ම නිර්මාණය ලෙස සැලකෙන්නේ පරාක්‍රම සමුද්‍රයයි පරාක්‍රම සමුද්‍රය ලෙස හැදින්වෙන්නේ වර්තමානයේ පොළොන්නරුවේ දක්නට ලැබෙන ජලාශයක්ද යන්න පිලිබදව හදුනා ගැනීමේදී විද්වතුන් අතර විවිධ මත ඇති වි තිබේ

 චුලවංශයේ සදහන් ආකාරයට හෝ පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රයට අමතරව මහා වැව් දෙකක් ඉදිකර තිබේ එකක් පරාක්‍රම තටාකයයි අනික පරාක්‍රම සාගරයයි මහාවංශය සිංහලට පරිවර්තනය කල ලුයිද සොයිසා මුදලිතුමා එම පරිවර්තනයේ "තවද ඔහු පරාක්‍රම වැව නමැති විශාල ජලාශය මහින්ද එකභවාපියද (එක දවසේ වැව )පරාක්‍රම සාගරයද කොට්ඨබද්ධ ඇළද සෑදුවේය "යනුවෙන් සදහන් කරතිබේ රාජරත්නාකරයේ "මේ රජ විසින් මහා සමුද්‍රය ,බෑන සමුද්‍රය ,මනි නොහොත් මති සාගරය යනාදී වශයෙන් වැව් 3ක් සෑදු බව සදහන්වේ පුජාවලිය ග්‍රන්තයේද මනි සාගරය ගැන සදහන්වේ එසේ නම් මෙසේ සමුද්‍ර සාගර නමින් හැදින්වූ වැව් මොනවාදැයි හරි හැටි හඳුනා ගත නොහැකියි ඒ අනුව වර්තමානයේ ව්‍යවහාරවන ජලාශය පරාක්‍රම සමුද්‍රය ද යන්න පිළිබඳව එකගතාවක් නොමැත .චුලවංශයේ සඳහන් වන ආකාරයට පරාක්‍රම සමුද්‍රයට සොරොව් 7කින් ජලය ගෙන යන ඇලවල් 11 ක් ගැන සදහන් කර තිබේ ඒ ඇලවල් වල නම් ද සඳහන් කර තිබේ  එහි දැක්වෙන නම් ඉන්දියාවේ පුරාණ සිධ්දස්ථානවල සදහන් වන නම් ය නිදසුන් ලෙස තෝයවාපි නම් වැවෙන් ඇලවල් 2ක් නික්මුණු බව සදහන් කරයි තෝයවාපි වැව යනු තෝපා වැව විය හැක චුලවංශ කතුවරයා මේ නම් සදහන් කරන්නට ඇත්තේ ස්ථානවල ගෞරවය සඳහා විය හැකිය 
                            
 මේ ඇසුරින් ලංකා ඉතිහාසය පිළිබඳව මනා දැනීමක් ඇතිව සිටි ජෝර්ජ් ටර්නර් මහතා පරාක්‍රම සමුද්‍රය පිළිබඳව මේසේ දක්වා තිබේ සොරොව් ගණනක සහිත විශාල කන්ඩ්යකින්  සෑදුවේ යයි කියන පරාක්‍රම සමුද්‍රය ගැන තවම දැනගන්නට ලැබී නැත සමහර විට එය කිසිවෙක් නොදැක්කා විය හැක .පරාක්‍රම සමුද්‍රය ගැන චුලවංශයේ එන වර්ණනාව කල්පනාවට ගත් හෙන්රි පාකර් මහතා පරාක්‍රම සමුද්‍රය රජරට පිහිටි එකක් නොවන බව පෙන්වා දී ඇත එය ඌවේ දකුණු කොටසේ පිහිටි පාන්ඩිකුලම් නම් ජරවාසවු වැව බව වැඩිදුරටත් පෙන්වා දී ඇත පරාක්‍රම සමුද්‍රය පිළිබඳව නිශ්චිත වශයෙන් දැන ගැනීමට ඇති එකම මාර්ගය වන චුලවංශයේ සදහන් කර තිබෙන පණ්ඩවාපිය වන්නි දිස්ත්‍රික්කයේ තිබෙන පදවිය පදවිය වැව නොහොත් පදවිල්කුලම බව ලුයි සොයිසා මුදලිතුමා විස්තර කරයි "නම් වල තිබෙන සමානත්වයත් කර්මාන්තයේ ඇති විශාලත්වයත් භාරදුර කමත් හේතුකොට මේ නිගමනයට බැසීමට ඉඩ තිබේ " ඊට කාරණා දක්වමින් මුදලිතුමා සඳහන් කරයි .එසේම අද පරාක්‍රම සමුද්‍රයයි ව්‍යවහාරකරන වැවට 1 පරාක්‍රමබාහු රජුගෙන් පසු රජකළ කිර්ති නිශ්ශංක මල්ල රජතුමා නිශ්ශංක සමුද්‍රයයි නම්කර තිබේ එසේ නම් මෙය පරාක්‍රම සමුද්‍රය ද නිශ්ශංක සමුද්‍රයද යන්න ගැටළුවකි වර්තමානයේ වුවද තානායම අසල දක්නට ඇති ගොඩබිමේ නිශ්ශංකමල්ල රජුගේ මාලිගාව හා සභාශාලාව දක්නට ඇත එය දීප උයනයි තානායම උතුරේ අලංකාර පොකුණු නිශ්ශංක රජු කලබව ඒ අසල සෙල්ලිපියක දැක්වේ මේ අයුරින් තමාට පෙර රජුන් කල නිර්මාණවලට තම නාමය යෙදීමනිශ්ශංක මල්ල රජුගේ පුරුද්දවූ බව ඉතිහාසඥයින්ගේ මතයයි ඒ නිසාම නිශ්ශංක සමුද්‍රය යන්න ද බැහැර කිරීමට බොහෝ අය ඉදිරිපත් වේ නමුත් මීට විරුද්ධ වන්නන්ද වේ 

මහාවංශය පළමු කොටසේ වැඩි වර්ණනාවට ලක්ව සිටින්නේ අනුරාධපුරයේ විසු දුටුගැමුණු රජු ය චුලවංශයේ වීරයා මහාපරාක්‍රමබාහු රජුය කිර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු ගැන චුලවංශ කතුවරයා වෙන්කර ඇත්තේ ගාථා 8කි එහෙත් සත්මහල් ප්‍රාසාදය ,වටදාගෙය ,රන්කොත්වෙහෙර,විශාල සෙල්ලිපි සංක්‍යාවක් පිහිටුවීම නිසා වැඩි ප්‍රසිද්ධියක් ලැබූ මේ රජු හිතාමතාම යටපත් කිරීම සම්බන්ධව විශාල සැකයක් පවතී .ඉහතින් දැක්වූ පරිදි පරාක්‍රම සමුද්‍රය කුමක්ද යන්න පිළිබඳව විවිධ මත ඇති වි තිබෙන බව පෙනී යන්නකි එසේ නම් මෙය හදුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව ඇති සාක්ෂි මෙසේය චුලවංශයේ සඳහන් ආකාරයට පරාක්‍රම සමුද්‍රයෙන් නික්මුනාවු ඇලවල් 4ක් ඇතුළු නුවරට ආසන්නයෙන් ගලාගිය බව දක්වයි ඒ සදහන අනුව පොලොන්නරුව නගරය ආසන්නයෙන් එය පිහිටුවා තිබු බවට‍ සැකයක් නැත එසේම එය "කඳු අතරෙහි මහ බැදිමෙන් කාර ගංගාව අවූරා ජල ප්‍රවාහය ආකාශ ගංගාව නම් මහා ඇලකින් මේ වැවට ජලය ගෙන එන ලදී " යන කියමනක් වේ හොකාර්ට් හා කොඩ්රින්ටන් යන විද්වතුන්ගේ අදහස් අනුව මේ කාර ගංගාව යනු අඹන් ගඟයි ආකාශ ගංගාව යනු  අංගමැඩිල්ල ඇලයි මේ අනුව අඹන් ගඟ අංගමැඩිල්ල යන ස්ථානයේදී අමුණක් බැද ඒ ජලය අංගමැඩිල්ල  ඇල ඔස්සේ පරාක්‍රම සමුද්‍රයට ගෙනවිත් තිබේ .

එසේ නම් පරාක්‍රම සමුද්‍රය යනු කුමක්ද මේ වන විට පොලොන්නරුව නගරයේ තෝපාවැව එරබදු වැව දුඹුටුලු වැව යන නමින් ප්‍රධාන වැව් 3ක් ද ඊට අමතරව කලනගහ වැව වලස් වැව වලස් වැව ආදී නමින් හැදින්වූ කුඩාවූ වැව් පෙලක්ද විය මේ අනුව අඹන්ගඟ හරස් කිරීමෙන් ජලය ගෙන යන ලද අංගමැඩිල්ල ඇල මගින් මේ වැව් එකිනෙකට එකක් සම්බන්දවිය පරාක්‍රම සමුද්‍රය ලෙස හැඳින් වෙන්නේ මෙසේ එක්වූ වැව් සමුහයයි ඒ අනුව උතුරේ පිහිටි තෝපා වැවත් දකුණේ පිහිටි දුඹුටුළු වැවත් ආශ්‍රිත වූ යතෝක්ත වැව් පෙළ පරාක්‍රම සමුද්‍රය වූ බව හියු නෙවිල් මහතා හඳුනාගන තිබේ පෙර පැවතී ප්‍රධාන වැව් 3ක් හා ඊට ආශ්‍රිත කුඩා වැව් කීපයක් ඒකරාශී වීමෙන් පරාක්‍රම සමුද්‍රය නිර්මාණයවූ බව මින් පැහැදිලිය.

පරාක්‍රම සමුද්‍රය නිසා පොළොන්නරු යුගයේදී ඒකාබද්ධ වූ වාරි කර්මාන්ත පද්ධතියක් බිහිවිය මුලින් කි අංගමැඩිල්ල ඇල කෙලින්ම සම්බන්ධ වුයේ පරාක්‍රම සමුද්‍රයට පමණක් නොවේ එය සැතපුම් කීපයක් ගොස් දෙකට බෙදී මින්නේරි වැවටද (මිහිහිරිවාපි )සම්බන්ධ විය එසේම පරාක්‍රමබාහු යුගයට පෙර අඹන්ගඟේ ඇලහැර නම් ස්ථානයේ අමුණක් බැද එහි ජලය ඇලහැර ඇල ඔස්සේ වසභ රජතුමා කිරිඔය දක්වා ගෙන ගියේය පසුව එය මහසෙන් රජතුමා ඇලහැර අමුණ උස් කර බන්දා ඇල මාර්ගය මින්නේරි වැවට සම්බන්ධ කරන ලදී මේ අයුරින් පරාක්‍රම සමුද්‍රය ට අතිරේක ජලය ඊට සැතපුම් 8ක් දුරින් පිහිටි ගිරිතලේ වැවෙන්ද ලබාගැනීම සිදු විය මෙයින් සිදු වුයේ ඇලහැර ඇල දික්විමෙන් මින්නේරි ,ගිරිතලේ ,කන්තලේ වැව දක්වා වූ ඒකාබද්ධ වැව් රටාවක් නිර්මාණය වීමයි . 

එසේම 1 පරාක්‍රමබාහු රජු පරාක්‍රම සමුද්‍රයේ ජලය අඩු නොවී ස්ථාවරව තබා ගැනීම සදහා 1වන අග්බෝ රජු පෙර ඉදිකළ මිනිපේ ඇල (මනිමේඛලා ඇල)වස්ගමු ඔයේ සිට අඹන් ගඟට සම්බන්ධ කරන ලදී ඊට අමතරව අඹන් ගඟේ ශාඛා ගංගාවක් වූ කළු ගඟ හරස් කර අමුණක් බැඳ (හත්තොට අමුණ)යෝධයෝ බැඳී ඇලක් මගින් ජලය අඹන් ගඟට යා කරන ලදී මේ සියලු ඇල මාර්ග පැරණියේ තිබු අයුරින් ප්‍රතිසංකරණය කර ඇති නිසා පැරණි හෙලයාගේ විශ්මිත තාක්ෂනය හොඳින් අවධාරණය කරගත හැක අද දක්නට ඇති පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ දිග සැතපුම් 8 1\2 ක් පමණ වේ වැව් බැම්මේ උස අඩ් 40ක් පමණය  වර්ග සැතපුම් 28ක් පමණ වෙල් යායකට මෙයින් ජලය සැපයිම කල හැක මෙම ජලාශය දෙවැනි වන්නේ ගල්ඔය ජලාශයට (සේනානායක සමුද්‍රය)පමණි වැව් බැම්මේ තැනින් තැන ලේඛන කෙටු ගල් කනුවෙයි සිංහල හෝ සංස්කෘත භාෂාවෙන් පිළිවෙලින් මෙම ගල්කණු දෙපැත්තේ අක්ෂර කොටා ඇත රියන් වලින් සඳහන් කර ඇති මෙම ගල්කණුවල වෙනත් ප්‍රසිද්ධ තැන්වල ඇති වැව් කන්ඩ්වල දිග හා සසදා තිබේ නිදසුන් ලෙස 4-5 ගල් කණු අතර දිග රියන් 3200කි ඒ  පදවිය වැවේ වැව් කන්ඩියේ දිගයි 5-6 ගල් කණු අතර දිග රියන් 1700කි ඒ කළා වැවේ වෑ කන්ඩියේ දිගයි  මෙයින් පරාක්‍රම සමුද්‍රයේ විශාල බව සිතාගත හැකිය     
                         
සුචරිතයෙහි හැසිරිය යුතුය.දුශ්චරිතයෙහි නොහැසිරිය යුතුය.ධර්මයෙන් හැසිරෙන්නා මෙලොව පරලොව දෙකෙහිම සුවසේ වෙසේ

2 comments:

{ chamod sampath } at: 31 May 2016 at 19:27 said...

ai meka copy karanna bariiiiiiiii

{ Admin } at: 2 June 2016 at 07:33 said...

කොපි කරන්න බැරි විදිහටයි හදලා තියෙන්නේ :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine